Wednesday, November 18, 2015

සිතුනොත් ඔබට



සිතුනොත් ඔබට 
ආපසු එන්න 

කියවන්න කවි පොත 
අග සිට මුලට 

වෙහෙස විය යුතු නැත 
සොයාගන්න,
කඳොකිමියෙකු 
අන්ධකාරයේ 
සැරිසරන...! 

Friday, September 25, 2015

අකලට අතැර දැමු හේන



මල් පිපුන කුරහන්
පණ පිටින් ගිනි දැල්
වැලඳ  ගත් පසුව උව

වනට අකලට
අතැර දැමු හේනක
තාම දලු ලයි
පොළව යට සැගව ඉඳ
කලින් සිට වු බතල දඩු

ඉදින්
ඒ ලගම ඇති ගසක පාමුල
තිබේ තවමත්
හේවිල්ලිය හැකි පැලක්
සුරකිව..

Friday, July 24, 2015

ගඟටත් ඇති කවක් නොලියවු..



ගඟ උවත් කඳුළු
හෙලනවා ඇති සියල්ලන්ම 
නිදිගත් රෑක, 
එපා කියද්දිත් ගඟ දිය 
වැලඳ දුක සැප විමසු 
හිතුවක්කාර ඔරු 
දියබත් කල සැටි 
සිහි කර

එහෙයින්, 
ගඟට අවස්ථාවක් දිය යුතු 
නොවේද 
පපුතුරේ සඟවගේන 
කිසිවෙකුට නොපේනෙන්න 
හිස සිඹින ඔරු ගැන ලියන්නට 
කවියක්..


Friday, July 17, 2015

විහගකට ඉතිරි කල..



ගසකට තියෙනවා
සුරකිව තබා ගත් 
කවියක්. 

විහගුන් ඈත
ඉගිල ගොස් 
නැවත ආ පසුව 
කියවන්න ඉතිරි කල...

Monday, June 8, 2015

කැමැත්තෙන්ද, ඔබ බිලි වන්නෙ මුහුදට.



ගලා ගෙන ඇවිත් ගඟ
මුහුදට වැටෙන  
මෝය කට ලග හිඳ 
අසන පැනයක්
තියෙනවා, 
ගල් පර 

"කැමැත්තෙන්ද ඔබ
බිලි වන්නෙ මුහුදට. 
පසු කරන් ඇවිත් 
මිටියාවත"

කඳුලු පුරොගෙන ගඟ දිය 
හිස තියා ගෙන ඉවුරට 
පිරිමදින විට, සිත හිමිහිට

මුහුදු සුළග විත් නපුරුව 
අත දුගු කරයි දියඹට 

Thursday, April 9, 2015

කළපුවක් කියන්නෙම ප්‍රේමයක්..




ගලාගෙන ඇවිත් මිරිදිය 
නවතින කොට 
කඩොලාන පඳුරු පාමුල 
බලාගෙන හිඳ 
වැලද ගනි 
කරදිය.

ඉතින් මිත්‍රවරුනි, 
කළපුවක් කියන්නෙම 
ප්‍රේමයක් නොවේ ද

පියහඹා එන සියතුන්ගෙන්  
අහන්නෙම නැහැනේ 
කොහේ සිටද එන්නේ 
කවදාද යන්නෙ 

ඉතින් 
ඉරිසියා හිතෙන් නැද්ද 
මිනිසුන්ට, 
දකින කොට කළපුවක්.

දඩයක්කාර මා දැල් 
වලින් සැඟව 
පෙම් කරන මස්ටකයින්ට 
ඉඩ දෙන්නෙ කළපුවක් විතරක්ම 
නොවෙද

ඉතින් මිත්‍රවරුනි, 
කළපුවක් කියන්නෙම 
ප්‍රේමයක් නොවේ ද




Thursday, February 26, 2015

විඡ්චේදනය..




ක්ලොරෆොම් පොදක් ගෙන 
මුව තබමි වැස්ම 
ඉව කර සුවඳ, ඇද ගනිමි 
සිහිමඳ වන තුරු සිත..
ගෙන කතුරු පිහි දැතට 
සීරුවට ගමි ඉවතට. සිත 
මතු කොට අතීත නහර වැල්
පිරික්සමි එකි නෙක

එකම නහරක් වෙයි. තවම
සිහිමඳ නොවුනු, පණ ගසන
කුඩා කැපුමක් කල විටක මතුපිට. 
විය 
සිත.ලේ විලක්  

නවතමී,
විඡ්චේදනය 

වසා ලමි සිත. සීරුවට රුවා  
පණ ගසන නහරය 

ගෙන කටු පෑන. ලේ වැකුන දැතට 
ලියමි වාර්තාව, 


කිසි දා සුව කල නොහැකි. ප්‍රේමයකි මෙය.