අවසරඳ පෙම් කරන්න....
තුරු හිස්පත් සැලේයි මඳ පවන වැදුනාම
ගඟ වුවත් සැරයි දිය ඇල්ල ලඟ දාට
තරු කැටත් බයයි ඉර අහසේ රැඳුනාම
නුබට නැහැ කිසි වගක් මගේ හදේ මුරගෑම
සුදු වුවත් කුමුඳු මලට, නෑ සොඳක් ඉර ගාව
රතු වුවත් නෙළුම් මලට පැසසුම් හැම දාම
විල් පතුල දුර වුවත් සසලයි මල ගාව
කවි පදත් මදි වේයි ඔබේ නෙත දුටු දාක
පිනි පොදත් හැඩ වෙයි රෝස මලට වැටුනාම
විල් තලය සැනසෙන්නේ දිය රැල්ල නැගුනාම
ඉර වුනත් බැස යන්නේ සඳ එලිය දුටුවාම
හදවතත් විමසන්නේ ඔබ එන්නේ කවදාද
විහඟුන්ට ගී කියන්න වසන්තයම ඔනෑද
රංචුවට ඉගිලේන්න අරමුණක්ම තිබුනාද
මැන ගන්න ආදරය මිනුම් දඬු ලැබුනාද
එහේනම්....
නුඹ හඳට පෙම් කරන්න අවසරම ඔනෑද
තුරු හිස්පත් සැලේයි මඳ පවන වැදුනාම
ReplyDeleteගඟ වුවත් සැරයි දිය ඇල්ල ලඟ දාට
තරු කැටත් බයයි ඉර අහසේ රැඳුනාම
නුබට නැහැ කිසි වගක් මගේ හදේ මුරගෑම
නිකමට කියන්නෙ .. දෙවෙනි පදයත් ම යන්නෙන් ඉවර කරලා එලිසමය රැකගත්තාම කවිය මීට වඩා ලස්සන වෙනවා..
අනික් කවි වලත් මම ඒක දැක්කා ..
අදහස් අපූරුයි :)
රමුවක් ඇතුලේ හිර වෙලා ලියන්න බැරි ගතියක් තියෙනවා බං මට...එහෙම උන නම් වෙනම ලල් එකක් එනවා තමා...
Delete//විහඟුන්ට ගී කියන්න වසන්තයම ඔනෑද //
ReplyDeleteඕනෙමද?
ඒක එච්චර හිතුවේ නැහැ බං....
Deleteනියම අදහසක්, ලස්සනට ගලපලා
ReplyDeleteඅදහස් දැක්විමට ස්තුතියි...
Deleteලස්සනයි.
ReplyDeleteඒත් විහඟුන්ට ගී කියන්න වසන්තයක්ම ඕනිම නෑ නේද??? :)
ඒක තමා මාත් කියන්නේ...
Deleteමේ කවිය කියවනකොට මට මතක් වුනේ නීලා වික්‍රමසිංහ ගැයූ "හිරුට අයිතිබව" ගීතයයි
ReplyDeleteපොඩ්ඩා එහෙම හැගිමක් එනවා තමා...
Deletewell Done..සමී කිව්වා වගේම එළිසමය රැකගෙන ලිව්වනම් කවියේ ශබ්ද රසය වැඩි වෙනවා. එත් මගේ අදහස ඔබ එහෙම නොලියූ නිසාම නිර්මාණයේ අර්ථ රසය වැඩි වී ඇති බවයි...
ReplyDelete