Saturday, March 23, 2013

දේශපාලනය අකැපද......!!!


මට තියෙනවා ලොකු ප්‍රශ්නයක්.....ඒක තමා මට මේ දවස් වල වැඩියෙන්ම ලැබෙන උපදේශය.  "උබ කැම්පස් ගියාට කමක් නැහැ දේශපාලනය එහෙම කරනවා නෙමේ. පාඩුවේ ඉගෙන ගෙන ගෙදර එනවා මිසක්' යකෝ මේක මාර කෙලියක් නේ........ මාත් ටිකක් කලපනා කරලා බැලුව මේ ප්‍රශ්නය ගැන. මාත් ටිකක් නාහෙට අහන නැති අමුතු අදහස් තියෙන එකානේ. ඒත් දේශපාලනය නොකර දේශපාලනයට හසු නොවී අපිට ජිවත් වෙන්න පුලුවන්ද.....????


මම ඔහොම කල්පනා කර කර ඉන්න කොට මෙහෙම හිතුනා අවුරුදු 18 ඡන්දේ දාන්න පුලුවන්නම් අවුරුදු 21 සිගරට් කඩෙන් ගන්න පුළුවන් නම් කැම්පස් ආපු අපි දේශපාලනය කරන එක වැරදිද.......මම තවත් කල්පනා කළා......


මම මේ කතා කලේ පක්ෂ දේශපාලනයට ඔබ්බට ගිය දෙයක්. මෙහෙම ලියුවම ගොඩක් අය හිතන්නේ මම දැනටමත් දේශපාලනයට වැඩ කරන්න රතු ජෙප්පෙක් කියලනේ..........කරුනාකරලා මව ඒ ගොඩටනම් දන්නා එපා. මට ඕනේ මේක ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න.


මොකද කැම්පස් එක ඇතුලේ ඉන්නේ හය හතර නොදන්නා අය නොවන නිසාත්, මෙහි ඉගෙන ගන්නේ ලංකාවේ ඉන්න අධ්‍යාපනය අතින් හොදම කොටස නිසාත් ඔවුන් මෝඩයින් ලෙස සරල ලෙස හංවඩු ගැසීම ඉතා පිළිකුල් සහගත බවයි රස්තියාදුකරයාගේ හැගීම.


මට හිතෙන හැටියට සැම විශ්ව විද්‍යාල ශිශ්ෂයෙකුම විප්ලව වාදියෙකු විය යුතුයි. මට එකක් විස්වාසයි මේක ගොඩක් අය තේරුම් ගන්නේ වැරදියට කියලා. මේකේ විප්ලව වාදියෙකු යනු "වෙනස් දැක්මක් සහිත සහ වෙනස කියන අරුතයි."                                                      


කොහොමත් අපි දේශපාලනයට කැමති උනා හෝ අකැමති උනා හෝ අපි මේ හුස්ම ගන්න්නෙත් ගන්නනෙත් දේශපාලනය කියලා මොකක්දෝ පොතක තිබුනා කියලා මට මතකයි. එකත් ඇත්තනේ වී ඇටයක් බත් ඇටයක් වෙන තැනට එනකන් දේශපාලනේ කි පරාක්නම් හම්බ  වෙනවද.......පොහොර සහනාධාර, උපරිම මිල, අවම මිල, ජල කළමනාකරණය ආදී කී දාහක් නම් පියවරවල් පහු කර ගෙනද මෙතනට එන්නේ. ඒක නිසා අපි දේශපාලනයට අකමැති කියලා බත් නොකා ඉන්නවද. අපි අපේ වටිනාකම දන්නේ නැහැ, නැත් නම් අපි කවදාවත් "I hate politic" කියලා කියන් නැහැ.


මිනිසා දේශපාලනයමය සත්වයෙක් වීම තුල ඒක  තුල සැම විශ්ව විද්‍යාල ශිෂ්ශයෙකු තුල ඔහුට අනන්‍ය වූ වෙනම අභ්‍යන්තර දේශපාලනයක් තිබිය යුතුයි කියන එකයි මගේ හැගීම. මොකද විශ්ව විද්‍යාල ශිෂ්ශයෙකු යනු ඔහු පාලනය වනුයේ ස්වයං පාලනය තුල නිසාත් ඔහුව බාහිර වශයෙන් පාලනය අපහසු නිසාත් ඔහුට ඔහුට පාලනය කිරීමට ඔහුට අනන්‍ය වූ දේශපාලනයක් තිබිය යුතුයි.


