Saturday, December 28, 2013

සෙවනැල්ල හා වැවු දිය...



 

මිත්‍රයා කොහොමද..?

ඇසුවේ වැවු දිය පුරුදු පරිදිම...

නිහඬතාවෙනි,

වචන ගැලපුවේ පුරුදු ලෙසටම...

 

එබෙන විට සෙවනැල්ල 

ජල තලය මතුපිටට...

 

බලා ඉනු බැරිව දැක 

තනිකමේ කලු එලිය...

 

කැලතුවත් මඬ ගොල්ල 

නැන්වුවා දිය රෑල්ල...

 

දිය වෙලා විසිරෙන්න

හුදකලා සෙවනැල්ල... 

 

ජිවයක් නැති උනත් 

දන්නවා විදවිල්ල...

වැසි පොදක් නොමැති කල

නියගයේ පලිගැන්ම...




Saturday, December 7, 2013

අවසරඳ පෙම් කරන්න....


 

 

 

තුරු හිස්පත් සැලේයි මඳ පවන        වැදුනාම 

ගඟ වුවත් සැරයි දිය ඇල්ල ලඟ             දාට 

තරු කැටත් බයයි ඉර අහසේ           රැඳුනාම

නුබට නැහැ කිසි වගක් මගේ හදේ    මුරගෑම  



සුදු වුවත් කුමුඳු මලට, නෑ සොඳක් ඉර      ගාව 

රතු වුවත් නෙළුම් මලට පැසසුම් හැම        දාම 

විල් පතුල දුර වුවත් සසලයි මල              ගාව

කවි පදත් මදි වේයි ඔබේ නෙත දුටු         දාක



පිනි පොදත් හැඩ වෙයි රෝස මලට      වැටුනාම 

විල් තලය සැනසෙන්නේ  දිය රැල්ල    නැගුනාම 

ඉර වුනත් බැස යන්නේ සඳ එලිය           දුටුවාම 

හදවතත් විමසන්නේ ඔබ එන්නේ          කවදාද



විහඟුන්ට ගී කියන්න වසන්තයම        ඔනෑද 

රංචුවට ඉගිලේන්න අරමුණක්ම       තිබුනාද

මැන ගන්න ආදරය මිනුම් දඬු         ලැබුනාද

එහේනම්....

නුඹ හඳට පෙම් කරන්න අවසරම      ඔනෑද




Sunday, November 17, 2013

සිහිනයක් නොවේ ජිව්තය.....



ජිවිතේ කියන්නෙ මහ පුදුමාකාර දේයක්...කෙලවරක් නොපෙනෙන අනාගතය වෙත ඇවිද ගෙන යන මේ ගමන් මගේ, බලාපොරොත්තු අපිට මඟ කියන හැටි පුදුමයි.

ඒත් කාලයත් එක්ක ඒ බලාපොරොත්තු අපිව අතිතය තුල හිර කරන කොට...අපි ඒ අතිත පරාදිසයේ අතරමං වෙච්ච පුංචි සමනල්ලූ වෙනවා....

ජිවිතේ අපිට කවදාවත් දලා යන්න බැරි විදිහට අපිත් එක්ක සමහර හැගීම් බැදිලා තියෙන කොට, අපි හැමදාම අල්තාරය මත ඉටි පන්දමක් පත්තු කරලා ඉල්ලන්නෙ ඒ වර්ණ හැගීම් වලින් අපේ ජිව්තේ වෙලා ගන්න කියලා...

අපිව බලාපොරොත්තු ජිවත් කරන කොට, අපි බලාපොරොත්තු වෙනුවෙන් ජිවත් වෙනවා....ඒක තමා ඇත්ත.

මේ ලගදි මට මිතුරේකුගෙන් ලැබුන පණිව්ඩයක  මෙහෙමයි සටහන් වේලා තිබුනේ...මේ ඔහුගේම වචන වලින්....


 

"ජිවිතේ කියන්නෙ ලෝකේ තියෙන සංකිර්ණම දේයයි. බාහිරින්  රස්තියාදුකායේකු නොවුනත් ඇතුලතින් රස්තියාදුකමටත් ඒහා ගිය කොල්ලෙක් මං මගෙ ඇත්දැකීම් මේ කියන්නෙ...

 

ඇසට හඩන්නට කඳුලැලි දුන් ඔබ 

ලැතැවුල් ගලනනා දිරිය ලබා දුනි 

ඒ දිරියෙන් ලොව ජය ලබනා විට 

මා සිප ගන්නට ඔබා මා ලඟ නැත

 

මට වයස හතරෙ ඉදන් කියන්න තියෙන දෙයක් තමා මහාචාර්ය සුනිල් අරියරත්නයන් ලියලා තියෙන්නෙ සුනිල් e එදිරිසිංහයන් කිවුවේ. ජිව්තේ අපි මුහුන දෙන ලොකුම වැඩේ තමා විභාගය කියන්නෙ පහේ ශිෂ්‍යත්වයේන් පටන් අරන් අපි O/L, A/L දක්වා යන්වා. ඉතින් මුලින් කියපු දෙකම හොදට තරනය කලා. ඔය අතරතුර පුංචි ඇටයා කාලේදී, ඒ කියන්නෙ සතර වසරේ විතර ලස්සන ගැණු ළමයෙක් ඩයනා කට් කපපු රබර් බොලයක් වගේ කහ පාට ලස්සන ගැණු ළමයෙක්, ඔය කාලෙදී මොන ලවුද..?? නමුත් ඒ ගැණු ළමයට මගේ හිතේ ලොකු කැමැත්තක් ඇති උනා. එයත් එහෙමයි. මාත් එක්ක හිතවත් වුනා. කොහොඅම හරි දෙන්නා ශිෂ්‍යත්වෙත් එක පන්තියේ කලා එයා මට වඩා ලකුනු දහයක් අරන් කොළඹ ඉහල පෙලේ කන්තා පාසැලකට ගියා මාත් එහෙම එහෙකට ගියා මාත් එයත් අතර තිබුන මිතුදමට තිත තිබුනාදෝ කියලා මටත් දුක හිතුනා නමුත් වසර හතරකට පසේ එයා අපේ නිවස අසලට අවා...

 

යාබද නිවසේ ඇය ඉන්නෙ

එනමුදු ගවුවකදුර වැන්නේ...

 

නැවතත් අපි පාසැල් යන අතරතුර බස් රථයේදී හමු වුනා. යට ගියාව මතක් කරමින් අවා....

 

මේ බස් නැවතුම යන එන හැම දින

අප හමු වුන හැටි දැන් උන්නේ...

 

ඔන්න ඔකයි දැන් තත්වේ. මගේ හිතේ ඔන්න ආදරේ කියන ලඩේ හට ගත්තා. මිට කලින් ඔය ඔය පොඩි පොඩි කෑලි දිහා බැලුවට එතනින් එහාට නැහැ. දුටු සතුටු පමනයි. එයාව හම්බෙලා ආව දවසට කාමරේ ලයිට් නිවලා ඇදට වෙලා කොල්ලා මනෝ පාර ගහනවා. සුදු මූන..නා දළු දෙතොල්...මිහිරි කතාව ඔය ඔක්කොම මතක් වෙනවා..චාන්දනී පායලා සීත සැලුවා මේ රත්ත්‍රියේ වගේ කොල්ලට දැන්. හීතේ තියන දේ කොහොම හරි ලිවුමකට දැම්මා. පටන් ගත්තේ....

