Saturday, August 30, 2014

ආස ඇති...!


වැව කොච්චර 
ගැඹුරු උනත්,
ඔරුව උනත් 
ආස ඇති 
එක වරක් හරි 
සිප ගන්න වැවු
පතුල...!



Tuesday, July 15, 2014

කාලයයි මේ...




ඔබ දන්නවාද….


සුදු පාට ලිලි මල් වලට

පිණි වැටෙන කාලයයි මේ...
 

කඩා වැටෙන තරු වලට

පාර කියනු වස්

කණාමැදිරියන් පහන් දල්වන 

රාත්‍රියයි මේ….


ඔව්. ඔබ දන්නවාද….


වස්සාන සිහිනයට 

පිය නගන්නට දෑත ඉල්ලා….

වසරක කාලයයි මේ


පාළු සිතුවමේ පාට 

තවරන්න කාලයයි මේ
 

ඔබ දන්නවාද….. 


පාට නොමැතිව තාම ලැතවෙන

පින්සලෙන් මේ ලියන්නේ

පාළු නිම්නෙට සීත සුළඟක්

යලිඳු කවදද වඩින්නේ….




Friday, June 27, 2014

මොහොතක් නතර වී බලනවාද.....





නුග සෙවන යට ගිමන් හරින
හුදකලා පැණි කුරුල්ලෙකු දුටු විට 
මොහොතක් නතර වී බලනවාද... 

උටත් ඇති කතාවක් 
මට වාගේම දුක හිතේන 

පියාපතක සගවාගත් පුංචි
මල් පොකුරක් ද අතැතිව

විසල් නගරයකට හුඟක් පොඩි ඇති 
හිනාවක්.. 
පිච්ච මලක් උව හුඟක් සුවදැති පෙම් 
කතාවක්..