නැවේ ප්‍රධාන තුඹ ගසට මුදුනින් සුලන් පහර සමග ලෙළදෙන ඒ කොඩිය දෙස බලාගෙන සිටි මුහුදු මංකොල්ලකරුවා.......තම බැල්ම මහ සයුර දිහාවට යොමු කලේ තමා නැව මෙහෙයවන දිශාව හරිද කියලා දැනගන්න වගේ.......මුහුදූ රළ නැවු බඳේ හැපිලා විසිරෙන පෙන කැටි, ඔහුගේ ඉනේ රැදී රිදී පාටින් දිලිසෙන කඩු තලයට වැටිලා දිලිසෙන්නේ කැඩපතකට වැටුන හිරු එලිය වගේ ආඩම්බරයෙන්......
රක්ත වර්ණ ලේ බිදු පමණක් තැවරෙන ඒ කඩු පතට, සිහිල් දිය බිදුවක් ගෙන එන අපුර්ව සුන්දරත්වය විද ගන්න ඔහුට කවදාවත් හැකි උනේ නැහැ......
රාත්‍රිය.........ඈත අහස් තලයේ තරු කැට දහස් ගණනක් දිලිසෙනවා.......මිට වසර ගණනක ඉදන් ඔහු මේ වර්ණවත් සිතුවම දැකලා තිබුනත්, එදා ඔහුට මොකක්දෝ අමුත්තක් දැනෙමින් තිබුනා.........මුහුදු සුළගේ....හෝ... හෝ.... හඬ ඇරෙන්න කිසිදු ශ්‍රවනයක් නැති ඒ අන්ධකාර රාත්‍රියේ......ඔහු කල්පනාවක අතරමං වෙනවා.....
ජිවිතේ කවදාවත් බිය කියන දේ නොඇසූ ඒ අභීත මුහුදු සෙන්පතියා.......මුහුදු රළ ගොඩබිම ලෙසට සිතු ඔහුට, තමා මේ ගිලෙමින් යන සුදු මිහිදුම් වලා වලින් පිරිලා යන නොපැහැදිලි කල්පනාවේ තව තවත් හුදකලා වීමේ ආශාවෙන්.......තම ඇත රැදී සුක්කානම අතහැර, මුහුදු රළ දෙබෑ කරමින් ඉදිරියට ඇදෙන නැවු බදේ ඉදිරි නැම්මට හේත්තු වෙමින්, තුඹ ගහේ එල්ලලා තියෙන ලන්තෑරුම් එලිය යටින් ඒ නොපැහැදිලි අන්ධකාර අතීතය ස්මරණය කරනවා.......
තමා මේ නිල්වන් ජල කඳට ආදරය කල දා සිට........තම ජීවිතය ගැන පවා විශ්වාස නොකළ.......ඈතින් පෙනෙන ක්ෂීතිජ ඉමවූ වෙත අභිතව තම නැව මෙහෙය වූ මේ මුහුදු මංකොල්ල කරුවා, පුරාවෘර්තයක් තුල තම ජීවිතය දිය කර හරි යැයි කුවූරු නම් සිතයිද.......
තම සගයන් සමග මෙහෙය වූ අපමණක් නැවු මංකොල්ල තුලින්, වටිනා භාණ්ඩ, මුදල්, වස්තුව පැහැරගත්තත්. ඔහු කිසි දිනක ගැහුණුන් වෙනුවෙන් තම අසිපත මෙහෙය වූ බවක් ඔහුට මතක නැත........තම සගයන් මත් වූ මදූ බදුන් සමග මහ සයුර මැද සිර වූ සිරකාරියන් හා තම සතුට බෙදා ගනිද්දී ඒ දෙසවත් නොබැලු තමා වයින් වලින් හා මුව තුල රුවා ගත් සුරුට්ටු වලින් පමණක් සවුදිය පිරු හැටි නිල් වන් මහා සයුර දෙස බලා සිටියදීම ඔහු මතකයට නැගින.......
එහෙත් එක් දිනක්.......එක නිමේශයක්........කල වෙනස.......
ඝන කළු වළාවකින් වැසි ගිය ඉහල අහස් ගැබ යුද්දයකට අවසර ලද මුර්ගයන් සේ චන්ඬ මුහුදු රළ තුඹ ගස් අතර විහිදි යන ලෙස තම ජල කඳ විසුරවද්දී.......ඒ අපුරු මුහුදු මංකොල්ල කරුවා තම පිරිස ව්‍යවසනයෙන් මුදා ගැනීමට සදහා නැවු තට්ටුව මත දුවමින් තම පිරිස හැසිර වූ හැටි කියා පෑවේ ඔහු සතු ශක්තිය හා සයුර පිළිබද ඔහු දන්නා දේ බොහෝ යන්නයි.......
