Saturday, June 22, 2013

උමතුවක්ද ආදරය........



ජිවිතේ පිටුවෙන් පිටුව ලියල ඉවර වෙන පරිච්ඡේද වගේ.......එත් කවදාවත් ඒ පොත ඉවර වෙන් නැහැ......එක රාමුවකින් තව රාමුවකට......කවද්ද අපි මේ රගපැම නවත්වන්නේ...මං දන් නැහැ......ඒත් එක දෙයක් මං දන්නවා. අපි මේක කවදාවත් නවත්වන් නැහැ....
                  
                              ගමනාන්තයද අමනාප වී ඇත.....
                              මාර්ගය අතුරුදහන් වී ඇත...
                              පැමිණ, රැගෙන යනු....
                              මේම කුඩා පැතුම......
                              එය මා හට අයිති දෙයකි....
                              නුබයි මාගේ වස්තුව.....

ජිවිතේ කිසි සීමාවක් නැතුව විදින්න හදපු දේවල්.......කාලයක් තිස්සේ විදලා.....එක පාරට එවායින් වෙන් උනාම.......අපි කොහොමද ඒ හැගීම් තව කාත් එක්ක හරි බෙදා ගන්නේ......

රස්තියාදුවත් ඒ වගේ කාලයක් තිස්සේ කරපු කියපු ගොඩක් දේවල් වර්ථමානයත් එක්ක මග හැරෙනවා වගේ දැනෙන කොට අපි හිතන්නේ මේ දකින්නේ හීනයක් කියලා.....නෑ ඒක ඇත්ත. අපි මේ දකින්නේ හීනයක් නේමේ.  ඒත් මට දැනෙනවා මගේ ඇග ඇතුලෙන් කෑ ගහලා කියනවා උබට උබ නැති වෙන්නයි යන්නේ කියලා........එත් මන් කොහොමද හිතන්නේ මේ දකින්නේ ඇත්ත කියලා.........

ඒත් අන්තිමට මේ පිළිවෙලක් නැති අකුරු ටික, මේ පිටුව ඇතුලේ ලියවෙන්නේ ඇග ඇතුලේ ඉදන් දඟලන ඒ උන්මත්තකයටත් ජිවත් වෙන්න හුස්ම ඉල්ලන නිසා.....

"උමතු ආදරය 2".... "Aashiqui 2".......රස්තියාදුකාරයා වැඩියෙන් හින්දි චිත්‍රපටි බැලීම සදහා යොමු නොවුනත් අහම්බෙන් අහන්න ලැබුන සිංදුවක් නිසා මාව ඒ චිත්‍රපටිය බැලිම සදහා පිස්සු වැට්ටුව.....

"දැන් මා හට නුබ නොමැතිව සිටිය නොහැකියි…."


ජිවිතේ අපි කාලයක් තිස්සේ බලන් හිටපු දෙයක් ඝණ අන්ධකාරය ඉදන් එළියට ඇවිල්ලා නැවතත් සුදු පාට මිහිඳුම් වට අතර සැගව යනකොට අපි කොහොමඳ ඒ හැගීම දාරා ගන්නේ..........!!!!!

ඒ වගේ.......ආදරය කියන නවකතාව ඇතුලේ අපි ඉල්ලන පරිච්ඡේදයම විතරක් අපිට ඕනේ වෙලාවට රචකයා අපිට දෙන් නැහැ.....එහෙම දුන් නැහැ කියල අපි ඒ පොත කියවන එක නවත් වන්නෙත් නැහැ. එක අතකට ඕනෙම දේක කේන්ද්‍රය ආදරය, ප්‍රේමය උනාට ඒක වටා තියන අපිචර්මය, හැසිරීම තමා වඩා ලස්සන......

ජනප්ප්‍රිය තරුවක් වෙච්ච බේබදු තරුණයෙකු අහිංසක තරුණියකට පාට ලෝකයකට යන්න මග පෙන්නලා.......ඈත ඉදන් ඇය දිහා බලන් ඉදලා....ඔහු විදවන විදවිල්ල....... අපිව අයෙමත් උමතු ආදරයක වර්ණවත් චාරිකාවක අරන්
යනවා.......



