සුදු පාට මීදුම අස්සෙන් ආපු
රතු පාට හිරු එළිය, මැවුව රටාව..........
හරියට......ඔයා ඇදල හිටිය සායේ
කහ පාට පසුබිමේ තිබුණ දම් පාට මල් වගේ.............
පොත් මිටිය තුල වහං වෙච්ච්
පපු දෑල හුස්ම ගත්තේ හරි සීරුවට............
හීනියට වැටෙන පොද වැස්සත් එක්ක
ඔයා හිටියේ වෙනදා වගේම..............
කහ පාට මල් පිපුන ඇසළ ගහ යට
නිල් පාටින් නෙක රටා මැවුව................
කුඩ පොඩ්ඩ ඉහළගෙන
ඉරුණු ඩෙනිමයි, පට්ට ගහපු ෂර්ට් එකයි...........
බාටා කැල්ලයි දා ගත්ත මම
වෙනදා වගේම පරක්කුයි..............
ඈත....ඉදන් පියවර මනින
ඔය නිල් පාට ඇස් දෙක ලඟ...........
හැමදාම වගේ, අදත් මම ගොළුයි
ඔයාගේ දෑගිලි අතර හිරවෙච්ච..............
පිච්ච මල් සුවඳ දෝරේ....ගලන
ඒ සුභ පැතුම් පත.............
ඒ නැගිටපන්... නැගිටපන්....යකෝ.............දැන් එලි වෙලා........
අඩෝ....මං ඒ දැක්කේ හීනයක්ද............??????
අවාසනාවට ඇත්ත කතාවක්!
ReplyDeleteඅපිට වෙන්නේ ඕව මිසක් වෙන මොනවද බං...............
Deleteසෙහ්.. වැඩේ කෑවා.. හරි මට තේරෙනවා. ඉරුනු ඩෙනිමට හැමදාම ගරු සරු ආදරේ ලැබෙන්නේ නෑනේ..
ReplyDeleteඩෙනිම ඉරිලා තිබුනට හදවත ඉරිලා තිබුනේ නැහැනේ බං එහෙම එකේ තව ටිකක් ඉවසන්න තිබුනනේ.............
Deleteපව්
ReplyDeleteඔව් බං අපි ආදරය කොලොත් එකත් කරුමෙට හීනයක් බං....කෙල්ලෝ මේවා ගැන මිට වඩා හිතන්න ඕනේ.........
Deleteමාර හීනයක්නේ පෙනිලා තියෙන්නේ... කවිය නං නියමයි...
ReplyDeleteමම සමකය වටේ ලියන නලීන්
අපිට පේන හීන විතරයි බං මාර.........මේ පැත්තේ ආවට ස්තුති වේවා..........
Deleteහීනයක් වුනත්...ලස්සන හීනයක්...
ReplyDeleteහීනේ වගේම ජිවිතේ ලස්සන වෙන්නත් ආදරේ ඕනේ බං.........මේහේ ඇවිත් වචන ගැලපුවට ස්තුති.........
Deleteමගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න
ReplyDeleteඒ සිහිනෙන් මා මුදන්න ලංනොවන්න....
මම නොවේ කියන්නේ නන්දා මාලනී.
අපි පතමු,
යතාර්ථය සිහිනයක් නොවේවා....! කියා.
සිහිනයයි යථාර්තයයි අතර වෙනස හදුනා ගන්න බැරුව තමා ලතැවෙන්නේ..........මට හිතෙන්නේ........සිහිනය යාවත්කලිනයි.......යථාර්තය ප්රායෝගිකයි......
Deleteයාළුවා නැගිට්ටපු එක හොඳයි.
Deleteතව වෙලා ගියානම් මොනවා පෙනෙයිද කියලා බය වෙලාද......????
Deleteසිහිනෙන් ඔබ මට පෙනෙනවානම් අවදි නොවී ඉන්නම් :)
ReplyDeleteකෝරලේ වලව්ව
කිසිදා ඔබේ අත නොලැබේ නම් සැමදා තනි වෙන්නම්.........
Deleteබලපං කෝරලේ මහත්තයෝ අපේ උං හිනේන් වත් අපිට කෙල්ලෙක් දකින්න දෙන් නැහැ නොවැ..........
ඔන්න ධාරත් ආව යාලූ............^_^
ReplyDeleteඔව්වගේ එව්ව හීනෙන් බලන්න යන්න එපා අප්ප.... ඩුක ඉටලයි.....:/
ස්තුති අග්නි මෙහෙ රස්තේ ගැහුවට
Deleteමෙහෙම දේවල් අපිට හීනෙන් විතරයි බං පෙන්නේ.........එහෙම එකේ නොබලා ඉන්නේ කොහොමද..............