 

අහසට සොඳුරුද  සඳ කොතෙරම් 

ගසකට සොඳුරුද මල කොතෙරම්

සයුරට සොඳුරුද රළ කොතෙරම්

එතරම් මිහිරියි ඔබ මට නම්....කියලා 

 

ඇත්තම කිවුවොත් පලවෙනී සහ අන්තිම ලවු letter  එක තමා බොහොම අමරුවේන් එයාට දුන්න...ගත්ත ගමන් කියපි දැන් මම කියන්නම් මම ඔයට කැමති නැහැ කියලා. හුටා කොල්ල අන්ඳුන් කුන්ඳුන්...හිතේ ගැම්ම අරන් ගෙදර අවා. O/ L වලට සතියකට කලින්. ඊට පසේ කොල්ල හුළං බැහැපු රොදේ වගේ. 50 CENTS ගේ සිංදු අහපූ එකා මිල්ටන්ගේ, කපුගේගේ, මර්වින්ගේ, සුනිල්ගේ සිංදු අහන්න ගත්තා. මාස දහයකට පස්ස්සේ එයා ඇයිත් කියනවා මං ඔයාට ආදරේයි කියලා. එහෙම ඇරඹුන ප්‍රේම වෘතාන්තය වසර තුනක් නොසැලී යන්වා. 2013 ජනවාරියේ අපේ ප්‍රේමය දේදේරා යන්න චන්ඩ මාරුතයක් එනවා...මුලු හදින්ම පෙම් කල යුවතියගේ හිත් කවුරු හරි සොලවලා...ඒ මොහොත එයා මට පැවසුව විට මතක් උනේ ප්‍රේම කිර්තිව සඳ කැන් වැසිලා සිංදුවත් එක්ක...

 

ජිවිත්යම සතු එකම සුවේ

හී සර පහරක වෙලේනු පේනේ 

මේ ලොව මා සතු ඈ සතු ඒ නේතු 

අසල් වාසියකු සොයනු පේනේ...

 

නිදී නැති රැයක් ගත කල මා හට, ඇය පොරොන්දූ උනා අපි අපේ ගන යමු කියලා....ඒත් එයා ක්‍රියාවෙන් ඒක කලේ නැහැ.

 

අපේ ගමන අද නවතනු හැකි නම්  

අප යන ගමනද අද මෙතනින්  නිමි...

 

අප මාස දෙකක් ගැටලූ කාරි තත්වයෙන් පසුව වෙන් උනා. නැවතත් එයා මට හමු උනාට ඒ ආදරය දළු ලෑවේ නැහැ...විභාගයට අපි මුහුන දුන්නෙ විශ්ව විද්‍යලයට යාමේ ඒකායන අරමුනින්. නමුත් හැකියාව තිබුනට හැසිරුනේ එලේස නොවේ.... 

 

හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න යන ගීතය කියන විට පවා ඈ මා හා උරන උනා..මගේ ප්‍රියතම ගීතය උන මේ නගරය මා ඔබ මුන ගැසුන නගරයයි ගීතය පවා මට තහනම් උනා. ඇයගේ ඉල්ලිම මත මං විභාගය හොදටම කලා මං ලංකාවේ හොඳම කළමණාකරන පිඨයත් ඇය ලංකාවේ හොඳම නීතී පිඨයත් ගියා. නමුත් ඒ වෙන විට අපි දේතැනක. කාලය මවු වේනසක අරුමේ. මා අදටත් විශ්ව විද්‍යාලයට යන්නෙ අකමැත්තෙන්, මන්ද්‍යත් පෙම් බස් දොඩන පෙම්වතුන් දකින විට. මට මගේ අතිතය සිහි වන් බැවිනි.

 

අතීතය සිහිනයක් පමනයි

සෑබෑ සුවදක් නැහැ..

එදා සේනෙහෙන් නොබැදුනා නම් මේදා 

වියොවක් නැහැ....

 

පල්ලේගම හේමරතන හාමුදුරුවෝ කිවුවේ ඇත්ත බව මට තෙරෙන්නෙ දැන් තමා. මේ ලොකෙ වෙනස් නොවන් එක දේ වෙනස් වීම බව තේරුනේ එදා තමා.

 

සදාකාලික නොවූ ලොකේ 

සදාකාලික ප්‍රේමයක් 

සොයා නේක ගම් දන්වු පිරා 

ගේවු කාලය සිහිනයක්...

 

මං  හිතුවේ නැහැ ඔය සිංදුව මට කියන්න වෙයි කියලා.නමුත් එහෙම උනා. එනමුත් මා කිව හැකි ඒකයන දෙයක් ඇත. එය නම්.....,

 

ඔබ අත ගෙන විදියේ ඈ හා යන්වා 

සිගිති පුතා ඇතගිල්ලක එල්ලි එනවා 

ඒ කාලේ පැතු පැතුම් යලි සිහි වෙනවා

ජිවිතයම සිහිනයේකැයි කියා සිතේනවා..

 

ඔකේ මුල් ටික නම් මගේ කටින් කිය වෙන් නැහැ කියලා මට සහතික එන්න පුලුවන්. මෙය කියවන යම් අයෙකුට සිතෙන්න පුලුවන් මං මොඩයේක් කියලා , නමුත් සෑබැවටම තම හඳ පත්ලෙන්ම තම සොඳුරියට ආලය කල කෙනෙකු මාව තේරුම් ගනි වී....

 

වියෝ වූ පසුවයි දැනේන්නේ

ප්‍රේමයේ අභිමන්...

හැඬු දා කඳුලයි දකින්නෙ 

සිනහාවේ සරදම්...

 

බන්දුල නානායක්කාරවසම් මේක ලිවුවේ එයත් මේක හැබැවටම තෙරුම් ගත්ත නිසා කියලා මට හිතෙන්නෙ. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නෙ ධර්මසිරි ගමගේ කිවුවා වගේ...

 

ආලවඬන අකුරු පහේ තේරවිල්ල සකී

රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකී 

ආලේ බිදුන දා කුමකට කඳුලු හෙලනු සකී

ආල වඬන යන තේරුම බොසත් කම සකී...."

  

ප.ලි - සිරාවට මේක මට කොල්ලෙක් එවපු කතාවක් උගේ අකුරු වලින්.... 

Friday, November 8, 2013

සීත ඍර්තුව අතරින්...!!



                                   සීත ඍර්තුව අතරින්...
                                   ඉරේ එලියක් ඈදී.....

                                   සුලං කොඩ මත වේලි

                                   ඔබේ සුවද මට දැනේ...

                                   ඔබේ සුවද මට දැනේ...

 

                                   ඔබේ සුවද විසිරේ........

 

                                   උණුසුමක් නැතිව හදවතේ 

                                   ගල් ගැසුනු හිම පියලී බිදේ......

                                   නිල් දැස අග රැදී.... කඳුලු තුඩු වල 

                                   සිසිල මට දැන් දැනේ...දැනේ....දැනේ....

                                    

                                   පැතුම් සිර කර....සිතුම් ගුලි කර....

                                   සිහින් ලොවින් මා මිදේ....

                                   

                                   සීත ඍර්තුව අතරින්...
                                   ඉරේ එලියක් ඈදී.....

                                   සුලං කොඩ මත වේලි

                                   ඔබේ සුවද මට දැනේ...

                                   ඔබේ සුවද මට දැනේ...

 

                                   ඔබේ සුවද විසිරේ........

