ආදරයට වෙඩිතියන්න...!
ඉලක්කය
මානමුද
අපි දෙන්නම
එකතු වෙලා
පාට කරපු නිල් පාට
අහසට.....
එක උණ්ඩයක්
හොදටොම ඇති,
කුඩු වෙලා
විසිරෙන්න වෙඩිතියන්න
මුලු අහසටම.....
අපේ අහසේ කෑලි
වැටෙනවා දැකපු
මිනිස්සු කියයි.
"ඇති යාන්තම් නියගය ඉවර වෙලා
වැහි පොදක් වැටෙනවා" කියලා...
තව එක
උන්ඩයක්
ඉතුරුයි...
ඒක අපි
දෙන්නට...
මටත් තිබ්බනං ලොකු බයිනෙත්තුවක් වෙඩි තියන්නෑ අනිනවා රිදෙන්නම
ReplyDeleteතවත් දුක් දිලා මරන්නද...
Deleteඑක උන්ඩය ඇති වෙයිද ඇත්තටම දෙන්නට..
ReplyDeleteහොදටෝම ඇති.
Deleteඑක උණ්ඩයට අමතරව තව බැකප් එකක් තියාගන්න එක වටිනවා මචෝ...
ReplyDeleteදැන් වෙන දේවල් වල හැටියට එකත් හරි තමයි....
Deleteදෙන්නටම එක උණ්ඩයක් මදියි එක්කෙනෙක්ට වෙන්නේ සිය දිවි හාණි කරගන්නයි.
ReplyDeleteහරියට ආදරය කලා කියන්නේ වේඩි කෑවා වගේ වැඩක්...
Delete