Thursday, August 1, 2013

සිහින මන්දාකිනි......



                              ගිනි අරන් පොළවක් හොයන්
                              උල්කාපාතයක්  අහසේ
                              ගිනි අරන්……..
                              අළු වේලා පොළවට වැටෙනා
                              උල්කාපාතයක්……..
                                                                                    
                                                     "ඉන්ද්‍රචාප"

හැමදාම වගේ ඉර පැයුවා.......නැගෙනහිරින්..... ඒක ගොඩක් රටවලට වගේම ලංකාවටත් එහෙමයි. ඒත් ලංකාව දුපතක් නිසා, අපි ඉර වටේ භ්‍රමණය වෙනවා වෙනුවට, ඉර අපි වටේ භ්‍රමණය වෙනවා කියල එහි ඉන්න ගොඩක් දෙනා හිතන් හිටියා...... මොකද ඔවුන් ඒ වෙනකොට හිටියේ ඒ තරම් දුපත් මානසිකත්වයක. ඒ මානසිකත්වය කොච්චරක්ද කියනවනම් එහි කලාව පවා පාලන වෙන්නේ ඒකාධිපති පාලනයකට අනුව.

ඒත් ලෝකේ ගොඩක් දේවල් වෙනස් කරපු මිනිස්සුන්ට ඉර පැවුවා, අපිට වගේම...... ඒත් ඒ මිනිස්සු කවදාවත් හිතුවේ නැහැ, අද පායන ඉර හෙටත් මේ විදිහටම පායනවා කියලා........... ඒ නිසා ඒ මිනිස්සු බටහිරටත් ආදරය කළා නැගෙනහිරට වගේම. ඒත් ලංකාවේ අපි බටහිර හොයන්නේ මරුන මිනිහෙක්ගේ ඔලුව තියන පැත්ත හොයා ගන්න විතරයි.....

"මිනිහෙක් ලෝකේ ඉපදෙන විදිහ වැදගත් නැහැ, ඒ මනුස්සයා මැරෙන විදිහයි වැදගත්......"

රස්තියාදුකාරයට ඔය කතාව හිතිලා දැන් ගොඩක් කල්. මට මේ කතාව කල්පනා උනේ කළුවර විතරක් තිබුන දවසක මං සිගරට් එකක් පත්තු කරන් ගේ එහා පැත්තේ බැංකුවට වෙලා ඉන්න ගමන්.......එතනට හොදට පෙනුනා කළු පාට බටහිර අහස, ඒ අහසේ දිලි සුනා කහ පාට තරු එළි කෙළවරක් නැතුව.

මං දැක්ක ඒ අහසේ ඉදන් පොළවට කඩා  වැටෙන රතු පාට තරු එළියක්........

මට මතක් උනේ ඒ දවස් වල ඒ එලි වලට එකී නෙකා කියපු කතා...ඒ කඩා වැටෙන දේවතා එලි දිහා බලන් ප්‍රර්ථනා කලාම ඒ ප්‍රර්ථනා ඉෂ්ට වෙනවලු.......

ඉතින් ඔය අතරේ මගේ ජිවිතේ ඇතුලෙන් වෙන අය ගොඩක් ප්‍රර්ථනා දැකල තිබුනා ......

අපේ අම්ම කිවුවේ - හොදට ඉගෙන ගන්න ප්‍රර්ථනා  කරන්න කියලා...
තාත්තා කිවුවේ - හොද රස්සාවක් ලැබෙන්න ප්‍රර්ථනා කරපන් කියලා...
අපේ කොල්ලෝ කිවුවේ - හොද කැල්ලක් සෙට් වෙන්න ප්‍රර්ථනා කරපන් කියලා......
කැල්ල කිවුවේ - හොදට ලවු කරලා ඉන්න පුළුවන් පවුල් ජිවිතයක් ප්‍රර්ථනා  කරන්න කියලා...