 

                                   පාට නැතුව ජිවිතේ 

                                   පාළු සිතුවමින් මා මිදේ.....

                                   රක්ත ඳෙතො ලඟ.....රැදුනු පිනි පොඳ 

                                   පහස මට දැන් දැනේ...දැනේ....දැනේ....

 

                                   පැතුම් සිර කර....සිතුම් ගුලි කර....

                                   සිහින් ලොවින් මා මිදේ....

Saturday, October 19, 2013

අන්තිම දුම්රිය......




 

අන්තිම තැපැල් දුම්රිය ගිහින් ටික වෙලාවක් ගත වෙලා තිබුනත් තාමත් ඒ රාටාවකට ඇහෙන සද්දේ වේදිකාව දලා ගිහින් තිබුනේ නැහැ. ඒ සද්දේ කොච්චර නම් මගේ කනට ඇහිලා තිබුනත් තාමත් ඒ සද්දේ ඇහේන කොට හිත අමුතු අසාවකින් පිරිලා යන්නෙ ඇයි කියන්න මං රස්සවට අපු හැම දවසකම ඉදන් කල්පනා කරනවා. මේ වේදිකාවට එන හැම දුම්රියක්ම තවත් එක දුම්රියක් උනාට, මට ඒ හැම දුම්රියක්ම අලුත් හුස්මක් එකතු කරන්වා....අලුත් ජිවයක් ගෙනත් දෙනවා. ඒ ඇයි කියන්න මං මගේ අතිතයත් එක්ක හැමදාම නොපෙනෙන ඈතක හුදකලා වෙනවා.

 

ජිවිතේ කොච්චර අලුත් උනත් තාමත් පරණ මතක එක්ක ජිවිතේ ගත කරන්න වෙනකොට, නිමක් පේන් නැති රේල් පිලි දිගේ ඇවිදින්න හිතෙනවා....ඒ අතීතය හම්බවෙනකන්.

 

කාර්යාලයේ ඔරලොසුවේ එකේ කනිසම වදිනකොට තාමා මට මතක් උනේ අද දවසේ අන්තිම දුම්රියත් ගිහින් දැන් වරුවකුත් ගත වෙලා කියලා. මම කාර්යාලයට පය ඉක්මන් කලේ හෙට දවසේ දුම්රිය කාල සටහන් ටික මුලස්ථානයට වර්තා කරලා යන්තම් වත් ඇහැ පිය ගන්න කියලා.

 

පුරුද්දකට වගේ මේසේ කේරොලක තිබ්බ සිගරට් පෙට්ටිය වෙත අත ගියේ හැමදාම වගේ ජිවිතේ පාලුව මකන්න ලග හිටියේ ඒක විතරක් හින්දද මන්දා...පත්තු කරපු සිගරට් එකේ දුම් වලින් කාමරයේ පාලු මැකෙද්දි එක පාරට කාර්යාලය දොර ඇරියේ කා එක්කත් එකට දුක සැප බෙදා ගන්න කාර්යාල සහයට හිටපු සිරිපාල..

 

මොකද සිරිපාල මේ ජාමේ එක පාරට...මන් වචන ටිකක් කලබලේට ගොතා ගත්තා...

 

නෑ මහත්තයෝ... මන් මේ වැඩ ටික ඉවර වෙලා මගේ කාමරය යන්න ගිය ටිකට ඉස්සරහා බංකුව උඩ මොකක්ද තියන්වා දැක්කා, ඒ ගමන ගියහම තමා දැක්කේ ඒක පොතක් විත්තිය ඒ ලගම තමා මේ රෝස මල තිබ්බෙත්...

 

කවුරු හරි කොල්ලෙක්ගේ මොකක් හරි නොසන්ඩාල වැඩක් වෙන්නැති මහත්තයෝ...

 

මන් හිතුවේ මොකක් හරි වැදගත් පොතක් වෙන්නැති කියලා...ඒකයි මහත්තයට මේක දෙන්න ගේනාවේ...

 

හරි මං බලන් නම් සිරිපාල දැන් යන්න...

 

ජිවිතේ සමහර අතිත රුප රාමු ආයෙත් වර්තමානය තුල වෙන්න ගන්න කොට අපි මේ ඉන්නෙ හීනයකද නැත්නම් ඇත්තකද කියලා හිතා ගන්න බැරි තැනක අපි අතරමං වෙනවා....

 

සුදු පාට රෝස මලක් එක්ක අපහැදිලි අකුරු වලින් ලියුව දින සටහන් පොතක්....මං ඒ පොතත් අරන් එලියේ බංකුව ගාවට අවා. අතේ තිබුන සිගරට් එකෙන් භාගයම පත්තු වෙලා ගිහින්.

 

මන් බංකුවේ ඉදගෙනම පාන්දරට ඉර එලිය වැටිලා දිලිසෙන ඈත කදු පන්තිය දිහා බැලුවා...ඒත් කලුවරට ඒ එකක් වත් පේන් නැහැ. රේල් පාර ඈත කෙලවරේ කනාමැදිරි එලියක් වගෙ මිදුමට බොඳවෙලා පේන කහ පාට ලයිට් එලිය විතරක් යන්තම් ඇස් දෙක රවට්ටනවා. ජිව්තෙන් භාගයක්ම ගේවිලා ගියේ මේ පාලු හුදකලාවත් එක්ක උනත් අතිතයේ පාට කර ගන්න බැරි වෙච්ච එක හීනයක් තාමත් ඒ හුදකලාව අලුත් කරනවා...


 

පොත අතට ගත්ත මම ඒකේ පලවෙනි පිටුව පෙරලුවා....

 

ජිවිතෙට හැඩයක් පාටක් නොතිබුන මට කොහොමත් පුලුවන් කමක් නැහැ ලස්සන රවුම් අකුරු වලින් මේ සටහන් පොත් පුරවන්න. මේ අකුරු ටික පාවා මේතන ලිය වෙන්නේ හදවතකට දරාගන්න පුලුවන් උපරිම බරක් තියෙන නිසා. ඒත් මෙතන තියෙන්නෙ ඒ බරෙන් කොච්ච්ර පොඩ්ඩකද කියලා දන්නෙ මං විතරයි.

වසන්තය එන තුරු 
බලා සිටි පොප්ලර් ගස් 
සීත සුලඟ වැද සැලේන අපූරුව....

ඒ දවස අවා. නොසිතුව විදිහටම...හිරි පොද වැස්සත් එක්ක වැටිලා තිබ්බ ලා කහ පාට ඉර එලිය ගස් අතරින් අපූරු චිත්‍රයක් මවලා තිබ්බා. වැස්ස මෙහෙට අලුත් නැති වුනත් ඒදා ඒ පොද වැස්ස එක්ක ජිවිතේ ඇතුලේන් අමුතුම හැගිමකින් පිරිලා තිබ්බා. එදා දුම්රියට ගොඩ වුනේ පරණ සටහන් වගයක් යලුවෙකුට දිලා කාලෙකින් හම්බෙන යාලුකම බෙදාගෙන එන්න.

කවුද හිතුවේ ඒ හිත සුරංගනා කතාවක වගේ සුරංගනාවියක් අරන් ගිහින් කවියක් ඇතුලේ හිර කරයි කියලා....

