Sunday, April 7, 2013

මං කවුරු වගේද_____????




ජිවිතේ මහ පට්ටයි.......ඔහේ ගලාගෙන යන ජිවිතේ සමහර වෙලාවට එක එක තැන් වල හිර වෙනවා. එහෙම වෙච්ච වෙලාවට අපිට ඒ කොටුවෙන් පයින්න බැරි වෙනවා...........ඉතින් අපි ඒ කොටුව ඇතුලෙම හිතනවා........විදිනවා........විදෝනවා.........


"Down Town pulse" ඊයේ රෑ ලාවට මත් වෙච්ච........සිගරට් දුමට බොද වෙච්ච.......මල් සුවදින් පිරිලාගිය.......අමුතු ලෝකෙක හිටිය මට ඇහෙනවා, ගිටාරය නංවන අපුරු නාද රටා වලට, වර්ණවත් අකුරු ගැලපීමක්.....ඉස්තරම් රූප ගැලපීමක්. මේක සිංදුවක්ද....... කතාවක්ද......නැත්නම් මට හොදටම වැදිලද......???


ඇත්තටම සිංදුවක් කියන්නේ මොකක්ද......??? ඒක මෙහෙමයි කියලා රාමුවක් ඉදිරිපත් කරන්න පුලුවන්ද.....??? ගීතයක්, සංගීතය වගේ දෙයක් එහෙම අකුරු වලින් ලගු කරන්න පුළුවන් කියලා මේ රස්තට නම් හිතෙන් නැහැ. ස්වර හතක් ඇතුලේ විතරක් සංගීතය විදින්න හදන සමාජයකට හොඳ  වියක්ත උත්තරයක් බේකරි කණ්ඩායම ඊයේ දුන්නා කියන එකයි මගේ හැගීම. ඔවුන්ගේ ඒ ඉස්තරම් ව්‍යායාමයේ මට ඇහුන එක සිදුවක් තමා මේක.....


මේක"Happy Journey" කියන සංගීත කණ්ඩායමේ නිර්මාණයක්..........මාව මේ ගීතය පිස්සු වැට්ටුවා.....ජිවිතේ ආපස්සට දිවෙවූවා. මහ පට්ට කතාවක් ඒ සංගීතය ඇතුලේ කියවෙනවා කියල මට හිතෙනවා. මුල මැද අග පිළිවෙලට සිංදුව අහන අයට මේක පිස්සුවක් වෙයි කියල මං හොදටම දන්නවා......එත් එකෙන් මිදිලා සංගීතය විදින්න පුළුවන් අයට මේකේ ගැබුර තේරෙයි.


ජිවිතේ අපි පියවරෙන් පියවර යන හැටි.....මට මේකේ ඇතුලේ මැවෙනව. ලස්සන විලක පිපිලා තියෙන නෙලුම් මලක් මහා පඩි වදන් දාල මඩේ ඉදන් උඩට ඇවිල්ලා වතුරේ වත් ගැවෙන් නැතුව මහා ශුද්ද විදිහට ඉන්නවා කියුවට ඒ මලම කුණු වෙලාව වතුරට වැටිලා පල් වෙනවා කියලා ගොඩක් දෙනාට අමතකයි.


එකට මේ ගීතය හොද දේශපාලනික පිළිතුරක් ලබා දෙනවා........රාමුවෙන් රාමුවට ජිවිතේ මාරු වෙන හැටි අමු අමුවෙන් කියනවා.........මට ඒ වැඩේ සුපිරි. මොකද ඇතිවීම නැති වීම කියලා අනිත්‍ය මෙනෙහි කරනවට වඩා මේක විදවීම ප්‍රයොගිකයි.


