Saturday, March 16, 2013

මාව රැග් කරපිය...........



රස්තියාදුකාරය කාලයක ඉදන් බලන් හිටිය දෙයක් දැන් ඉටු වෙලා තියෙන්නේ........ඒක අකුරු වලින් ලියලා ඉවර කරන්න බැරි ආතල් එකක්. ඒක ආතල් එකක් කියුවට මාර වින්දනයක්........

ඔන්න රස්තියාදුකාරයත් දැන් කැම්පස් යන්න පටන් ගත්තා. ඉගෙන ගන්න උන් විතරයි කැම්පස් යන්නේ කිව්වත් දැන් අපිත් ඇතුලේ. දැන් අපිත් ජපුරේ කොල්ලෝ. ඒක නෙමේ කතාව ඇයි මිනිස්සු අකැමති පිස්සු කෙලින කොල්ලෝ ඉස්සරහට යනවට. මට ඕක මුල ඉදලම දැනිච්ච දෙයක්. ඉගෙන ගන්නකන් ගෙදරට ඉස්කෝලෙට හොද කොල්ලා. පොඩ්ඩක් පිස්සු නැටුවම ලෝකෙටම වදයක් වගේ. යකෝ මේ කාලේ දගලන් නැතුව වයසට ගිහිල්ල දගලන්නද.

කොටින්ම කිවුවොත් මම කලින් අහිංසක වගේ ඉදලා පස්සේ අංගුලිමාල වෙච්ච පොරක්. අන්තිමට මට පාසලෙන් විභාග අයදුම් පත පවා දෙන්න මැලි උනා. හැබැයි අන්තිමට අපේ පාසලේන් කැම්පස් යන්න තේරුනෙත් මම විතරයි.  හැබැයි ඒ වෙනකොට මට පැමිණීමේ අදාල ප්‍රතිශත තිබුනෙත් නැහැ, අදාල ඇගයීම් කරලා තිබුනෙත් නැහැ, කොටින්ම මම බාරදුන්න ව්‍යප්පෘතියේ මම එක අකුරක් වත් කියවලවත් නැහැ.

මම ඉස්ස්කොලේ ගියේ ඉගෙන ගන්නවට වඩා සෙල්ලම් කරන්න තියෙන අසාවෙන්. එක පාරක් මායි තව පොරකුයි වාර විභාගයක් කට් කරලා හොරෙන් පැනලා යද්දී විනය බාර ගුරාට අහු වෙලා කට්ටිය මැද්දේ එක්කන් ආවේ. කොහොමද නෝන්ඩිය.....ඒ වගේ තමයි අන්තිමට මට කට්ටිය මැද්දෙම තමා මාව ස්ටේජ් එකට නග්ගල මට සහතිකේ දුන්නේ කැම්පස් සිලෙක්ට් උනාට කොහොමද එකේ ත්‍රිල් එක........

අවසානේ අන්තිම පේලියේ හිටිය එපා කරපු එකා ගේම ගැහුවා. දැන් රස්තා ඇතුලේ.

දැන් ඉතින් කෝ රැග්. වැඩේ කියන්නේ මම ඇතුලට ගියහම දැන් ගත්තේ ඇතුලේ ඉන්න බහුතරයක් අපි වගේ ලෝකේ කාපු යක්කු කියලා. පොතේම එල්ලිලා හිටිය උන් හරි අඩුයි.

මාත් එක්ක සිංදුවක් ගැන කතා කරන්න, පොතක් විචාරය කරන්න කොල්ලෝ,කෙල්ලෝ මට දැන් ඉන්නනවා කියලා මට දැන් හිතෙනවා. මේ මොනවා කලත් මගේ රස්තේ නම් අඩු කරන්නේ නැ මම.

ඉස්සර මහා රස කතා වෙච්ච "රැග් " දැන් මම ප්‍රයෝගිකව අත් විදිනවා දැන් මම. මොනාද රැග් එකකින් බලාපොරොත්තු වෙන්නේ. ඉස්සෙලා කියන්නනම් කෝ මට සෙට් වෙච්ච පළවැනි රැග් එක ගැන. මේක උනේ කන්න කැන්ටිමට ගිය වෙලාවක.