ඒ සුරංගනාවි මට හම්බුනේ අහම්බෙන්...ඒත් ඒ අහම්බය මෙච්චර කල් මාව මේ තරම් දුර අරන් එයි කියලා කවදාවත් මං හිතුවේ නැහැ...ඒත් ඒක එහෙම වුනා...ඒ කාතාවට මන් ආදරේ කලා ඒ කතාවෙ කුමරයා වෙලා ඒ කවිය ඇතුලේ ජිව්ත් වෙන්න මම ආස කලා.

බාගෙට තෙමිච්ච කමිසය පිටින් දුම්රියට ගොඩ වුන මම පොඩ්ඩක් ඉස්සරහට ගිහින් හිට ගත්තේ ඒ වෙන කොටත් ආසන සියල්ල පිරිලා තිබ්බ නිසා. ඒත් එක පාරට කවුළුව ලග හිටිය රුපයක් ලඟ ඇහැ නැවතුනේ මටත් නොදැනිම....ඒක තාමත් මට හීනයක් වගේ.

ඔයා හිටියේ කවුළුවෙන් එලිය බලා ගෙන කොලයක මොනවදෝ කුරුටු ගගා. මං හිතුවේ ඔයා කවි කාරියෙක් කියලා...මන් ගැන  නිනවිවක් නැති වුනත් ඔයා හිටියේ ඒ කවියේ  ඇතුලටම කිමිදිලා....

සටහන් පොත් ටික අස්සේ උඩින තිබ්බෙ යලුවට දෙන්න කියලා හිතා ගෙන ආපු අයිත්මාතවුගේ ගුරු ගීතය පොත. මට ඒ පොතේ ආස කරන කොටසක් මතක් වූනේ ඉබේටම...
   
"බලපන් හරි ලස්සනයි..!! අන්න අර උල්පතේ ඉදලා මෙතනට පොඩ් වතුර පාරක් කපමු. පස්සෙ බලා ගත හැකි කොයිතරම් ලස්සන පොප්ලර් ගස් ද කියලා. මේ කඳු වැටිය උඩ අපේ පොප්ලර් ගස් දෙක සහොදරයන් දෙදෙනෙකු වගේ වැඩේවි. මිනිස්සු හැමදාම ඒ ගස් දිහා බලාවී. හොඳ මිනිස්සු ඒ ගස් දිහා බලන් සීනා සේවී...."

කවුළුවෙන් පහු වෙන ගස් වැල්...පුංචි ගෙවල් දිහා බලන් ඔයා වින්ද සතුට...පොඩි ළමයෙක් වගේ කවුළුවෙන් එලියට අත දලා අතේ වැදෙන වතුර බ්ංදු එක්ක ඔයා හිටපු ලස්සන ලොකේ දැක්කම...මට ඉර්සියාවක් ඇති උන් නැහැ කියලා බොරු කියන්න ඔනේ නැහැ. 

ඒ දඟකාර අත් වලින ලියවෙන කවියේ අකුරු දිහා මං බලන් හිටියේ උමතුවෙන් වගේ...මට ඔනේ කලේ ඒ කවියේ පද පේලියක් ඇතුලේ හිර වෙලා ඒ ලස්සන ජිවිතයේ සතුට විදින්න....නමක් වත් නොදන්න ඒ කවිකාරියක් හින්දා මෙච්ච්ර හීන මවන්න තරම් ළඳරු වයසක මම නොහිටියත්....ඒ සතුට මම තාම  හොයන්වා....ඔව් මම තාමත් හොයනවා...

මගේ නැවතුම්පොල අද මෙච්ච්ර ලඟ ඇයි කියලා මම දුක් උනත්, මම හිතුවේ ඔයා තවත් ඔයාගේ සතුටු චාරිකාවේ ඉස්සරහට යනවා කියලා....

නැහැ...ඔයත් මෙතනින් බහිනවා....!!!!  දෙයියනේ ඇයි මාව තවත් අසරණ කරන්නේ...

මාවත් පහු කරන්න ඉදිරියට ගිය ඔයා දුම්රියෙන් බැහැලා ගියේ නගරය දිහාට....මං වේදිකාවේ ඉදං ඔයා දිහා බලා හිටියේ කැන්වස් කොලෙක ඇදපූ චිත්‍රරයක් දිහා බලන් ඉන්නවා වගේ...ඔයා රේල් පාර දිගේ පහලට ගියේ...පැත්තකට දාපු බෑග් එකත් එල්ල ගෙන....ඔයා සැහැල්ලුවෙන් ඇවිදන් ගිය හැටි. ඒක නම් මට කවදාවත් අමතක කරන්න බැරි වේයි. 

මට ඔනේ උනේ එදා දවස ඉක්මනට ඉවර කරන් ගන්න...ඒත් ඒක උනේ හරි හිමිහිට. අකුරු එකතු කරලා කවි ලියන්න බැරි මම කොහොම හරි අකුරු ටිකක් කුරුටු ගැව... ඒ හීන ඇතුලේ අතරමං වේලාද, නැත් නම් ඒ හීනය මට නොලබෙන බව  හිත ඇතුලේන් දැනුන නිසාද කියලා මම තාම දන් නැහැ....රත්න ශ්‍රි වස්සානේ කවිය මට ලිවුව කවියක්ද කියලා මට හිතුනා.....

වැහි වළාකුලූ රංචු කඳු මුදුන් වල ලගින 
දැන් ඒවී තැනි බිමට - සීතලයි මගේ සිතට 
වැසි සමේ රෑ ඇදේ සිහිනයක් වී ඉන්න 
ඔබ එන්න - ඉතින් මගෙ හෙට දවස මට දේන්න...

ඉන් පසේ දවස් කියක් මං මේ බංකුව මතට වෙලා ඔයා එනකන් බලං හිටියද කියලා මට මතක නැහැ....අද මං ඔයට දෙන්න කියල ගේනාපු සුදු රෝස මල දැන් ටික ටික පර වෙනවා....මගේ හීනත් ඒ එක්කම සූළඟට මුසු වෙනවා...ඔයාට එවා දැනෙනවද.......

අදින් පස්සෙ මට ඔයාව බලන්න අයෙත් මේ වෙදිකාවේ බංකුවේ ඉන්න වෙන එකක් නැහැ....ඒක නිසා මට මේ රෝස මලෙන් වත් මේ කුරුටු අකුරු වලින් වත් වැඩක් නැහැ.....

මේ පොතවත් මේ මල්වත් ඔයාට අයෙත් ලැබෙන එකක් නැහැ....ඒත් මං කැමැත් මගේ හීනය ඇතුලේ දිගටම හිර වේලා ඉන්න....නමක් නොදන්න ඔය ඳගකාර හිනාව ඔයා ලගම තියා ගන්න...මට හීනෙන් වත් දකින්න පුලුවන් විදිහට......

මං ඇස් දෙක පොතෙන් අයින් කලා....සීතල සුළගක් ඇවිත් මුලු ඇගම හිරී වැට්ටුවත්.... හිත තාමත් අතීතයේ....  අපිව දලා යන්න බැරි විදිහට අතිතය අපිත් එක්ක බැදිලා ඉන්න කොට අපි කොහොම නම් ඒව දලා යන්නද....ජිව්තේ එකම දේ දේපාරක් වෙන්න පුලුවන් කියලා අහලා තිබ්බට ඒක මේ විදිහට වේයි කියලා නම් මම කවදාවත්  හිතුවේ නැහැ....

