Saturday, August 24, 2013

උඹලා කොහේද......

 

 

අන්ඳකාරයේ සෙවනැල්ලට මුලු ලොකෙයටම වැටෙනවා කියලා මං දැනන් හිටියා. ඒත් ඒක මේ තරම් ඉක්මනට අපේ කොලු කල්ලියට එයි කියලා මන් නිකමටවත් හිතුවේ නැහැ.


එක බත් පතකට පොර කාපු.....එක වතුර බොලයෙන් ඔක්කොමලා වතුර බිපු....කෝ අපේ උන්.....මන් ගැස්සිලා ඇහැරුනා. උබලට මතකද මුල්ම කාලෙ රුපියල රුපියල එකතු කරලා බීම පැකට් බිබි පාරේ ගිය හැටි, ඒ කාලෙ තාමා අපිට කල්ලි අමාරුව මුලින්ම හැදුනෙ.....උබලට මතකද ඒවා.


ඊට කාලෙකට පස්සේ A/L. ඒක නම් උපරිම්යි. තැබිලි කඩලා පිනා ගාව අපි සෙට් එකම හිටිය හැටි. කවුද කැඩුවෙ ඇහුවම අපි ඔක්කොමලා නැගිට්ට හැටි. ඇයි බං ඉස්කොලෙන් පැනලා ගිහින් අහු උන හැටි....හොරෙන් කාලා සෙට් එකම එලියට දාපු හැටි.... උබලට මතකද ඒවා......ඒ කාලේ ඉස්ස්කොලේ ගියෙ ඉගෙන ගන්නද නැත්නම් පිස්සු නටන්නද කියලා මන් තාමත් කල්පනා කරනවා.


අන්තිම කාලේ කිය කිය හරි දාලා එක සිගරට් එකක් අරන් හොරෙන් බීපු හැටි. ඒ කාලේ කොල්ලෝ එකතු වේලා කොහේ හරි නයිටක් ගහන්වා කියන්නෙ පට්ටම ආතල් වැඩක්.....කොහොම හරි එක බොතලයක් හතර පස් දෙනෙක් එකතු වෙලා ගහලා අපි ගත්ත ත්‍රිල් එක මට නම් තාමත් හීනයක් වගේ....ඒ හීනෙන් අපිව ඇත් උනේ වලාකුළක් අහස ඇතැරලා යන්වා වගේ. ඉක්ක්මනට.


අන්තිමට අපි A/L ලිවුවා......ඉස්කොලෙට එපා වෙච්ච අන්තිම පොලිම් දෙකෙ හිටිය කොල්ලො ටික A/L පාස්. දේන්නෙක් විතර කැම්පස්. කොහොම හරි අපි පාසැල් කාලේ කියන දාම් ලැල්ලෙ හැම කොටුවක්ම පැන්නා.


ඒත් දැන් ඒක අතිතයෙ දිය වෙච්ච මතයක් විතරයි......


                              පරණ යාලුවෝ......පරණ යාලුවෝ......

                              හැම දාමත් උන් රංචුව.....

                              පිටට පිට තියන්...

                              පොත් රාක්කයක් වගේ....... 


අජිත් කුමාරසිරිගේ ඒ ගොර හැඩි කට හඩ මාව අයෙමත් ඒ නින්දෙන් අහෙරෙවුවා.......


වර්තමනය තුලා මිනිහෙක් කොච්චර යතාර්ත වාදි උනත්....මේ කියන යතාර්තය උනත් හැදිලා තියෙන්නෙ වචන වලින්  කියලා රස්තියාදුකාරයා කොහේන්ද අහලා තිබුනා. නොස්තැල්ජියාව කොච්චර පටු සංකල්පය පටු  වුනත් අපි ඒකට සමහර වේලාවට පට්ට විදිහට ආදරේ කරනවා. ඇත්ත. වර්ණවත් අතිතයක්, යතාර්ථයේ කළු පාටින්වත්..... කළු සුදු අතිතය, වර්ථමානයේ වර්ණ වලින් වත් පාට කරන්න අපිට බැරි උනත්. අපිට ඒ පාටින් මිදෙන්න බැහැ.  