විශේෂයෙන් විශ්ව විද්‍යාල ශිෂ්ශයෙකුට ස්වයං තීරණ ගැනීමට හැකියාවක් තිබිය යුතුමයි. තාමත් අර පාසල් කලේ වගේ ටීච කියන එකයි, පල්ලෙහා ගෙදර ඇන්ටි කියන එකයි අහ ගෙන ඉදලා ඒවා කරලා වැඩ නැහැ. මොකෝ ඒක අපි මුලු රටේම මිනිස්සුන්ට කරන අසාධරණයක්. 


මම දන්නවා මේ post එක මට සම්පුර්ණෙන් ලියා ගන්න බැරි වෙනවා. මොන වුනත් මම මේ කියන්නේ අධ්‍යාපනය සම්පුර්ණයෙන් නවත්වලා දේශපාලනය කරන්නන ඕනේ කියන එක නෙමේ. මේ කාලේ මුලික අරමුණ අධ්‍යාපනය නිසා ඒ කට මුලිකත්වය යොමු කල යුතුයි කියලා මම පිලිගන්නවා. ඒත් ඒ නිදහස් අධ්‍යාපනය රැක ගන්නත් දේශපාලනය සම්බන්ද වෙනවා. කොහොමත් විශ්ව විද්‍යාල උප සංස්කෘතිය ඇතුලේ දේශපාලනය එක අංගයක්.


නමුත් අපේ ජිවිතේ සැම දෙකටම දේශපාලනික වශයෙන් නිර්වචනය කිරීමත් හෙන වැරදි. එතකොට ඒ අදහස් කොටු වෙනවා.


කෙසේ හෝ වේවා වර්තමානය වෙන විට දේශපාලනය අපි තීරණය කරනවා වෙනුවට අපිව දේශපාලනය තීරණය කරනවා. එකයි  ඇත්ත.

 

14 comments:

  1. දේශපාළනයෙන් තොර ජීවයක්, වත්මන් ළොව කිසිම ජීවියෙකුට නෑ.. හිතන්න ආරණ්‍යගතව ඉන්න භික්ෂුවක් ගැන. මේ රට මුස්ලිම් රටක් උනොත්. එයාට බවුන් වඩන්න ඉඩක් තියෙනවද නෑනේ. ඒ නිසා හැම කෙනාම හැම දෙයක්ම දේශපාලණිකයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් වරථමානය දේශපාලනයෙන් තොර වෙන් නැහැ කීයටවත්. ඒක එහෙම කරත්නත් බැහැ. නමුත් වැඩේ තියෙන්නේ ඒක අපේ මිනිස්සු තේරුම් ගැන නැති එක. ඒ මිනිස්සුන්ගේ හිතේ අපි දේශපාලනය නොකළ කියලා අපිව දේශපාලනයමය තීරණ වලට අහු වෙන් නැහැ කියලා......

      එක තේරුම් ගන්න ඔවුන් ඒ රාමුවෙන් එලියට ගිහින් බලන්න ඕනේ. ඒත් එකට ඔවුන් බයයි.....

      Delete
  2. ඔබේ මූලික අදහස සමඟ එකඟයි , ඒත් අපේ රටේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ගේ දේශපාලනය පසුගාමි , දූපත් මානසිකත්වයෙන් සහ "අපි විතරයි" පොරවල් මානසිකත්වය පදනම් කරගත්ත එකක් . නමුත් ඔවුන් දකින්නේ ඒක මාර රැඩිකල් කියල. එදා ඉඳන් ශිෂ්‍ය දේශපාලන පදනම් වුනේ ඵත සංකල්පත් එක්ක
    01) පෞද්ගලික විශ්ව විද්‍යාල එපා(කැම්පස් නොගිය එවුන්ට උසස් අධ්‍යාපනය එපා )

    02) නවක වදය අපේ අයිතියක්

    03) වැරදි කරන ශිෂ්‍යන්ට විනය ක්‍රියාමාර්ග ගන්න එපා ...

    ReplyDelete
    Replies
    1. මමත් උබේ අදහස සමග යම් තාක් දුරකට එකගයි. සමහර ශිෂයෝ හිතන් ඉන්නේ රැවුල වවා ගත්තම පොඩ්ඩක් කතා කලාම හෙන රැඩිකල් කියලා. නමුත් ඔවුන් මතවාදය අතින් හේන දුප්පත්.