මං කල්පනා කලා මේ බංකුව මත වෙලා දුම්රිය වෙතා නේත් රිදේනකම් බලා හිටිය ඒ තරුණයෙක් ගැන. මට ඒහෙම මතකයක් නොතිබ්බත් මට ඒ සටහන් පොත තුලින් ඒ රෝස මල තුලින් මට පෙන්නෙ මගෙ නොපැහැදිලි මගේ අතිතය විතරයි....




Friday, October 4, 2013

පාර්ලිමේන්තු මහත්තයෝ...!



පාර්ලිමේන්තු මහත්තයෝ........

දැන් නම් උඹ හැඩයි...

ඒත් උඹ දැන් හරි සැරයි...

දැන් උඹ ලග ඉන්නත් මට බයයි....

මොනා උනත් උඹ තාමත් වඳයි...  

 

කන්න නැති අපිට  දිරවන්න බැරි තරම් 

ඇගවල් නැහැ...

තුරුල් කරන් තොල් ඉබින්න අපිට

කෙල්ලො නැහැ...

එහෙවු එකේ අපිට මොකට 

ඔරු පදින්න දියවන්නාවක්....

 

මහත්තයෝ අපිට හරි දුකයි...

අපිට අපි ගැනම හරි දුකයි....

 

තරු පහේ හොටල් වල මධුසමය ගන්න 

හීන මැවුවේ නැහැ....

උකුලේ තියන් සන්සවන්න වෙලා 

තිබ්බේ නැහැ....

එහෙවු එකේ අපිට මොකට 

එල්ලෙන්නට නේලුම් කුලුනු...

 

මහත්තයෝ අපිට හරි දුකයි...

අපිට අපි ගැනම හරි දුකයි..

 

ණය පොතේ පිටු පෙරලෙනවා..

එයා අරාබියේ ඔටුවෝ බලන්වා...

මාස තුනක් ගියා ලියුමක් වත් නැහැ..

මට කිරි එරෙන්නෙ නැහැ..

පොඩි උන් නිදා ගන්නේ නැහැ...

 

මහත්තයෝයෝ.......... අපිට හරි දුකයි...

අපිට අපි ගැනම හරි දුකයි..

 

Sunday, September 22, 2013

කන්‍යභාවය විකිණිමට තිබේ.....!!



"අනේ මහත්තයෝ

මේක අරන් මට කියක් හරි 

දෙන්න...!!!"

 

මං මේක දෙන්නෙ 

මට දෙන්න වෙන දෙයක් 

නැති හින්දා.....

ඔව්. මට වෙන දෙන්නම දෙයක් 

නැති හින්දා....


ඒක එච්චර වටින් නැතිව ඇති 

මේ දුපත ඇතුලේ....

 

ඒත් අපේ අම්මා දන්න කාලේ 

ඉදන් මට කිවුවේ....

පුතේ උඹ කෙල්ලෙක් නම්,

උඹ මේ ඔක්කොටම කලින් 

ඕක ආරක්සා කොර ගනින් කියලා...

 

මේ ගිනි ගහන දුපතේ 

ඒක ආරක්සා කරගන්න එක 

කොච්චර අමරුද කියන 

එක, මට වැඩිය උඹ දන්න වනේ 

අම්මේ......


මේ කියන එක උඹලගේ 

අම්මට නැති උනේ,

අප්පොච්චගෙ අතින් විතරක්

නෙමේ කියලා...

රට්ටු කොයි තරම් කතා හැදුවත්....


ලෙඩ ඇදේ ඉන්න..

උඹ දිහා බල බල මට තවත් 

මේක ආරක්ෂා කරන් ඉදලා 

මොකටද....

අම්මේ.....


ඔව්, මගේ කන්‍යභාවයට වඩා 

උඹ මට ලොකුයි 

අම්මේ...!!!



Wednesday, September 11, 2013

අකීකරු අකුරු....

 

 

මණ්දාකිනියේ......

අතරමංව ගිය තරු කැටයක්..

චක්‍රාවාටයේ...

ජිවිතය සොයා ගිය තරු කැටයක්...

තරු කැටයක්....ජිවිතය සොයා ගිය තරු එලියක්....

 

කළු පාට සමාජයක...

පාට සොයන රස්තියාදුව..


සීමාවක් නැති අන්ධකාර අහසේ...

දුවිල්ලෙන් පිරි ගිනියම් මහ පොලවේ.

අදරය පතා....ජිවිතය සොයා....

යන දිගු ගමනක්.....

රස්තියාදුකාරයා...


පාළු අහස යට....

ජිවිතය සොයන රස්තියාදුව...


ගිනි කඳු සිරස මතින්..

ලොදිය වගුරු තුලින්..

දිය බිඳක් පතා ....සරු බිමක් සොයා...

කඩා වැටෙන..... තරු... එලියක්.... 

රස්තියාදුකාරයා...

 

Sunday, September 1, 2013

ශුක්‍රානුවෙ අයිතිවාසිකම....

 

 

එක් ඩිම්බයක් උදෙසා

ශුක්‍රානු දහසක

තරගයක්....

 

අරගලයේ ඇරඹූම 

අපි හිතනවට වඩා 

ඈතයි....

 දුරයි......


ණයට ගත් ගර්බාෂයේ 

හැදේන කළලයක්...

 

කාගේ ශුක්‍රනුවද දිනුම්..... 

මගේ....

උබේ....නෑ යකෝ මගේ.....

නෑ.....මගේ යකෝ මගේ....

 

මුකුත් දන්නෙ නැති 

ලේ කැටිය...

වතුර වලේ ගුලි ගැහිලා

එක සිරුවට.....

 

පෙකණි වැලේ රැදි

හුස්ම පොද....

කියන එකම දෙය නම් 

 

ගන්න එපා.....

උබලා මාව එළියට...


Saturday, August 24, 2013

උඹලා කොහේද......

 

 

අන්ඳකාරයේ සෙවනැල්ලට මුලු ලොකෙයටම වැටෙනවා කියලා මං දැනන් හිටියා. ඒත් ඒක මේ තරම් ඉක්මනට අපේ කොලු කල්ලියට එයි කියලා මන් නිකමටවත් හිතුවේ නැහැ.


එක බත් පතකට පොර කාපු.....එක වතුර බොලයෙන් ඔක්කොමලා වතුර බිපු....කෝ අපේ උන්.....මන් ගැස්සිලා ඇහැරුනා. උබලට මතකද මුල්ම කාලෙ රුපියල රුපියල එකතු කරලා බීම පැකට් බිබි පාරේ ගිය හැටි, ඒ කාලෙ තාමා අපිට කල්ලි අමාරුව මුලින්ම හැදුනෙ.....උබලට මතකද ඒවා.


ඊට කාලෙකට පස්සේ A/L. ඒක නම් උපරිම්යි. තැබිලි කඩලා පිනා ගාව අපි සෙට් එකම හිටිය හැටි. කවුද කැඩුවෙ ඇහුවම අපි ඔක්කොමලා නැගිට්ට හැටි. ඇයි බං ඉස්කොලෙන් පැනලා ගිහින් අහු උන හැටි....හොරෙන් කාලා සෙට් එකම එලියට දාපු හැටි.... උබලට මතකද ඒවා......ඒ කාලේ ඉස්ස්කොලේ ගියෙ ඉගෙන ගන්නද නැත්නම් පිස්සු නටන්නද කියලා මන් තාමත් කල්පනා කරනවා.


