Friday, July 17, 2015

විහගකට ඉතිරි කල..



ගසකට තියෙනවා
සුරකිව තබා ගත් 
කවියක්. 

විහගුන් ඈත
ඉගිල ගොස් 
නැවත ආ පසුව 
කියවන්න ඉතිරි කල...

Monday, June 8, 2015

කැමැත්තෙන්ද, ඔබ බිලි වන්නෙ මුහුදට.



ගලා ගෙන ඇවිත් ගඟ
මුහුදට වැටෙන  
මෝය කට ලග හිඳ 
අසන පැනයක්
තියෙනවා, 
ගල් පර 

"කැමැත්තෙන්ද ඔබ
බිලි වන්නෙ මුහුදට. 
පසු කරන් ඇවිත් 
මිටියාවත"

කඳුලු පුරොගෙන ගඟ දිය 
හිස තියා ගෙන ඉවුරට 
පිරිමදින විට, සිත හිමිහිට

මුහුදු සුළග විත් නපුරුව 
අත දුගු කරයි දියඹට 

Thursday, April 9, 2015

කළපුවක් කියන්නෙම ප්‍රේමයක්..




ගලාගෙන ඇවිත් මිරිදිය 
නවතින කොට 
කඩොලාන පඳුරු පාමුල 
බලාගෙන හිඳ 
වැලද ගනි 
කරදිය.

ඉතින් මිත්‍රවරුනි, 
කළපුවක් කියන්නෙම 
ප්‍රේමයක් නොවේ ද

පියහඹා එන සියතුන්ගෙන්  
අහන්නෙම නැහැනේ 
කොහේ සිටද එන්නේ 
කවදාද යන්නෙ 

ඉතින් 
ඉරිසියා හිතෙන් නැද්ද 
මිනිසුන්ට, 
දකින කොට කළපුවක්.

දඩයක්කාර මා දැල් 
වලින් සැඟව 
පෙම් කරන මස්ටකයින්ට 
ඉඩ දෙන්නෙ කළපුවක් විතරක්ම 
නොවෙද

ඉතින් මිත්‍රවරුනි, 
කළපුවක් කියන්නෙම 
ප්‍රේමයක් නොවේ ද