මුලු ලොකේම දේශපාලණිකරනය වෙච්ච නුතන යුගයක, යාලු කම, මිත්ත්‍රත්වය විතරක් ඒකට අහු නොවී තියෙයිද......


නැහැ. ඒක උනා. මුදල් කියන භෞතික අතරමැදි දේ ඉහත කී සියල්ලම් කලා....අපි ඉස්සර දිවුවේ බොලයක් පස්සෙ ඒත් අපි දැන් දුවන්නෙ, කෙලවරක් නොපෙනෙන අනන්ත මිරිගු ලොකාන්තයක් පස්සේ. අපිට අපිව, වට පිට පෙන්නේ නැහැ. හුස්ම ගන්න වෙලාවක් නැහැ. එකට බත් ටිකක් කන්න වෙලාවක් නැහැ.....අපි අතරමං වේලා.....ආපස්සට එන්න බැරි තරම් අපි අතරමං වෙලා....


යතාර්තය ඇතුලෙ අපි අපේ කියලා ඉසවුවක් නැතුව, මගේ කියලා පටු තැනක හිර වෙලා.....හුස්ම ගන්නෙ පරිසරයෙන් නේමේ,සල්ලි වලට ගත්ත ඔක්සිජන් ටැන්කි වලින්. එක වතුර බොතලේ බෙදාගෙන බිපු වුන්ට Coke මෙගා බොතලයක් එකෙක්ටත් බොන්න මදි වේන තරමට අපේ ආමාෂ පෙරේත වෙලා. එක සිගරට් එක වටේ යැවුව අපිට, කතා කර කර සිගරට් එකක් බොන්න දෙන්නෙක් හොයා ගන්න බැරි තරම් අපි දුර ගිහින්.


අපි කියලා කියපු පලළ් ලෝකය මම කියන තැනටම පොඩි වේලා......


                                     අහසට මල් දුම් නැගුනා...

                                     සපත්තු අදුරේ ගිලුනා..

                                     අපේ තොල් වල මඩ වැදුනා...

                                     ලොකාන්තයෙ ගමනේ.......

                                     ඔබට මතක නැතිද 

                                     ඒ කාලයේ.....

                                     බේදා ගත්ත හැටි 

                                     පොඩි බංකු කොටේ 

                                     අපි බයෙන් බයෙන්...

                                     අපි සැකෙන් සැකෙන්..

                                     මේ රටත් අමුත්තො වාගේ...



මේක තමා අනිත්ත්‍ය කියලා හිර වෙන්න ඔනේ නැහැ. ඒත් මේ සිංදුව ඇතුලේ වර්තමාන පවුල මුලික කර ගත් කේදවාචකය හොදටම පැහැදිලි වෙනවා. භාණ්ඩ හුවමාරුව මුලික කර ගේන ආරම්භ උන වෙලදාම වර්තමානය වෙන විට. මිනිස්සුන්ගෙ ආත්ම තෘප්තියක් බිලි අරන් ඉවරයි. අපි අපිව විකුනගෙන. 


මං හිතනේ මේ සිංදුව ලියලා තියෙන්නෙත් අජියමයි....ඒක ඇතුලේ නිර්වේයාජ මිතු දමට දේශපලනය විසින් කරන බලහත් කාරකම අජියා නියේමෙටම ලියලා තියේනවා.....අජියාගේ ගොර හැඩි කට හඬ සිංදුවට දෙන ගැබුර සුපිරියි. අජියාගැන තාම ලංකාවේ ගොඩක් දේනා දන්නේ රොක් අජිත් විදිහට. අජියා තමා වර්තමනය වෙන විට ලංකාවේ දේශපලනය දක්මක් තියෙන විකලප සංගීත කාලාපයේ උඩිනම ඉන්නෙ. 


අජිත් කුමාරසිරි ගිටාර් එකත් එක්ක කරන මේ සංගීත ගනුදෙනුව ගොඩක් දෙනාට පෙන්නෙ පොඩියට.හරහට. 