අවසන, ප්රචණ්ඩ මුහුදු රළ ඒ අභීත මුහුදු මංකොල්ල කරුවාට අවනත වුවා සේ.......නිසොල්මන් විය.........
නැගෙනහිර අහස් ගැබේ හිරු කිරණ වැදී, නිල්වන් මුහුදු දිය වර්ණවත් කරන සැරසෙන මේ මොහොතේ........ ඔහුගේ දෑස යොමු වී තිබුනේ නැවු බඳට මදක් ඇතින් පාවෙමින් තිබුණ ලී කොටයක් දෙසටය....... ඔහු මේ දකින්නේ සිහිනයක් ද........ නෑ ඒක සිහිනයක් නෙමේ......
ඒ කොටය මත කිරිල්ලියක්........... ඔව් කිරිල්ලියක්.........
වාහාම ක්‍රියාත්මක වූ නැවේ ප්‍රධාන මෙහෙයුම්කරු පිහිනා ගියේ ඒ ලී කොටය දෙසටය......නැවු තට්ටුව මත තබන ලද ඒ කිරිල්ල...... තෙමුණු වර්ණවත් පියාපත් ඇති ඒ කිරිල්ල.......උණුසුම් රෙදි කඩ වලින් ඇයට ආරක්ෂාව ලබා දීමට නැවු කපිතාන්ගෙන් අණ ලැබිණ.......ඇයට ඔහු "ෆීනික්ස්" යන නම තැබුහ...........
හිරු එළිය වැටි දිලිසෙන පිනි බිදු සේ දිදුලන........ෆීනික්ස් කිරිල්ලගේ ඒ නිල් වන් ඇස් වලින්, මුහුදු මංකොල්ල කරුවා දෙස බලද්දී.......අකුණු සරයක් ලද්දකු සේ මින් කවර දක්වාත් නොලැබූ අපුර්ව හැගීමකින් තම හෘද ස්පන්දනය මොහොතකට නතර වූ ලෙස ඔහුට හැගින...........
හිමින් තම වර්ණවත් පියාපත් දිග හල ඒ කිරිල්ල තමා වටා ඉන්න පිරිසෙන් තමාට අනතුරක් නොකරන් ලෙසට ඒ අභීත සෙන්පතියා ඉදිරියේ තම අයාචනාත්මක නිල් දෙබැම බිම බලා ගනිමින් ඇය ඉල්ලා සිටියේය.......
ඒත් ඒ නිල් ඇස් දිහා බලන්.... ඒ මුහුදු මංකොල්ලකාරයට මුළු වින්දනයම තම ආත්මය පුරා විද ගන්න පුලුව උනේ නැහැ......
කතා කරන නිල් පාට ඇස් තිබුන ඇය......සිනිදු පියාපත්......මහ සයුර මහ පොළව කර ගත්ත ඒ මුහුදු මංකොල්ලකාරයව කවදාවත් නොගිය පරාදිසයකට අරන් යමින් හිටියා........
ඒත් ගින්දරෙන් ඉපදුන ඇය........ආස කලේ ගින්දරටමයි.......
ඒත් ඒ කිරිල්ලත් ඒ මුහුදු මංකොල්ලකාරයාගේ ගැබුරු ඇස් වල ගමනාන්තයක් නොදන්න චාරිකාවක යාත්‍රා කරමින් හිටියා......
බටහිර අහසේ එක තරුවක් විතරක්.....නිමවුවක් නොපෙනෙන ඒ ඈත අහසේ ඉදන් අන්ධකාරය දුරලන්න වෙහෙසෙන මේ අඳුරු රාත්‍රියේ......නැවේ රුවල් සිප ගෙන ආපු ඒ සිතල සුළං පෙළ මුහුදු කොල්ලකාරයව නැවත පියවි ලෝකයක හුදකලා කරනවා.....
නිල් සයුර මත තම ජීවිතය පා කල එම අභීත නාවිකයා...... ඒ නිල් ඇස් වල කිමිදෙන්න අසාවෙන් කිරිල්ලියව හොයාගෙන නැවේ ඉහල තට්ටුව වෙත පියවර මැන්නේ සීරුවට......
දෙවියනි.......මේ මායාවක්ද නැත්නම් ඇත්තක්ද......
ඒ ෆීනික්ස් කිරිල්ල......ඒ අපුරු කිරිල්ල........
මුහුදු මංකොල්ලකරුවෝ නොවිශ්වාස කලාට ඒක උනා........ ඒ කිරිල්ල ඔහුව දාලා කළු පාටින් වැසිලා තිබුන අන්ධකාර ලෝකයක, වර්ණවත් ඉසවු හොයාගෙන ඇය ගිහින්....... ඔව් ඇය ගිහින්.......