මං ඒ ගිනි අරන් කඩා වැටෙන තරුව දිහා බලන් හිටියේ, බාගෙට පත්තු වෙච්ච සිගරට් කොටයක් එක්ක......මට එකපාරට මතක් උනේ ඉන්ද්‍රචාප කියපු "උල්කාපාතය" සිංදුව........

අරමුණක් නැතුව අළු වෙලා පොළවක් හොයන එන තරුවකින් අපිට පුලුවන්ද හීන ඉල්ලන්න....මන් අතේ තිබුන සිගරට් එක තොල  ගාවට ලං කරලා පෙනහළු පිරිලා යන්න හුස්ම ගත්තා......ඒ වෙලා එතනට ඕනේ හොදම බේත ලග නොතිබ්බ එක ගැන මට අවුලක් හිතුනේ....... 

අපේ ජිවිතේ හැමදාම එක එක ප්‍රර්ථනා ඇතුලේ හිර කරනවා.....ඒත් ඒ ප්‍රර්ථනා අපේද......අපිට අයෙත් ආපස්සට හිතන්න වෙනවා. අපි අනුන්ගේ හීනයක් වෙනුවෙන් මුළු ජීවිතේම දිය කරලා.....අපිට බැරි ඇයි අපේ ලෝකයක් වෙනුවෙන් හීන දකින්න......

මං අයෙත් අහස දිහා බැලුවා.....අහසට ගානක් වත් නැහැ ඒ තරුව කඩා වැටුනා කියාල.......මොකද අහස දැනන් හිටියා ඒ මන්දාකිනියේ තව තරු දහස ගානක් ඉතුරු වෙලා තියෙනවා කියලා......

පොඩි කලේ ඉදන් අපි අපේ ජිවිත පාට කලේ අනුන්ගේ වර්ණ හීන වලින්.....අම්මා අම්මගේ හීන දැක්කේ මගේ ඇස් දෙකෙන්.....තාත්තා තාත්තගේ හීන දැක්කේ මගේ ඇස් දෙකෙන්..කැල්ල......යාලුවෝ.....ඔක්කොමලා හීන  දැකලා තිබුනේ අනුන්ගේ ඇස් වලින්.....

ඔක්කොමලා අපෙන් හින දකිද්දී අපි අනුන්ගෙන් හීන දකිනවා... අන්තිමට අපි ඒ හීන වලින් ඇහැරෙනවා.....ඒත් අපිට ආයෙත් එන්න පාර මතක නැහැ. මොකද, අපි මෙච්චර කල් ගිහින් තිබුනේ අනුන්ගේ පාරක හින්දා.......අනුගේ ජිවිත හීන වල සැරිසැරුව අපි දැන් ඒ ජිවිතේ ඇතුලේ අතරමං වෙච්ච නාවිකයෙක් වගේ මුහුද මැද පාරවල් හොයනවා.......  

ඒත් අපිට පුළුවන්ද අපේම කියලා හීනක් මවන්න....... ඒක නිකන් මායාවක් විතරද...... අපි අපේ හිත ඇතුලේ හුදකලා වෙනවා හැමදාම.... ඉස්සරත්..... දැනුත්....... ඉස්සරහටත්...... හරියට විමුක්ති ජයසුන්දරගේ  "BETWEEN TWO WORLDS - අහසින් වැටෙයි" චිත්‍රපටියේ වගේ.....

ලංකාව ඇතුලේ අපේ කියල හීනයක් නැති වීම ගැන දුක් නොවිය යුතුයි. මොකද ලංකාව කියන්නේ 2/3 දුපත් මානසිකත්වයක් තියන ජනතාවක් ඉන්න රටක් නිසා.....


ඉපදිච්ච දවසේ ඉදන් මැරෙනකන්ම අපිට අපේ හීනය දකින්න වෙන්නේ මේ ගස් බෙනේ  ඇතුලේ ඉදගෙනම තමා.......