අන්තිම කාලේ කිය කිය හරි දාලා එක සිගරට් එකක් අරන් හොරෙන් බීපු හැටි. ඒ කාලේ කොල්ලෝ එකතු වේලා කොහේ හරි නයිටක් ගහන්වා කියන්නෙ පට්ටම ආතල් වැඩක්.....කොහොම හරි එක බොතලයක් හතර පස් දෙනෙක් එකතු වෙලා ගහලා අපි ගත්ත ත්‍රිල් එක මට නම් තාමත් හීනයක් වගේ....ඒ හීනෙන් අපිව ඇත් උනේ වලාකුළක් අහස ඇතැරලා යන්වා වගේ. ඉක්ක්මනට.


අන්තිමට අපි A/L ලිවුවා......ඉස්කොලෙට එපා වෙච්ච අන්තිම පොලිම් දෙකෙ හිටිය කොල්ලො ටික A/L පාස්. දේන්නෙක් විතර කැම්පස්. කොහොම හරි අපි පාසැල් කාලේ කියන දාම් ලැල්ලෙ හැම කොටුවක්ම පැන්නා.


ඒත් දැන් ඒක අතිතයෙ දිය වෙච්ච මතයක් විතරයි......


                              පරණ යාලුවෝ......පරණ යාලුවෝ......

                              හැම දාමත් උන් රංචුව.....

                              පිටට පිට තියන්...

                              පොත් රාක්කයක් වගේ....... 


අජිත් කුමාරසිරිගේ ඒ ගොර හැඩි කට හඩ මාව අයෙමත් ඒ නින්දෙන් අහෙරෙවුවා.......


වර්තමනය තුලා මිනිහෙක් කොච්චර යතාර්ත වාදි උනත්....මේ කියන යතාර්තය උනත් හැදිලා තියෙන්නෙ වචන වලින්  කියලා රස්තියාදුකාරයා කොහේන්ද අහලා තිබුනා. නොස්තැල්ජියාව කොච්චර පටු සංකල්පය පටු  වුනත් අපි ඒකට සමහර වේලාවට පට්ට විදිහට ආදරේ කරනවා. ඇත්ත. වර්ණවත් අතිතයක්, යතාර්ථයේ කළු පාටින්වත්..... කළු සුදු අතිතය, වර්ථමානයේ වර්ණ වලින් වත් පාට කරන්න අපිට බැරි උනත්. අපිට ඒ පාටින් මිදෙන්න බැහැ.  


මුලු ලොකේම දේශපාලණිකරනය වෙච්ච නුතන යුගයක, යාලු කම, මිත්ත්‍රත්වය විතරක් ඒකට අහු නොවී තියෙයිද......


නැහැ. ඒක උනා. මුදල් කියන භෞතික අතරමැදි දේ ඉහත කී සියල්ලම් කලා....අපි ඉස්සර දිවුවේ බොලයක් පස්සෙ ඒත් අපි දැන් දුවන්නෙ, කෙලවරක් නොපෙනෙන අනන්ත මිරිගු ලොකාන්තයක් පස්සේ. අපිට අපිව, වට පිට පෙන්නේ නැහැ. හුස්ම ගන්න වෙලාවක් නැහැ. එකට බත් ටිකක් කන්න වෙලාවක් නැහැ.....අපි අතරමං වේලා.....ආපස්සට එන්න බැරි තරම් අපි අතරමං වෙලා....


යතාර්තය ඇතුලෙ අපි අපේ කියලා ඉසවුවක් නැතුව, මගේ කියලා පටු තැනක හිර වෙලා.....හුස්ම ගන්නෙ පරිසරයෙන් නේමේ,සල්ලි වලට ගත්ත ඔක්සිජන් ටැන්කි වලින්. එක වතුර බොතලේ බෙදාගෙන බිපු වුන්ට Coke මෙගා බොතලයක් එකෙක්ටත් බොන්න මදි වේන තරමට අපේ ආමාෂ පෙරේත වෙලා. එක සිගරට් එක වටේ යැවුව අපිට, කතා කර කර සිගරට් එකක් බොන්න දෙන්නෙක් හොයා ගන්න බැරි තරම් අපි දුර ගිහින්.


අපි කියලා කියපු පලළ් ලෝකය මම කියන තැනටම පොඩි වේලා......


                                     අහසට මල් දුම් නැගුනා...

                                     සපත්තු අදුරේ ගිලුනා..

                                     අපේ තොල් වල මඩ වැදුනා...

                                     ලොකාන්තයෙ ගමනේ.......

                                     ඔබට මතක නැතිද 

                                     ඒ කාලයේ.....

                                     බේදා ගත්ත හැටි 

                                     පොඩි බංකු කොටේ 

                                     අපි බයෙන් බයෙන්...

                                     අපි සැකෙන් සැකෙන්..

                                     මේ රටත් අමුත්තො වාගේ...



මේක තමා අනිත්ත්‍ය කියලා හිර වෙන්න ඔනේ නැහැ. ඒත් මේ සිංදුව ඇතුලේ වර්තමාන පවුල මුලික කර ගත් කේදවාචකය හොදටම පැහැදිලි වෙනවා. භාණ්ඩ හුවමාරුව මුලික කර ගේන ආරම්භ උන වෙලදාම වර්තමානය වෙන විට. මිනිස්සුන්ගෙ ආත්ම තෘප්තියක් බිලි අරන් ඉවරයි. අපි අපිව විකුනගෙන. 


මං හිතනේ මේ සිංදුව ලියලා තියෙන්නෙත් අජියමයි....ඒක ඇතුලේ නිර්වේයාජ මිතු දමට දේශපලනය විසින් කරන බලහත් කාරකම අජියා නියේමෙටම ලියලා තියේනවා.....අජියාගේ ගොර හැඩි කට හඬ සිංදුවට දෙන ගැබුර සුපිරියි. අජියාගැන තාම ලංකාවේ ගොඩක් දේනා දන්නේ රොක් අජිත් විදිහට. අජියා තමා වර්තමනය වෙන විට ලංකාවේ දේශපලනය දක්මක් තියෙන විකලප සංගීත කාලාපයේ උඩිනම ඉන්නෙ. 


අජිත් කුමාරසිරි ගිටාර් එකත් එක්ක කරන මේ සංගීත ගනුදෙනුව ගොඩක් දෙනාට පෙන්නෙ පොඩියට.හරහට. 

 

මේකේ වචන ටික අතුලේ අපේ විතැන්විම නියෙමෙට පේනවා. ඒක බංකුවක පොර කලා වාඩි වෙලා. ජිවිතේ සරල සැහැල්ලු ලෙස ගෙවපු අපි අන්තිමට ඉමක් නොපෙනන ලොකන්තයක් හොයන් යන ගමනෙ ණයට හුස්ම ගන්න මගින් වෙනවා. සතුටෙන් විහිලුවෙන් ජිවිතේ මැන්න අපි අද රුපියල් වලින් ඩොලර් වලින් ජිවිතෙ මනිනවා. අපි වෙන්දේසි වෙනවා. දේශපාලනික ප්‍රග්ධන හිමි කරුවෝ අපිට ලන්සු  තියෙනවා.

 

ඇවරයි......... දැවරයි......... තුන්ඇවරයි.........


                                     සාදූ නොකියා අපි 

                                     හාදු දුන් රැයෙ.....

                                     පාලූ යන්න අපි 

                                     මාලු ඇල්ලුවෙ....

                                     හරි උනන්දුවෙන්... හරිම  උනන්දුවෙන් 

                                     හරි ප්‍රොමොදයෙන්.......