 

මේකේ වචන ටික අතුලේ අපේ විතැන්විම නියෙමෙට පේනවා. ඒක බංකුවක පොර කලා වාඩි වෙලා. ජිවිතේ සරල සැහැල්ලු ලෙස ගෙවපු අපි අන්තිමට ඉමක් නොපෙනන ලොකන්තයක් හොයන් යන ගමනෙ ණයට හුස්ම ගන්න මගින් වෙනවා. සතුටෙන් විහිලුවෙන් ජිවිතේ මැන්න අපි අද රුපියල් වලින් ඩොලර් වලින් ජිවිතෙ මනිනවා. අපි වෙන්දේසි වෙනවා. දේශපාලනික ප්‍රග්ධන හිමි කරුවෝ අපිට ලන්සු  තියෙනවා.

 

ඇවරයි......... දැවරයි......... තුන්ඇවරයි.........


                                     සාදූ නොකියා අපි 

                                     හාදු දුන් රැයෙ.....

                                     පාලූ යන්න අපි 

                                     මාලු ඇල්ලුවෙ....

                                     හරි උනන්දුවෙන්... හරිම  උනන්දුවෙන් 

                                     හරි ප්‍රොමොදයෙන්.......

                                      ඒ කාලේ......


අතිතය සිහිනයක් පමයි කිවුවට. අපිට ඒ අතිතෙන්න් ඔය කියන්ව වගේ මිදේන්න බැහැ. ඒ අතීතය වර්ණවත්. අපි ඒ පාට මැදින් ආවෙ කලුවර ඉසවුවකට. ආයෙත්  ආපහු එන්න බැරි තරම් ඇතුලට. ප්ලේනටියක් බිලා ඒදා සතුට හේවුව අපි අද ප්‍රාඩො එකක කලු විදුරු ඇතුලේ සතුට හොයන්වා.


සමාජයක් විදිහට අපි පිරිහිලා. පන්ති පිටින් ප්‍රශ්න වෙනුවෙන් එලියට බැස්ස අපිට, අද කොල්ලො හත් දෙනෙක් එකතු කරන් ට්‍රිප් එකක් යන්න බැරි වෙන තැනකට අපි අනාථ වේලා. දැන් අපේ ඇගේ දුවන්නෙ ඒදා ඇගේ දිවුව රතු පාට ලේ නේමෙද. අපිට අයෙත් හිතලා බලන්න වෙනවා. දැන්ම.


මේ වචන වලින් දොංකාරය දෙනනෙ ඒ අපේ අතීතය. පොඩි සතුට වෙනුවෙන් උනත් අපි කරපු ඒ උනන්දුව උත්සහය, අපි එකෙන් ලබපු සතුට. වචන වලින් මායිම් කරන්න බැරි තරම් අපිව ජිවත් කෙරේවුවා. හුස්ම දුන්නා.


මිලක් නියම වෙච්ච සමාජයක, අපි අපේ අතිතයත් උකස් කරලා ඉවරයි. ඒක දැන් සින්න වේලා.

 

අජියා මේ වචන, ස්වර, හඬ හරහා දෙන්න හදන්නෙ නුතන දෙශපාලනික ගොහොරුවේ දිය වෙලා වැගිරෙන අපේ මතයන්ය. මිල ක්‍රමය හරහා ඉල්ලුම සැපයුම(සමතුලිතය) මනින විවෘත ආර්ථිකය තුල ජිවිතයේ තෘප්ත්‍යද මනිනු ලබන්නෙ මිල විසින්මය.


ජිවිතේ අපි මේ ජිවත් වෙන යථාර්තයට එහැයින් අපිට වර්ණවත් මතකයක් තිබුනා කියලා මතක් කර ගන්න කාලේ හරි.



Monday, August 19, 2013

අපි යන්නේ හරි පාරේද.....

 

"සිහින දකින්න...සිහින තුලින් අවදි නොවන....."


