කන්‍යභාවය විකිණිමට තිබේ.....!!
"අනේ මහත්තයෝ
මේක අරන් මට කියක් හරි
දෙන්න...!!!"
මං මේක දෙන්නෙ
මට දෙන්න වෙන දෙයක්
නැති හින්දා.....
ඔව්. මට වෙන දෙන්නම දෙයක්
නැති හින්දා....
ඒක එච්චර වටින් නැතිව ඇති
මේ දුපත ඇතුලේ....
ඒත් අපේ අම්මා දන්න කාලේ
ඉදන් මට කිවුවේ....
පුතේ උඹ කෙල්ලෙක් නම්,
උඹ මේ ඔක්කොටම කලින්
ඕක ආරක්සා කොර ගනින් කියලා...
මේ ගිනි ගහන දුපතේ
ඒක ආරක්සා කරගන්න එක
කොච්චර අමරුද කියන
එක, මට වැඩිය උඹ දන්න වනේ
අම්මේ......
මේ කියන එක උඹලගේ
අම්මට නැති උනේ,
අප්පොච්චගෙ අතින් විතරක්
නෙමේ කියලා...
රට්ටු කොයි තරම් කතා හැදුවත්....
ලෙඩ ඇදේ ඉන්න..
උඹ දිහා බල බල මට තවත්
මේක ආරක්ෂා කරන් ඉදලා
මොකටද....
අම්මේ.....
ඔව්, මගේ කන්යභාවයට වඩා
උඹ මට ලොකුයි
අම්මේ...!!!
අද කාලේ නම් වටිනාකමක් තියනවාද කියන ගැටලුව මතු වෙනවා. ඊටත් වඩා දැන් නැතිවුන කන්‍යා භාවය මුදලට ගන්නත් තියනවා.
ReplyDeleteනැති වුන ගොඩක් දේවල් දැන් සල්ලි වලට ගන්න පුලුවන් විම නිසා අපි සල්ලි වල වහල්ලු වේලා......කන්යබාවයේ වටිනාකම්ක් ගැන කතා කරන්න පුලුවන් තැනක අපි මේ දුපතේ ඉන්නවද කියන ගැටලුවක් මට තියෙනවා...
Deleteගොඩක් ගෑනුන්ට ජීවිතේ වටිනාම දේ ඕක තමයි.මේක මහා පිස්සුවක්.තවත් එක මනුස්ස ජීවියෙක් විදිහට තියෙන වටිනාකමට වඩා නිමිත්තේ වටිනාකම වැඩියි ලන්සුව වැඩියි.
ReplyDeleteඔකේ තව පැත්තකුත් තියෙනවා රස්ති. ගැණු හිතන් ඉන්නවා මිනිහ වෙනුවෙන් දෙන්න පුළුවන් වටිනාම දේත් ඕක කියල. ඒක demand කරගෙන ජීවිතේ ගොඩදාගන්න ගෑනුත් ඉන්නවා. කොහොම නමුත් මිනිසාගේ වටිනාකම් ලිංගික සීමාවෙන් එහාට ගිහින් හිතන්න පුළුවන් පුලුල් සමාජයක තවම ගොඩනැගිල නැහැ. බාගෙට බාගයක් බමුණෝ ...
ඔතන තමා කතාවෙ මුල, අපි තාමත් බමුනු සමාජයක් ඇතුලේ හිර වෙලා දුක් විදිනවා....මේක අපේ රටේ දුපතේ මිනිස්සුන්ගේ ඔලුව ඇතුලේ ඇදුන ෆැන්ටසියක්...මිනිහා වෙනුවෙන් දෙන්න පුළුවන් වටිනාම දේ කන්‍යබාවය කියලා හිතන් ඉන්න ගෑනුන්ට තව ගොඩක් දෙවල් මග ඇරෙනවා ඔවුන් නොදැනුවත්වම....ආදරය ලිංගිකත්වය වගේ මනුශිය දෙවල් තුනි පටලයක් ඇතුලේ ලගු කරන්න තරම් අපි තාම දුප්පත්...