එක එක පාට වලින් වර්ණවත් වෙච්ච අපේ ලෝකය.......අපි හැමදාම දකින්නේ.......හිතන්නේ.......කැමති........ලස්සන පාට විතරයි. රස්තට නම් හිතෙන්නේ අපේ ජිවිතේ එන්න එන්න තද පාට වලට දෝලනය වෙනවා කියලා. හැබැයි ඒ පාට අඳුරු වෙන්නේ කලින් අපි පාට කරපු ලා ලස්සන පාට වල එකතුවෙන් කියල අපි  නිකන් වත් හිතල බැලුවද.......නැහැ.....ඒත් ඒක එහෙම තමයි.


උබලත් අහල බලපල්ල  උබලටත් ඒ හැගීම එනවද කියලා.........සංගීතය ඇතුලෙන් විදින්න බැරි උන් මේක නොහැයුවට කමක් නැහැ....


සිංදු ලියලා තනුව දැම්ම.... පෙම්වතා මමයි......
චිත්‍රේ ඇදලා පාට කරපු... පෙම්වතා මමයි.........
පිස්සු හැදිලා කවිය ලියු... පෙම්වතා මමයි....
මාව දැනිලා ආදරේට... වෛර කරපු... පෙම්වතා මමයි......

සර්ත්චන්ද්‍රගෙන්... බරතමුණිට.... බරතමුණිගෙන්.... ඇරිස්ටෝටල්ට.....
සර්ත්චන්ද්‍රගෙන්... බරතමුණිට.... බරතමුණිගෙන්.... ඇරිස්ටෝටල්ට.....
ඇරිස්ටෝටල්ගෙන්................. කිසලොස්කිට............
ඇරිස්ටෝටල්ගෙන්.................. කිසලොස්කිට............

මාරු උනා.......මාරු උනා.......මාරු උනා.........

අම්මේ මට කියන්න...... මං කවුරු වගේ වෙයිද......
අම්මේ මට කියන්න....... මං කවුරු වගේ වෙයිද......

a one a two a three a four......
රෝස මලෙන්.... ලිලි මලට... මාරු උනා මං මාරු උනා.....
ලිලි මලෙන්.... පිච්ච මලට... මාරු උනා මං මාරු උනා.....
පිච්ච මලෙන් ගංජා මලට......මාරු උනා......මාරු උනා.....මාරු උනා.....

තාත්තේ මට කියන්න......... මං කවුරු වගේ වෙයිද......
තාත්තේ මට කියන්න......... මං කවුරු වගේ වෙයිද......
                      
                                       < Happy Journey >
 "මෙතනින් බා ගනිල්ලා"




19 comments:

  1. පොඩි ආතල් එකක් තියනවා පද වැලේ..

    ReplyDelete
    Replies
    1. ඒකෙ ආතල් එකකට වැඩි යමක් හැංගිලා තියෙනවා බං......මල් ගස් වටේ දුව දුව කියන බොලද සිංදු වලට වඩා මේක ඉස්තරම්....

      Delete
  2. අහලම බලන්න ඕන බන්

    ReplyDelete
    Replies
    1. අහලා බලපන්කො........හැබැයි මිටරෙන් අහපන්.....අහලා ගුණ දොස් කියපං.......

      Delete
  3. ඇත්තටම කවුද මේ ගිටාරය වයමින් ගායනා කරන්නේ අපූරු කටහඬක්.

    ටිකක් අමුතුම ගීයක් පදමාලාවත් එහෙමයි. විස්තරයක් ලියන්න පුළුවන්නම් හොදයි. ටිකක් වේදිකා නාට්‍ය ගීයක් වගේ

    ReplyDelete
    Replies
    1. මේක උනේ මෙහෙමයි.....මේ ලගදි මහල්වරාවේ "බේකරියේ කට්ටිය" කියලා සෙට් එකක් මාරු වැඩක් කලා....ලංකාවේ මෙච්චර කල් උන් නැති විකල්ප ගනයේ වැඩක්....ඕක බලන්න මම ගිය වෙලාවේ මට අහන්න ලැබුන Happy Journey කියන සංගීත කණ්ඩායම ගායනා ගීතයක්. මෙන්න link එක ගිහින් බලන්න......https://www.youtube.com/user/DownTownPulse1

      මේක ලංකාවේ දැන් යන සම්ප්‍රදායික රැල්ලෙන් පැනලා........අමුවෙන් කෙලින් කතා කරන නියම වැඩක් මේක. ගීතයට නව දේශපාලන අරුතක් එකතු කළ වැඩක්. මේකේ වාදකයෝ හා ගායකයෝ නියම සංගීතමය පුද්ගලයෝ කියල්ල දැනගන්න සජීවී විදිහට එකට සම්බන්ඳ වෙන්න ඕනේ.