      නමුත් මට උබේ සමහර අදහස් එක්ක එකග වෙන්න බැහැ. එකෙන් විශේෂයෙන් පලවෙනි එක ගැන.

      මේකෙදි පෞද්ගලික විශ්ව විද්‍යාල එනවට මාත් කැමති. නමුත් ඒක ලංකාව තුල ස්ථානගතවීම හා ඒ සදහා ශිෂයෝ බදවා ගැනීම ගැන මට තියෙන්නේ ගැටළුවක්....

      1. මෙහි ස්ථානගතවීම කොලබට පමණක් සිමා වීම - මේකෙදි බහුතරයක් පෞද්ගලික විශ්ව විද්‍යාල කොලබ ඉලක්ක කිරීමෙන් බලාපොරොත්තු වෙන්නනේ වෙන මොකවත් නෙමේ මුදල් පදනම. මම ප්‍රායෝගිකව දන්නවා කොලබින් පිට දැනට දැනට මෙමෙ පෞද්ගලික විශ්ව විද්‍යාල තුල ඉගෙන ගන්න සිසුන් පිට පළාත් වල ඉන්නේ, ලංකාවේ ඉන්න ඉහලම ආදයම් ලබන කොටසකගේ ළමුන් විතරයි. නැතුව මාසික අදායම රුපියල් 20000 - 30000 ලබන දෙමාපියන්ගේ ළමුන් මෙම අධ්‍යාපන ආයතන වල නැහැ.

      2. පෞද්ගලික විශ්ව විද්‍යාල තුලට ළමුන තොර ගැනීමේ ක්‍රමවේදය - මෙහෙදීද මුලිකත්වය දැනෙනුයේ මුදල් පදනමටය. ලංකාවේ ජාතික විශ්ව විද්‍යාල වලට ඇතුලත් කර ගැනීමට දරන තරගය මම මෙහිදී බලාපොරොත්තු වෙන් නැහැ නමුත් ඒම උසස් පෙළ විභහගයෙන් ලද ප්‍රතිපාල වල සාමාන්‍ය අනුව තොර ගැනීමේ විශේෂ සහනාධාරයක් වත් ලැබෙනවානම්.

      අඩුම ගානේ ගෙවන ගාස්තුව ලබාගත් කුසලතාව අනුව ගාස්තුව වත් අඩු වෙනවනම්. එහෙම වෙන් නැහැ කීයටවත්, එහෙම උනත් ඒක කරන්නේ පොඩ්ඩක් ප්‍රොමෝට් කර ගන්න විතරයි........

      මොනා කලත් ලංකාවේ වර්තමාන අධ්‍යාපන ගැන මට තියෙන්නේ මහා පිළිකුල් දුකක්....

      ඊලග කරුණ රැග් එක අයිතියකට වඩා මටනම් එහාට ගිය දෙයක්.....අපි ලයිසන් ගන්න ගියහම ට්‍රැල් එක වගේ, කම්පෙස් එක ඇතුලේ ජිවිතේට අපි හුරු වීමක් එඉන් වෙනවා. හැබැයි මේ ශාරීරික රැග් නෙමේ.

      කොහොමත් වර්තමාන ශිෂ්‍ය දේශපාලන එහි අභ්‍යන්තර කුණු කීමකට ලක් වෙලා කියලා හමන දුගද අනුව මට දැනෙනවා......

      Delete
    2. ඇත්තටම ඔයා කියන ප්‍රශ්න වලට හේතුව ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල නියාමනයක් නැති ව්‍යාපාර පමණක් වෙච්ච එක . එස් . බී නියාමන පනතක් ගේන්න හදපු වෙලාවෙත් ඒකට බැටේ දුන්න මිසක් ශිෂ්‍ය ව්‍යාපාර ඒකට සාධානිය යෝජනා ගෙන ආවේ නැ . බොහෝ දියුණු රටවල උසස් අධ්‍යාපනය මුදලටයි ලබා දෙන්නෙ , එතනදි රාජ්‍ය අංශය වගේම පෞද්ගලික අංශයත් දායක වෙනවා . මේ අතරිනුත් බොහෝ පෞද්ගලික විශ්ව විද්‍යාල ලාභ බලන පරාමාර්ථයෙන් නෙවෙයි ගෙනියන්නේ (ඒ කියන්නේ කාගේ හරි ධන පරිත්‍යාගයකින් පටන් ගත්ත ඒවා ) උදා -හාවඩ් . ලංකාව වගේ රටක එවැනි තත්වයක් දැක ගන්න අමාරුවෙයි , ඒ නිසා ලාභ ලබන ව්‍යාපාර වශයෙන් තියෙත්දීම නෛතික රාමුවක් හඳුන්වාදෙන්න අවශ්‍යයයි . සුදුසුකම් වශයෙන් ගත්තොත් ලංකාවේ පවත්වන බෝහෝ බ්‍රිතාන්‍ය , ඕස්ට්‍රේලියානු ආදී උපාධි පාඨමාලාවල අවම සුදුසුකම් අනුව තමයි ලමයි ගන්නේ , නමුත් අපී දේශීය වශයෙන් උපාධි ලබාදෙන ආයතන පිහිටුවනවා නම් සුදුසුකම් රාමුවක් තියන්න පුලුවන් . දැනටත් NIBM , SLIIT වගේ ඒවයේ දේශීය උපාධියට අවම සුදුසුකම උසස් පෙල සමාර්ථය