                            "ඔබ හිනා වෙන්නේ කොහොමද
                             මට කියා දෙන්න ඒ කොහොමද
                             අඩන්න විතරක් ඉඩ ඇති ලෝකෙක........"
                                                        

                                                                 "SKITZO"
 

8 comments:

  1. හැමදාමත් ඉර පායනවා බහිනවා. සඳ නගිනවා බහිනවා. එය ඒකාත්මිකයි. අපි තමා වෙනස් වෙන්නේ වෙඩික්කාරයා... අපත් එතැනට හුරු විය යුතුයි

    ReplyDelete
    Replies
    1. අනිවා නලියා......ලෝකේ හැමදාම එලි වෙනවා රෑ වෙනවා. ඒත් ඒ එළියේ අදුරේ තියෙන ඝනකම් හැමදාම එක වගේ නැහැ. අපි එක තේරුම් ගන්න ඕනේ මුලින්ම. ලංකාව වගේ රටක් කොහොමත් ඒක වැඩිය හිතන්නේ නැහැ. මොකද අපි හෙන පටු විදිහට හිතන නිසා. ඒත් අපි හැමදාම එක රාමුවක කොටු වෙලා දුක් විදිනවා....

      අපිට සිද්ද වෙනවා ඉලක්කය අනුව හැඩ ගැහෙන්න ඒත් අපි හැම දාම ඉලක්ක කරන්නේ කවූරු හරි කලින් කියපු ඉලක්කයකට විතරයි. අපේ කියලා ඉලක්කයක් අපිට නැහැ. අපි අපේ කියල අපිට ඉලක්කයක් හොයාගත්තු දාට රටක් විදිහට ඉස්සරහට යයි. නැත්නම් අපේ අතීතය තලු මර මර අතිතකාමියෙක් වගේ අතීතය තුල වැලලුනැහැකි.

      Delete
  2. උඹේ හිතේ තර කර ගෙන තෙරපි තෙරපි තිබ්බ දෙයක් එළියට දාලා දැං සන්තෝසෙන් ඉන්නවා නේද??? ඩය වේවා

    ReplyDelete
    Replies
    1. මන් කොහොමත් හිතේ තියන් ඉදලා.....කාලෙකින් පස්සේ ඒවා එලියට දාලා මාරම ත්‍රිල් එකක් ගන්නවා තමා......ඒත් උබ මෙතන කියන දේ මොකක්ද කියන්න මන් හරියට දන් නැහැ....

      Delete
  3. අඩෝ....ජීවිතේ කියන්නේ තදට ඔතපු ජොයින්ට් එකක් වගේ.තද වෙන තරමටම කික් එක වැඩියි.නිවලා පැත්තකින් තියන්න හිතෙන්නෙම නැහැ.
    උඹ කියන ඔය බෙනෙන් එලියට ආවා කියලා මිනිස්සු වෙනස් වෙන්නේ නැහැ.මිනිස්සු හිතන විදිහ වෙනස් කරන්න ඕන.මම පෙනුමෙන් රස්තෙක් නොවුනු හිතෙන් රස්තෙක්.

    ReplyDelete
  4. අනිවාර්යෙන් මම උබ කියන දේට එකයි........මිනිස්සු හිතන ක්‍රමේ වෙනස් වෙන්න ඕනේ අනිවාර්යෙන්.....

    ඒත් ඒ ඔක්කොටම කලින් අපි මේ ඉන්න කළු පාටින් අයින්වෙන්න ඕනේ. ගස් බෙනේ ඇතුලේ ඉදලා වූ හිතන විදිහ වෙනස් කලට වැඩක් නැහැ. මොකෝ වුට ලෝකේ පෙන්නේ කළුවරට විතරයි...එලිය ඇවිත් එළියේ තියෙන වර්ණ ලෝකෙට අනුව, ඒක දැකලා තමා වූ හිතන්න ඕනේ විකල්ප දැක්මක් ගැන.......හිතල විතරක් වැඩකුත් නැහැ ඒ වෙනස වෙනුවෙන් වුට ජිවත් වෙන්න බැරිනම්.....

    ReplyDelete
  5. Replies
    1. උබේ කමෙන්ට් නම් තේරෙන් නැහැ මට.....

      --------------------------

      Delete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...