සමහරක් අයට මේ පොත් හෙන විහිළුවක් වෙන්නැති ඒත් ඒ පොත් කියවලා ඒ වින්දනය ලබපු අයට ඒක අකුරු වලින් ලියන්න බැහැ....මොකද ඒක ඒ තරම් පට්ටයි.
ඒකට හොදම නිදසුන ඩොයිලිට මේ රහස් පරීක්ෂණ කතා ලියන්න එක වදයක් වෙන තරම පවා මේ පොත් පෙලට ඉල්ලුමක් අවා. අවසානේ ඩොයිලි තීරණය කරා මේ හොම්ස්ව මරලා පොත් පෙළ අවසාන කරන්න. ඔහු එසේ කළා. එහෙත් ඔහුට ලැබුන පිලිතුරුවලින්, ලිපි වලින් ඔහුට කරපු අපහස, චෝදන වලින් ඩොයිලි සිදු උනා හෝම්සට නැවතත් පන දෙන්න.
හෝම්ස්ගේ චරිතය සදහා ඩොයිලිට පසුබිම සකස් වෙන්නේ එඩිංබ්‍රෝ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිළිබද මහාචාර්ය ජෝසප් බෙල්ගේ චරිතයයි......ඔහු වෙත එන රෝගීන්ගේ ස්වරුපය නිරීක්ෂණය කර ඔහු ගැන විවිද නිගමන ඉදිරිපත් කිරීමට ඔහු පුරුදුව සිටියා. ඒ අනුසාරයෙන් ඩොයිලි හොම්ස්ව නිර්මාණය සදහා මග පදා ගන්නවා.
අන්තරායක අඩවියක(හැදින්වීමේ x)
මෙම කතා මාලාව තුල දොස්තර වොට්සන් සහ ඔහුගේ යහළුවා ෂර්ලොක් හෝම්ස්ගේ විසදන පරීක්ෂණ ගැන විස්තර ලියා
තබනුයේ හෝම්ස්ගේම ගමන් සගය වූ වොට්සන් විසිනි.
මේ පොත් පෙළ වර්තමානයේ කොතරම් ජනප්‍රිය වුවත් එහි ආරම්භය එසේ නොවේ. 1886 වල ලිවූ පළමු කතාව A Study Scarlet (ලෝහිත පරීක්ෂණය ) ඒ කාලයේ තිබුන සාගරා කිහිපයකට යැවුවත් ඉන් ප්‍රතික්ෂේප විය. අවසානයේ වෝඩ් ලොක් සගරාවේ 1887 නත්තල් වර්ෂිකයේ එය පල පල කරන නට ඔවුන් කැමති විය. එයට ඩොයිලි සදහා ලැබුනේ පවුම් 25 පමණි.
අවසානයේ 1890 පමණ ස්ට්රෑන්ඩ් සගරාවට කතා ලියන ලෙස ඩොයිලිට අරාධනා ලැබුණු පසු එයට කතා ලිවිම ආරම්භ කරන ලදී. එය ඉතා ඉක්මනින් ජනප්‍රිය විය. එම නිසා තවත් කතා ඉල්ලා එහි කතෘ ඩොයිලිට කරදර කලේය. අවසානයේ ඩොයිලි පවුම් 1000 ගෙවනවනම් කැමති බව දැන්ව යැවුවේ එම වදයෙන් මිදීම සදහායි යැයි වරක් ලිපියක් මගින් ඔහු තම මවට දන්වා සිටිනවා. එත් ඒයිනුත් ඔහුට මිදෙන්න් නොහැකි විය...කතෘ එම මුදල පවා ගෙවීමට කැමති විය.

මේසේ මේ කතා පෙළ මෙතරම් පාඨකයන් අතර පැතිරයාමට මෙහි අනතර් ගතය ඉතා වැඩි බලපෑමක් කරනවා. මෙහි කතා තෙමා වල තියන සරල බව හා ඒහි අන්තර්ගතේ ඇති ලගන්නා සුළු කතා ශෛලය පාඨකයාව බැද ගන්නවා. අනිත් කරුණ මේ හෝම්ස්ගේ චරිත නිර්මාණය වන්නේ අපේ වර්තමාන ප්‍රයෝගික ජීවිතය තුලින් මයි. මොකද ඔහු සොයා ගන්න ගොඩක් හොඩුවාවල් සහ තොරතුරු අප දකින එහෙත් අප නොසිතන ගනයේ කරුණු....එම නිසා අපත් එම සාධක දෙස නැවත හරි බැලීමක් කරනවා නොදැනුවත් වම.
