ඉර ගාව තනි රකින්න එනවා ද...!
ඉරට තනි රකින්න ඔබ එනවාද
සිදුනු අත් තටු තියන්..
ගිනි ගහන පොළවට ටිකක් ඉහලින්
ඉරට තනි රකින්න ඔබ එනවාද..
රඳවන්න උණුසුම හිම පියලි
දෙතොලේ...
දිය වෙන්න ජිවිතය ප්‍රේමය
තුරුලේ...
ගිනි ගන්න පපු ගැබුර තුරුලේ
සිප ගන්න ඔය දේතොල රිසි සේ...
කියන්න ඔබ මට රහසේ...
ඉරට තනි රකින්න ඔබ එනවාද
සිදුනු අත් තටු තියන්..
හිම වරුසාව මැද ඉර එළිය අවා
ඒ එළිය ලඟ මම ඇඬුවා..
විල් පතුලේ ඉර ගිලේනකන්
මම ඇඬුවා...
අවසානේ....ඔබ අවා......
ඉර ගාව හිම දිය උනේ නැහැ...
ඉර ගාව ඔබේ රුව මට පෙනුනේ නැහැ...
ඉර ගාව ඔබේ සුවඳ මට දැනුනේ නැහැ...
නැහැ....නැහැ....නැහැ.....
ඉර ගාව තනි රකින්න ඔබ අවා
ඉරුනු අත් තටු තියන....
මාරයි ඈ..
ReplyDeleteඉර ගාව තනි රකින්න ඔබ අවා
ReplyDeleteඉරුනු අත් තටු තියන....
පව් බං... හරිම ආදරණීයයි...
පළමුවර රස්තියාදුවේ විත් මෙහි ගොඩවීමි.......
ReplyDeleteආයෙමත් එමි කියා දැන් යමි
එල පෝස්ට් එකක්...එන්න අපේ බ්ලොග් එකටත් http://cyberzonelanka.blogspot.com/
ReplyDeleteනම රස්තියාදුකාරයා උනාට වචන නම් එහෙම නෑ වගේ. නියමයි. සුපිරි පද ගැලපීමක්.
ReplyDeleteමොන එහෙකට ආවාද රස්තියෙක් ගාවට :D
ReplyDeleteනියමයි!
ඉරට තනි රකින එකත් වෙනස්ම හැඟීමක් වේවි මගේ හිතේ හැටියට..
ReplyDeleteඉරට වගේම හදටත් තනිරකින්න පුළුවන් වෙන්න ඕනෙ මචෝ..එතකොට හිරු එළියට වඩා සදරැස් උණුසුම් වෙන්න පුළුවන්...
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteNirmanakaranaya, rasawindanaya wal wedunu mewage kaleka rastho oyanam patta..
ReplyDeletewish you all the best.
man blog walata aluth. math heeniyata blog ekak patangatta. godawela balannako hodada kiyala.
http://masandumal.blogspot.com/
කේමදාස මාස්ටර්ට අනුව නම් හොඳ ගී පදමාලාවත්. ටිකක් උත්සාහ කරල බැලුවොත් නරකද ගැඹුරු හඬකින් ගිතයක් බවට පත් කරන්න
ReplyDeleteතටු සිඳුනු නමුත් මගෙ
ReplyDeleteහිත හය්‍ය නියාවෙන්
එන්නද ඉතින් මන්
ඉරට තනි රකින්නට ......
අවු රස්නෙ වැඩි උනත්
පොලව ගිනි ඇවිලුනත්
හිම පියලි ඔබ ගාව පරවුනත් දුකක් නෑ
ඉඩ දෙන්න ඔබ ගාව දිය වෙන්න මගෙ මුලු ජීවයම
ගිනි ගත්ත ඔය පපුව
සිප ගන්න සීතලට කියන්න ආසයි මට.....
ගොඩ දවසකට පස්සෙ මෙ පැත්තේ ගොඩ උනේ ලස්සනයි. ආයෙත් එන්නම්.