ඔබේ ආදර තිලිණය...!
සරත් අහස සඳ සරසන වෙලාවක
මුවින් මදු විතක් අරගෙන මම, මුලාවක
ලා අඳුරක සිත තනි උන තලාවක
තවත් කවක් ලියවුනි දැන් මලානික
කවියේ පදත් දැන් ලිය වෙන්නෙ ඇදවී
අඳුර මැදින් ගලනවා සඳ රැස් බේරී
මණ්දාරමට වැහි ගෙනා වැහි ලේණි
තියපං විලාපය මගේ තනිකම ගැන පේවී
සඳට තනි නැහැ සඳ සාවිය හින්දා
මලට තනි නැහැ වන බඹරුන් හින්දා
ගසට තනි නැහැ සියොතුන් ඇති හින්දා
මටත් තනි නැහැ මරණය ලඟ හින්දා
දේතොලග රැදි දුම් වැටියක දුමාරෙට
පෙනහල්ලත් පෙම් කරනවා අවාරෙට
ෆිල්ටර් නැතිම ප්‍රේමය දුන් රුදාවට
හදවත අහිමි මම දැන් ඉමි සුසානෙක
කවුළුව ලඟ අඹ ගස තුල මුවා වී
සඳ ඉන්නවා ඔච්චම් කර මට, සිනා සී
අතේ රැදුන දුම්වැටියට එපා වී
නිවි ගිහින් අළු ගොඩ මත දිගා වී
නියමයි.. උඹ මේකෙන් පලායන්න එහෙම එපා රස්තා..
ReplyDeleteස්තුති වෙවා. උබ මොකෙන්ද පලායන්න එපා කියන්නේ කවි ලියන එකෙන්ද ....
Deleteපට්ටයි මචං සුපිරි කවි ටික
ReplyDeleteඅදහසට තුති.
Deleteකවි සිතුවිල්ලකට දහසක් දේ කියන්න පුලුවන් මචෝ
ReplyDeleteඅනිවා බං. ඒක තමා ඇත්ත කතාව. ඒකට කියවන්න කෙනත් හරියට සෙට් වෙන්න ඔනේ.
Deleteඇත්තටම නියමයි නේ කවි ටික. සිතුවිල්ලකට එහා ගිය හින්දමයි බය නැතුව කවි ටික කියලා කිවුවේ.
ReplyDeleteප්‍රණාමය වචන වලින් අදහස් දැක්වීමට...
Deleteරස්තා නියමයි නියමයි
ReplyDeleteතුති මිත්‍රයා අදහසට....
Deleteමත්පැනින්...දුම් බටෙන් ගැටළු නොවිසඳුනාට
ReplyDeleteනිර්මාණයක් විදියට පදටික ලස්සනයි මිත්‍රයා
උබ ලස්සන කතාවකට මුල පුරනවා සහොදරයා...අදහසට ස්තුති.
Deleteආදරෙත් හරියට සිගරට් එකක් වගේ තමයි... උඹට කියන්න ඕන නෑ නේ.. උඹම ලියපන් ඒ ගැනත් පද වැලක්..
ReplyDeleteපට්ට..
අනිවා. ජොයින්ට් එක හීනියට තදට එතෙන තරමට ලල් එක වැඩි වගේ ආදරේත් සීරාවට දේන්න ගියහම වෙනම හැගිම් එක්ක විදවන්න, විදින්න වෙනවා. ඒ හැගීම් එක්ක තනි උනහම වචන් වලින් ලියා ගන්න බැහැ මක් කරලාවත්.
Deleteනියම පද ගැලපුමක්. කියවගෙන යනකොට මෙලඩි යකුත් නිකම් එනවා වගේ.
ReplyDeleteනිකන් ඉන්න ගමන් ට්‍රයි කරලා බලපං...
Delete///ෆිල්ටර් නැතිම ප්‍රේමය දුන් රුදාවට ////
ReplyDeleteසදා සොත්ති.....
මම කැමතියි. පින්තූරය නියමයි.
එල එල...ආදරේ සිරාවට කලා කියන්නේ ඒකේ තියෙන විදවීම වැඩී. ඒ විදවීම මාර ත්‍රිල් එකක් දේන්නෙ.
Deleteජාතික දුම්වැටි විරෝධී වැඩසටහනට හොඳයි.. අත්තටම බෙහෙවින්ම නිර්මාණාත්මකයි
ReplyDeleteස්තුතියි අදහස් දැක්වීමට...
Delete" අතේ රැදුන දුම්වැටියට එපා වී
ReplyDeleteනිවි ගිහින් අළු ගොඩ මත දිගා වී "
ඒ පදේ ඇතුලේ මං ගොඩක් ජීවත් උනා...
Delete"මත්පැනින්...දුම් බටෙන් ගැටළු නොවිසඳුනාට
ReplyDeleteනිර්මාණයක් විදියට පදටික ලස්සනයි මිත්‍රයා"
මමත් පිලිගන්නව මේ ටිකනම්
අදහසට ප්‍රනාමය...
Deleteදුම්මල ගලට ගිය අම්මා කවි පන්තිය මතක් වුණා.............
ReplyDeleteමම මේකට කැමතියි :) ලස්සන පද!!
ReplyDeleteරස්තෝ ඔයාගේ බ්ලොග් එකට ඉස්සෙල්ලාම පාර පෙන්නුවේ තරුණයා පත්තරේ. ගොඩක් කල් ගන්නැතිව සතියකට සැරයක්වත් පෝස්ට් එකක් දාන්න.
ReplyDelete