මෙම ශර්ලොක් හෝම්ස් කතා පෙළ සිංහලයට පරිවර්තනය කරන්නේ චන්දන මෙන්ඩිස් විසිනි. හෝම්ස් කතා මාලාව දීර්ඝ කතා හතරකින්,
- ලෝහිත පරීක්ෂණය
- බිහිසුණු නිම්නය
- සිවුරහස් සලකුණ
- සුනඛ ශාපය
ලෙස ද,කෙටි කතා පනස් හයකින්ද සමන් විත වෙයි. ඒවා
- ශර්ලොක් හෝම්ස්ගේ වික්ක්‍රමාන්විත පරීක්ෂණ
- ශර්ලොක් හෝම්ස්ගේ අත්දැකීම්
- ශර්ලොක් හෝම්ස් ආපසු එයි
- ශර්ලොක් හෝම්ස්ගේ පරීක්ෂණ සටහන් පොත
- ඔබෙන් සමුගනිමි
ආදි ලෙස සමන් විත වෙයි. නමුත් වර්තමානය වන විටද ශර්ලොක් හෝම්ස්ගේ අලුත් කෘති ලෙස නව පොත් වෙළද පොළ වෙත පැමිණේ. මං සිතන ආකාරයට එම කෘති චන්දන මෙන්ඩිස්ගේ ස්වයං කෘති විය යුතුය.....වරෙක ඔහුට දොස්තර වොට්සන්ගේ නමින් ලැබුන ට්‍රන්කා පෙට්ටියක් ගැනද කතා කරයි. එහි ඇත්තේ ශර්ලොක් හෝම්ස් විසින් විසදන ලද කතා යැයිද කියයි. නමුත් මට හිතෙන ආකාරයට එම වැයම වර්තමාන පාඨක රුචිය නිසා බිහි උවක් යැයි සිතේ.
මෙම කතා මාලාව හරහා අප තුල මවන චිත්ත රූප ඉතා ප්‍රබලයි......බේකර් විදිය, අශ්ව කරත්ත, විදි ලාම්පු, දුම්රිය ගමන් ආදී ලෙස පාඨකයා අතීත ලන්ඩන් නගරය තුල ජීවමාන කිරීමකට ලක් කිරීමකට ඩොයිලිට හැකි වෙනවා.....ඔහු මේ හරහා ස්කොට්ලන්යාඩ්(එංගලන්තයේ රහස් පොලිසිය) සියුම් උපහාසයකට ලක් කරයි.
අවසානයේ මෙම කෘති සදහා ලෝක ලෝක ජනතාව කොතරම් බැදී සිටියාදැයි කිය තොත් වරක් ලන්ඩනයේ අධ්‍යාපන චාරිකාවක් යාමට බලාපොරොත්තු වන ප්‍රංශ ජාතික පාසැල් සිසුන්ගෙන් අසනු ලැබූ ප්‍රශ්නයක් උයේ "ඔබ මුලින් නැරභිමට කැමති කුමන ස්ථානයක්ද යන්නයි...?" ඔවුන්ගේ පිළිතුර වුයේ හෝම්ස් ජිවත් වූ බේකර් විදියේ අංක 221B දරන නිවාස යන්නයි.
මමත් හෝම්ස් ලෝලියෙක්. බොහොම ස්තුතියි සටහනට
ReplyDeleteඒ පොත් ටික නම් පට්ට....කියවල ඉවර කරන්න හිතෙන් නැහැ......
Deleteහ්ම්ම්.. චන්දන මෙන්ඩිස් දැන් කරන්නේ බොරුවක් කියල ඒ පොත් කියවද්දී මටත් හිතුනා. මුල පොත් වල නැති අමුතු විදියක් අලුත් ඒවාගේ තියනවා.
ReplyDeleteසිරාවට ඒ වෙනස හොදට තේරෙනවා.....ඒ පොත් කියව්වම අපිටත් හෝම්ස් වෙන්න හිතෙනවා...මට ඒ කතා සෙට් එක මනන්කල්පිතයි කියල හිතෙන් නෙම නැහැ...
