Monday, January 14, 2013

එබ්බ්‍රහිම් ලින්කන්, ගුරුවරයා හා අධ්‍යාපනය.....Abraham lincon,The teacher and Education......



මේ ලඟදි දවසක් අපේ කස්ටිය ගේකට සෙට් වෙලා එදා දවස ගත කිරීමේ කාල සටහන නිර්මාණය කරමින් ඉන්න වෙලාවක, ගේ ඉස්සරහ පාර පැත්තේ හෙන සද්දේ.........අපිත් ගිහින් බැලුවා මොකද කියලා... සද්දයක් නෙමේ ඒක යුද්දයක්....ඒ ලග තිබුණු පාසලක් ද්විතික පාසලක් ද මොකක්ද කරනවා කියලා එකට විරුද්දව දෙමවිපියෝ පාර හරස් කරලා හේන උද්ඝෝෂණයක්....... ඕක ඉතින් පුදුම වෙන්න ඕනේ කාරණයක් නෙමේනේ ලංකාව වගේ රටක......

හැබැයි මට මෙහෙම හිතුනා ලංකාවේ අධ්‍යපනය කියන්නේ මොකක්ද, එක තුල ශ්‍රී ලංකාව රටක් විදිහට බලාපොරොත්තු වෙන්නේ මොනවද, කියන කාරණාව ගැන අපි අයෙත් රටක් විදිහට කල්පනා කරලා බලන්න කාලේ හරි කියලා මේ රස්තට හිතුනා.

මොකද ලංකාවේ අධ්‍යාපනයට දීලා තියෙන්නේ මහ පටු නිර්වචනයක්. අධ්‍යාපනය කියන්නේ 1 ඉදන් 100 ගණන් කරන එක, සිංහල අක්ෂර, ඉංග්‍රීසි හෝඩිය, ව්‍යාකරන ආදී පොදු පටු කරුණු විතරක් නෙමේ. ඒ කියන කාරණා වලින් ඔබ්බට ගිය විශාල ප්‍රදේශයක් පුරා විකාශනය වෙච්ච පුළුල් සංකල්පයක් බව අපේ රටේ පාලනයේ ඉදන් බහුතරයක් ජනතාවටත් මේක තේරුම් ගැනීමට බැරි හෙන අන්ධකාරයක අතරමං වෙලා කියලා මේ රස්තියාදුකාරයට හිතෙනවා.

පුහු අධිරාජ්‍ය වාදී සංකල්පයක් නියෝජනය කරන ලංකාවේ ඉන්න සමහර කොටස් පහත කාරනා මොන විදිහකට දකීද දන් නැහැ. හැබැයි මේක තමා මං මෙච්චර කාලෙකට අහපු අධ්‍යාපනය සම්බන්ද හොදම නිර්වචනය.

මේකේ අධ්‍යාපනය විකාශනය වෙච්ච පැති දැක්කම අපේ අධ්‍යාපනය කොහෙද කියලා හිතෙනවා. මේක නිර්වචනයක් කිව්වට ඇමරිකා එක්සත් ජනපදයේ 16 වෙනි ජනපති එබ්බ්‍රහිම් ලින්කන් තම පුතාගේ ගුරුවරයා වෙත යවන ලියුම. මටනම් ඒක තාමත් යාවත් කාලීනයි. 1850-60 කාල පරාසය තුල ලිය වෙච්ච මෙම ලිපිය තුල ඔවුන් ඒ කලේ අධ්‍යාපනය සම්බන්දයෙන් දුටු දැක්ම අපිට පහැදිලි කරනවා. 2013 වෙලත් අපි ඒ කිට්ටුවටත් ඇවිල්ලද..............(මේකට උත්තරේ මහ බැංකු වාර්තාව අනුව සාක්ෂරතාවය 92% කියන එකනම් නම්, ඔහුගේ අධ්‍යාපනය ගැන කතා කිරීමට අපි වචන නාස්ති කල යුතු නැත.)

එබ්බ්‍රහිම් ලින්කන්, තම පුතාගේ ගුරුවරයා වෙත යවන ලද ලියුමේ පරිවර්තනයේ සාරාංශය.


