Saturday, June 29, 2013

මුහුදු මංකොල්ලකරුවා හා මුහුද.......




බටහිර අහස් තලය වර්ණවත් හැන්දෑවක වේලිලා යමින් තිබුණ නිමේෂයක.......සුළන් පහරත් එක්ක පොර බදන රුවල් නැව ඉදිරියට ඇදෙන්නේ.....එහි අයිතිකරුවා වෙන, මුහුදු රළ පවා ඒම හඩ ඇසීමට බිය වන ඒ බිහිසුණු මුහුදු මංකොල්ල කරුවට බියෙන් වගේ........

නැවේ ප්‍රධාන තුඹ ගසට මුදුනින් සුලන් පහර සමග ලෙළදෙන ඒ කොඩිය දෙස බලාගෙන සිටි මුහුදු මංකොල්ලකරුවා.......තම බැල්ම මහ සයුර දිහාවට යොමු කලේ තමා නැව මෙහෙයවන දිශාව හරිද කියලා දැනගන්න වගේ.......මුහුදූ රළ නැවු බඳේ හැපිලා විසිරෙන පෙන කැටි, ඔහුගේ ඉනේ රැදී රිදී පාටින් දිලිසෙන කඩු තලයට වැටිලා දිලිසෙන්නේ කැඩපතකට වැටුන හිරු එලිය වගේ ආඩම්බරයෙන්......

රක්ත වර්ණ ලේ බිදු පමණක් තැවරෙන ඒ කඩු පතට, සිහිල් දිය බිදුවක් ගෙන එන අපුර්ව සුන්දරත්වය විද ගන්න ඔහුට කවදාවත් හැකි උනේ නැහැ......

රාත්‍රිය.........ඈත අහස් තලයේ තරු කැට දහස් ගණනක් දිලිසෙනවා.......මිට වසර ගණනක ඉදන් ඔහු මේ වර්ණවත් සිතුවම දැකලා තිබුනත්, එදා ඔහුට මොකක්දෝ අමුත්තක් දැනෙමින් තිබුනා.........මුහුදු සුළගේ....හෝ... හෝ.... හඬ ඇරෙන්න කිසිදු ශ්‍රවනයක් නැති ඒ අන්ධකාර රාත්‍රියේ......ඔහු කල්පනාවක අතරමං වෙනවා.....

ජිවිතේ කවදාවත් බිය කියන දේ නොඇසූ ඒ අභීත මුහුදු සෙන්පතියා.......මුහුදු රළ ගොඩබිම ලෙසට සිතු ඔහුට, තමා මේ ගිලෙමින් යන සුදු මිහිදුම් වලා වලින් පිරිලා යන නොපැහැදිලි කල්පනාවේ තව තවත් හුදකලා වීමේ ආශාවෙන්.......තම ඇත රැදී සුක්කානම අතහැර, මුහුදු රළ දෙබෑ කරමින් ඉදිරියට ඇදෙන නැවු බදේ ඉදිරි නැම්මට හේත්තු වෙමින්, තුඹ ගහේ එල්ලලා තියෙන ලන්තෑරුම් එලිය යටින් ඒ නොපැහැදිලි අන්ධකාර අතීතය ස්මරණය කරනවා.......

තමා මේ නිල්වන් ජල කඳට ආදරය කල දා සිට........තම ජීවිතය ගැන පවා විශ්වාස නොකළ.......ඈතින් පෙනෙන ක්ෂීතිජ ඉමවූ වෙත අභිතව තම නැව මෙහෙය වූ මේ මුහුදු මංකොල්ල කරුවා, පුරාවෘර්තයක් තුල තම ජීවිතය දිය කර හරි යැයි කුවූරු නම් සිතයිද.......