Deleteහෝම්ස් නම දැක්ක විතරයි ඔන්න මාත් දුවගෙන ආවා බලන්න. මම ඔය කතාටික පහුගිය අවුරුදු 15 ඇතුලෙ කී පාරක් කියවල තියෙනවද කියල මටම මතක නෑ. සමහර කතා මම සියපාරකට වඩා ආයෙ ආයෙ කියවල ඇති. චන්දන මෙන්ඩිස් මහත්තයගෙ ඔක්කොම පොත් මම අරගෙන ළඟ තියාගෙන කියවනව. ඩොයිල් ලියපු කතා තරම් දැන් ලියන ඒව රසවත් නැති බව නම් ඇත්ත, ඒත් අළුත් පොතක් ආවහම දැක්කම නලියන නිසා ගන්නවා. ඒ දවස්වල නම් පාඨක සමාජය කියල එකකුත් තිබුන. අළුත් පොතක් නිකුත් කරද්දි චන්දන මෙන්ඩිස් මහත්මය ගෙදරටම එවනව තැපෑලෙ පොතගැන මුද්‍රණය කරපු විස්තර පත්‍රිකාවක්. ඔහු වරින් වර අත්අකුරින්ම ලියල එවපු ලිපි 25-30 ක් මගේ ළඟ තාමත් තියෙනව.
ReplyDeleteහෝම්ස් චරිතයත් ඒ කතාවලට පාදකවෙන සමාජ පසුතලයන් ගැනත් මට පුදුම පිස්සුවක් තියෙන්නෙ. පරණ ෂර්ලොක් හෝම්ස් ෆිල්ම්ස්, ටීවී සීරීස් හොයා ගන්න පුදුම කට්ටක් කෑවෙ. යන්තම් ටීවී සීරීස් එකක්ම බාගත්ත යාළුවෙක්ගෙ ඔෆීස් ලයින් එකකින්, ගිගා 15 ක් විතර.
// මං සිතන ආකාරයට එම කෘති චන්දන මෙන්ඩිස්ගේ ස්වයං කෘති විය යුතුය.....වරෙක ඔහුට දොස්තර වොට්සන්ගේ නමින් ලැබුන ට්‍රන්කා පෙට්ටියක් ගැනද කතා කරයි. //
මම හිතන්නෙ ඔය අළුත් කතා ඔක්කොම චන්දන මෙන්ඩිස් මහත්මය රචනා කරපුව නෙවි. අපි වගේම හෝම්ස් උමතුවක් තිබුනු ලෝකෙ පුරා ඉන්න වෙනත් අය ඒ චරිත යොදා ගෙන නිර්මාණය කරපු කතාත් ඒ අතර තියෙනව. අර හෝම්ස් චරිතය යොදා ගෙන ලියපු ඩ්‍රැකියුලාට එරෙහිව ෂර්ලොක් හෝම්ස් කතාව ගැනත් මම යවපු ලිපියට ඔහු මුල් ඉංග්‍රීසි පොතේ පිටු කිහිපයක ඡායාපිටපත් මට එවල තිබුන. ඩොයිල්ගෙ කතාවලින් පසු පළකරපු මුල්ම පොතේ (ෂර්ලොක් හෝම්ස් ආපසු එයි) අන්තිම පිටුවක මේ පහත සඳහන තියෙනව ඔබ දැකල ඇති. (ඒ පොතේම මුල තියෙන ප්‍රස්තාවනාවෙ තියෙන හෝම්ස් කතා අඩංගු ට්‍රන්ක පෙට්ටියක් මෙන්ඩිස් මහත්තයට ලැබිච්ච හැටි ගැන ලියපු අපූරු කතාව නම් ඔහුගෙ නිර්මාණයක්, ඒක නම් මම ප්‍රශ්නකරල යැව්වම එතුම මට එවපු ලිපියක ලියල තියෙනව)
“මෙහි අන්තර්ගත සමහර කතා සඳහා, බටහිර ලේඛකයන් විසින් රචනාකරන ලද කෙටිකතා මූලාශ්‍ර වී ඇත. ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද චරිත හා පසුතල භාවිත කිරීමට අවසර දීම ගැන එම ලේඛකයෝ, කතාන්තර ප්‍රකාශයට පත්කරන සමයේදී ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල්ගේ ප්‍රකාශන හිමිකරුවන් වෙත තම කෘතඥ පූර්වක ස්තූතිය පුදකළහ. මෙම කථා සිංහලට නැගූ පරිවර්තකයාද තම කෘතඥතාව එලෙසම පුදකර සිටියි“
අපි විතරක් නෙමේ බං මේ උමුතුවට අහු උනේ.....ඒ උමතුවට මන් මාරම කැමති බං......කොහොමත් හෝම්ස්ගේ නියම විරය ඩොයිලි....ඩොයිලි අපිව ඒ චරිතය තුල පිස්සු වැට්ටුවා.....
