Sunday, April 14, 2013

෴රික්තය෴


                  
   සුදු පාටින් කැරලි ගැහුන.......සිගරට් දුම
  පෙනහැල්ල පුරෝලා නෙක රටා මවලා නහයෙන්
  පිට වෙද්දී,
  මට දැනෙනවා.......
  මං හුස්ම ගන්නවා කියලා......
                       
  දවස් ගානක් පල් වෙච්ච අරක්කු වීදුරුව
  පපුව පුච්චගෙන පහළට ගිහින් අමාෂයට යද්දී
  ඔලුව කැර කෙනකොට,
  මට දැනෙනවා.........
  මං පපුවක් තිබූන කොල්ලෙක් කියලා.......

  සාරාගික ඇස්, ඇඟ හිරි වට්ටන සියුමැලි ඇගිලි තුඩුපහස   
  මුළු නිශාන්තයම......ඒ අභිසුරුලිය එක්ක
  යහන්ගත වෙද්දී,
  මට දැනුනා........
  මං ජිවත් වෙනවා කියලා..........  

  ආදරය තුල ගුලි වෙන්න, ප්‍රේමයේ සුව විදගන්න බැරුව
  ජිවිත මංසලේ මොහොතකට නවතිද්දී.......අහංකාර ඔය
  ඇස් අහක බලද්දී,
  මට දැනුනා............
  මං මේ ලෝකේ අතරමන් වෙලා කියලා........... 

10 comments:

  1. ඔව් මිත්‍රයා..ඒක රික්තකයක් විතරමයි

    ReplyDelete
    Replies
    1. රික්තය තුල මුකුත් නැති උනාට ඒක මාරම විදවිමක් බං............

      Delete
    2. නිදහස් චින්තනමය වසරක් වේවා යාළුවා ......!!!

      Delete
  2. මචං පොඩි නිවැරදි කිරීමක් තියනවා. රික්තකය නෙවෙයි "රික්තය"
    රික්තකය = Vacuole
    රික්තය = Vacuum

    ReplyDelete
    Replies
    1. ඒක මං හරියට දැනගෙන හිටියේ නැහැ......උබේ දැනුවත් කිරීමට ස්තුති........

      නිදහස් චින්තනමය වසරක් වේවා යාළුවා ......!!!

      Delete
    2. ඔබටත් එසේම වේවා.... !!!

      Delete
  3. ඉතා හොද නිර්මාණයක් යාලු...
    ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    මම samakayawate බ්ලොග ලියන නලින්

    ReplyDelete
  4. ස්තුති නලියා......

    උබටත් හොදට රස්තා ගහන්න පුළුවන්.......නිදහසේ හිතන්න පුළුවන් වසරක් වේවා......!!!

    ReplyDelete
  5. Replies
    1. ඇයි උබ විතරක්........අපි තනි වෙලා බං,,,,,,,,,,,

      Delete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...