ජේස්ට උත්තමයා ආව මන් ලගට, වාඩි උනා මන් කන තැනින්. මුලින්ම ඇහුව මගේ විස්තර. මාත් දුන්නා උත්තර. එහෙනම් කියපන් මල ගැන වාක්‍ය  පහක්. ඕකත් වැඩක්ද මාත් දුන්නා නියම වාක්‍ය පහක්.....

මල් ලස්සනයි.
මල් තියනවා පාට පාට.
මල් හැදෙනවා ගස් වල වගේම වැල් වල.
මල් පරාගනය වෙලා තමයි ගෙඩි හැදෙන්නේ.
මල් වල පැණි බීලා තමයි සමනල්ලු ජිවත් වෙන්නේ.

ඕන්න උත්තරේ. ඊට පස්සේ උත්තමය කියපි අයෙත් කියපං පිළිවෙලට ඒ වාක්‍ය පහ. ඔන්න කොහොම හරි ගලපලා කියුවා. මන් හිතුව ඉවරයි කියලා. නෑ යකෝ...........ඔන්න යකෝ දැන්නේ කෙලිය......... දැන් ඔය මල කියපු තැනට @ක දාලා කියපන් ඒ වාක්‍ය පහම. අම්මට හුදු මෙච්චර කුනුහරැප කියපු මට එදා තමා තෙරුනනේ ඒ වචනේ තියෙන ගැබුර

ඇයි යකෝ "@කේ පැණි බිලා සමනල්ලු ජිවත් වෙනවා කිවුවම......"

ආයේ පිස්සුවක් ඇතේ....මටම හිනා....හිනා වෙන්නත් බැහැ, මගේ වටේ හිටිය අපේ යක්කු හිනා උනෙත් නැහැ. අන්න එකයි වැදගත්කම.

කොහොමත් රැග් එකක තියන වැදගත් කම ඒක තමා. කවුරුත් කාටවත් හිනා වෙන් නැහැ. කණ්ඩායමක තියන සහයෝගිතාව තමා එකෙන් හදන්නේ මට හිතෙන හැටියට.

අවුරුදු හතරක් වෙනම සංස්කෘතියක්, වෙනම භාෂාවක් ඒ අලුත් ලෝකෙට නවකයන් පුහුණු කිරීමත් රැග් එකකින් බලාපොරොත්තු වෙනවා. මොනා උනත් එකේ තියෙනවා මාර ගැබුරක්, මාර ත්‍රිලක්......

බලමු එළී වෙන ජාමෙට ලුනේ හොද හොද සෙල්ලං..............
 

12 comments:

  1. ඔය විකාර පැත්තකට දාලා ඉගෙන ගනින් මල්ලී...ලෝකෙ දියුණු රටවල ඔය විකාර නැහැ. ඕක දෙන උන්ගෙයි ප්‍රමෝට් කරන උන්ගෙයි තියෙන්නෙ හීන මානය විතරයි. පුලුවන්නම් ඊලඟ අවුරුද්දෙ එන උන්ට ඕක නොදී හිටපන්. අද උඹ මට එහෙම නෑ කියයි සමහරවිට. ඒත් දවසක දියුනු රටක කැම්පස් එකකට යන්න ලැබුනොත් (එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ) මම කියන එක තේරෙයි.
    (ඔව් මේ ඇනෝ කෙනෙක්!)

    ReplyDelete
    Replies
    1. උබ කියන කතාව ඇත්ත වෙන්ඇති ඇනෝ.......වෙලාවකට වදයක් වගේ උනාට, ඔය කැම්පස් අපු සෙට් එකේ ඉන්නවා බං මහා අමුතු යක්කු උන්ව මේ ඉන්නේ සමාජය තුල අනිත් උන් ගැන හිතන්න උගන්වන්න වෙන හොද ක්‍රමයක් නැහැ බං මට හිතෙන හැටියට. හැබැයි මේක හරියට උනොත් විතරයි. රැග් එක ශාරීරික වදයක් උනොත් වෙන්නේ ඉගෙන ගන්න අපු එක බුද්දීමතෙක් සමාජය ගැන කල කිරීම විතරයි. කොහොමත් කැම්පස් එකේ ඉන්නේ ඉගෙන ගත්තු අය නිසා ඒ පිළිබද ආයෙත් හිතලා බලන්නකලේ හරි කියල මටත් හිතෙනවා.