Deleteඉස්සර හෝම්ස්ගේ පොතක් මට හම්බුනාම කිවන්නේ හෙමින් මොකද ඉක්මනට ඉවර වෙයි කියලා එත් කියවන එක නවත්වන්නේ නම් නැහැ...
මොනා උනත් චන්දන මෙන්ඩිස් හින්දා තමා මම හෝම්ස් කියන චරිතය හදුනා ගත්තේ.....මේ අවුරුද්දෙත් අලුතෙන් පොතක් අනිවා එලියට දායි.....එකත් මම අනිවා කියවනවා....
චන්දන මෙන්ඩිස් බොරුව කරන්නෙ...ෂර්ලොක් හෝම්ස්ගෙ කතා කීපයක් සිංහලට හරවල පස්සෙ එයා ඒ වගෙ කතා ලියන්න ගත්තා...හොඳට හොයන්න පුලුවනි...පොත් ගන්නකොට බලන්න මොන පොතේ සිංහල පරිවර්තනයද කියල...එතකොට අහුවෙන්නෙ නෑ.
ReplyDeleteමෙතන බ්‍රේකර් වීදිය නෙවෙයි බේකර් වීදිය කියා නිවැරදි වියයුතුයි...බේකර් වීදියේ 221B නිවසට මමත් ගියා බලන්න...දැන් එය ෂර්ලොක් හෝම්ස් කෞතුකාගාරයක්.
නෑ හැලපයියෙ, එයා කීපයක් නෙවි ඔක්කොම කතා පරිවර්තනය කළා. ඒ වගේම මෙන්ඩිස් මහත්මය පරිවර්තනය කරපු සර් ආතර් කොනන් ඩොයිල් ලියපු පොත් මොනවද අනිත් පොත් මොනවද කියල බලාගන්න එකත් අමාරු වැඩක්නෙවි. කොහොමටත් ඩොයිල්ගෙ කතාවල පරිවර්තනවල මුල කවරෙ ඔහුගෙ නම ලොකුවට සඳහන් වෙනව. අනිත් පොත්වල ෂර්ලොක් හෝම්ස් කතා කියනව ඇරෙන්න කොනන් ඩොයිල්ගේ නම සඳහන්කරල නෑ පිටකවරෙ.
Deleteඔව් ඒක හරි.....හැබයි චන්දන මෙන්ඩිස් මේ ගැන කෙලින් කතා කරන නැහැ......ඔහු ඒක වහ ගන්න තමා අර ට්‍රන්කා පෙට්ටියේ කතාව යොදා ගත්තේ.......
Deleteමටත් දැන් ගන්න ලැබුනා එතැන් දැන් කෞතුකාගාරය හදලා කියලා.....මට මැවිලා පේනවා හෝම්ස් හම්බෙන්න සේවාදායකයෙක් අශ්ව කරත්තෙන් බැහැල එනවා.....තරප්පු පෙළ දිගේ......හෝම්ස් පයිප්පය උරමින් හාන්සි පුටුවට වෙලා එන සේවාදායකයා ගැන නිගමන ඉදිරිපත් කරනවා......
ඔතන දකින්න මාත් හෙන අසයි......බලමුකෝ ඉස්සරහට....
Deleteරස්තියාදුකාරයා මේ ලිපිය කියවල තියෙනවද
ඒකත් නරක නැහැ.......එත් මන් හිතුවට වැඩ හෝම්ස් ටිකක් පිළිවෙලට ඉදලා තියෙනවා.....මග පෙන්නුවට ස්තුතියි..