      Delete
    3. එස්.බී එහෙම නියාමන පනතක් ගෙන්න හැදුවද කියන එක ගැන නම් මම හරියට දැනුවත් නැහැ. නමුත් ලංකාවේ තව දුරටත් මේ ගැටලුව ඉදිරියට යන්න නොදී නිවැරදි ප්‍රතිපත්තියක එන්න කලේ හරි කියන එකයි රස්තියාදුකාරයාගේ හැගීම.

      මොකද මේක තුල තව දුරටත් අසරණ වෙන්නේ රටේ ඉන්න මධ්‍යම පන්තික ජනතාවගේ ළමයි. සල්ලි තියන කෙනා කොහොමත් රට යවල හරි උගන්වයි, ඒත් අනිත් කොටස උඩ බලන් ඉන්නද...........

      නමුත් ලංකාවේ කොලබ ලස්සන කරන්න තියන උනන්දුව රටේ අධයාපනය වෙනුවෙන්නති නැති එක ගැන මට තියෙන්නේ මහ අපුලක්........

      Delete
  3. //විශේෂයෙන් විශ්ව විද්‍යාල ශිෂ්ශයෙකුට ස්වයං තීරණ ගැනීමට හැකියාවක් තිබිය යුතුමයි//
    හැමදේටම එහෙයි කියන පිරිසක් අපි විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ලෙස බලාපොරොත්තු නොවෙමු...
    මචං මල්ලි(මං හිතන විදිහට උඹ අපිට අලුතෙන් එන වසන්තයේ එකෙක්..) , විශ්ව විද්‍යාලයේ තියෙන්න ඕනේ ශිෂ්‍ය දේශපාලනය..ඒ කියන්නේ අපේ වගකීම තමයි නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීම... මමත් කැම්පස් එකක ඉන්න කෙනෙක් විදිහට සරසවි ශිෂ්‍යයා දේශපාලනය කිරීමට එකඟයි...හැබැයි පටු දේශපාලන වාසි වලට කඩේ යැවීමට එක සිතින් විරුද්ධයි!
    විප්ලවවාදියෙකු වෙන්න! ඔබේ හදවතට එකඟව...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් නාඩියා........

      කැම්පස් එක ඇතුලේ ශීෂ්‍ය දේශපාලනය යනු අපේ වර්තමාන අයිතීන් ඉදිරියට ගෙන යාම. අතීතයේ ගෙනාපු ධවල පත්‍රිකාවට එරෙහිව එදා ශීෂ්‍යයා කතා නොකලානම් අද අපි මේ නිදහස් අධ්‍යාපනයේ ඉතිරි වෙලා තියෙන ශේෂයවත් විදින්න ලැබෙන නැහැ. නමුත් වර්තමාන ශිෂ්‍ය දේශපාලනය පක්ෂ දේශපාලනය තුල සංසර්ගය වීම තුල බිහි වෙලා තියෙන්නෙ අවජතාක දේශපාලනයක්.

      නමුත් වර්තමානය තුලද කැම්පස් ඇතුලේ බහුතරයක් පාලන වනුයේ එකටම අනුගත වූ දේශපාලනයකින් එනම් පාසලේදී වගේ කිසිවෙක් තමාගේ බොලද ආසාවල් බිත්ති වලවත්(මෙහෙ සදහන් කරනුයේ කුණුහරුප, දුරකථන අංක ) පොදු දේවල් වල ලිය නාස්ති නොකරයි. මොකද මේ සියල්ල වෙනුවෙන් අතීතයේ සිට ශිෂ්‍යන් සටන් කර ලබා ගත් දාඩිය, ලේ, මුසු වී ඇති නිසා.
      නැතුව් කවුරුත් නීති පැනවීමක් කල නිසා නොවේ.