Deleteමේකයි රස්ති..., ගෑනු කියන්නේ පිරිමින්ගේ දේපලක්. මේක ඔස්සේ තමාගේ දේපලවල අනාගත උරුමකරුගේ සුජාත බාවය තීරණය වෙනවා. ඉතින් ගෝත්‍රික පිරිමියාට කන්‍යාවක් තරම් තවත් වස්තුවක් නැහැ. මම ලියපු
Deleteමේ ලිපිය කියවල බලන්න
උබේ පොස්ට් එකෙ කතා කරන ප්ලොට් එකට මං එකගයි....එත් මචං මට මෙතන තියන අවුල ඇයි අපි මේ කන්‍යාබාවයේ තියෙන සුජාත බාවයට මෙච්ච්ර ලොකු තැනක් දේන්නෙ...ඔකේ මුලික හේතුව අපිට විතරක් පොදු නැහැ මෙක ගොඩක් වෙලාවට දකුනු ආසියාවම විදින පොදු ගැටලුවක්...
Delete// ඒත් අපේ අම්මා දන්න කාලේ
ඉදන් මට කිවුවේ....
පුතේ උඹ කෙල්ලෙක් නම්,
උඹ මේ ඔක්කොටම කලින්
ඕක ආරක්සා කොර ගනින් කියලා...//
මේ කැල්ල හරහා මට කියන්න ඔනෙ උනේ අපේ ඇගවල් ඇතුලේ තාමත් දුවන්නේ පුහු අතිතයක් කියලා කියන්න. මේ කතාව කියන අම්මත් දන්නවා මේක නිකන් විහිලුවක් කියලා ...
// මේ කියන එක උඹලගේ
අම්මට නැති උනේ,
අප්පොච්චගෙ අතින් විතරක්
නෙමේ කියලා...
රට්ටු කොයි තරම් කතා හැදුවත්....//
ඒත් දුපත් කම ඇතුලේ අපිට තියෙන හැම වටින් නොවටින් දෙයක්ම අපිට සම්පතක්.
මම ලියපු කවියක් ගැන මම ම විචාරයක් දෙන්න මම අදහස කරන් නැහැ. මට වුවමනා කරන්නෙ මම සංවාදයේ පාර්ශව කරුවෙක් විම පමනයි. උබේ අදහස් දැක් විම ගැන සතුටුයි. දිගටම කතාව ඇතුලේ හිටපන්. තවත් උන්ට සංවාදයට එන්න කියපන්.
අද කාලෙනම් එහෙම තමයි... කියන්න දෙයක් නෑ ඇත්ත. මොනවද උගසට තියන්න ඉතිරිවෙලා තියෙන්නේ...
ReplyDeleteදුප්පත් කම එතුලේ ලිංගිකත්ව කියන්නෙ තවත් එක් හුවමාරු මධ්‍යක් විතරයි. එක වටිනාකමට වඩා වැදගත් බාවිතාවෙන් හොයන මුදල...මේ කතාව ලංකාවට අලුත් දෙයක් නේමේ.....
Deleteප්රදිපාගෙ සින්දුවක් තියෙනවා "විනේ කටින උන් තරහක් නොකියාම කනේ කොහොබ මිරිකනවා හැමදාම කියලා ඒක මැද තියෙනවා...ගමේ ගැටවු කර බාගෙන උන්නාට වීසේ නැද්ද නාකිත් පිල උඩ රෑට කියලා....ඔකේ අන්තිම පදේ, ලිපේ ගින්න තුන් වරුවේ අවුලන්න වරෙන් මහතුනේ කුනු කය වල්ඳන්න... තව එතනින් එහාට අපි මොනා කතා කරන් නද....
බොහොම ලස්සන පද ගෙත්තමක් බං...මේ කථානායිකාව පෙලන දරිද්‍රතාව මැනවින් මේ ඇතුලෙ නිරූපනය වෙනවා...
ReplyDeleteදුප්පත් කම ඇතුලේ විකිනෙන් නැති දෙයක් නැහැ බං.....වටිනාකමක් තිබුනා හෝ නොතිබුනා ජිව්න හුස්ම වෙනුවෙන් ඒක අතින් අත මාරු වෙනවා.....
