හැබැයි මට මෙහෙම හිතුනා ලංකාවේ අධ්‍යපනය කියන්නේ මොකක්ද, එක තුල ශ්‍රී ලංකාව රටක් විදිහට බලාපොරොත්තු වෙන්නේ මොනවද, කියන කාරණාව ගැන අපි අයෙත් රටක් විදිහට කල්පනා කරලා බලන්න කාලේ හරි කියලා මේ රස්තට හිතුනා.
මොකද ලංකාවේ අධ්‍යාපනයට දීලා තියෙන්නේ මහ පටු නිර්වචනයක්. අධ්‍යාපනය කියන්නේ 1 ඉදන් 100 ගණන් කරන එක, සිංහල අක්ෂර, ඉංග්‍රීසි හෝඩිය, ව්‍යාකරන ආදී පොදු පටු කරුණු විතරක් නෙමේ. ඒ කියන කාරණා වලින් ඔබ්බට ගිය විශාල ප්‍රදේශයක් පුරා විකාශනය වෙච්ච පුළුල් සංකල්පයක් බව අපේ රටේ පාලනයේ ඉදන් බහුතරයක් ජනතාවටත් මේක තේරුම් ගැනීමට බැරි හෙන අන්ධකාරයක අතරමං වෙලා කියලා මේ රස්තියාදුකාරයට හිතෙනවා.
පුහු අධිරාජ්‍ය වාදී සංකල්පයක් නියෝජනය කරන ලංකාවේ ඉන්න සමහර කොටස් පහත කාරනා මොන විදිහකට දකීද දන් නැහැ. හැබැයි මේක තමා මං මෙච්චර කාලෙකට අහපු අධ්‍යාපනය සම්බන්ද හොදම නිර්වචනය.
මේකේ අධ්‍යාපනය විකාශනය වෙච්ච පැති දැක්කම අපේ අධ්‍යාපනය කොහෙද කියලා හිතෙනවා. මේක නිර්වචනයක් කිව්වට ඇමරිකා එක්සත් ජනපදයේ 16 වෙනි ජනපති එබ්බ්‍රහිම් ලින්කන් තම පුතාගේ ගුරුවරයා වෙත යවන ලියුම. මටනම් ඒක තාමත් යාවත් කාලීනයි. 1850-60 කාල පරාසය තුල ලිය වෙච්ච මෙම ලිපිය තුල ඔවුන් ඒ කලේ අධ්‍යාපනය සම්බන්දයෙන් දුටු දැක්ම අපිට පහැදිලි කරනවා. 2013 වෙලත් අපි ඒ කිට්ටුවටත් ඇවිල්ලද..............(මේකට උත්තරේ මහ බැංකු වාර්තාව අනුව සාක්ෂරතාවය 92% කියන එකනම් නම්, ඔහුගේ අධ්‍යාපනය ගැන කතා කිරීමට අපි වචන නාස්ති කල යුතු නැත.)
එබ්බ්‍රහිම් ලින්කන්, තම පුතාගේ ගුරුවරයා වෙත යවන ලද ලියුමේ පරිවර්තනයේ සාරාංශය.
ඔහු උගත්තෙක් විය යුතු බව මම දනිමි. සියලු මිනිසුන් සාධාරණ නැත. සත්‍ය වාදිද නැත. නමුත්, සෑම නොමිනිසේකුටම වීරයෙක්ද, ආත්මාර්ථකාමි දේශපාලකයේකුටම කැප උන නායකයෙක්ද, සෑම සතුරෙකුටම සහෘදයෙක්ද, සිටින බවත් ඔහුට උගන්වනු මැනවි.
ඊර්ශියාවන් ඉවතට ඔහු මෙහෙයවා සන්සුන්ව සතුටේ රසය විඳගනිමටත්, ඔහුට උගන්වනු මැනවි.
දුර්වලය තලා පෙලන්නා වැඩිකල් නොගොස් ඒ සදහා පසුතැවෙන බව ඔහුටම තේරුම් ගැනීමට ඉඩ හරිනු මැනවි.
පොත් පත් වල සැගවුන ආශ්චර්යය ඔහුට උගන්වන ගමන්ම, අහසේ පිය සලන කුරුල්ලාගේ සදාතනික මුණු මුණු වේද, හරිත කඳු වැටි අසබඩ විල්ගොමුවේ විහඟ, මි මැසි නාදයේද, අසිරිය විද ගැනීමට නිදහසට ඔහු හට ලබා දුන මැනව.
දයාබර ගුරුතුමනි අසමත්වීම, රැවටීමට වඩා ගෞරවනීය බව ඔහුට උගන්වනු මැනවි.
ලෝකයාගේ ගැරහුමට ලක් වුවද, තම අදහස් මත විශ්වාසය ගොඩ නගා ගැනීමට ඔහුව පුරුදු පුහුණු කල මැනවි.
සුමුදු හදවත් අතර සුමුදු වීමටත්, රළු පරිසරයකදී රළු වීමටත් අවශ්‍ය ශක්තිය ඔහුට ලබා දුන මැනවි.
වැඩි දෙනකු අනුගමනය කල පමණින්, යමක් අනුගමනය නොකිරීමට ශක්තිය ඔහුට ලබාදීමට උත්සහ කල මැනවි.
සියලු දෙනාටම හොදින් සවන් දීමට මෙන්ම, යහපත් දේ පමණක් තෝරා බේරා ගැනීමටත් ඔහුට උගන්වනු මැනවි.
ගෞරවනීය ගුරුතුමනි, කදුළු අතරින් සිනා සිමටත්, කදුළු බිදුවක ලැජ්ජාව නොදැනිමටත්, විවේචනයට බිය නොවීමටත්, පමණට වැඩි ප්‍රශංසාවන්ගෙන් ප්‍රවේසම් වීමට ඔහුට කියා දුන මැනවි.
ශක්තිය සහ මොළය උපරිම මිලකට අගය කිරීමටත්, එහෙත් හදවත මෙන්ම ආත්මයද, මිල නොකරන ලෙසටත්, ඔහුට උගන්වනු මැනවි.
නුවමනා කාලයේදී දෙසවන් වසා ගැනීමටත්, තාමා නිවැරදි යැයි සිතේ නම්, ඒ වෙනුවන් සටන් කිරීමටත් ඔහුට උගන්වනු මැනවි.
දයාබර ගුරුතුමනි, අනවශ්‍ය හුරතලයට ලක් නොකර, ඔහුට මෘදු ලෙස සලකනු මැනවි. මන්ද යත්, හොඳ වානේ පන්නරයක් ලැබෙන්නේ දැඩි ගින්දරකිනි.
නොඉවසිලිමත් වීමට ශක්තියත්, නිර්භිත වීමට ඉවසීමත්, නිරන්තරයෙන් තමා කෙරෙහි අපරිමිත විශ්වාසයක් තැබීමට ඔහුට උගන්වනු මැනවි.
එවිට පමණක් ඔහු සමස්ත මානව වර්ගයා කෙරෙහි අනන්ත වූ විශ්වාසයක් දක්වන්නේහිය.
ගෞරවනීය ගුරුතුමනි, මෙය විශාල ඇනවුමකි එහෙත්, කල හැකි දේ කුමක් දැයි බලනු මැනවි.
මේ අපුර්වතම කුඩා පැටියා මගේ ආදරණිය පුතුමය.....!