Saturday, December 28, 2013

සෙවනැල්ල හා වැවු දිය...



 

මිත්‍රයා කොහොමද..?

ඇසුවේ වැවු දිය පුරුදු පරිදිම...

නිහඬතාවෙනි,

වචන ගැලපුවේ පුරුදු ලෙසටම...

 

එබෙන විට සෙවනැල්ල 

ජල තලය මතුපිටට...

 

බලා ඉනු බැරිව දැක 

තනිකමේ කලු එලිය...

 

කැලතුවත් මඬ ගොල්ල 

නැන්වුවා දිය රෑල්ල...

 

දිය වෙලා විසිරෙන්න

හුදකලා සෙවනැල්ල... 

 

ජිවයක් නැති උනත් 

දන්නවා විදවිල්ල...

වැසි පොදක් නොමැති කල

නියගයේ පලිගැන්ම...




22 comments:

  1. හ්ම්ම්ම්,, මොනාද කියන්නේ තව හිතාගන්න බැහැ.. ලස්සන පද පෙළක්

    ReplyDelete
    Replies
    1. අදහසට තුති...ලස්සන ඇතුලේ කතාව දිගයි..

      Delete
  2. අනර්ඝයි පද පේලි

    ReplyDelete
  3. පට්ටයි ආ, මේ වැරදීමක් වෙන්න ඇති. අර 12 වෙනි පාදය පොඩ්ඩක් ආපහු බැලුවා නම් හොදයි කියලා හිතෙනවා

    ReplyDelete
    Replies
    1. උබ කියන වැරදිම මට පැහැදිලි මදි සහෝ...පුලුවන් නම් ඒක පොඩ්ඩා විස්තර කරලා කියපං..උබේ වචන ටිකට තුති.

      Delete
  4. පොටෝ එකෙන් ලොකු දෙයක් කියවෙනවා බං. නියමයි. ගින්දර තමයි

    ReplyDelete
    Replies
    1. කතාවත් එක්ක හිතුවම තවත් දැනෙනවා...

      Delete
  5. පලිගැන්ම කොයි අතටත් බයානකයි.

    ReplyDelete
    Replies
    1. එත් වෙලාවකට...පලිගැනිම සුන්දර වෙන් නත් බැරි නැහැ. එත් මේතන කාතාවේ පලිගැනීම කියන්නෙ ජිව්තේ විදවන්න වීම. ඒක ලේසි නැහැ.

      Delete
  6. මේවගේ කවි වලදි මාව කියන්න දෙයක් නැතිව හිර වෙනව බං.. සොරි

    ReplyDelete
    Replies
    1. ඒ හිරවීම තමා බං මේ කවි වල අකුරු ඇතුලේ තියෙන්නෙ...එකෙන් අයින් වෙන එක හරි අමාරු දෙයක්...ඒ හිර වීම ඇතුලේ ජිව්තේ විදින්න උනහම ජ්විතේ දැනේනවා පට්ටෙට..

      Delete
  7. කියපු දේ මට තේරෙන්න නැතුව ඇති හරියටම. ඒත් මට සමීප අර්තයක් මේකේ තියනවා බං

    ReplyDelete
    Replies
    1. ඒක සාපේක්ශ දේයක් නේ බං...විදවීම ඇතුලේ වීදීම තමයි වැදගත්.

      Delete
  8. ලොකු තතාවක් මට පෙන විදියට තනිකම විදීම ගැන.

    අපි කප් ගැසුවේ sex වලින් පමණද? දැන දැනගන්න මගේ බ්ලොග් එකට ඇවිත් කියවන්න.

    ReplyDelete
    Replies
    1. කතාව ලොකු වෙන්නේ ඒක එක එක්කෙනාට දැනේන විදිහට සහෝ...

      Delete
  9. හිතේ තියෙන දෙයක්ද මන්ද ලියල තියෙන්නෙ..ඔය වගේ දේවල් හිතේ හංගගෙන ඉන්නවට වඩා මෙහෙම ලිය එකත් හොදයි බං..

    ReplyDelete
    Replies
    1. හිතේ තියෙන එවා තමා බං කොහොමත් අකුරු වෙන්නෙ...එක්කො ඒක හීනයක් එක්කො ඒක් ඇත්ත...

      Delete
  10. විඳවිල්ල ගැනනම් කියන්න දෙයක් නෑ මචං.. ඒ වේදනාව කොහොම අකුරු කරන්නද?

    ReplyDelete
    Replies
    1. සිරාවට ඒක පට්ට ආමාරු දේයක් බං...උබ ඒක දන්නවා මං හිතන්නේ...

      Delete
  11. // කැලතුවත් මඬ ගොල්ල
    නැන්වුවා දිය රෑල්ල...

    දිය වෙලා විසිරෙන්න
    හුදකලා සෙවනැල්ල...

    ජිවයක් නැති උනත්
    දන්නවා විදවිල්ල...//

    දනිමි හොඳ හැටි මමත්
    ඔය කියන විඳවිල්ල
    …දිවා රෑ හද පෙලන
    හුදකලා සිතුවිල්ල

    කවිය ලස්සනයි. අදයි මේ පලාතෙ ආවෙ. දිගටම ඇවිත් යන්ට හිතුනා.

    ReplyDelete
  12. ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    පැලැස්ස බ්ලොග් අඩවියෙන් සුබ පැතුම්

    ReplyDelete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...