අපේ මුලු ජිවිතයම සිහිනයක්.....ඇත්ත. ඒත් අපි ඒ සිහිනය කොච්චර සාර්ථකව අත්දකිනවද කියලා අපිට දැනේන්නේ අපි ඒ සිහිනය තුල හුස්ම ගන්න තරම අනුව. 


මට හිතෙන විදිහට අපි දකින ඒ සිහිනය කොච්චර දුරට අධ්‍යත්මික ගනුදෙනුවක් වෙනවද කියන එක අනුව අපිට අපේ ජිවිතය ඒ සිහිනය තුලින් පේන්න ගන්නවා.......ඔව්, අපේ ඇස් දෙකටම අපිව පෙන්න ගන්නවා. කළු සිත්තමක රිදි පාට පින්සල් පාරවල් වගේ, අපේ පාට ලොකේ අපේ මනස තුල කැටයම් වෙන්න ගන්නවා.  

හැබැයි අපිට අපිව පෙන්නෙ කළු පාට  ආගාදයක ඇතුලෙ ඉදන් එලියට එන්න දඟලන පලගැටියො ටිකක් විදිහට......


මානව ජිවියෙකුගෙ අධ්‍යත්මික පැවත්ම උදෙසා ආගමකින් විය යුත්තෙ මොනවද.....???? 

වර්තමානයේ එය වෙනවද....????


මම මේ එක තැන පල් වෙනවද, නැතිනම් මේ දුපත ඇතුලෙ මං අතරමං වෙලාද.  ඒත් අපි ලියන්න ඔනේ අපි දකින දේ මිසක් පාරභෞතික ලෝකයක් නේමේ කියලා මට හිතේනවා. මනෝරාජික ලෝකයක් ඇතුලේ ඉදන් හිර වෙලා දගලන ලිං ගෙම්බො වෙලා වැඩක් නැහැ. 

 

"ආගම යනු, මා දකින්නෙ මිනිසුන් කණ්ඩායමක් වන්දනාමාන කිරිම සදහා සොයා ගන්නා ලද සාමුහික මාර්ගයක් විදිහහට. මා කිවේ වන්දනාමනය යන්නයි. අවනත විම නොවෙ. ඒ දෙක බොහොමයක් වෙනස් කරුනු දෙකක්..."

                                                                                          - පාවුලො කොයියො 

 

වර්තමානයේ අපි සමාජයක් විදියට පට්ට අසරණයි. තමාට, තමාගෙ නිරුවත දකින්න බැරි තරමට අපි අසරණයි. අගාධය ගැබුරුයි. ඉහල එලිය දකින්න බැරි තරමට. කලුවරයි. ඇස් පේන් නැති ගානට. ඇයි අපිට   බැරි එලියට එන්න මෙ අදුරු කළු පාටින්. අන්න ඒක තමා ආගමකින් විය යුත්තෙ. අපිට අපේ ආත්මය එක්ක එකට ඉන්න පුලුවන් පාරාදිසයක්  හදන එක. අපිට අපේ අධ්‍යත්මය එක්ක තනි වෙන්න පාර කියන එක. එත් වර්තමානයේ වෙන්නෙ අපි කාගෙ හරි ලබ්ධියක හෝ දර්ශනයක ලඟු විමක් විතරයි. 

 

අපි කාගෙවත් සිහිනයක් තුල, රාජ්‍යක් තුල අතකොලු කීරීමට වඩා විශාල වගකිමක් ආගමකින්/දර්ශනයකින් විය යුතුයි. කොටින්ම ආගම/දර්ශනය මිනිසුන්ගෙ හදවත හා අධ්‍යත්මය එකතු කරන පාලමක් විය විය යුතුයි. කොන්දෙසි විරහිතව.   


ලංකාව තුල බහුතරයක් ඉන්න බෞද්ධයා දැන් කොච්චර දුරට අසරණයිද කිවුවොත් ඔවුනට තම අධ්‍යත්මය/මනස තියා බුදුන් කියු දේයවත්  කිරිමට නොහැකි වී තිබේ. ලංකාවේ පාලනයද රෙජිමයක් වි ඇති වර්තමානයක ආගමද යම් පාර්ශව වල රෙජිමයක් වී තිබේන බව පැහැදිලී.


