Friday, April 26, 2013

විප්ලවයක්ම ඕනෙද....???




විචාරය......ලංකාවට විචාරය පුරුදුද.....??? මාත් ටිකක් ඕක කල්පනා කලා.....මොකක්ද මේ විචාරය කියන්නේ...ඕක මේ අකුරු වලින් මෙතැන් ලියන්න තරම් මම විද්ග්ග නැහැ කියලා මම හොදටම දන්නවා......

ඒත් විචාරය කියන එක මේ ලෝක ආරම්භයේ ඉදන් අවසානය දක්වා වැදගත් සංකල්පයක් කියන එකයි රස්තියදුකාරයාගේ හැගීම. මොකද මට මෙහෙම හිතුනේ දැන් ලංකාවේ ඉන්න ගොඩක් දෙනාට මේ විචාරය කියන සංකල්පය ඒ තරම් හුරු නැතිගතියක් මට දැනෙනවා....

එත් මෙහෙම දෙයක් තියෙනවා විචාරය කියන දේ ඇතුලේ ඒ ඒ පුද්ගලයට අනුරුප වෙච්ච විචාරනම ලක්ෂණ තියෙන්න පුළුවන්...ඒ එම පුද්ගලයාගේ රසවින්දනය හෝ ඔහුගේ විඤානය වෙන්න පුළුවන්......ඕනෙම සංකල්පයක හෝ නිරමාණයක් විචාරය වෙන්නේ ඒ කියන පුද්ගලයා, ඔහුගේ හෝ ඇයගේ චින්තන පරාසය තුල කරන සැරිසැරීම අනුව..........

කොහොම කලත් අපිට ඕනේම දෙයක් නිවැරදිව තේරුම් ගැනීමට හෝ එය වඩා ප්‍රත්‍යක්ෂ වීමට විචාරය අනිවාර්යයි.....එයින් තොරව අපි ඒ දේ කිරීම උත්සහ කරනවා කියන්නේ දිවක් නැතුව කෑම කනවා වගේ වැඩක්......බඩ පිරෙනවා රස නැහැ.....

එක අතකින් නිවෙන්න යන සිගරට් එකට හුස්ම දෙන ගමන් මේ ලියන පොස්ට් එක යොමු වෙන්නේ විචාරයේ එක පැත්තකට.....

ලංකාවේ ජනතාව, දේශපාලනය ගැන දේශපාලනමය විචාරයක් තියෙනවද......???

ලංකාවේ දැන් ඇති වෙලා තියෙන බහුතරක් ප්‍රශ්න වලට මුලික හෙතුව වෙලා තියෙන්නේ මේ විචාරයක් නැති දැක්ම කියලයි මට හිතෙන්නේ. කොහොමත් මේක මේ ලගදි උද්ගත වෙච්ච තත්වයක් නෙමේ. මේ වෙනකොට ලංකාවේ මුලික ගැටලුව වෙලා තියන විදුලි බිල වැඩි වීම ගැන තියන ගැටලුවටත් මේක බලපානවා....

දැන් කෙහෙළිය ඇමති තුමා කියන විදිහට මේ විදුලි බිල වැඩි උනේ ජනතාවගේ කැමත්තෙන් කියලනේ කියන්නේ....මටත් හිතෙනවා ඒක ඇත්ත කියාල මොකද මෙහෙම දෙයක් අනාගතේ වෙයි කියලා දුපත් මානසිකත්වයෙන් පිරිච්ච අපේ මොළ වලට දැනුනේ නැද්ද.......එහෙම දැනුනන් ඒක ගැන
පොඩි හරි විචාරයක් තිබුනානම් මෙහෙම වෙයිද......