ඒත් එකම එක දෙයක් තියලා.........ඇය ගිහින්........
ඒ දැවිල අළු වෙලා ගිය සිරුරේ තිබුන එකම එක වර්ණවත් පිහාටුවක්......ඔව්....ඔහු වෙනුවෙන්ම......
මුහුදු මංකොල්ලකරු පිහාටුව අතට ගන්න ගමන් ඔහු මනසින් සැරිසැරුවේ නිල් දිය මත මෙතෙක් කාලෙකට නොයෙකුත් පරදිසයන් තුල යාත්‍රා කලද ඔහු නොදුටු අපුර්වත්වයක් ඒ කිරිල්ල එක දිනක් තුල මැවුවේ කෙලෙසද කියා..........
මුහුදු රළ පවා තම රළ පාලනය කලේ මෙය තේරුම් ගත් විලස......පිහාටුව අතින් ගත් ඒ නිර්භය මුහුදු මංකොල්ලකරුවා නැවේ ඉදිරිපස නැම්මට හේත්තු වී තමා ඒ විද වූ වින්දනීය දිනය නැවත සිහි කරන්නට විය......
ඔහු හිස රැදී හිස් වැස්ම ගැල වූ ඔහු යලි කවර දාකවත් දක්නට නොලැබෙන ඒ කිරිල්ල වෙනුවෙන් ඒ අපුර්ව පිහාටුව තම හිස් වැස්මේ රදවා ගන්න ලදී.......ඔහුගේ දෙනෙත් ඈත දිලිසෙන නිල් වන් අහස දෙසටත් ඒ හා එක වීමට වෙර දරන නිමක් නොපෙනෙන මහ සයුර දෙසත් යොමු වී තිබිණි........
ඔහු හිස රැදී ඒ පිහාටුව මුහුදු සුළග වැදී සැලෙන්නට විය.......
නියමයි...
ReplyDeleteස්තුති වේවා.......
Deleteහරි අපූරු කතාවක් ..
ReplyDeleteඒ අපූරු කම ඇතුලේ කියවෙන තවත් අපුරු හැන්ගිච්ච කතාවක් තියෙනවා..........
Deleteමොනවද බං පසු ලිවිමෙන් උඹ අදහස් කරන්නේ. උඹ ලියපු දේ ගැන අපිද හරියට දන්නේ. එහෙමත් නැත්නං වෙනත් අරමුණකින් ඒ දේ ඇහුවද.
ReplyDeleteSamakaya Wate නලින්
ඒක ලියුවේ වෙන අරමුණකින් තමා........මං දන්නවා මේ කතාව ගොඩක් දෙනාට පිටින් පේන තවත් එක් කතාවක් විතරයි කියලා.....ඒත් ඒ කතාව ඇතුලේ මට වෙනම ලෝකයක් ලෝකයක් තිබුන නිසා තමා මම "ප.ලි" දැම්මේ...........
Deleteමට දැනුන මේ රුපය අකුරු වලින් ලියලා. තවත් ඒක මම ම විචාරය කරන එක මහා බොලද වැඩක් නිසා එක මම එතනින් නැවතුනා.....මම මහා විදද්ග කතා ලියන්න පොරක් නොවෙන හින්දා මේ කතාව තව කාට හරි නොතේරෙන් එක මට මහා අවුලකුත් නෙමේ.....
සියවස් දෙකතුනකට කලින් නම් මුහුදු ගිය නාවිකයො හුඟ දෙනෙක් ගොඩබිම හිටපු මහ එපාම කරපු දරුණු මිනිස්සු. මම මේ ඒ ගැනත් හිත හිත කතාව කියවන් යද්දි හිතුන ඒත් මේ කියන්නෙ වෙන මොකක්ද වෙඩිමක් ගැන වෙන්නෝන කියල. අනේ මන්ද මට නම් අගක් මුලක් තේරුනේ නෑ ඕං.
ReplyDeleteඒක තේරුන් නැති එක ගැන අවුලක් හිතන්න එපා..........
Deleteමේකේ මගේ ඔලුවේ තිබ්බ චිත්‍රය අනුව උබේ ඔලුවේ මැවෙන චිත්‍රය සමාන වෙන්න ඕනේ නැහැ නේ බං........උබ කියවලා අකුරු කරපු එකම මදැ.......
කතාවකට වඩා ගීතයක් වගේනේ
ReplyDeleteඕනෙම කතාවක් ඇතුලේ ගීතයකුයි......ඕනෙම ගීතයක් ඇතුලේ කතාවකුයි තියෙනවනේ බං........
DeleteThis comment has been removed by the author.
ReplyDelete