බුදු දහමේ තිබු අධ්‍යත්මික ගුණයට මුත්‍ර කලො කවහුද....????? 

 

අපි අපෙන්ම ඇසිය යුතු හිරිකිත පර්ශ්නය එයයි. බුදු දහමේ තියෙන අධ්‍යත්මික ගුණය පසෙකලා අපි වල්මත් වී ඇත්තෙ වෙන මන්ස්ගාත ඉසවුවකය. කර්මය පුනර්භවය, හේතු ඵල දහම, භාවනාව, ආදී ගැබුරු ඉසවු තියෙන බෞද්ධ දර්ශනය කොහෙද, එක මුල්ලක ලගු වෙලා. මලක් පුජා කරලා නිවන් යන තැනට පිරිහිලා.


රස්තියාදුකාරයා දන්න විදිහට බෞද්ධ දර්ශනය ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා.

 

-අභිධර්ම පිටකය

-සුත්‍ර පිටකය 

-විනය පිටකය 

 

මල් පූජ කරලා නිවන් යන්නයි. පහන් පත්තු කරලා ජිවිතේ එලිය වෙන්නයි වගේ පටු තැනක මේ වගේ ගැබුරු දර්ශනයක්  හිර කලේ කවුද....ඇයි ඔය මහ ලොකුවට වැදි බන කියන ජාතිහිතර්ශී, ශාෂනාරක්ශක  චිවරදාරින්ට, උපාසක මහතුන්ට බැරියැ මේ කියන ගැබුරු අධ්‍යත්මිය දහම මිනිස්සුනට සමිප කරන්න. ඒත් වෙන්නෙ මොකක්ද......තනිකර හිස් තැනක් විතරයි.


මල් දාහක් පූජ කරනවට වඩා. එක මලක් දීහා බලන් අනිත්‍ය මෙනෙහි කරන්වා වෙනුවට. මෙහෙ ඉදන් කට්ට කාගේන අනුරාධපුර ගිහින් මැරි මැරි චෛත්‍යයකට හරි බෝ ගහකට හරි ලක්ෂ ගනනින් මල් පහන් පූජ කරන්වා. ආගමත් දර්ශනයයක් මාර්කට් වෙන තැනකට දැන් අපි ඇවිල්ල ඉවරයි. ආගමත් ගෝලියකරනයට අහු වෙලා ඉවරයි.


වල පයයි ගොඩ පයයි තියන් ඉන්න මිනිස්සු කොහේ හරි එක්කන් ගිහින් ගොන් ආතල් දේනවට වැඩිය. ඇස් දෙකෙන් ලොකේ දැකලා ඉස්සරහා හිතන්න පුලුවන්, තර්ක කරන්න පුලුවන් තරුණ කොටස් වලට මේ දෙවල් කියා දෙන තැනට ආගම පරිනාමය වෙන්න ඔනෙ. කොටින්ම බුදුන්ගේ පලමු ධර්ම ප්‍රචාරක කන්ඩායමෙ හිටිය බහුතරයක්  තරුණ කොටස්. ඒත් දැන් ඉන්නේ හෙට අනිද්දා මැරෙන්න බයේ බණ අහන්න ආපූ වයසක මිනිස්සු ටිකක් විතරයි.


ඉස්සර ගමයි පන්සලයි වැවයි දාගැබයි කියලා කිවුව සංකල්පය මේ ශතවර්ශයේ යල් පැන්න සංකල්පක් විදිහට දැක දැකත් අපි තාමත් අතිතකාමීයො වගේ ඉතිහාසයේ මහා ගල් කනු අස්සෙ හිර වෙලා ඉන්නවා. එලියට එන්න බැරුව. එන්න ඔනේ කමකුත් නැහැ.

