Thursday, April 9, 2015

කළපුවක් කියන්නෙම ප්‍රේමයක්..




ගලාගෙන ඇවිත් මිරිදිය 
නවතින කොට 
කඩොලාන පඳුරු පාමුල 
බලාගෙන හිඳ 
වැලද ගනි 
කරදිය.

ඉතින් මිත්‍රවරුනි, 
කළපුවක් කියන්නෙම 
ප්‍රේමයක් නොවේ ද

පියහඹා එන සියතුන්ගෙන්  
අහන්නෙම නැහැනේ 
කොහේ සිටද එන්නේ 
කවදාද යන්නෙ 

ඉතින් 
ඉරිසියා හිතෙන් නැද්ද 
මිනිසුන්ට, 
දකින කොට කළපුවක්.

දඩයක්කාර මා දැල් 
වලින් සැඟව 
පෙම් කරන මස්ටකයින්ට 
ඉඩ දෙන්නෙ කළපුවක් විතරක්ම 
නොවෙද

ඉතින් මිත්‍රවරුනි, 
කළපුවක් කියන්නෙම 
ප්‍රේමයක් නොවේ ද




Thursday, February 26, 2015

විඡ්චේදනය..




ක්ලොරෆොම් පොදක් ගෙන 
මුව තබමි වැස්ම 
ඉව කර සුවඳ, ඇද ගනිමි 
සිහිමඳ වන තුරු සිත..
ගෙන කතුරු පිහි දැතට 
සීරුවට ගමි ඉවතට. සිත 
මතු කොට අතීත නහර වැල්
පිරික්සමි එකි නෙක

එකම නහරක් වෙයි. තවම
සිහිමඳ නොවුනු, පණ ගසන
කුඩා කැපුමක් කල විටක මතුපිට. 
විය 
සිත.ලේ විලක්  

නවතමී,
විඡ්චේදනය 

වසා ලමි සිත. සීරුවට රුවා  
පණ ගසන නහරය 

ගෙන කටු පෑන. ලේ වැකුන දැතට 
ලියමි වාර්තාව, 


කිසි දා සුව කල නොහැකි. ප්‍රේමයකි මෙය.


Monday, December 22, 2014

පලා යමි ඈතට.ඈතට.





එළියෙන්. අන්ධ වූ විට දෑස 
දැන ගනි අඳුර කොතරම් 
හොඳද යන වග,

පලා යමි ඈතට.ඈතට.ඈතට. 
සැගවේම් අඳුරු වන ගුල්මක
සොයා ගනු නොහැකි වනු
පිණීස ලොකයට

ගල් දේබොක්කාවෙ පොඩි සිදුරකින්  
වෑස්සෙන සුදු පාට ඉර එළියට ඇදේන 
දුහුවිලි අංශු දෙස බලමී,

අදිමී තව දුම් උගුරක් අවසන්
සිගරට්ටුවෙන්.

පේනෙන ලොකයේ
නොපෙනෙන 
රෝමානිතික අංශු
වපුරමී. අදුරේම.

හිරු බැස යයි. සඳ නැග එයි. 
සඳ  බැස යයි. හිරු නැග එයි.
කාලය. කාලය. කාලය. කාලය.

ඊයේ කවදා ද. අද කවදා ද. හෙට කවදා ද.

වැඩියෙන්ම සිනාසේමි.
වැඩියෙන්ම අඬමි.
අඩුවෙන්ම සිතමී.

එළිය යනු පෙනෙන දෙයද?
අඳුර යනු නොපෙනෙන දෙයඳ?

පේනෙන දේ හොඳද. නොපේනෙන දේ නරකඳ. 
නොපේනෙන දේ හොඳද. පේනෙන දේ නරකඳ.

හඹා යමි සුලඟ 
ඉව කරමී ආත්මය 
දරා ගනු බැරිම තැන 
බිම තබමී සිත.

ඒ තම් බරයි සිත 
සිත තරම් උසයි නුබ.

පැමිණ ගිරි මුදුනට 
බලමී ලෝකය දෙස 
දැල්වෙයි ගිනි හැම තැන.
අළුව යන්නට පෙර නගරය 
බිදක් හෝ ඉතිරි වේ නම් 
තෙතමනය.