අනික වර්තමානයේ තියන ජනමාධ්‍යත් මේ දේට වග කියන්න ඕනේ.......මොකද ඔවුනගේ පුවත්පතේ හෝ රුපවාහිනී නාලිකාවේ හෝ යන්නේ ඔවුනටම ලගු වූ වෙනම පටු විචාරයක් නිසා....ඔවුන්ගේ එම විචාරය තුලින් ලංකාවේ බහුතරයකගේ මතය ප්‍රකාශ වීමක් වත්මන වන විට නොපෙනේ. එමනිසා
වර්තමානයේ පුවත්පතක් තුලින් මා බලාපොරොත්තු වෙන්නේ එකම දෙයයි ඒ රට යන දිශානතිය දැන ගැනීම පමණයි. එහි අභ්‍යන්තර සාදක යනු එම පුවත් පතේ ප්‍රදාන සංස්කාරක වරයාගේ හෝ සභාපති තුමන්ගේ දේශපාලන දැක්මයි....


නමුත් රටක් වශයෙන් අපට දේශපාලනමය තීන්දු තීරණ ගැන විචාරයක් තිබීම අනිවාර්යයි. මේක මේ රටේ උගත් පිරිසට පමණක් පොදු වෙච්ච දෙයක් පමණක් නෙමේ. ලංකාව කොච්චර සාක්ෂරතාවයෙන් දියුණු වෙලා තියෙනවා කියල මහ බැංකුව කිවුවත්, ලංකාවේ නාගරික ප්‍රදේශ වලින් බැහැරට ගිය පසු ඔවුන් තුල තියෙන්නේ දේශපාලන පිළිබද මොන වගේ පටු දැක්මක්ද කියලා හොදට පැහැදිලි වෙනවා......ඔවුන් කොච්චර ගතානු ගතිකද කියලා පැහැදිලි වෙනවා......

ඔන්න ඕක තමා ලංකාවේ විනාශයට මුලික හේතුව මහා පුදුම ඒකාකාරී චින්තනයක්........


කොහොම කලත් ගම්බද පළාත් වලට ගියහම ඔවුන් සමස්ත සමාජය සමග සම්බන්ධ වීමේ අඩු පාඩුවක් පෙනවා.....එත් ඔවුන් ගාව අලුතෙන්ම ලංකාවට අපු ටැබ්ලට් එක හෝ ෆෝන් එක තියෙනවා. නමුත් ඔවුන් දන්නේ එකෙන් fb යන්න විතරමදෝ කියලත් මට හිතෙනවා.මොකද බහුතරයකට ලෝක සමාජය හා වර්තමාන ලංකාවේ සමාජය අතර වෙනස පැහැදිලි නැහැ......මේකේ දරුණුම කලාපය කියන්නේ මේ කියන වැඩි හරියක් රටේ තරුණයෝ........

මේ කියන කරනා වලින් ඔබ්බට යන්න හොදම පාර තමා අන්තර්ජාලය මොකද තමාගේ පෞද්ගලික දේශපාලනමය විචාර අදහස් අමුවෙන් ඉදිරිපත් කිරීමේ හැකියාව තිබීම........

අනික රටක් වශයෙන් රටේ පාලනය රටේ ජනතාවගේ මේ නිදහස් දේශපාලන විචාර වලට පදනම සකස් කරලා ඒ තුල රටේ පාලනය වීවූහගත ගත කල යුතුයි කියන එකයි රස්තියදුකාරයාගේ අදහස.....

අන්තිමට මට අජිත් කුමාරසිරිගේ මාරු සිදුවක් මතක් උනා..........
 

මල් පොකුරු අරන් ආවත්.......
අඩමානෙම නුබ ආවත්.......යන්න වෙන්නේ රළු පාරක......

තුන් වෙනි ලෝකයේ....රටක් මේක........


Sunday, April 21, 2013

ආයෙත් එන්නෑ ඒ අතීතය......


                                     සොඳුර.......
                              ඔබට ලැබුනොත් මේ
                              කවිය......
                              කියවන්න...
                              එක අකුරක් නෑර......
                              ඔය හීනි නිල් පාට ඇස්
                              බෝ
කර........
                              කඳුලු එයිද කියන්න
                              මම දන් නැහැ............
                              ඒත්......
                              ආයෙත් එන්නෑ ඒ.......
                              අතීතය.....
                              ලගින් සිටි දා කියා ගන්නට
                              බැරිව ලතැවුනු
                              කවිය......
                              ඔබ නොදැක ලියන්නද මම
                              කොහොම....
                              මේ කැත අකුරු වලින්......
                              ඒත්......
                              ආයෙත් එන්නෑ ඒ.......
                              අතීතය.....