      එකට සහභාගි වූ සංගීත කණ්ඩායම් වලට සංගීතය ගැන තිබුණු දැක්ම මට නම් ඉස්තරම්.....

      Delete
    2. ගිටාර් එක වයමින් ගායනා කරන මූලික ගායකය ගැනනම් අහන්නෙ ඒ පාලිත අබේරත්න. යෞවන සම්මාන දිනපු වේදිකා නාට්‍ය නලුවෙක්.2010 අවුරුද්දෙ රාජ්‍ය නාට්‍ය උළෙල හොඳම සහය නලුවා සහ හොඳම කෙටි නාට්‍ය සංගීත අධ්‍යක්ෂක.කොටින්ම ඔය Happy Journey කියන්නෙ එයාලගෙ නාට්‍යයෙ නම. පස්සෙ ඒ නමින්ම තමයි බෑන්ඩ් එක බිහි වෙන්නෙ.

      Delete
    3. දැනුවත් කිරීමට ස්තුති..........

      Delete
  4. මම උඹට මෙහෙම යෝජනාවක් කරන්නම්. විකල්ප රැල්ල ගැන හදාරපන්. භරතමුණි කියලා තියෙන්නේ මොනවද කියලා, ඇරිස්ටෝටල් කියලා තියෙන්නෙ මොනවද කියලා, සරච්චන්ද්‍ර ලියලා තියෙන්නෙ මොනවද කියලා එතකොට කිසලොව්ස්කිගේ ෆිල්ම් වල හැංගිච්ච පොඩි පොඩි සංකේතීය හැඟීම් මොනවද කියලා හදාරපන්. ඒ මදි. තව කියවන්න ඕන. ග්‍රීක් රෝම, නෝර්ස්, ඊජිප්තියන් දේව කථා, මිත්‍යා කථා වල ඉඳන් ස්වභාවික දාර්ශනිකයෝ දක්වා, සොක්‍රටීස්ගේ ඉඳන් ස්ලේවෝ ජිජැක් දක්වා කියවපන්. මාර්ටින් වික්‍රමසිංහගේ ඉඳන් සුනේත්‍රා දක්වා සාහිත්‍යය වෙනස් වෙන විදිය කියවපන්. ක්ලැසික් වල ඉඳන්, ෆියුෂන් වල ඉඳන්, සොෆ්ට් රොක් වල ඉඳන් ඩෙත් මෙටල් දක්වා අහලා උඹට දැනෙන සංගීතේ තියෙන්නෙ කොතනද කියන එක හොයපන්. බෞද්ධ දර්ශනයේ ඉඳන් ඕෂෝ කියලා තියෙන දේ දක්වා, ක්‍රිෂ්ණමූර්ති දක්වා හදාරපන්. හොඳ ෆිල්ම්ස් හොයාගෙන බලපන්. උඹ සමහරවිට කියයි මම ඕවා කරනවානේ කියලා. නෑ, උඹ මේ දේවල් වලින් කාලක්වත් කරන්නේ නෑ. දවසක උඹ මේ පෝස්ට් එක අසම්පූර්ණයි කියලා තේරුම් ගනීවි. එදාට උඹ පට්ට කතාවක් ලියාවි. අන්න එදාට මම මගේ නමෙන්ම උඹට කමෙන්ට් එකක් දානවා.
    සමහරවිට උඹට හිතෙන්න පුලුවන් මේක උඹට අපහාසෙට දාපු කමෙන්ට් එකක් කියලා. නැතිනම් පොර ටීකක් කියලා. අන්න ඒ නිසාමයි මම ඇනොනිමස් එන්නේ. අනන්‍යතාවයක් නැතිතැන පොර ටෝකක අවශ්‍යතාවය නැතිවෙන නිසා. අදයි මම උඹේ බ්ලොග් එක කියවන්නේ. උඹ අද මුහුකුරා ගිහින් මදි. උඹ දෙයක් හොයනවා. ඒත් මට පේනවා පට්ට අනාගතයක් උඹෙන්. අන්න ඒ නිසයි මේ කමෙන්ට් එක වැටෙන්නේ. දිගටම ලියපන්. ලියන්න කලින් හදාරපන්. ආයෙ ආයෙත් ලියපන්. උඹට ජය.

