Friday, December 21, 2012

අහෝ දුකකි.........!!!!!

ඔන්න එහෙනං පටන් ගත්තා රස්තගේ බ්ලොග් ලිවිල්ල.

අද මේ පොස්ටුව ලියන්න නෙම හිටියේ.........එත් මේ ආශ්චර්යමත් රටේ හෙට දවස පුරා අපිට විදුලිය විසන්දි කරන බව සද්ගුණවත් චම්පික උපාසක මහතාගේ දායක සබාව නිවේදනය කරගෙන ගියා. ඒ නිසා රෑ කියල බලන් නැතුව දැන් ලියනවා මෙලෝ සිහියක් නැතුව.

අපේ හන්දියේ කඩේ ගාවට යන පාරේ ඉන්නවා බං මල ඇනයක් වෙච්ච ඇන්ටා පාරක්  ( මාවයි ඇන්ටාවයි දලා කතා හදනවා නෙමේ ඕං ) දවසක් මම පොඩි කයියක් දාන්න කඩේ ගාවට යද්දී මෙන්න මෙයා ඉන්නවා, නිකං ගේට්ටුව ගාව දොරටුපාලිකාව වගේ.

 කාලා වරෙන්කො දැන් ආපු ගමන යන්නත් එපෑ.......

මම නොදැක්ක ගානට ගේ ගාවින් යන්න හිතාගෙන අවා. එතකොට මේ ගෑනි මගෙන් අහනවා ......

කෝ බං උබලව කැම්පස් වලට ගන්නේ නැතෙයි..........මදැයි උබත් කොලා.........

මට පොලොව පලං යන්න හිතුනා.

ඇයි බං O/L දෙපාරක් කරලත්  Fail වෙච්ච ඒ ගෑනි මගේ මුනට එහෙම අහද්දී..........

ඉගෙන ගත්තේ නැති ඔක්කම මෝඩයෝ නේමේ. ඔය ඕන තරම් මිනිස්සු පොලවේ පය ගහලා අගේට ඉන්නේ. නමුත් අරෙහෙම අහනේ ඉර්ශියාවෙන් පිරුන මෝඩ යක්කු තමා.

ඇයි බං අපි පොඩි සොමියක් දාලා ආතල් එකේ ඉන්නකොට ගෙදර අයටයි, නැදැයින්ටයි, වටේ ඉන්න උන්ටයි අපිව පෙන්න්න බැහැ.

අපි කෙලවගෙන අවසානේ ඉගෙනගන්න උත්සහ කලාම උං අහනවා...... ඇද්ද උබට......උබ අවා අපේ උන්ට උඩින් යන්න........හැබැයි. උං දන් නැහැ කවදා හරි ලෝකේ වෙනස් කරනේ අන්තිම පේලියේ ඉන්න රස්තියාදුකාරයෝ බව.

ඇයි යකෝ............S.B ඇතුළු ගුණ යහපත් ආණ්ඩුව අපිට මෙහෙම කලේ.

11 comments:

  1. ඔහොම යන් මලේ..

    ReplyDelete
  2. කෝ මේකෙ follow widget එකක් නෑනේ බං.. ඉක්මනට දාපංකෝ.

    //ඇයි බං O/L දෙපාරක් කරලත් Fail වෙච්ච ඒ ගෑනි මගේ මුනට එහෙම අහද්දී..........//

    කතා කරල වැඩක් නෑ බං. ජීවිතේට ඉස්කෝලෙ නොගිය උන් අහනව මගෙන් විභාගෙ ගොඩ දාන්න ඔච්චර අමාරුද කියල

    ReplyDelete
  3. ඔන්න ඉස්සෙල්ලම ෆලෝ කලේ මම හොදේ :D

    ReplyDelete
  4. ලොකු හයියක් යාළුවා.........

    ReplyDelete
  5. ඔන්න අපිත් මේ පැත්තට ගොඩ වැදුනා.. ඔහොම ලියාගෙන යමු..!

    ReplyDelete
  6. Replies
    1. තාම ගිනි තියන්න පටන් ගත්තා විතරයි.......

      Delete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...