                                      ඒ කාලේ......


අතිතය සිහිනයක් පමයි කිවුවට. අපිට ඒ අතිතෙන්න් ඔය කියන්ව වගේ මිදේන්න බැහැ. ඒ අතීතය වර්ණවත්. අපි ඒ පාට මැදින් ආවෙ කලුවර ඉසවුවකට. ආයෙත්  ආපහු එන්න බැරි තරම් ඇතුලට. ප්ලේනටියක් බිලා ඒදා සතුට හේවුව අපි අද ප්‍රාඩො එකක කලු විදුරු ඇතුලේ සතුට හොයන්වා.


සමාජයක් විදිහට අපි පිරිහිලා. පන්ති පිටින් ප්‍රශ්න වෙනුවෙන් එලියට බැස්ස අපිට, අද කොල්ලො හත් දෙනෙක් එකතු කරන් ට්‍රිප් එකක් යන්න බැරි වෙන තැනකට අපි අනාථ වේලා. දැන් අපේ ඇගේ දුවන්නෙ ඒදා ඇගේ දිවුව රතු පාට ලේ නේමෙද. අපිට අයෙත් හිතලා බලන්න වෙනවා. දැන්ම.


මේ වචන වලින් දොංකාරය දෙනනෙ ඒ අපේ අතීතය. පොඩි සතුට වෙනුවෙන් උනත් අපි කරපු ඒ උනන්දුව උත්සහය, අපි එකෙන් ලබපු සතුට. වචන වලින් මායිම් කරන්න බැරි තරම් අපිව ජිවත් කෙරේවුවා. හුස්ම දුන්නා.


මිලක් නියම වෙච්ච සමාජයක, අපි අපේ අතිතයත් උකස් කරලා ඉවරයි. ඒක දැන් සින්න වේලා.

 

අජියා මේ වචන, ස්වර, හඬ හරහා දෙන්න හදන්නෙ නුතන දෙශපාලනික ගොහොරුවේ දිය වෙලා වැගිරෙන අපේ මතයන්ය. මිල ක්‍රමය හරහා ඉල්ලුම සැපයුම(සමතුලිතය) මනින විවෘත ආර්ථිකය තුල ජිවිතයේ තෘප්ත්‍යද මනිනු ලබන්නෙ මිල විසින්මය.


ජිවිතේ අපි මේ ජිවත් වෙන යථාර්තයට එහැයින් අපිට වර්ණවත් මතකයක් තිබුනා කියලා මතක් කර ගන්න කාලේ හරි.



Monday, August 19, 2013

අපි යන්නේ හරි පාරේද.....

 

"සිහින දකින්න...සිහින තුලින් අවදි නොවන....."


අපේ මුලු ජිවිතයම සිහිනයක්.....ඇත්ත. ඒත් අපි ඒ සිහිනය කොච්චර සාර්ථකව අත්දකිනවද කියලා අපිට දැනේන්නේ අපි ඒ සිහිනය තුල හුස්ම ගන්න තරම අනුව. 


මට හිතෙන විදිහට අපි දකින ඒ සිහිනය කොච්චර දුරට අධ්‍යත්මික ගනුදෙනුවක් වෙනවද කියන එක අනුව අපිට අපේ ජිවිතය ඒ සිහිනය තුලින් පේන්න ගන්නවා.......ඔව්, අපේ ඇස් දෙකටම අපිව පෙන්න ගන්නවා. කළු සිත්තමක රිදි පාට පින්සල් පාරවල් වගේ, අපේ පාට ලොකේ අපේ මනස තුල කැටයම් වෙන්න ගන්නවා.  

හැබැයි අපිට අපිව පෙන්නෙ කළු පාට  ආගාදයක ඇතුලෙ ඉදන් එලියට එන්න දඟලන පලගැටියො ටිකක් විදිහට......


මානව ජිවියෙකුගෙ අධ්‍යත්මික පැවත්ම උදෙසා ආගමකින් විය යුත්තෙ මොනවද.....???? 

වර්තමානයේ එය වෙනවද....????


මම මේ එක තැන පල් වෙනවද, නැතිනම් මේ දුපත ඇතුලෙ මං අතරමං වෙලාද.  ඒත් අපි ලියන්න ඔනේ අපි දකින දේ මිසක් පාරභෞතික ලෝකයක් නේමේ කියලා මට හිතේනවා. මනෝරාජික ලෝකයක් ඇතුලේ ඉදන් හිර වෙලා දගලන ලිං ගෙම්බො වෙලා වැඩක් නැහැ. 

 

"ආගම යනු, මා දකින්නෙ මිනිසුන් කණ්ඩායමක් වන්දනාමාන කිරිම සදහා සොයා ගන්නා ලද සාමුහික මාර්ගයක් විදිහහට. මා කිවේ වන්දනාමනය යන්නයි. අවනත විම නොවෙ. ඒ දෙක බොහොමයක් වෙනස් කරුනු දෙකක්..."

                                                                                          - පාවුලො කොයියො 

 

වර්තමානයේ අපි සමාජයක් විදියට පට්ට අසරණයි. තමාට, තමාගෙ නිරුවත දකින්න බැරි තරමට අපි අසරණයි. අගාධය ගැබුරුයි. ඉහල එලිය දකින්න බැරි තරමට. කලුවරයි. ඇස් පේන් නැති ගානට. ඇයි අපිට   බැරි එලියට එන්න මෙ අදුරු කළු පාටින්. අන්න ඒක තමා ආගමකින් විය යුත්තෙ. අපිට අපේ ආත්මය එක්ක එකට ඉන්න පුලුවන් පාරාදිසයක්  හදන එක. අපිට අපේ අධ්‍යත්මය එක්ක තනි වෙන්න පාර කියන එක. එත් වර්තමානයේ වෙන්නෙ අපි කාගෙ හරි ලබ්ධියක හෝ දර්ශනයක ලඟු විමක් විතරයි. 

 

අපි කාගෙවත් සිහිනයක් තුල, රාජ්‍යක් තුල අතකොලු කීරීමට වඩා විශාල වගකිමක් ආගමකින්/දර්ශනයකින් විය යුතුයි. කොටින්ම ආගම/දර්ශනය මිනිසුන්ගෙ හදවත හා අධ්‍යත්මය එකතු කරන පාලමක් විය විය යුතුයි. කොන්දෙසි විරහිතව.   


ලංකාව තුල බහුතරයක් ඉන්න බෞද්ධයා දැන් කොච්චර දුරට අසරණයිද කිවුවොත් ඔවුනට තම අධ්‍යත්මය/මනස තියා බුදුන් කියු දේයවත්  කිරිමට නොහැකි වී තිබේ. ලංකාවේ පාලනයද රෙජිමයක් වි ඇති වර්තමානයක ආගමද යම් පාර්ශව වල රෙජිමයක් වී තිබේන බව පැහැදිලී.


බුදු දහමේ තිබු අධ්‍යත්මික ගුණයට මුත්‍ර කලො කවහුද....????? 

 

අපි අපෙන්ම ඇසිය යුතු හිරිකිත පර්ශ්නය එයයි. බුදු දහමේ තියෙන අධ්‍යත්මික ගුණය පසෙකලා අපි වල්මත් වී ඇත්තෙ වෙන මන්ස්ගාත ඉසවුවකය. කර්මය පුනර්භවය, හේතු ඵල දහම, භාවනාව, ආදී ගැබුරු ඉසවු තියෙන බෞද්ධ දර්ශනය කොහෙද, එක මුල්ලක ලගු වෙලා. මලක් පුජා කරලා නිවන් යන තැනට පිරිහිලා.