Deleteඅද ගොඩ දෙනෙකුට වටිනා කියන දේකට තියෙන්නේ ඕක විතරයි , ඒ තරමට මේ සමාජය පාදඩකරණය වෙලා . සමරු නම් ඕක ලාබෙටම විකුනලා දානවා මොකද අද ඔක් ආපහු හදාගන්නත් ඒ තරම් වියදමක් යන්නේ නැති නිසා
ReplyDeleteලංකාව වගෙ රට වලට ඔකේ වටිනාවමක් ඇති උනේ ඇයිද කියන්න නම් මම දන් නැහැ...මොකද යුරොපා රටවල ඔය තත්වය ඔකෙම අනිත් පැත්ත....ඔවුනය කන්‍යබාවය තියෙනවා කියන්නෙ ලිංගිකව හැසිරෙන්න තියෙන මදි පුන්චිකමක් සුගතදාස වියතුන්ගගේ පරිවර්ත්නයක් වෙච්ච රෑ මැදියම පොතේ මේ කතාව හොදටම පැහැදිලි...
Deleteඅපි තාමත් සීතිම හා අදහස් අතින් පට්ට දුප්පත්.....ලංකාව ඇතුලේ ඉන්න ගොඩක් සල්ලි කාරයන්ගේ වැඩිම ලන්සුව ඔකට එන්නේ ඇයි කියන්න මට නම් තෙරෙන් නැහැ...සමහර විට ඔක ඇරියස් එක කවර් කිරිමක් වෙන්නත් බැරි නැහැ....ඔහුට නොලබු දේ ලබා ගැනිමේ ත්‍රිල් එකයි...ඔහුට නොලබු දේ තව කාට හරි අහිමි කිරිමේ ඉර්ශියවයි කියන එක...ඉස්සරහට එනවද කියන් නත් බැරි නැහැ..
හ්ම්ම්, අනේ මන්දා මොනවා කියන්න ද කියලා? ඒත් අද ලංකාවේ ඕක විකුණන්න පුළුවන් උදවිය කීයෙන් කී දෙනා ද ඉන්නෙ?
ReplyDeleteඅන්න ඒක තමා කතාව.....ඔය ඉල්ලුම සපුරන්න පුලුවන් කියෙන් කි දෙනාටද....ඇයි ඔකට ඔච්චර ඉල්ලුම වැඩි, මිනිස්සුන්ගෙ ඔලුව ඇතුලේ ඇදුන මායා චිත්‍රය...
Deleteමම ඉස්කෝලේ අට වසරේ ඉන්නකොට සාහිත්‍ය දේශනයකට ආපු පරාක්‍රම කොඩිතුවක්කු කවියත් විග්රහ කළා කවි පන්තියක් ඕය අරුතම තියෙන.එතෙන්දි කන්‍යා භාවය කියන එක වෙනුවට ගෙදර ඉස්සරහ පිපුනු මල් යායේ ගමේ මුදලාලි ඇවිත් ගියාට පස්සේ ආයි අලුත් තාලෙට මල් පිපුනේ නෑ කියලා තමයි ඒ කවියා විග්රහ කරලා තිබුනේ.
ReplyDeleteඒකනම් ලස්සන උපමාවක්
Deleteඒක සිරාවටම පට්ට උපමාවක්...ඉස්සර අලුත් තලෙට මල් විතරයි කියමුකො නොපිපුනේ දැන් වෙන්නෙ ගහත් එක්කම මරිලා යන එක ඇයි මුදලාලි අවා කියන්නෙ මුදලාලි යාලුවොත් මල් ගහේ මල් කඩනවා කියන එක....අපි සමාජයක් විදිහට හෙන පහත්...දැන්ම ආපහු හැරුන් නැත්නම් අයෙත් හැරෙන් නත් බැහැ..
Deleteඅවාසනාවට ඕකට හොඳ වටිනා මිලක් නියම වෙන්නේ නෑ ඔහොම යනකොට.
ReplyDeleteමට නම් ඔකේ වටිනා කම්ක් කොහෙත්ම නැහැ...ඇයි අපි පුද්ගලයට වටිනාකම්ක් නොදි ඇගේ කැල්ලකට වටිනා කම්ක් දෙන්නේ...ඔකේ වටිනා කම හොයන මිනිස්සුන්ට වෙන්නෙ තමාගෙ ගෑනිගේ ඇගේ කොටස් සිල්ලර මිලකට විකුනන්න...
Delete++++++
Deleteදැන් ඉතින් ඕකත් වෙන්දේසියෙ යන කලක් මේක. දෙමව්පියේ ඉසසරහ ඒ වෙනුවෙන් තමන්ගේ ඕනම දෙයක් දන් දෙන්න හිත මදාගන්න දරුවොත් තාම ඉන්නව ලංකාවේ.