තම සගයන් සමග මෙහෙය වූ අපමණක් නැවු මංකොල්ල තුලින්, වටිනා භාණ්ඩ, මුදල්, වස්තුව පැහැරගත්තත්. ඔහු කිසි දිනක ගැහුණුන් වෙනුවෙන් තම අසිපත මෙහෙය වූ බවක් ඔහුට මතක නැත........තම සගයන් මත් වූ මදූ බදුන් සමග මහ සයුර මැද සිර වූ සිරකාරියන් හා තම සතුට බෙදා ගනිද්දී ඒ දෙසවත් නොබැලු තමා වයින් වලින් හා මුව තුල රුවා ගත් සුරුට්ටු වලින් පමණක් සවුදිය පිරු හැටි නිල් වන් මහා සයුර දෙස බලා සිටියදීම ඔහු මතකයට නැගින.......

එහෙත් එක් දිනක්.......එක නිමේශයක්........කල වෙනස.......

ඝන කළු වළාවකින් වැසි ගිය ඉහල අහස් ගැබ යුද්දයකට අවසර ලද මුර්ගයන් සේ චන්ඬ මුහුදු රළ තුඹ ගස් අතර විහිදි යන ලෙස තම ජල කඳ විසුරවද්දී.......ඒ අපුරු මුහුදු මංකොල්ල කරුවා තම පිරිස ව්‍යවසනයෙන් මුදා ගැනීමට සදහා නැවු තට්ටුව මත දුවමින් තම පිරිස හැසිර වූ හැටි කියා පෑවේ ඔහු සතු ශක්තිය හා සයුර පිළිබද ඔහු දන්නා දේ බොහෝ යන්නයි.......

අවසන, ප්‍රචණ්ඩ මුහුදු රළ ඒ අභීත මුහුදු මංකොල්ල කරුවාට අවනත වුවා සේ.......නිසොල්මන් විය.........

නැගෙනහිර අහස් ගැබේ හිරු කිරණ වැදී, නිල්වන් මුහුදු දිය වර්ණවත් කරන සැරසෙන මේ මොහොතේ........ ඔහුගේ දෑස යොමු වී තිබුනේ නැවු බඳට මදක් ඇතින් පාවෙමින් තිබුණ ලී කොටයක් දෙසටය....... ඔහු මේ දකින්නේ සිහිනයක් ද........ නෑ ඒක සිහිනයක් නෙමේ......

ඒ කොටය මත කිරිල්ලියක්........... ඔව් කිරිල්ලියක්.........


වාහාම ක්‍රියාත්මක වූ නැවේ ප්‍රධාන මෙහෙයුම්කරු පිහිනා ගියේ ඒ ලී කොටය දෙසටය......නැවු තට්ටුව මත තබන ලද ඒ කිරිල්ල...... තෙමුණු වර්ණවත් පියාපත් ඇති ඒ කිරිල්ල.......උණුසුම් රෙදි කඩ වලින් ඇයට ආරක්ෂාව ලබා දීමට නැවු කපිතාන්ගෙන්  අණ ලැබිණ.......ඇයට ඔහු "ෆීනික්ස්" යන නම තැබුහ...........

හිරු එළිය වැටි දිලිසෙන පිනි බිදු සේ දිදුලන........ෆීනික්ස් කිරිල්ලගේ ඒ නිල් වන් ඇස් වලින්, මුහුදු මංකොල්ල කරුවා දෙස බලද්දී.......අකුණු සරයක් ලද්දකු සේ මින් කවර දක්වාත් නොලැබූ අපුර්ව හැගීමකින් තම හෘද ස්පන්දනය මොහොතකට නතර වූ ලෙස ඔහුට හැගින........... 

හිමින් තම වර්ණවත් පියාපත් දිග හල ඒ කිරිල්ල තමා වටා ඉන්න පිරිසෙන් තමාට අනතුරක් නොකරන් ලෙසට ඒ අභීත සෙන්පතියා ඉදිරියේ තම අයාචනාත්මක නිල් දෙබැම බිම බලා ගනිමින් ඇය ඉල්ලා සිටියේය.......

