සීත ඍර්තුව අතරින්...!!
සීත ඍර්තුව අතරින්...
ඉරේ එලියක් ඈදී.....
සුලං කොඩ මත වේලි
ඔබේ සුවද මට දැනේ...
ඔබේ සුවද මට දැනේ...
ඔබේ සුවද විසිරේ........
උණුසුමක් නැතිව හදවතේ
ගල් ගැසුනු හිම පියලී බිදේ......
නිල් දැස අග රැදී.... කඳුලු තුඩු වල
සිසිල මට දැන් දැනේ...දැනේ....දැනේ....
පැතුම් සිර කර....සිතුම් ගුලි කර....
සිහින් ලොවින් මා මිදේ....
සීත ඍර්තුව අතරින්...
ඉරේ එලියක් ඈදී.....
සුලං කොඩ මත වේලි
ඔබේ සුවද මට දැනේ...
ඔබේ සුවද මට දැනේ...
ඔබේ සුවද විසිරේ........
පාට නැතුව ජිවිතේ
පාළු සිතුවමින් මා මිදේ.....
රක්ත ඳෙතො ලඟ.....රැදුනු පිනි පොඳ
පහස මට දැන් දැනේ...දැනේ....දැනේ....
පැතුම් සිර කර....සිතුම් ගුලි කර....
සිහින් ලොවින් මා මිදේ....
මට මතක් වුණේ..
ReplyDeleteසුවඳ දැනී දැනී දැනෙනවා.. ගීතය ;)
මතකයන් තමා බං අපිව වර්තමානය ජිවත් කරවන්න හුස්ම දෙන්නේ.....අපිට ජිව්තයක් තිබ්බ කියලා මත්කය අපිට කෑ ගහලා කියද්දී අපි අසාවේන් ආපහු හැරිලා බලනවා ඒ දිහා බලනවා ...
Deleteහරිම ආදරණිය එක්වීමක් වගේ
ReplyDeleteහැම එක් විමක්ම ආදරනියයි....අවංක නම්...
Deleteමේක ගීතයකට සමාන වෙන්න ලිව්ව එකක් නේද??
ReplyDeleteඔව් මචං....මම ට්‍රයි කලේ ඒ රාමුවට ලියලා බලන්න තමා...
Delete"සීත ඍතුව අතරින්
ReplyDeleteඉරේ එළියක් ඈදී
සුළං කොඩ මත වේළී.."
ලස්සනයි..
අක්ෂර වින්‍යාසයත් සැලකුවා නම් හරි අගේ..
ස්තුතියි...අක්ෂර වින්‍යාසය ගැන කිවුව කතාව මට පොඩ්ඩ පැහැදිලි මදි වගේ....මං කැමති එක ගැන පොඩ්ඩා දැන ගන්න...
Deleteතනුවක් දාලා සිංදුවකට වුනත් ගන්න පුළුවන් කවි ටිකක් මේක.. ඇත්තටම ලස්සනයි..
ReplyDeleteමෙක ලියුවේ එහෙම අදහසකි තමා බං...බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියලා...අදහස් දැක්විමට තුති...
Deleteදෙකක් නැහැ ගීතයකට නියමයි.
ReplyDeleteස්තුතියි සහෝ...කවියෙන් පොඩ්ඩා විතැන් වෙලා වෙන රාමුවක හැගිම් විදින්න හිතුවා....
Deleteඅගෙයි අගෙයි..
ReplyDeleteනලියා... අදහස් දැක්වීම ගැන මගේ ප්‍රනාමය...!
Deleteදැන් උඹ ඉන්නෙ පිට රටකද.....?
ReplyDeleteනැහැ බං....ඇයි උබ එහෙම ඇහුවේ ලියන එක අඩු වෙච්ච හින්දද නැත් නම් ලියන එකේ පොඩි වෙනස් විමක් තියෙන හින්දද....
Deleteකවිය නිංක අපි රැසියානු සාහිත්‍යයට අරන්ගියා වගේ සීත සෘතු රුසියානු සාහිත්‍ය පුරාම දකින්න පුළුවන්නේ..
ReplyDelete