      Delete
  2. ඔබට ජය...
    රැග මෝඩ ආතල් එකක් බව වැටහෙන්නේ කලකට පසුව. එය මුලින් කරදරයක්, පසුව එහි හරයක් ගැඹුරක් ඇති දෙයක් බවත් බොහෝ කලකට පසු ගොන් ආතල් එකක් බව වැටහීම ලෝක ස්වභාවයයි.

    ඔය ඇනෝ කියපු කතාවේ ඇත්තකුත් තියනව. පිටරට පිළිගත් එකකට ගිහින් රැග දීල තෙල ගහන්න හැදුවොත් සේක්ෂුවල් හැරස්මන්ට් කියල ලෙඩ කෝටියක් වැටිලා අත් දෙක වන වනා එන්න වෙන්නෙ. මෙහෙ මාස දෙකක දේවල් එහේ සතියයි. හැමදාම රෑ දෙක වෙනකම් වැඩ තියනව කරන්න. හැම විභාගයකටම B+ එහෙකට උඩින් තියෙන්න ඕනි. නැත්නම් ස්කොල් එක ක්ලෝස්. නමුත් එය ඉතා හොද අත්දැකීමක්.

    ReplyDelete
    Replies
    1. උබ කියන කතාව ඇත්ත ලෝකයට සාපේක්ෂව. එත් මේක ලංකාවනේ බං. බටහිර ලෝකයේ උන්ට මානසික වදයක් වෙන දේවල් වලට ඔවුන් ගොඩක් වැඩි අවදානයක් යොමු කරනවා. මම කියන සාමාන්‍ය රැග ලංකාවට සාපේක්ෂව හිතලා බලපං. ලංකාව වගේ තුන් වන පන්තියේ රටක් තව මිනිහෙක් ගැන හිතන් නැතුව ආත්මාර්ථකාමී විදිහට තනියෙන් බුදු වෙනවට වඩා සමාජයක් විදිහට පොදුවේ හිතන, තව මිනිහෙක් ගැන දැනෙන මිනිහෙක් බිහි කරන්න මේක වැදගත් නැද්ද.

      එහෙම කියලා මහා විකාර ශාරීරික රැග් මාත් පිලි ගැන නැහැ.

      කොටින්ම කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා නොබලපු සමහර උන් ඔක්කොම ඉස්සරහ කෙල්ලොන්ගෙන් කැමතිද අහනවා. එතකොට තමයි උන් දැන ගන්නේ මටත් කෙල්ලෙක් ගෙන් කැමතිද කියලා අහන්න පුළුවන් කියල හරි........

      Delete
  3. අපෙ ගමේ එකෙක් නිසා බොක්කෙන්ම සුභ පතමි..

    ReplyDelete
  4. විවි ජීවිතයට සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති වේවා කාකා.........

      Delete
  5. දැන් රැග් එක කියන්නේ ක්ෂය වෙන සරසවි උප සංස්කෘතියේ තවත් එක ලක්ෂණයක්

    ReplyDelete
    Replies
    1. එකේ ක්ෂය වීමක් ද පිරිහීමක් ද කියන්න මම දැන් නැහැ. හැබැයි ඒක තාම යම් මට්ටමකින් තියෙනවා. එක නැති වෙනවට මම පුද්ගලිකව කැමති නැහැ......

      Delete
  6. සුභ පැතුම් ඒක තමා මම බැලුවේ මොකද මේකා නිහඩ කියල... පෝලිමේ හිටියා නේද රෙජිස්ටර් කොරනකං... හැක්... ජය වේවා... දැං තමා ඉගෙනගන්න හොදම කාලය....

    ReplyDelete
    Replies
    1. උබටත් මේකේ අත්දැකීමක් තියෙනෙවා වගේ.......පෝලිමේ ඉන්නේ එකත් නිකන් රැග් එක වගේ තමා බං.......

      ස්තුති උබටත්........

      Delete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...