    ReplyDelete
    Replies
    1. අනෝ උබ කියන කතාවට මම එකයි. අනිවාර්යෙන් මගේ මේ පොස්ට් එක අසම්පුර්ණයි. මේක විතරක් විතරක් නෙමේ මගේ මුළු බ්ලොග් එකම අසම්පුර්ණයි. මේක මම, මම ගැන අපුලෙන් කියන කතාවක් නෙමේ. අපේ මේ මුළු ජීවිතේම,රට,ජාතිය ඔක්කොම අසම්පුර්ණයි...අපි පිළිගත්තත් නැතත්....

      උබ ඇනෝ කියලා අවාට උබ කවුද කියල මගේ මත් වෙච්ච හිතට දැනෙනවා. එත් ඒ උබමයි කියල හිතන මම යන් නැහැ. උබේ අනිත් කරුණ මම මේ පොස්ට් එක ලිවුවේ (කොටින්ම මේ මුළු බ්ලොග් එකම) වැඩිපුර හිට්ස් ගන්නවත් වැඩිපුර කමෙන්ට් ගන්නවත් නෙමේ මට ඕනේ මේ කාලකන්නි මුසලකමෙන් අයින්වෙන්න.

      මාත් උත්සහ ගන්නවා බන් උබ කියපු විදිහට අග ඉදන් මුලටයි, මුල ඉදන් අගටයි හදාරන්න එක මං මට පුළුවන් උපරිමයෙන් කරනවා......

      එක දෙයක් මට විස්වාසයි.....එකට මම happy Journey කණ්ඩායමෙන් සමාව ඉල්ලනවා. එකට හේතුව මම මේ ගීතයට කරන්න පුළුවන් පරාසය, යන්න පුලුවන් දුර අඩුවෙන් තක්සරු උනා කියල මට දැනෙනවා......එත් එකක් ගැන මට සතුටුයි, එකට හේතුව මේ සිංදුව අහලා නොතිබුණු අය.....හිතං නැතුව අහපු අය මේක ඇහුවා......මේක ගැන හිතුවා.....එත් මගේ විචාරය පටුයි.

      එත් උබෙන් එක ඉල්ලීමක් තියෙනවා. උබට මේ ගීතය ගැන තියෙන විචාරය කමෙන්ට් එකක් විදිහට හරි දාපන්......ඒක මේ උබේ එකයි මගේ එකයි සසදන්න නෙමේ.......තව පැත්තකින් විදවන්න ඕනේ මට මේ සිංදුව.

      විකල්ප ධාරාව ඕක මන් හෙන කැමති වචනයක්.......මාත් ඕක හොයනවා........ඒත් කවදාවත් හම්බෙන් නැහැ කියල දන්නවා. මොකද අපි විකල්පය ලගට යද්දී ඒ වෙනකොට එකට වෙන විකල්පයක් ඇවිත් අපි අයෙත් ඒ විකල්පය හොයනවා....දිගටම හොයනවා.....එත් ඒ හොයන එකේ තියෙනවා මාර ත්‍රිලක්...හැබැයි වෙන උන්ට මේක පිස්සුවක්....

