Sunday, February 23, 2014

ඔබේ ආදර තිලිණය...!



 

සරත් අහස සඳ සරසන වෙලාවක 

මුවින් මදු විතක් අරගෙන මම, මුලාවක

ලා අඳුරක සිත තනි උන තලාවක 

තවත් කවක් ලියවුනි දැන් මලානික 

 

කවියේ පදත් දැන් ලිය වෙන්නෙ ඇදවී 

අඳුර මැදින් ගලනවා සඳ රැස් බේරී 

මණ්දාරමට වැහි ගෙනා වැහි ලේණි 

තියපං විලාපය මගේ තනිකම ගැන පේවී

 

සඳට තනි නැහැ සඳ සාවිය හින්දා 

මලට තනි නැහැ වන බඹරුන් හින්දා 

ගසට තනි නැහැ සියොතුන් ඇති හින්දා 

මටත් තනි නැහැ මරණය ලඟ හින්දා

 

දේතොලග රැදි දුම් වැටියක දුමාරෙට 

පෙනහල්ලත් පෙම් කරනවා අවාරෙට 

ෆිල්ටර් නැතිම ප්‍රේමය දුන් රුදාවට 

හදවත අහිමි මම දැන් ඉමි සුසානෙක

 

කවුළුව ලඟ අඹ ගස තුල මුවා වී 

සඳ ඉන්නවා ඔච්චම් කර මට, සිනා සී  

අතේ රැදුන දුම්වැටියට එපා වී 

නිවි ගිහින් අළු ගොඩ මත දිගා වී

 


27 comments:

  1. නියමයි.. උඹ මේකෙන් පලායන්න එහෙම එපා රස්තා..

    ReplyDelete
    Replies
    1. ස්තුති වෙවා. උබ මොකෙන්ද පලායන්න එපා කියන්නේ කවි ලියන එකෙන්ද ....

      Delete
  2. පට්ටයි මචං සුපිරි කවි ටික

    ReplyDelete
  3. කවි සිතුවිල්ලකට දහසක් දේ කියන්න පුලුවන් මචෝ

    ReplyDelete
    Replies
    1. අනිවා බං. ඒක තමා ඇත්ත කතාව. ඒකට කියවන්න කෙනත් හරියට සෙට් වෙන්න ඔනේ.

      Delete
  4. ඇත්තටම නියමයි නේ කවි ටික. සිතුවිල්ලකට එහා ගිය හින්දමයි බය නැතුව කවි ටික කියලා කිවුවේ.

    ReplyDelete
    Replies
    1. ප්‍රණාමය වචන වලින් අදහස් දැක්වීමට...

      Delete
  5. රස්තා නියමයි නියමයි

    ReplyDelete
  6. මත්පැනින්...දුම් බටෙන් ගැටළු නොවිසඳුනාට
    නිර්මාණයක් විදියට පදටික ලස්සනයි මිත්‍රයා

    ReplyDelete
    Replies
    1. උබ ලස්සන කතාවකට මුල පුරනවා සහොදරයා...අදහසට ස්තුති.

      Delete
  7. ආදරෙත් හරියට සිගරට් එකක් වගේ තමයි... උඹට කියන්න ඕන නෑ නේ.. උඹම ලියපන් ඒ ගැනත් පද වැලක්..

    පට්ට..

    ReplyDelete
    Replies
    1. අනිවා. ජොයින්ට් එක හීනියට තදට එතෙන තරමට ලල් එක වැඩි වගේ ආදරේත් සීරාවට දේන්න ගියහම වෙනම හැගිම් එක්ක විදවන්න, විදින්න වෙනවා. ඒ හැගීම් එක්ක තනි උනහම වචන් වලින් ලියා ගන්න බැහැ මක් කරලාවත්.

      Delete
  8. නියම පද ගැලපුමක්. කියවගෙන යනකොට මෙලඩි යකුත් නිකම් එනවා වගේ.

    ReplyDelete
    Replies
    1. නිකන් ඉන්න ගමන් ට්‍රයි කරලා බලපං...

      Delete
  9. ///ෆිල්ටර් නැතිම ප්‍රේමය දුන් රුදාවට ////
    සදා සොත්ති.....
    මම කැමතියි. පින්තූරය නියමයි.

    ReplyDelete
    Replies
    1. එල එල...ආදරේ සිරාවට කලා කියන්නේ ඒකේ තියෙන විදවීම වැඩී. ඒ විදවීම මාර ත්‍රිල් එකක් දේන්නෙ.

      Delete
  10. ජාතික දුම්වැටි විරෝධී වැඩසටහනට හොඳයි.. අත්තටම බෙහෙවින්ම නිර්මාණාත්මකයි

    ReplyDelete
  11. " අතේ රැදුන දුම්වැටියට එපා වී
    නිවි ගිහින් අළු ගොඩ මත දිගා වී "

    ReplyDelete
    Replies
    1. ඒ පදේ ඇතුලේ මං ගොඩක් ජීවත් උනා...

      Delete
  12. "මත්පැනින්...දුම් බටෙන් ගැටළු නොවිසඳුනාට
    නිර්මාණයක් විදියට පදටික ලස්සනයි මිත්‍රයා"

    මමත් පිලිගන්නව මේ ටිකනම්

    ReplyDelete
  13. දුම්මල ගලට ගිය අම්මා කවි පන්තිය මතක් වුණා.............





    ReplyDelete
  14. මම මේකට කැමතියි :) ලස්සන පද!!

    ReplyDelete
  15. රස්තෝ ඔයාගේ බ්ලොග් එකට ඉස්සෙල්ලාම පාර පෙන්නුවේ තරුණයා පත්තරේ. ගොඩක් කල් ගන්නැතිව සතියකට සැරයක්වත් පෝස්ට් එකක් දාන්න.

    ReplyDelete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...