ඒත් ඒ නිල් ඇස් දිහා බලන්.... ඒ මුහුදු මංකොල්ලකාරයට මුළු වින්දනයම තම ආත්මය පුරා විද ගන්න පුලුව උනේ නැහැ......

කතා කරන නිල් පාට ඇස් තිබුන ඇය......සි
නිදු පියාපත්......මහ සයුර මහ පොළව කර ගත්ත ඒ මුහුදු මංකොල්ලකාරයව කවදාවත් නොගිය පරාදිසයකට අරන් යමින් හිටියා........

ඒත් ගින්දරෙන් ඉපදුන ඇය........ආස කලේ ගින්දරටමයි.......


ඒත් ඒ කිරිල්ලත් ඒ මුහුදු මංකොල්ලකාරයාගේ ගැබුරු ඇස් වල ගමනාන්තයක් නොදන්න චාරිකාවක යාත්‍රා කරමින් හිටියා......

බටහිර අහසේ එක තරුවක් විතරක්.....නිමවුවක් නොපෙනෙන ඒ ඈත අහසේ ඉදන් අන්ධකාරය දුරලන්න වෙහෙසෙන මේ අඳුරු රාත්‍රියේ......නැවේ රුවල් සිප ගෙන ආපු ඒ සිතල සුළං පෙළ මුහුදු කොල්ලකාරයව නැවත පියවි ලෝකයක හුදකලා කරනවා.....

නිල් සයුර මත තම ජීවිතය පා කල එම අභීත නාවික
යා...... ඒ නිල් ඇස් වල කිමිදෙන්න අසාවෙන් කිරිල්ලියව හොයාගෙන නැවේ ඉහල තට්ටුව වෙත පියවර මැන්නේ සීරුවට......

දෙවියනි.......මේ මායාවක්ද නැත්නම් ඇත්තක්ද......
 

ඒ ෆීනික්ස් කිරිල්ල......ඒ අපුරු කිරිල්ල........

මුහුදු මංකොල්ලකරුවෝ නොවිශ්වාස කලාට ඒක උනා........ ඒ කිරිල්ල ඔහුව දාලා කළු පාටින් වැසිලා තිබුන අන්ධකාර ලෝකයක, වර්ණවත් ඉසවු හොයාගෙන ඇය ගිහින්....... ඔව් ඇය ගිහින්.......

ඒත් එකම එක දෙයක් තියලා.........ඇය ගිහින්........

ඒ දැවිල අළු වෙලා ගිය සිරුරේ තිබුන එකම එක වර්ණවත් පිහාටුවක්......ඔව්....ඔහු වෙනුවෙන්
ම......


මුහුදු මංකොල්ලකරු පිහාටුව අතට ගන්න ගමන් ඔහු මනසින් සැරිසැරුවේ නිල් දිය මත මෙතෙක් කාලෙකට නොයෙකුත් පරදිසයන් තුල යාත්‍රා කලද ඔහු නොදුටු අපුර්වත්වයක් ඒ කිරිල්ල එක දිනක් තුල මැවුවේ කෙලෙසද කියා..........

මුහුදු රළ පවා තම රළ පාලනය කලේ මෙය තේරුම් ගත් විලස......පිහාටුව අතින් ගත් ඒ නිර්භය මුහුදු මංකොල්ලකරු
වා නැවේ ඉදිරිපස නැම්මට හේත්තු වී තමා ඒ විද වූ වින්දනීය දිනය නැවත සිහි කරන්නට විය......

ඔහු හිස රැදී හිස් වැස්ම ගැල වූ ඔහු යලි කවර දාකවත් දක්නට නොලැබෙන ඒ කිරිල්ල වෙනුවෙන් ඒ අපුර්ව පිහාටුව තම හිස් වැස්මේ රදවා ගන්න ලදී.......ඔහුගේ දෙනෙත් ඈත දිලිසෙන නිල් වන් අහස දෙසටත් ඒ හා එක වීමට වෙර දරන නිමක් නොපෙනෙන මහ සයුර දෙසත් යොමු වී තිබිණි........