මේ චිත්‍රපටය මෝහිත් සූරිගේ අධ්‍යක්ෂණයෙන්නුත්, ශගුප්තා රෆීක්ගේ රචනයෙනුත් වර්ණවත් වෙනකොට, රුපකරණය වෙන්නේ විෂ්ණු රාඕ අතින්....මෙහි ප්‍රදාන චරිතය සදහා පන දෙන්නේ ආදිත්‍ය රෝයි කපුර් සහ ශාර්ධා කපුර්......මේ සියල්ල අහිබවා අපිව උමතු ආදරයක් තුල අතරමං කරවන්නේ එහි එන ගීත....එම ගීත අකුරු කරලා තිබුනේ මිතූන්, සන්දීප් නාත්, ඉර්ෂාඩ් කමිල් කියන අය. උමතුව අමරණිය කරන්නේ එහි එන සංගීතය........මිතූන්, අන්කිත් තිවාරි, ජීට් ගංගුලි යන අය
අතින් හැඩ වෙනවා........

මෙය ප්‍රේමය, ගීතය හා කැටි උන චිත්‍රපටියක් හැටියට වර්ග කරණයට ලක් උනත් රස්තියාදුකාරයට එය entertainment කියන පරාසය පහු කරලා ගොඩක් දුර ගිය නිර්මාණයක් විදිහටයි දැනෙන්නේ....


මානුෂිය හැගීම් එක්ක ජීවිතය දෝලනය වෙන විදිහ කෘතිය පුරාවටඅපිව අවිවිශ්චිත කරනවා.....ප්‍රේමය......හදවත ඇතුලෙන් පටන් අරන්......ඒක ඉර්ශියාව කියන එළිය වැටුනහම අපිට හිතෙන්නේ අපි වැරදි පාරකයනවා කියලා........ඒත් අපි අතරමං වෙලා.....ඔව් තරු දහස් ගණනකින් පිරිලාගිය වර්ණවත් මන්දාකිණියක් මැද්දේ අපි අතරමං වෙලා....... 

                          කාලයද නැවතී ඇත..........
                          කිමද, එලෙස සිදු වූයේ...
                          අනේ නුබ...!! පැමිණෙනවා නම්....
                          යම් ආශීර්වාදයක් මෙන්.......
                          නුබයි සැනසුම මා ආත්මයේ....
                          නුබයි මාගේ ඇදහුම......
 

හැම තරුවක්ම දිලිසෙන රැයක.....ඇයි මේ තරුව විතරක් වලාකුළු වලට මුවා වෙලා.
  
Ref - බයිස්කෝප් මංසල 
 


.

6 comments:

  1. අෆොයි.. ෆිල්ම්නම් මටත් බොක්කට වදින සීන් තියෙනවා. හැබැයි ෆිල්ම් සාමාන්‍ය ජීවිතේ තියනවා අඩුයි නේද.. ?

    ReplyDelete
    Replies
    1. අඩු ඇති.....එත් නැති වෙන් නැහැ බං.......එත් බං ෆිල්ම් එකක් බලද්දී ඒ චරිතේ අපේ කර ගනිද්දී එතනින් මිදිලා එන්න බැහැ.....

      Delete
  2. ඔන්න අද මාතලනුත් ලියල තියෙන්නේ පරණ ෆිල්ම් ගැන තමා. මේ ආවේ ඒක කියවපු ගමන්.

    ReplyDelete
    Replies
    1. මාත් ඒක දැක්ක නලියා.......ෆිල්ම් කියන්නෙත් මාරම කලාවක් තාමා......එක චරිතයක් ඇතුලේ අපේ තව චරිත 100ට විතර පන දෙනවා........

      Delete
  3. මේ ෆිල්ම් එක බොක්කටම වදින්න ෆිල්ම් එකේ ප්‍රධාන චරිත 2ක සුදුසු ලෙසම තෝරාගෙන තියෙනව.අලුත් මුනු 2ක් නිසා තවත් සාර්ථකයි..ඕකෙ 1 වෙනි කොටස අනිවා නිෂ්පාදනය කරයි.මොකද නැත්නම් කතාවේ තේරුමක් නැතුව යනව..

    ReplyDelete
  4. ගැහැනිය කෙසෙද පිරිමයකුට ආදරය කල යුත්තෙ යන්න අරොහි ගෙ චරිතෙන් මනාව පෙන්නුම් කරනව ආදරය කෙතරම් ලැබුනද පිරිමි හද වත සේම ගැහැනු හදවත නොපිරෙ නමුත් අරොහි මගෙ හදවත ආදරෙන් පුරවන්න සමත්වු බව නම් කියන්න ඕන..

    ReplyDelete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...