රස්තියාදුකාරයා දන්න විදිහට බෞද්ධ දර්ශනය ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා.

 

-අභිධර්ම පිටකය

-සුත්‍ර පිටකය 

-විනය පිටකය 

 

මල් පූජ කරලා නිවන් යන්නයි. පහන් පත්තු කරලා ජිවිතේ එලිය වෙන්නයි වගේ පටු තැනක මේ වගේ ගැබුරු දර්ශනයක්  හිර කලේ කවුද....ඇයි ඔය මහ ලොකුවට වැදි බන කියන ජාතිහිතර්ශී, ශාෂනාරක්ශක  චිවරදාරින්ට, උපාසක මහතුන්ට බැරියැ මේ කියන ගැබුරු අධ්‍යත්මිය දහම මිනිස්සුනට සමිප කරන්න. ඒත් වෙන්නෙ මොකක්ද......තනිකර හිස් තැනක් විතරයි.


මල් දාහක් පූජ කරනවට වඩා. එක මලක් දීහා බලන් අනිත්‍ය මෙනෙහි කරන්වා වෙනුවට. මෙහෙ ඉදන් කට්ට කාගේන අනුරාධපුර ගිහින් මැරි මැරි චෛත්‍යයකට හරි බෝ ගහකට හරි ලක්ෂ ගනනින් මල් පහන් පූජ කරන්වා. ආගමත් දර්ශනයයක් මාර්කට් වෙන තැනකට දැන් අපි ඇවිල්ල ඉවරයි. ආගමත් ගෝලියකරනයට අහු වෙලා ඉවරයි.


වල පයයි ගොඩ පයයි තියන් ඉන්න මිනිස්සු කොහේ හරි එක්කන් ගිහින් ගොන් ආතල් දේනවට වැඩිය. ඇස් දෙකෙන් ලොකේ දැකලා ඉස්සරහා හිතන්න පුලුවන්, තර්ක කරන්න පුලුවන් තරුණ කොටස් වලට මේ දෙවල් කියා දෙන තැනට ආගම පරිනාමය වෙන්න ඔනෙ. කොටින්ම බුදුන්ගේ පලමු ධර්ම ප්‍රචාරක කන්ඩායමෙ හිටිය බහුතරයක්  තරුණ කොටස්. ඒත් දැන් ඉන්නේ හෙට අනිද්දා මැරෙන්න බයේ බණ අහන්න ආපූ වයසක මිනිස්සු ටිකක් විතරයි.


ඉස්සර ගමයි පන්සලයි වැවයි දාගැබයි කියලා කිවුව සංකල්පය මේ ශතවර්ශයේ යල් පැන්න සංකල්පක් විදිහට දැක දැකත් අපි තාමත් අතිතකාමීයො වගේ ඉතිහාසයේ මහා ගල් කනු අස්සෙ හිර වෙලා ඉන්නවා. එලියට එන්න බැරුව. එන්න ඔනේ කමකුත් නැහැ.

 

ඒදා සිදුහත් ගවේශන ශිලි නොවී. නිඝන්ටලගෙ වෘතම අනුගමනය කලානම් හරි අලාර කාලමලගෙ දර්ශනය  ඇතුලෙ හිර උනා නම් අපි වර්තමානයෙ මේ දකින බුදු දහම දකින්න ලැබේයිද. එහෙම නිදහස් චින්තනයක් තිබුන ශර්තෘවරයෙක් ඉන්න මේ බෞද්ධ දර්ශනය දැන් කාගෙවත් අතකොලු වෙලා.


එහෙම ඉතිහාසයක් තිබුන බෞද්ධ දර්ශනය වර්තමානයේ සිතිමේ කලාපයෙන් ඇතට අරන් ගිහින් විනාස කරලා....අපිට අපේ දර්ශනක්, දැක්මක් තියා ගන්න බැරි තැනට අපිව කොටු කරලා....ශුද්ධ බෞද්ධ දර්ශනයට අනුව අපිට අපේ සිහිනයක් දර්ශනයක් තිබීම අකැපද.....????


වර්තමානයේ අපිට කොහොමත් මේ නියම බෞද්ධ දර්ශනය සොයා ගැනිමට නොහැකි. ඒක වඳ කලේ උවමන්වෙන්. මන්ද වැදි බණ කියන මහා චිවරදාරිනට එම සංකල්ප නොතෙරෙන නිසා. ඔවුන් දන්නේ පවුල් සැලසුම් ක්‍රම ටික හා ගැහැනුන්ගෙ පවුල් ප්‍රශ්න ටික විසදිම පමනක්ය.


එසේ නම් අප තවත් මේ අන්ධකරය තුල සක්මන් කල යුතුද.....අපි අපේ දර්ශනයක් සොයා යාමට කාලය එලෙබ ඇත. නොපමාව.


Monday, August 12, 2013

මාළිගාව හා පැල්පත.....



                                  ඒක්ටැම් ගේයි

                                  ජනේලයෙන් 

                                  ඇතුලට......

                                  කුමාරයෙක්........

 

                                 සේවිකාවෝ නිශ්ශබ්දයි........

                                 කුමාරිය........

 

                                 සඳ එලිය වැටුන

                                 සයනය මත.....

                                 උඩුකුරුව සෙවනැලි දෙකක්....... 


                                 ඉර එලිය දුටු 

                                 අනියම් කුමාරයෙක්.....ගමට...

                                 පසුව..... රජ කමට.....


                                 පොල් අතු පැලේ 

                                 පැලැලින් 

                                 ඇතුලට......

                                 මනුස්සයෙක්......


                                 වරිච්චි බිත්ති අවදියෙන්.......

                                 ගැහැණිය.......

 

                                 කුප්පි ලාම්පි එලිය වැටුනු

                                 පිල උඩ........

                                 දඟලන සෙවනැලි දෙකක්.......  

 

                                 ඉර එලිය දුටු 

                                 අනියම් කුමාරයෙක්.....එලියට 

                                 පසුව..... කැලයට......

 


Monday, August 5, 2013

නිරුවතින් පාර දිගේ.....


මං ඇවිදගෙන ගියා දිගටම......
දිගටම.......
ඈත දුපතක් මැද්දේ කහ පාට
එළි ගොඩක්......මැද party ක්...
ගියා ලගටම.....
එගොඩ වෙන්න බෑ...... 
දියවන්නාව.....ගැබුරුයි......දරුණුයි.......

මම හැරනා වමට....ගියා දිගටම.....
දිගටම......
සපත්තු අඩියකට පෑගුනු රතු පාට
රෝස මලක්...... මලේ රතු පාටින්
පාර තෙමිලා.......  

සර,,,,,සර,,,,,සර,,,,, 

පාර අයිනේ....
සිගිති ලේන්සුවක් හා
කොන්ඩමයක්.....

මම හැරනා දකුණට....ගියා දිගටම.....
දිගටම......
වෛද්‍ය සභාවේ අනුමැතිය ලත් නිල් පාට  
ආරෝග්‍ය ශාලාවක්......දත් ගලවන්න ආපු
කෙල්ලන්ගෙන පිරිලා.......  

ආ..ආහ්....ආ..ආහ්...ආහ්.. 


උල් පිහි කතුරු...
වලට කැපුන මල් 
පොහොට්ටු......