ඔහු උගත්තෙක් විය යුතු බව මම දනිමි. සියලු මිනිසුන් සාධාරණ නැත. සත්‍ය වාදිද නැත. නමුත්, සෑම නොමිනිසේකුටම වීරයෙක්ද, ආත්මාර්ථකාමි දේශපාලකයේකුටම කැප උන නායකයෙක්ද, සෑම සතුරෙකුටම සහෘදයෙක්ද, සිටින බවත් ඔහුට උගන්වනු මැනවි.
ඊර්ශියාවන් ඉවතට ඔහු මෙහෙයවා සන්සුන්ව සතුටේ රසය විඳගනිමටත්, ඔහුට උගන්වනු මැනවි.
දුර්වලය තලා පෙලන්නා වැඩිකල් නොගොස් ඒ සදහා පසුතැවෙන බව ඔහුටම තේරුම් ගැනීමට ඉඩ හරිනු මැනවි.
පොත් පත් වල සැගවුන ආශ්චර්යය ඔහුට උගන්වන ගමන්ම, අහසේ පිය සලන කුරුල්ලාගේ සදාතනික මුණු මුණු වේද, හරිත කඳු වැටි අසබඩ විල්ගොමුවේ විහඟ, මි මැසි නාදයේද, අසිරිය විද ගැනීමට නිදහසට ඔහු හට ලබා දුන මැනව.
දයාබර ගුරුතුමනි අසමත්වීම, රැවටීමට වඩා ගෞරවනීය බව ඔහුට උගන්වනු මැනවි.
ලෝකයාගේ ගැරහුමට ලක් වුවද, තම අදහස් මත විශ්වාසය ගොඩ නගා ගැනීමට ඔහුව පුරුදු පුහුණු කල මැනවි.
සුමුදු හදවත් අතර සුමුදු වීමටත්, රළු පරිසරයකදී රළු වීමටත් අවශ්‍ය ශක්තිය ඔහුට ලබා දුන මැනවි.
වැඩි දෙනකු අනුගමනය කල පමණින්, යමක් අනුගමනය නොකිරීමට ශක්තිය ඔහුට ලබාදීමට උත්සහ කල මැනවි.
සියලු දෙනාටම හොදින් සවන් දීමට මෙන්ම, යහපත් දේ පමණක් තෝරා බේරා ගැනීමටත් ඔහුට උගන්වනු මැනවි.
ගෞරවනීය ගුරුතුමනි, කදුළු අතරින් සිනා සිමටත්, කදුළු බිදුවක ලැජ්ජාව නොදැනිමටත්, විවේචනයට බිය නොවීමටත්, පමණට වැඩි ප්‍රශංසාවන්ගෙන් ප්‍රවේසම් වීමට ඔහුට කියා දුන මැනවි.
ශක්තිය සහ මොළය උපරිම මිලකට අගය කිරීමටත්, එහෙත් හදවත මෙන්ම ආත්මයද, මිල නොකරන ලෙසටත්, ඔහුට උගන්වනු මැනවි.
නුවමනා කාලයේදී දෙසවන් වසා ගැනීමටත්, තාමා නිවැරදි යැයි සිතේ නම්, ඒ වෙනුවන් සටන් කිරීමටත් ඔහුට උගන්වනු මැනවි.
දයාබර ගුරුතුමනි, අනවශ්‍ය හුරතලයට ලක් නොකර, ඔහුට මෘදු ලෙස සලකනු මැනවි. මන්ද යත්, හොඳ වානේ පන්නරයක්  ලැබෙන්නේ දැඩි ගින්දරකිනි.
නොඉවසිලිමත් වීමට ශක්තියත්, නිර්භිත වීමට ඉවසීමත්, නිරන්තරයෙන් තමා කෙරෙහි අපරිමිත විශ්වාසයක් තැබීමට ඔහුට උගන්වනු මැනවි.
එවිට පමණක් ඔහු සමස්ත මානව වර්ගයා කෙරෙහි අනන්ත වූ විශ්වාසයක් දක්වන්නේහිය.
ගෞරවනීය ගුරුතුමනි, මෙය විශාල ඇනවුමකි එහෙත්, කල හැකි දේ කුමක් දැයි බලනු මැනවි.

මේ අපුර්වතම කුඩා පැටියා මගේ ආදරණිය පුතුමය.....!



7 comments:

  1. ඇත්තටම ගොඩක් වටිනා අදහස් ගොන්නක්. අපේ රටේ විතරක් නෙමේ මුළු ලෝකයම මේ ගෙන හිතල විසය මුලික කරුණු පමණක් නොව සාරධර්ම අතින්ද පිරිපුන් පුද්ගලයෙක් ලෝකයට දයද කරනවානම් ඒක තමා ඔහුට දෙන්න පුළුවන් ඉහලම ගවර්වය. වචන වැරදි එති, සමාවෙන්න .

    ReplyDelete
    Replies
    1. අපේ ඉන්න මෝඩ දේශප්‍රේමින්ට ඕව පේනවද බං........උන්ට ඇමරිකාව ගැන කතා කලාම කන් වල වැලි පිරෙනවා වගේ. හැබැයි උන්ට මැරෙන්න කිට්ටු වෙලා බේත් ගන්න ගියහම විතරක් ඇමරිකාව හොදයි. ඔහු එක ලියුමකින් දැක්ක ඒ දැක්ම තුල අපි කොහෙද ඉන්නේ...........අපිට එතනට ලං වෙන්නවත් පුලුවන්ද.......

      Delete
  2. machan sirawatama godak wadaagath dewal tikak..
    nidahase awith kiyawanna bukmark damma...

    sthoothi digatama liyanna...

    ReplyDelete
    Replies
    1. ස්තුති යාළුවා..........

      කියවල හිතලා බලපන් මේවා ඇත්තද බොරුද කියලා...........

      Delete
  3. නියමයි රස්තෝ ඔයාගේ කතාවට මම එකයි. මේවා එදාට වඩා වටින්නේ අදට.

    සංගිලි පාලමටත් ගොඩ වෙන්න එන්න.
    http://sankalpanablogs.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තුති මේ පැත්තේ ආවට.......

      කොහොමත් අතීතය කියන්නේ ගෙවෙන තප්පරයක් තප්පරයක් පාසා වටිනාකම වැඩි වන දෙයක්. නමුත් ලංකාවේ අපි ඒ ඉතිහාසය තුලින් ගන්නේ මහා අඩු ප්‍රයෝජනයක්. අපිට ඉතිහාසය වැදගත් චිත්‍රපටි හදන්න විතරයි. නමුත් ලෝක ඉතිහාසයෙන් අපිට දීලා තියන මග පෙන්වීම් වලට අපේ උත්තමයෝ දෙන්නේ හරි අඩු ඉඩක්...........

      තාමත් යාවත්කාලින මේ ලියවිල්ල අධ්‍යාපනය මොකක්ද කියලා හදාරන්න තියන හොදම ලියවිල්ල ලෙසයි මම දකින්නේ.

      Delete
  4. ඇයි මේ බ්ලොග් එක අප්ඩේට් නොවෙන්නේ...අපරාදේ

    ReplyDelete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...