Sunday, April 14, 2013

෴රික්තය෴


                  
   සුදු පාටින් කැරලි ගැහුන.......සිගරට් දුම
  පෙනහැල්ල පුරෝලා නෙක රටා මවලා නහයෙන්
  පිට වෙද්දී,
  මට දැනෙනවා.......
  මං හුස්ම ගන්නවා කියලා......
                       
  දවස් ගානක් පල් වෙච්ච අරක්කු වීදුරුව
  පපුව පුච්චගෙන පහළට ගිහින් අමාෂයට යද්දී
  ඔලුව කැර කෙනකොට,
  මට දැනෙනවා.........
  මං පපුවක් තිබූන කොල්ලෙක් කියලා.......

  සාරාගික ඇස්, ඇඟ හිරි වට්ටන සියුමැලි ඇගිලි තුඩුපහස   
  මුළු නිශාන්තයම......ඒ අභිසුරුලිය එක්ක
  යහන්ගත වෙද්දී,
  මට දැනුනා........
  මං ජිවත් වෙනවා කියලා..........  

  ආදරය තුල ගුලි වෙන්න, ප්‍රේමයේ සුව විදගන්න බැරුව
  ජිවිත මංසලේ මොහොතකට නවතිද්දී.......අහංකාර ඔය
  ඇස් අහක බලද්දී,
  මට දැනුනා............
  මං මේ ලෝකේ අතරමන් වෙලා කියලා........... 

Sunday, April 7, 2013

මං කවුරු වගේද_____????




ජිවිතේ මහ පට්ටයි.......ඔහේ ගලාගෙන යන ජිවිතේ සමහර වෙලාවට එක එක තැන් වල හිර වෙනවා. එහෙම වෙච්ච වෙලාවට අපිට ඒ කොටුවෙන් පයින්න බැරි වෙනවා...........ඉතින් අපි ඒ කොටුව ඇතුලෙම හිතනවා........විදිනවා........විදෝනවා.........


"Down Town pulse" ඊයේ රෑ ලාවට මත් වෙච්ච........සිගරට් දුමට බොද වෙච්ච.......මල් සුවදින් පිරිලාගිය.......අමුතු ලෝකෙක හිටිය මට ඇහෙනවා, ගිටාරය නංවන අපුරු නාද රටා වලට, වර්ණවත් අකුරු ගැලපීමක්.....ඉස්තරම් රූප ගැලපීමක්. මේක සිංදුවක්ද....... කතාවක්ද......නැත්නම් මට හොදටම වැදිලද......???


ඇත්තටම සිංදුවක් කියන්නේ මොකක්ද......??? ඒක මෙහෙමයි කියලා රාමුවක් ඉදිරිපත් කරන්න පුලුවන්ද.....??? ගීතයක්, සංගීතය වගේ දෙයක් එහෙම අකුරු වලින් ලගු කරන්න පුළුවන් කියලා මේ රස්තට නම් හිතෙන් නැහැ. ස්වර හතක් ඇතුලේ විතරක් සංගීතය විදින්න හදන සමාජයකට හොඳ  වියක්ත උත්තරයක් බේකරි කණ්ඩායම ඊයේ දුන්නා කියන එකයි මගේ හැගීම. ඔවුන්ගේ ඒ ඉස්තරම් ව්‍යායාමයේ මට ඇහුන එක සිදුවක් තමා මේක.....


මේක"Happy Journey" කියන සංගීත කණ්ඩායමේ නිර්මාණයක්..........මාව මේ ගීතය පිස්සු වැට්ටුවා.....ජිවිතේ ආපස්සට දිවෙවූවා. මහ පට්ට කතාවක් ඒ සංගීතය ඇතුලේ කියවෙනවා කියල මට හිතෙනවා. මුල මැද අග පිළිවෙලට සිංදුව අහන අයට මේක පිස්සුවක් වෙයි කියල මං හොදටම දන්නවා......එත් එකෙන් මිදිලා සංගීතය විදින්න පුළුවන් අයට මේකේ ගැබුර තේරෙයි.