 

ඒදා සිදුහත් ගවේශන ශිලි නොවී. නිඝන්ටලගෙ වෘතම අනුගමනය කලානම් හරි අලාර කාලමලගෙ දර්ශනය  ඇතුලෙ හිර උනා නම් අපි වර්තමානයෙ මේ දකින බුදු දහම දකින්න ලැබේයිද. එහෙම නිදහස් චින්තනයක් තිබුන ශර්තෘවරයෙක් ඉන්න මේ බෞද්ධ දර්ශනය දැන් කාගෙවත් අතකොලු වෙලා.


එහෙම ඉතිහාසයක් තිබුන බෞද්ධ දර්ශනය වර්තමානයේ සිතිමේ කලාපයෙන් ඇතට අරන් ගිහින් විනාස කරලා....අපිට අපේ දර්ශනක්, දැක්මක් තියා ගන්න බැරි තැනට අපිව කොටු කරලා....ශුද්ධ බෞද්ධ දර්ශනයට අනුව අපිට අපේ සිහිනයක් දර්ශනයක් තිබීම අකැපද.....????


වර්තමානයේ අපිට කොහොමත් මේ නියම බෞද්ධ දර්ශනය සොයා ගැනිමට නොහැකි. ඒක වඳ කලේ උවමන්වෙන්. මන්ද වැදි බණ කියන මහා චිවරදාරිනට එම සංකල්ප නොතෙරෙන නිසා. ඔවුන් දන්නේ පවුල් සැලසුම් ක්‍රම ටික හා ගැහැනුන්ගෙ පවුල් ප්‍රශ්න ටික විසදිම පමනක්ය.


එසේ නම් අප තවත් මේ අන්ධකරය තුල සක්මන් කල යුතුද.....අපි අපේ දර්ශනයක් සොයා යාමට කාලය එලෙබ ඇත. නොපමාව.


Monday, August 12, 2013

මාළිගාව හා පැල්පත.....



                                  ඒක්ටැම් ගේයි

                                  ජනේලයෙන් 

                                  ඇතුලට......

                                  කුමාරයෙක්........

 

                                 සේවිකාවෝ නිශ්ශබ්දයි........

                                 කුමාරිය........

 

                                 සඳ එලිය වැටුන

                                 සයනය මත.....

                                 උඩුකුරුව සෙවනැලි දෙකක්....... 


                                 ඉර එලිය දුටු 

                                 අනියම් කුමාරයෙක්.....ගමට...

                                 පසුව..... රජ කමට.....


                                 පොල් අතු පැලේ 

                                 පැලැලින් 

                                 ඇතුලට......

                                 මනුස්සයෙක්......


                                 වරිච්චි බිත්ති අවදියෙන්.......

                                 ගැහැණිය.......

 

                                 කුප්පි ලාම්පි එලිය වැටුනු

                                 පිල උඩ........

                                 දඟලන සෙවනැලි දෙකක්.......  

 

                                 ඉර එලිය දුටු 

                                 අනියම් කුමාරයෙක්.....එලියට 

                                 පසුව..... කැලයට......

 


Monday, August 5, 2013

නිරුවතින් පාර දිගේ.....


මං ඇවිදගෙන ගියා දිගටම......
දිගටම.......
ඈත දුපතක් මැද්දේ කහ පාට
එළි ගොඩක්......මැද party ක්...
ගියා ලගටම.....
එගොඩ වෙන්න බෑ...... 
දියවන්නාව.....ගැබුරුයි......දරුණුයි.......

මම හැරනා වමට....ගියා දිගටම.....
දිගටම......
සපත්තු අඩියකට පෑගුනු රතු පාට
රෝස මලක්...... මලේ රතු පාටින්
පාර තෙමිලා.......  

සර,,,,,සර,,,,,සර,,,,, 

පාර අයිනේ....
සිගිති ලේන්සුවක් හා
කොන්ඩමයක්.....

මම හැරනා දකුණට....ගියා දිගටම.....
දිගටම......
වෛද්‍ය සභාවේ අනුමැතිය ලත් නිල් පාට  
ආරෝග්‍ය ශාලාවක්......දත් ගලවන්න ආපු
කෙල්ලන්ගෙන පිරිලා.......  

ආ..ආහ්....ආ..ආහ්...ආහ්.. 


