Sunday, July 7, 2013

රාත්‍රිය රුදු ඇයිද මෙතරම්......

 

මේ තියෙන්නේ ජ'පුර පහන් තරු තරගය සදහා රස්තියාදුකාරයා විසින් ලියන ලද දෙවැනි ගීතය ...........ඒත් මේ එකක් වත් මං ඒ තරගය සදහා ඉදිරිපත් කලේ නැහැ. මේ වෙනකොට ඒ ප්‍රසංගය අවසාන වෙලා ඒකෙ ප්‍රතිපලත් දීලා ඉවරයි.......

 

                          රාත්‍රිය රුදු ඇයිද මෙතරම්......
                          කියනු මැන කොදුරා රහසින්
                          අන්ධකාරය රුදු ඇයිද මෙතරම්.....
                          කියනු මැන කොදුරා රහසින්

                          පිරිමි පපුතුර ගලක් නොම බව
                          ගැහැණු හදකට දැනේනේ කොම
                          පිරිමි නෙතගින් වැටෙන් කදුළු කැට
                          බොලද නොම බව දකින්නේ කොම
                          ගැහැණු ඇසකින්........

                          රාත්‍රිය රුදු ඇයිද මෙතරම්......
                          කියනු මැන කොදුරා රහසින්
                          අන්ධකාරය රුදු ඇයිද මෙතරම්.....
                          කියනු මැන කොදුරා රහසින්

                          හිරුගේ උණුසුම් ළය මඬළ තුල
                          සැගවෙන්න පතනා නෙළුම් පතකට
                          ඇයිද ගැරහුම් එවන් හදකට
                          හිරු එළිය පමණක්ම සොයනා
                          එවන් මලකට......

                          රාත්‍රිය රුදු ඇයිද මෙතරම්......
                          කියනු මැන කොදුරා රහසින්
                          අන්ධකාරය රුදු ඇයිද මෙතරම්.....
                          කියනු මැන කොදුරා රහසින්

10 comments:

  1. ඇයි බං ඉතිං උඹ තරඟයට ඉදිරිපත් නොකළෙ. ඒ කියන්නෙ වෙන නිර්මාණයක් ඉදිරිපත් කළාද? උඹට යම් හැකියාවක් තියනවනම් හොඳම දේ ඒ වගේ දේවල්වලට ඉදිරිපත්වෙන එක මම හිතන්නෙ. අපි වගේ නෙවිනේ. කවි ගැන හොඳ වැටහීමක් දැනුමක් තියෙන අය එතකොට ඒවා කියවයි, උඹලට එයාලගෙ විචාරයක් දැනගන්න පුලුවන්වෙයි, අනාගතයේදි සාර්ථක නිර්මාණකරුවෙක් වෙන්න ඒක ලොකු පිටුවහලක්නේ.

    ReplyDelete
    Replies
    1. නෑ බං ඇත්තටම මං ඔය තරගයට සිංදු කැලි 3 විතර ලියාගෙන හිටියේ. ඒත් මට අන්තිමට හිතුන බං ඕන් නැහැ කියලා..........අනික බං කොළ කැල්ලක ලියල දෙන සහතිකවලට වඩා ඇග ඇතුලේ කකියන දේ කොලෙක කුරුටු ගැන එක මට පට්ට විදිහට දැනෙනවා......

      මේ කවි කැල්ලක් කියවලා තව එක මිනිහෙක් ආපහු හැරිලා බැලුවොත් මට අර හම්බෙච්ච සහතිකෙට වඩා ඒක මට වටිනවා......

      උබ කියන අනිත් කතාව හරි මගේ අඩු පාඩු හදාගන්න ගන්න බැරි වීමේ අවුල තියෙනවා තමා..........

      Delete
  2. ගොඩක් අයගේ පුරුද්දද මන්දා. පුළුවන් එවුන් ඉන්නවා ඔහේ. ඉතිං වෙන කවුරුහරි යාන්තම් ගැට ගහගන්න ඒවා පලවෙනි තැනට එනවා. ඒක නරකයි කියනවා නෙවේ. ඒත් අපරාදේ

    ReplyDelete
    Replies
    1. ඒක නම් අනේ මන්ද බං........මට හිතෙන හැගීම කොලෙක කුරුටු ගලා තව කාත් එක්ක හරි බෙදා ගන්න එක මට මරා අතල් එකක් දෙන්නේ.......

      කොහොමත් ඊලග පාර එකට මොනා හරි කවි කැල්ලක් දෙන්න ඕනේ........කොහොමත් ඉස්සර කැම්පස් වල තිබුන ඒ පාරාදීසය දැන් නැහැ බං.....දැන් ඉන්න වුන්ව ආපු වෙලාවේ ඉදන් මෝල් කරන්නේ 1st class ගන්න විතරයි......වුන්ට ජිවිතේ විදින්න උගන්නන් නැහැ.......

      මේවා ඉස්ස්කොල උනාම වැඩක් නැහැ නේ බං......මේවගේ පාලකයෝ මිට වඩා මේවා හිතන්න ඕනේ......

      සුනිල් එදිරිසිංහ මහත්මයා ඒයාගේ කැම්පස් කාලේ නිදහසේ එයාගේ ජිවිතේ විද්ද නිසා පට්ට කවි ලිවුවා......ඒත් දැන් එයත් පරිපාලනය ඇතුලේ ඉදගෙන මේ දේ දකින නැත්තේ ඇයි.

      Delete
  3. ලස්සන නිර්මාණයක්. අපරාදෙ තරගෙට ඉදිරිපත් කරන්නයි තිබුනෙ

    ReplyDelete
    Replies
    1. මම... කරන හැමදේම තරගෙට කරන්න කැමති නැහැ බං.......

      Delete
  4. අනගි නිර්මාණයක්නේ ඇයි ඉදිරිපත් නොකළේ අපරාදේනේ

    ReplyDelete
    Replies
    1. හේතු නැති කි දාහක් නම් මේ ලෝකේ තියෙනවද බං.......මේකත් ඒ වගේ......

      Delete
  5. [කොම?]

    ලස්සනයි නිමැවුම්!!

    ReplyDelete
    Replies
    1. මෙතන කොම කියලා මම අදහස් කලේ කොහොම කියන එක........ස්තුති අදහස් දැක්වීමට.......

      Delete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...