Monday, August 12, 2013

මාළිගාව හා පැල්පත.....



                                  ඒක්ටැම් ගේයි

                                  ජනේලයෙන් 

                                  ඇතුලට......

                                  කුමාරයෙක්........

 

                                 සේවිකාවෝ නිශ්ශබ්දයි........

                                 කුමාරිය........

 

                                 සඳ එලිය වැටුන

                                 සයනය මත.....

                                 උඩුකුරුව සෙවනැලි දෙකක්....... 


                                 ඉර එලිය දුටු 

                                 අනියම් කුමාරයෙක්.....ගමට...

                                 පසුව..... රජ කමට.....


                                 පොල් අතු පැලේ 

                                 පැලැලින් 

                                 ඇතුලට......

                                 මනුස්සයෙක්......


                                 වරිච්චි බිත්ති අවදියෙන්.......

                                 ගැහැණිය.......

 

                                 කුප්පි ලාම්පි එලිය වැටුනු

                                 පිල උඩ........

                                 දඟලන සෙවනැලි දෙකක්.......  

 

                                 ඉර එලිය දුටු 

                                 අනියම් කුමාරයෙක්.....එලියට 

                                 පසුව..... කැලයට......

 


22 comments:

  1. ඒත් වෙනස් එකක් කාලය විසින් හොදයැයි ලේබලය අලවලා. අනෙක ඊයා....

    ReplyDelete
    Replies
    1. සිරාවට. අපි මහ ලොකුවට පරම් බාන එක ගැන මීට වඩා ලැජ්ජ විය යුතුයි.

      Delete
  2. කරුමෙ තමයි බං, ලබා උපන් හැටිනේ. හැමෝටම පණ්ඩුකාභයල වෙන්න බෑ.


    මේක කියවද්දි මට තව සිංදුවක් මතක් උනා බං, දැන් සර්ච් කරල බැලුවම ඒක ‘අහංකාර ස්ත්‍රිය‘ ෆිල්ම් එකේ සිංදුවක්, ‘ලෝකය පෙරලෙයි කාලෙ ගෙවී යයි මරුවා ළඟා වෙනවා...‘

    ඒ සින්දුවෙ අන්තරා කොටසෙ තියෙනව මේ විදියෙ කොටසක්.

    පොහොසත් දරුවා කැලේ පැලේ
    දුක සේ දැඩි වෙන්නා පවේ බලේ ...//
    දුප්පත් දරුවා සුවයහනේ මත
    සැපසේ වැඩෙනා පිනේ බලේ ....

    (දෙපැත්ත මාරු වෙල නෙවි, ඒකෙ තියෙන හැටි :))

    ReplyDelete
    Replies
    1. ඕකෙ විතරක් නෙමෙ බං ලංකාවේ ඉන්න ගොඩක් උන්ට දෙපැත්ත මාරු වෙලා තියෙන්නෙ..... අපි අයෙත් අපේ අතීතය ගැන වෙනස් රාමුවකින් හිතන්න කාලේ හරි.

      ඇත්ත. වර්තමානථයේ අතීතයේ වැඩි වෙනසක් නැහැ මං හිතන්නෙ.......

      Delete
  3. කරන්න දෙයක් නෑ පුතා..

    ReplyDelete
    Replies
    1. මේ දුපත ඇතුලේ කරන්න කොහෙත්ම දෙයක් නැහැ තමා........

      Delete
  4. සමාජ විවිධත්වය. මක්ක කරන්නද ඉතිං. ඇත්තෝ කති බොති නැත්තෝ සුසුම්ලති..


    බොර දියක ඉඳුවර

    ReplyDelete
    Replies
    1. සාමාජයක විවිධත්වය කියන්නෙ ඔය වගෙ පටු දේකට කියලා මන් හිතන් නැහැ. ඒක ඉන් එහාට ගිය කාතාවක්. ඔතන තියෙන්නෙ ලොක්කන්ගෙ කුහක කම. උන්ගෙ වැරදි සාධාරනයි, සාමාන්‍ය මිනිස්සුන්ගෙ වැරදි අසාධාරනයි කියන්න වගෙ දෙයක්.(මෙතන වැරදි කියලා දකින්නෙ ලංකාවේ පොදු දැක්ම)

      එහෙම බැලුවොත් ලංකාව ආරම්භයේ සිටම රෙදි ගලවා ගත් ජාතියක්...සින්හ බාහු,විජය,චිත්‍රා,ගාමිනි, සිට නුතන මහින්ද දක්වා......(මං මෙසේ දොඩවන්නෙ ඉතිහාසය ගැන දැනුම මඳ නිසා යයි කෙනෙකුට සිතෙන්න පුලිවනි...එහෙම හිතන් උන් පොඩ්ඩා අයේ රාමුවෙන් මිදිලා හිතලා බලපන්.)

      Delete
    2. ඇත්තො කති බොති සුඛති නැත්තෝ සුත්ත බලා සැනසෙති

      Delete
    3. සිරාවට. තව ටික කාලයක් ගියහම එකත් නැති වේයි.