උල් පිහි කතුරු...
වලට කැපුන මල් 
පොහොට්ටු......


Thursday, August 1, 2013

සිහින මන්දාකිනි......



                              ගිනි අරන් පොළවක් හොයන්
                              උල්කාපාතයක්  අහසේ
                              ගිනි අරන්……..
                              අළු වේලා පොළවට වැටෙනා
                              උල්කාපාතයක්……..
                                                                                    
                                                     "ඉන්ද්‍රචාප"

හැමදාම වගේ ඉර පැයුවා.......නැගෙනහිරින්..... ඒක ගොඩක් රටවලට වගේම ලංකාවටත් එහෙමයි. ඒත් ලංකාව දුපතක් නිසා, අපි ඉර වටේ භ්‍රමණය වෙනවා වෙනුවට, ඉර අපි වටේ භ්‍රමණය වෙනවා කියල එහි ඉන්න ගොඩක් දෙනා හිතන් හිටියා...... මොකද ඔවුන් ඒ වෙනකොට හිටියේ ඒ තරම් දුපත් මානසිකත්වයක. ඒ මානසිකත්වය කොච්චරක්ද කියනවනම් එහි කලාව පවා පාලන වෙන්නේ ඒකාධිපති පාලනයකට අනුව.

ඒත් ලෝකේ ගොඩක් දේවල් වෙනස් කරපු මිනිස්සුන්ට ඉර පැවුවා, අපිට වගේම...... ඒත් ඒ මිනිස්සු කවදාවත් හිතුවේ නැහැ, අද පායන ඉර හෙටත් මේ විදිහටම පායනවා කියලා........... ඒ නිසා ඒ මිනිස්සු බටහිරටත් ආදරය කළා නැගෙනහිරට වගේම. ඒත් ලංකාවේ අපි බටහිර හොයන්නේ මරුන මිනිහෙක්ගේ ඔලුව තියන පැත්ත හොයා ගන්න විතරයි.....

"මිනිහෙක් ලෝකේ ඉපදෙන විදිහ වැදගත් නැහැ, ඒ මනුස්සයා මැරෙන විදිහයි වැදගත්......"

රස්තියාදුකාරයට ඔය කතාව හිතිලා දැන් ගොඩක් කල්. මට මේ කතාව කල්පනා උනේ කළුවර විතරක් තිබුන දවසක මං සිගරට් එකක් පත්තු කරන් ගේ එහා පැත්තේ බැංකුවට වෙලා ඉන්න ගමන්.......එතනට හොදට පෙනුනා කළු පාට බටහිර අහස, ඒ අහසේ දිලි සුනා කහ පාට තරු එළි කෙළවරක් නැතුව.

මං දැක්ක ඒ අහසේ ඉදන් පොළවට කඩා  වැටෙන රතු පාට තරු එළියක්........

මට මතක් උනේ ඒ දවස් වල ඒ එලි වලට එකී නෙකා කියපු කතා...ඒ කඩා වැටෙන දේවතා එලි දිහා බලන් ප්‍රර්ථනා කලාම ඒ ප්‍රර්ථනා ඉෂ්ට වෙනවලු.......

ඉතින් ඔය අතරේ මගේ ජිවිතේ ඇතුලෙන් වෙන අය ගොඩක් ප්‍රර්ථනා දැකල තිබුනා ......

අපේ අම්ම කිවුවේ - හොදට ඉගෙන ගන්න ප්‍රර්ථනා  කරන්න කියලා...
තාත්තා කිවුවේ - හොද රස්සාවක් ලැබෙන්න ප්‍රර්ථනා කරපන් කියලා...
අපේ කොල්ලෝ කිවුවේ - හොද කැල්ලක් සෙට් වෙන්න ප්‍රර්ථනා කරපන් කියලා......
කැල්ල කිවුවේ - හොදට ලවු කරලා ඉන්න පුළුවන් පවුල් ජිවිතයක් ප්‍රර්ථනා  කරන්න කියලා...