ReplyDeleteඅනිවාරෙයෙන් ඇති....මට මෙතන කියන්න ඔනෙ උනේ දුපත්කමේ අන්තිම තුරුම්පුවත් දැන් ගහලා ඉවරයි කියන්න.....ඕක තමා තිබ්බ එකම අනිතිම කොලේ...දැන් ඒකත් බාල්දුයි...
Deleteවැදගත් අවැදගත් දෙයක් .
ReplyDeleteකොච්චර වැදගත්ද කොච්චර අවැදගත් කියලා මැන ගන්න බැරුව අපි අසරණ වෙලා...
Deleteබ්‍රසීලයේ දී නම් මේකට හොද මිලක් ලැබුණෘ කෙනෙකුට.
ReplyDeleteපස්ට අනුවේදනීය නිර්මාණයක් සහෝ.
මාත් දැක්ක ඒ කතාව...ලංකාව ඊට වඩා ගොඩක් වෙනස්....අපි තාම දුපතක්...භෞතිකව හා මානසිකව...
Deleteමම හිතන්නේ අද ඕකට වටීනාකමක් නෑ.. ඒත් ටෙලියක සයිඩ් එකෙන් හරි ඉන්න පුළුවනම්, පත්තරේක මුල් පිටුවේ ඉන්න පුළුවන්නම්, ඕක ඕන නෑ.... මාර මාකට් එකක් තියෙනවා..
ReplyDeleteසිරා කතාව...ඒත් මෙහෙම කේස් එකක් තියෙනවා....දැන් ඉන්න ගොඩක් කෙල්ලො ටෙලියකට හරි පත්තරෙට හරි මුන දා ගන්න හදන්නේ ඔය කියන එක විකුණලා සකන්ඩ් හැන්ඩ් මාකර්ට් එකක් හදා ගන්න......
Deleteඋඹ ගහන එක ගහනවා මූණ කට සමතලාවෙන්නම. ඒක හොඳයි. එතකොට තමයි ආපහු කන්නාඩියක් ඉස්සරහට් ගිහිල්ලා මුහුණ බලන්නේ. අම්මා වෙනුවෙන් විකුනපුවාම මොකෝ බන්....අප්පා ඕක හොරකම් කරන රටේ.
ReplyDeleteඅන්න ඒක තමා අපිව දණ ගස්සන තැන...අපි කෙල ගහන්නෙ උඩ බලාගෙනමයි....ඒ උනාට ගොඩක් වාහන වල ගහලා තියෙන්නෙ මේක බුදුන්ගේ දේශයයි කියලා....හෙල උරුමේ කියන්නෙ මේක ධර්ම රජ්‍යයි කියලා...
Deleteඒ උනට අපි තාම නොදියිවුනු මිලෙච්ච්යෝ වගේ වෙලාවකට....
මට හිතෙන්නෙ ගැනියෙකට කන්‍යබාවය ආබරනයක් කලේ කවුරු නමුත් ඒක කලේ ලිංගික කුහක කමකට.....
හැම දෙයක්ම මුදලට විකිනෙන සමජයක ඕකට විතරක් මිලක් නියම නොවි තියෙන්න විදියක නෑනෙ.
ReplyDeleteඅනිවාර්යෙන්....මට තියෙන ගැටලුව ගැහැනිය අන්තිමට වෙලදපොල ඇතුලේ වහලෙක් වේයිද කියන එක..දැනුත් හැබැයි ඒක වෙන්න දේයක් නැහැ වගේ...ගාර්මන්ට් ඇතුලේ ගොඩක් වෙලාව ගැහැනිය ශ්‍රමිකව හා ලිංගිකව වහලෙක් වෙලා ඉවරයි..
Deleteසමාජයේ හැම දෙයක්ම විකිනේනවනේ බං.. නැත්නම් අපිට කියත හැකි MARKET වෙනවා කියලා ඉතින් හැම දෙයක්මMARKETවෙන සමාජයේ ඔකත්MARKET වෙනවා. අතිතයෙත් ඔක උනා වර්තමානයෙත් වෙනවා අනාගතයෙත් ඔක අනිවා වෙනවා...
ReplyDeleteඋබ කිඋව දේට මන් එකගයි ඔක ඊයෙත් උනා අදත් වෙනවා හෙටත් වෙනවා...අපි තාමත් යල් පැනපු මතවද ඇතුලේ හිර වෙලා ඉන්න කන් ඕක ඔහොම් මම තමා...
Delete