      මට නම් මේ සියල්ල ශිෂ්‍ය දේශපාලනය.......

      මේ කෙසේ හෝ වේවා වර්තමාන ශිෂ්‍යයා තමා මේ ලද නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් තම ශිෂ්‍ය දේශපාලනය නොකරනවානම් ඔහු මුළු මහත් ජාතියටම මහා බරක්.......

      Delete
  4. මිනිසා උපතින්ම දේශපාලන ස්තවයෙක්. ඒ නිසා 18 පිරුනාම ඒ අයිතිය හිමිවෙනවා. ඕනැම දේශපාලනයක් කිරිමට ඇති අයිතිය කිසිවකුට වලක්වන්න බෑ. ඒත් දෙමව්පියන් මෙතැනදී අපේඛ්ෂා කරන්නේ අතීත අත්දැකිම්වලින්.

    ඒ නිසා සරසවි බිමේදි කැමති දේහපාලනය තොරාගෙන ඉදිරියට යාම හොදයි.

    ReplyDelete
    Replies
    1. ඔව් අතීත අත්දැකීම් කියන්නේ ආපු පාර....ඒක ඔවුන් ආපු පාර, ඔවුන්ට ඒක අමතක නැහැ. එත් අතීතය, වර්ථමානය, අනාගතය, යන තුන තුලම දැනුවත්ව හෝ නොදැනුවත්ම අපි දේශපාලනිකයි. ඒකයි ඇත්ත.

      මම කියන්නේ නොදැනුවත්ව දේශපාලනික වෙනවට වඩා දනුවත්ව දේශපාලනික වීම වැදගත් කියලා.....

      Delete
  5. චාටර් කියන්නෙ සුපිරි වලටත් ඉහළයි ද?!! ඔන්න මම චාටර් ක්ලික් කළා.

    දේශපාලන නිදහස ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අනිවා...... මට නම් චාටර් කියන්නේ, එම අදාල දේ අපේ මුළු ඇගටම දැනුන කියන එකයි. මොකද අපි මොකක් හරි චාටර් කියන්න අපිට ඒ දෙයින් ගොඩක් රිදුන(දැනුන) හින්ද කියලයි මට හිතෙන්නේ. අපිට කාව හරි හෝ මොනා හරි චාටර් කරන්න කලින් අපි ඒ අදාල දේ හෝ අදාල පුද්ගලයා හොදට දැනගෙන ඉන්න ඕනේ. නැතනම් අපි චාටර් වෙනවා.

      කොහොමත් හොදයි කියනවට වඩා චාටර් කියන එක ගබුරුයි...........

      උබ කල පාර්ථනාව අපි මේ ලෝකේ කොහේ හිටියත් ඉටු නොවන පර්ථනාවක්.......මම එහෙම කියුවේ හොදට හිතලා......උබට එක වැරදිනම් මට සමාවෙයන්.

      Delete
    2. චාටර් කරන එක ගැනයි චාටර් වෙන එක ගැනයි කියලා දුන්නට ස්තූතියි!!!

      අදාල පුද්ගලයා නොහොත් මම කවුදැයි නොදැන අයෙක් දාපු චාටර් ප්‍රතිචාරයක් දිහා මමත් දවසක් ම බලාගෙන හිටියා හිත රිද්දවන්නෙ නැතිව උත්තරේ දාන්නෙ කොහොම ද කියලා .... :D

      නිදහසක් කියා ඉල්ලූ පමණින් හෝ පැතූ පමණින් කිසිම නිදහසක් ලෝකෙ කිසිවෙකුට ලැබිලා නැහැ. නිදහස යනු කුමක් දැයි හඳුනාගෙන සටන් වැදී දිනාගත යුත්තක්. ඒක වැරදි යැයි සිතේ නම් මටත් සමාවෙයන් :)

      Delete
    3. නෑ ඒකට මං එකගයි.

      මේ ලෝකේ ඉල්ලුව පමණින් ලැබෙන කිසිම දෙයක් නැහැ. අවබෝදය සහ කැපවීම තම වැදගත්. එත් දැන් ඉන්න වූන්ට එක්කෝ අවබෝදය නැහැ නැත්නම් කැපවීම නැහැ.

      Delete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...