මං ඒ ගිනි අරන් කඩා වැටෙන තරුව දිහා බලන් හිටියේ, බාගෙට පත්තු වෙච්ච සිගරට් කොටයක් එක්ක......මට එකපාරට මතක් උනේ ඉන්ද්‍රචාප කියපු "උල්කාපාතය" සිංදුව........

අරමුණක් නැතුව අළු වෙලා පොළවක් හොයන එන තරුවකින් අපිට පුලුවන්ද හීන ඉල්ලන්න....මන් අතේ තිබුන සිගරට් එක තොල  ගාවට ලං කරලා පෙනහළු පිරිලා යන්න හුස්ම ගත්තා......ඒ වෙලා එතනට ඕනේ හොදම බේත ලග නොතිබ්බ එක ගැන මට අවුලක් හිතුනේ....... 

අපේ ජිවිතේ හැමදාම එක එක ප්‍රර්ථනා ඇතුලේ හිර කරනවා.....ඒත් ඒ ප්‍රර්ථනා අපේද......අපිට අයෙත් ආපස්සට හිතන්න වෙනවා. අපි අනුන්ගේ හීනයක් වෙනුවෙන් මුළු ජීවිතේම දිය කරලා.....අපිට බැරි ඇයි අපේ ලෝකයක් වෙනුවෙන් හීන දකින්න......

මං අයෙත් අහස දිහා බැලුවා.....අහසට ගානක් වත් නැහැ ඒ තරුව කඩා වැටුනා කියාල.......මොකද අහස දැනන් හිටියා ඒ මන්දාකිනියේ තව තරු දහස ගානක් ඉතුරු වෙලා තියෙනවා කියලා......

පොඩි කලේ ඉදන් අපි අපේ ජිවිත පාට කලේ අනුන්ගේ වර්ණ හීන වලින්.....අම්මා අම්මගේ හීන දැක්කේ මගේ ඇස් දෙකෙන්.....තාත්තා තාත්තගේ හීන දැක්කේ මගේ ඇස් දෙකෙන්..කැල්ල......යාලුවෝ.....ඔක්කොමලා හීන  දැකලා තිබුනේ අනුන්ගේ ඇස් වලින්.....

ඔක්කොමලා අපෙන් හින දකිද්දී අපි අනුන්ගෙන් හීන දකිනවා... අන්තිමට අපි ඒ හීන වලින් ඇහැරෙනවා.....ඒත් අපිට ආයෙත් එන්න පාර මතක නැහැ. මොකද, අපි මෙච්චර කල් ගිහින් තිබුනේ අනුන්ගේ පාරක හින්දා.......අනුගේ ජිවිත හීන වල සැරිසැරුව අපි දැන් ඒ ජිවිතේ ඇතුලේ අතරමං වෙච්ච නාවිකයෙක් වගේ මුහුද මැද පාරවල් හොයනවා.......  

ඒත් අපිට පුළුවන්ද අපේම කියලා හීනක් මවන්න....... ඒක නිකන් මායාවක් විතරද...... අපි අපේ හිත ඇතුලේ හුදකලා වෙනවා හැමදාම.... ඉස්සරත්..... දැනුත්....... ඉස්සරහටත්...... හරියට විමුක්ති ජයසුන්දරගේ  "BETWEEN TWO WORLDS - අහසින් වැටෙයි" චිත්‍රපටියේ වගේ.....

ලංකාව ඇතුලේ අපේ කියල හීනයක් නැති වීම ගැන දුක් නොවිය යුතුයි. මොකද ලංකාව කියන්නේ 2/3 දුපත් මානසිකත්වයක් තියන ජනතාවක් ඉන්න රටක් නිසා.....


ඉපදිච්ච දවසේ ඉදන් මැරෙනකන්ම අපිට අපේ හීනය දකින්න වෙන්නේ මේ ගස් බෙනේ  ඇතුලේ ඉදගෙනම තමා.......

                            "ඔබ හිනා වෙන්නේ කොහොමද
                             මට කියා දෙන්න ඒ කොහොමද
                             අඩන්න විතරක් ඉඩ ඇති ලෝකෙක........"
                                                        

                                                                 "SKITZO"