      Delete
  5. හ්ම්ම්, එක ම කාසියක දෙපැත්ත වගේ තමයි.

    ReplyDelete
    Replies
    1. ඒත් ඒ කාසියේ අපේ පැත්ත නම් කව දාවත් වැටෙන එකක් නැහැ.....ඉස්සරත් එහෙමයි දැනුත් එහෙමයි.

      Delete
  6. උත්සාහ කරන්න ඕන අතෙනට යන්න... බැරි නෑ... හූල්ල හූල්ල ඉඳලා හරියන්නෙ නෑ...

    ReplyDelete
  7. අනිවා......කියවිල්ලට වඩා කිරිල්ලයි වැදගත්....

    ReplyDelete
  8. අවජාතක උනත් කුමාර වරුන්ට තියෙන සැලකිල්ල සහජාතක උනත් සාමාන්‍ය මිනිස්සුන්ට නැති වෙනවා අපේ වගේ සාක්ෂරතාව ඉහල ගියත් බුද්ධිය පහල මට්ටමක තියෙන සමාජ වල. ඒක තමයි ඇත්ත . .

    ReplyDelete
    Replies
    1. කාට කියන්නද බං. මෙ දුපතේ සාක්ශරතාව ඉහලයි කියන්නෙ, උඩ බලන් කෙල ගහ ගන්න වැඩක්.....මහාපටු නිර්වචනයක් බං ලංකාවේ තියෙන්නේ අධ්‍යපනයට. කොහොමත් අපිට තව ගොඩ කාලෙකට තුන් වන පන්තියෙ රටකින් එහාට යන්න වෙන් නැහැ.අනිවා.

      හරි වැරදි නැනැ කුමරයා කියලා නම තියෙනවනම්. අපි ඒ තරම් කුජිතයි.

      Delete
  9. අධ්‍යාපණයත් එක්කම වර්ධණය විය යුතු සමාජ ආකල්පයන් අපේ රටේ එහෙම වෙනස් වෙන්නෙත් නැහැ දියුනු වෙන්නෙත් නැහැ. අපේ රටේ මනුස්සයෙක් තවත් මනුස්සයෙක්ට ගරු කරන්නේම වෙනත් බාහිර සාධකයක් මුල් කරගෙන.එහෙම නැතිව මනූස්සකම මුල් කරගෙන නෙමෙයිනේ.වෙනස් විය යුතුයි කියලා අපි උඹලා හිතන දේවල් අපේ අයට මැජික් වගේ.අපි ඒ අතින් දිනපතා ආපස්සට යන සමාජයක්.

    ReplyDelete
    Replies
    1. අනිවා. අපේ ඒ පටු ආකල්පේ තමා මේ ඔක්කොටම මුල. ලංකාවේ අධ්‍යපනය කියන්නෙ මහ පුස්සක්. පොත් ගුල්ලො හදන එක ක්‍රමයක් විතරයි. මිනිහෙක් කියන්නෙ සමාජ ආකල්ප වල එකතුවක් කියන එක අපෙ උන්ට තෙරෙන් නැහැ.

      ඒත් මිනිස්සු හදන එක ක්‍රමයක් විදිහට තමා මන් මෙ කියවිම දකින්නෙ. හරි පොතක් කියවන්වා කියන්නෙ අවුරුදු ගනාක් ඉස්සරහ පෙනවා කියන එක.

      මේ බ්ලොග් එක හරහා හරි කවුරු හරි එක පාරක් හරි ආපස්සට හිතලා බලුවොත් ඒ අන්න ඒ දේ තමා මට වෙන්න ඔනේ. අපි අතරමං වෙලා කියලවත් තෙරුනොත් ඒ ඇති.

      Delete
    2. අරූ මනුස්සකම මුල් කරගෙන මිනිස්සුන්ට සලකන සමාජයක් ලෝකේ කොහෙවත් නෑ, මෙතන හේතුව කුහකත්වය ,
      පෙරදිග සමාජයේ කුහකත්වය වැඩියි, සුදුස්සාට සුදුසු තැන දීම කලයුතු දෙයක් බව හොඳටම දැනුනත් "මූට දුන්නොත් කවදා හරි කැපෙන්නේ මට " කියන අදහස නැගලා එනවා.මේ කුහකත්වය මිනිස්සු තුලින් නැතිකරන්න පුළුවන් ක්‍රමයක් හදන්න පුළුවන් දාට අපි දිනුම්.

      Delete
  10. එකම ලගු කිරිම වින්දනයක් දෙපැත්තකින් එල මචං එල නියමයි.

    ReplyDelete
    Replies
    1. ඔයා දේපැත්තෙ පරස්පරය පට්ට විදිහට වැඩි. ස්තුති උබෙ අදහස් දැක්විමට.

      Delete
  11. වෙල් යායක ගොන් දෙන්නෙක් කකා උනී
    ඉන් එක ගොනෙක් වලිගය නැතිව වැනි වැනී
    වලිගය ඇති ගොනා මැස්සන්ට බැට දුනී
    දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනී

    ReplyDelete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...