      උබේ කමෙන්ට් එකට ස්තුයි........ඒක හරියට බීලා හිටිය මට කනට ගැහුවා වගේ.....මට හෙන පාරක් එකෙන් පෙනුන.......
      වෙලාවක් තිබුනොත් ඉසරහටත් ගුණදොස් කියපං

      Delete
  5. යනවා එනවා නොතේරෙන පමණට සන්තර්පණය වෙලා හිටපු මම මේ සින්දුවට ඇදිලා ගියේ උන්හිටි තැන් අමතකවෙලා වගේ එදා බෙකෙරියේදී. මචං රස්තියාදු කාරයෝ, උඹට වගේ බරට මට ලියන්න තේරෙන්නේ නැති උනාට එදා මට දැනුන දේ ටිකක් හෑල්ලු උනා වගේ හිතුනා උඹේ අදහස කියෙවුවම, අවුලක් ගන්න එපා මචං මම මේ සින්දුවට ආසයි, ඒ නිසයි අදහස ප්‍රකාශ කලේ, ජය වේවා!!!!
    (මට මේ අකවුන්ට් එකක් නැහැ, එකයි මම එනොනිමස්)

    ReplyDelete
    Replies
    1. ඇනෝ මට උබත් එක්ක කිසි අවුලක් නැහැ......මට දැනුන විදිහට ඒකෙ විචාරය බං ලියුවේ. ඒත් මටත් දැන් හිතෙනවා එකේ පොඩි පටු ගතියක් තියෙනවා කියාල......අපේ මුළු ජීවිතේම පටු එකේ......මේක එහෙම වෙන එක පුදුම වෙන්න දෙයක් නැහැ.

      උබට අකවුන්ට් එකක් ඕනේ නැහැ මේකේ කරක් ගහන්නන.......මට උබලා වගේ උන් වැදගත් බං...ඇවිල්ලා සුත්තියක් පත්තු කරන් කතා කරපන් මේකේ තියෙන පොස්ට් ගැන......ඒදා බෙකෙරියේ වැඩේ නම් සුපිරි...........

      Delete
  6. එදා දවසෙ අත්දැකීම මාරයි!

    ReplyDelete
    Replies
    1. ඒ මාර කම පට්ටයි බං..........ඒ වෙනස විකල්පය කියන එක මාව පිස්සු වැට්ටුවා බං.....

      Delete
  7. එදා හරි අපූරු වින්දනයක් ලැබුවා! සාමාන්‍යය සංගීත සංදර්ශනේකින් නොලැබෙන වෙනස්ම විදිහේ එකක්!

    ReplyDelete
    Replies
    1. අනිවා බං....ගිතය තුල දේශපාලනික බලපෑම කියන එක මාරයි බං.......ඒක මේ ආයුබෝවන් මහා රජාණනි කියනවා වගේ බොලද නැහැ බං......කොහොමත් එදා වැඩේ සුපිරි....

      Delete
  8. උබටත් එසේම වේවා නලියා..........එත් දේශපාලන හා මානසික නිදහස ගැන නම් ගැටළුවක් තියෙනවා බං........

    ReplyDelete
  9. @නලීන් : මේ මොන පිස්සෙක්ද.. හතර වටේම තියන බ්ලොග් වලට සුබ පතල කමෙන්ට් හලාගෙන ගිහින් එතනත් ලින්ක් එක හලල හිට්ස් ගන්න හිඟන වැඩ කරන්න එපා බං.. ලැජ්ජයි !

    ReplyDelete
  10. ඒ කටහඬ නම් සුපිරියි. ඒත් තේරුම හරි හැටි ඔලුවට නොගත්ත එකම කෙනා මම වෙන්න පුළුවන්. තරහ වෙන්න එපා එකට. විචාර දෙන්න තරන් මට තේරුමක් නැහැ :) ඒත් ඒ කටහඬ අහල රසවිඳලා ඒබව නොකිය යන එක හරි නැහැ කියල හිතුන නිසයි කමෙන්ට් කලේ...

    ReplyDelete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...