Thursday, April 9, 2015

කළපුවක් කියන්නෙම ප්‍රේමයක්..




ගලාගෙන ඇවිත් මිරිදිය 
නවතින කොට 
කඩොලාන පඳුරු පාමුල 
බලාගෙන හිඳ 
වැලද ගනි 
කරදිය.

ඉතින් මිත්‍රවරුනි, 
කළපුවක් කියන්නෙම 
ප්‍රේමයක් නොවේ ද

පියහඹා එන සියතුන්ගෙන්  
අහන්නෙම නැහැනේ 
කොහේ සිටද එන්නේ 
කවදාද යන්නෙ 

ඉතින් 
ඉරිසියා හිතෙන් නැද්ද 
මිනිසුන්ට, 
දකින කොට කළපුවක්.

දඩයක්කාර මා දැල් 
වලින් සැඟව 
පෙම් කරන මස්ටකයින්ට 
ඉඩ දෙන්නෙ කළපුවක් විතරක්ම 
නොවෙද

ඉතින් මිත්‍රවරුනි, 
කළපුවක් කියන්නෙම 
ප්‍රේමයක් නොවේ ද