ඔහු හිස රැදී ඒ පිහාටුව මුහුදු සුළග වැදී සැලෙන්නට විය....... 


 ප.ලි ||||| මෙය ප්‍රබන්ධයක්ද.......පුරාවෘර්තයක්ද........නැත් නම් ඇත්තක්ද.......

Saturday, June 22, 2013

උමතුවක්ද ආදරය........



ජිවිතේ පිටුවෙන් පිටුව ලියල ඉවර වෙන පරිච්ඡේද වගේ.......එත් කවදාවත් ඒ පොත ඉවර වෙන් නැහැ......එක රාමුවකින් තව රාමුවකට......කවද්ද අපි මේ රගපැම නවත්වන්නේ...මං දන් නැහැ......ඒත් එක දෙයක් මං දන්නවා. අපි මේක කවදාවත් නවත්වන් නැහැ....
                  
                              ගමනාන්තයද අමනාප වී ඇත.....
                              මාර්ගය අතුරුදහන් වී ඇත...
                              පැමිණ, රැගෙන යනු....
                              මේම කුඩා පැතුම......
                              එය මා හට අයිති දෙයකි....
                              නුබයි මාගේ වස්තුව.....

ජිවිතේ කිසි සීමාවක් නැතුව විදින්න හදපු දේවල්.......කාලයක් තිස්සේ විදලා.....එක පාරට එවායින් වෙන් උනාම.......අපි කොහොමද ඒ හැගීම් තව කාත් එක්ක හරි බෙදා ගන්නේ......

රස්තියාදුවත් ඒ වගේ කාලයක් තිස්සේ කරපු කියපු ගොඩක් දේවල් වර්ථමානයත් එක්ක මග හැරෙනවා වගේ දැනෙන කොට අපි හිතන්නේ මේ දකින්නේ හීනයක් කියලා.....නෑ ඒක ඇත්ත. අපි මේ දකින්නේ හීනයක් නේමේ.  ඒත් මට දැනෙනවා මගේ ඇග ඇතුලෙන් කෑ ගහලා කියනවා උබට උබ නැති වෙන්නයි යන්නේ කියලා........එත් මන් කොහොමද හිතන්නේ මේ දකින්නේ ඇත්ත කියලා.........

ඒත් අන්තිමට මේ පිළිවෙලක් නැති අකුරු ටික, මේ පිටුව ඇතුලේ ලියවෙන්නේ ඇග ඇතුලේ ඉදන් දඟලන ඒ උන්මත්තකයටත් ජිවත් වෙන්න හුස්ම ඉල්ලන නිසා.....

"උමතු ආදරය 2".... "Aashiqui 2".......රස්තියාදුකාරයා වැඩියෙන් හින්දි චිත්‍රපටි බැලීම සදහා යොමු නොවුනත් අහම්බෙන් අහන්න ලැබුන සිංදුවක් නිසා මාව ඒ චිත්‍රපටිය බැලිම සදහා පිස්සු වැට්ටුව.....

"දැන් මා හට නුබ නොමැතිව සිටිය නොහැකියි…."


ජිවිතේ අපි කාලයක් තිස්සේ බලන් හිටපු දෙයක් ඝණ අන්ධකාරය ඉදන් එළියට ඇවිල්ලා නැවතත් සුදු පාට මිහිඳුම් වට අතර සැගව යනකොට අපි කොහොමඳ ඒ හැගීම දාරා ගන්නේ..........!!!!!

ඒ වගේ.......ආදරය කියන නවකතාව ඇතුලේ අපි ඉල්ලන පරිච්ඡේදයම විතරක් අපිට ඕනේ වෙලාවට රචකයා අපිට දෙන් නැහැ.....එහෙම දුන් නැහැ කියල අපි ඒ පොත කියවන එක නවත් වන්නෙත් නැහැ. එක අතකට ඕනෙම දේක කේන්ද්‍රය ආදරය, ප්‍රේමය උනාට ඒක වටා තියන අපිචර්මය, හැසිරීම තමා වඩා ලස්සන......