ජිවිතේ අපි පියවරෙන් පියවර යන හැටි.....මට මේකේ ඇතුලේ මැවෙනව. ලස්සන විලක පිපිලා තියෙන නෙලුම් මලක් මහා පඩි වදන් දාල මඩේ ඉදන් උඩට ඇවිල්ලා වතුරේ වත් ගැවෙන් නැතුව මහා ශුද්ද විදිහට ඉන්නවා කියුවට ඒ මලම කුණු වෙලාව වතුරට වැටිලා පල් වෙනවා කියලා ගොඩක් දෙනාට අමතකයි.


එකට මේ ගීතය හොද දේශපාලනික පිළිතුරක් ලබා දෙනවා........රාමුවෙන් රාමුවට ජිවිතේ මාරු වෙන හැටි අමු අමුවෙන් කියනවා.........මට ඒ වැඩේ සුපිරි. මොකද ඇතිවීම නැති වීම කියලා අනිත්‍ය මෙනෙහි කරනවට වඩා මේක විදවීම ප්‍රයොගිකයි.


එක එක පාට වලින් වර්ණවත් වෙච්ච අපේ ලෝකය.......අපි හැමදාම දකින්නේ.......හිතන්නේ.......කැමති........ලස්සන පාට විතරයි. රස්තට නම් හිතෙන්නේ අපේ ජිවිතේ එන්න එන්න තද පාට වලට දෝලනය වෙනවා කියලා. හැබැයි ඒ පාට අඳුරු වෙන්නේ කලින් අපි පාට කරපු ලා ලස්සන පාට වල එකතුවෙන් කියල අපි  නිකන් වත් හිතල බැලුවද.......නැහැ.....ඒත් ඒක එහෙම තමයි.


උබලත් අහල බලපල්ල  උබලටත් ඒ හැගීම එනවද කියලා.........සංගීතය ඇතුලෙන් විදින්න බැරි උන් මේක නොහැයුවට කමක් නැහැ....


සිංදු ලියලා තනුව දැම්ම.... පෙම්වතා මමයි......
චිත්‍රේ ඇදලා පාට කරපු... පෙම්වතා මමයි.........
පිස්සු හැදිලා කවිය ලියු... පෙම්වතා මමයි....
මාව දැනිලා ආදරේට... වෛර කරපු... පෙම්වතා මමයි......

සර්ත්චන්ද්‍රගෙන්... බරතමුණිට.... බරතමුණිගෙන්.... ඇරිස්ටෝටල්ට.....
සර්ත්චන්ද්‍රගෙන්... බරතමුණිට.... බරතමුණිගෙන්.... ඇරිස්ටෝටල්ට.....
ඇරිස්ටෝටල්ගෙන්................. කිසලොස්කිට............
ඇරිස්ටෝටල්ගෙන්.................. කිසලොස්කිට............

මාරු උනා.......මාරු උනා.......මාරු උනා.........

අම්මේ මට කියන්න...... මං කවුරු වගේ වෙයිද......
අම්මේ මට කියන්න....... මං කවුරු වගේ වෙයිද......

a one a two a three a four......
රෝස මලෙන්.... ලිලි මලට... මාරු උනා මං මාරු උනා.....
ලිලි මලෙන්.... පිච්ච මලට... මාරු උනා මං මාරු උනා.....
පිච්ච මලෙන් ගංජා මලට......මාරු උනා......මාරු උනා.....මාරු උනා.....

තාත්තේ මට කියන්න......... මං කවුරු වගේ වෙයිද......
තාත්තේ මට කියන්න......... මං කවුරු වගේ වෙයිද......
                      
                                       < Happy Journey >
 "මෙතනින් බා ගනිල්ලා"