Friday, November 8, 2013

සීත ඍර්තුව අතරින්...!!



                                   සීත ඍර්තුව අතරින්...
                                   ඉරේ එලියක් ඈදී.....

                                   සුලං කොඩ මත වේලි

                                   ඔබේ සුවද මට දැනේ...

                                   ඔබේ සුවද මට දැනේ...

 

                                   ඔබේ සුවද විසිරේ........

 

                                   උණුසුමක් නැතිව හදවතේ 

                                   ගල් ගැසුනු හිම පියලී බිදේ......

                                   නිල් දැස අග රැදී.... කඳුලු තුඩු වල 

                                   සිසිල මට දැන් දැනේ...දැනේ....දැනේ....

                                    

                                   පැතුම් සිර කර....සිතුම් ගුලි කර....

                                   සිහින් ලොවින් මා මිදේ....

                                   

                                   සීත ඍර්තුව අතරින්...
                                   ඉරේ එලියක් ඈදී.....

                                   සුලං කොඩ මත වේලි

                                   ඔබේ සුවද මට දැනේ...

                                   ඔබේ සුවද මට දැනේ...

 

                                   ඔබේ සුවද විසිරේ........

 

                                   පාට නැතුව ජිවිතේ 

                                   පාළු සිතුවමින් මා මිදේ.....

                                   රක්ත ඳෙතො ලඟ.....රැදුනු පිනි පොඳ 

                                   පහස මට දැන් දැනේ...දැනේ....දැනේ....

 

                                   පැතුම් සිර කර....සිතුම් ගුලි කර....

                                   සිහින් ලොවින් මා මිදේ....

17 comments:

  1. මට මතක් වුණේ..

    සුවඳ දැනී දැනී දැනෙනවා.. ගීතය ;)

    ReplyDelete
    Replies
    1. මතකයන් තමා බං අපිව වර්තමානය ජිවත් කරවන්න හුස්ම දෙන්නේ.....අපිට ජිව්තයක් තිබ්බ කියලා මත්කය අපිට කෑ ගහලා කියද්දී අපි අසාවේන් ආපහු හැරිලා බලනවා ඒ දිහා බලනවා ...

      Delete
  2. හරිම ආදරණිය එක්වීමක් වගේ

    ReplyDelete
    Replies
    1. හැම එක් විමක්ම ආදරනියයි....අවංක නම්...

      Delete
  3. මේක ගීතයකට සමාන වෙන්න ලිව්ව එකක් නේද??

    ReplyDelete
    Replies
    1. ඔව් මචං....මම ට්‍රයි කලේ ඒ රාමුවට ලියලා බලන්න තමා...

      Delete
  4. "සීත ඍතුව අතරින්
    ඉරේ එළියක් ඈදී
    සුළං කොඩ මත වේළී.."

    ලස්සනයි..
    අක්ෂර වින්‍යාසයත් සැලකුවා නම් හරි අගේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...අක්ෂර වින්‍යාසය ගැන කිවුව කතාව මට පොඩ්ඩ පැහැදිලි මදි වගේ....මං කැමති එක ගැන පොඩ්ඩා දැන ගන්න...

      Delete
  5. තනුවක් දාලා සිංදුවකට වුනත් ගන්න පුළුවන් කවි ටිකක් මේක.. ඇත්තටම ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. මෙක ලියුවේ එහෙම අදහසකි තමා බං...බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියලා...අදහස් දැක්විමට තුති...

      Delete
  6. දෙකක් නැහැ ගීතයකට නියමයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝ...කවියෙන් පොඩ්ඩා විතැන් වෙලා වෙන රාමුවක හැගිම් විදින්න හිතුවා....

      Delete
  7. Replies
    1. නලියා... අදහස් දැක්වීම ගැන මගේ ප්‍රනාමය...!

      Delete
  8. දැන් උඹ ඉන්නෙ පිට රටකද.....?

    ReplyDelete
    Replies
    1. නැහැ බං....ඇයි උබ එහෙම ඇහුවේ ලියන එක අඩු වෙච්ච හින්දද නැත් නම් ලියන එකේ පොඩි වෙනස් විමක් තියෙන හින්දද....

      Delete
  9. කවිය නිංක අපි රැසියානු සාහිත්‍යයට අරන්ගියා වගේ සීත සෘතු රුසියානු සාහිත්‍ය පුරාම දකින්න පුළුවන්නේ..

    ReplyDelete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...