ජනප්ප්‍රිය තරුවක් වෙච්ච බේබදු තරුණයෙකු අහිංසක තරුණියකට පාට ලෝකයකට යන්න මග පෙන්නලා.......ඈත ඉදන් ඇය දිහා බලන් ඉදලා....ඔහු විදවන විදවිල්ල....... අපිව අයෙමත් උමතු ආදරයක වර්ණවත් චාරිකාවක අරන්
යනවා.......



මේ චිත්‍රපටය මෝහිත් සූරිගේ අධ්‍යක්ෂණයෙන්නුත්, ශගුප්තා රෆීක්ගේ රචනයෙනුත් වර්ණවත් වෙනකොට, රුපකරණය වෙන්නේ විෂ්ණු රාඕ අතින්....මෙහි ප්‍රදාන චරිතය සදහා පන දෙන්නේ ආදිත්‍ය රෝයි කපුර් සහ ශාර්ධා කපුර්......මේ සියල්ල අහිබවා අපිව උමතු ආදරයක් තුල අතරමං කරවන්නේ එහි එන ගීත....එම ගීත අකුරු කරලා තිබුනේ මිතූන්, සන්දීප් නාත්, ඉර්ෂාඩ් කමිල් කියන අය. උමතුව අමරණිය කරන්නේ එහි එන සංගීතය........මිතූන්, අන්කිත් තිවාරි, ජීට් ගංගුලි යන අය
අතින් හැඩ වෙනවා........

මෙය ප්‍රේමය, ගීතය හා කැටි උන චිත්‍රපටියක් හැටියට වර්ග කරණයට ලක් උනත් රස්තියාදුකාරයට එය entertainment කියන පරාසය පහු කරලා ගොඩක් දුර ගිය නිර්මාණයක් විදිහටයි දැනෙන්නේ....


මානුෂිය හැගීම් එක්ක ජීවිතය දෝලනය වෙන විදිහ කෘතිය පුරාවටඅපිව අවිවිශ්චිත කරනවා.....ප්‍රේමය......හදවත ඇතුලෙන් පටන් අරන්......ඒක ඉර්ශියාව කියන එළිය වැටුනහම අපිට හිතෙන්නේ අපි වැරදි පාරකයනවා කියලා........ඒත් අපි අතරමං වෙලා.....ඔව් තරු දහස් ගණනකින් පිරිලාගිය වර්ණවත් මන්දාකිණියක් මැද්දේ අපි අතරමං වෙලා....... 

                          කාලයද නැවතී ඇත..........
                          කිමද, එලෙස සිදු වූයේ...
                          අනේ නුබ...!! පැමිණෙනවා නම්....
                          යම් ආශීර්වාදයක් මෙන්.......
                          නුබයි සැනසුම මා ආත්මයේ....
                          නුබයි මාගේ ඇදහුම......
 

හැම තරුවක්ම දිලිසෙන රැයක.....ඇයි මේ තරුව විතරක් වලාකුළු වලට මුවා වෙලා.
  
Ref - බයිස්කෝප් මංසල 
 


.

Saturday, June 8, 2013

කවිය.....

              කෑලි කෑලි වලට
          ඉරල දැමු.......
          අමාරුවෙන් ගැලපුව
          මගේ.....

          කවිය.....

          හැඩ නැති මගේ අකුරු....
          ලස්සන නැති වචන.....
          ඒත්.....
          හුස්ම ගන්න හදවතකින්
         
නිදිවරා....
          කුරුටු ගැ....
          කවිය...

          සිනාවෙන් පිරුණ දෙතොල්.....
          කතා කරන ඇස්.....
          ඒත්.....
          ඉරි තැලුණු හදවතකට
          දැනෙන්නේ ...
          කොම ඒ...
          කවිය....

          අමාරුවෙන් ගැලපුව
          මගේ 

          කවිය.....