Deleteමම ඔතන ගත්තු පින්තූර කීපයක් තිබුණ...ලංකාවෙ ඇත්තෙ ගියාම ගෙනත් දාන්නම්
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඔය පොත් ගැන දැනගත්තේ ටී වී සීරිස් එකෙන් පස්සෙ. ඒත් ටී වී සීරිස් එක තරම් සිංහල පොත් නම් රහ නෑ. මම ඔක්කෝම කියවලා නම් නෑ. එකක් දෙකක් වගේ මතක. කොහොම නමුත් මතකය අවුස්සපු සුන්දර ලිපියක්...
ReplyDeleteනෑ බං මාතලන්......මටනම් මුලින් ආපු පොත් ටික රහයි බං.......එක කියවද්දී අපි ඒ සියලු කරුණු මවාගේනනේ බං කියවන්නේ......හෝම්ස් පයිප්පය උර උර කලපනා කරන හැටි, ඔහුගේ කාමරයේ තරප්පු පෙළ, අශ්ව කරත්ත ඔක්කොම මැවෙනවා චිත්‍රයක් වගේ.....
Deleteඅනික ඒකට රුප රාමු පසුතලයක හදනවා කියන්නේ ඒක ඇතුලේ කතෘ විතරක් නේමේ අධ්‍යක්ෂකගේ කතාවකුත් යටින් ඇදෙනවා එතකොට අර මුල් පොතේ තිබුන ත්‍රිල් එක අපිට මග හැරෙනවා...
කොනොන් ඩොයිල් කියන වෛද්‍යවරයා ඒ ක්ෂේත්‍රයෙන් ලබපු අසාර්ථකත්වයත් එක්ක ෂර්ලොක් හෝම්ස් කතා ලියන්න පටන් අරන් අති සාර්ථකත්වයක් ලැබුවා. සැබවින්ම ඒවා විශිෂ්ඨ නිර්මාණ. චන්දන මෙන්ඩිස් කියන වෛද්‍යවරයාත් ඒ ක්ෂේත්‍රයෙන් ලබපු අසාර්ථකත්වයත් එක්ක [?] ෂර්ලොක් හෝම්ස් කතා පරිවර්තනය කරන්න පටන් අරන් අතිශය සාර්ථකත්වයට පත් වුණා. ඒත් දැන් එයාමද කොහෙදෝ කතා ලියන්න පටන් අරගෙන ඒවායේ ඉන්න ෂර්ලොක් හෝම්ස් අබිරහස විසඳන්නත් කලින් පාඨකයාට අබිරහසේ සුල මුල සියල්ලම තේරිලා ඉවරයි
ReplyDeleteඒ කේනම් පොඩි ඇත්තක් තියෙනවා.....ඒත් බන් හෝම්ස් කිවුවමත් මාව අයෙත් අර පට්ට හැගීමෙන් පිරිලා යනවා බං.......
Deleteමෙන්න මම වගේම තවත් පිස්සෙක්. මම නම් මුලින්ම ෂර්ලොක් හෝම්ස් ගැන දැනගත්තේ කේ.ජි.කරුණාතිලක ශුරින් ලියපු "බැස්කර්විල් දඩ බල්ලා" පොතෙන්. මොකද ඒ දවස් වල එතුමාගේ පොත් වලට තමයි පිස්සු වැටිලා හිටියේ. පස්සේ චන්දන මෙන්ඩිස් ශුරින් පරිවර්තනය කරන්න පටන් ගත්තා. ඇත්තටම ලංකාව ඇතුලේ ෂර්ලොක් හෝම්ස් කියන නම තිබ්බේ එතුමා. අලුතෙන් පොතක් එන කල් අපි ඉස්සර මග බලන් ඉන්නේ. කොල්ලෝ ටික එකතු වෙලා කොහම හරි පොත ගන්නවා. පස්සේ උගන්වන අතරේ ඩෙස්ක් එක යට හොරෙන් දාගෙන කියවනවා. මුල් පොත් පෙළ ඉවර උනාට පස්සේ අලුතෙන් පොත් ආපු එකට මාර කැමති උනා. මොකද එකට ඒ තරම් ආදරෙයි. ඒවා අර තරම් නම් හොද නෑ. මොකද සමහර ඒවා විසදන්න ෂර්ලොක් හෝම්ස් නෙවේ දෙකේ පන්තියේ පොඩි එකෙක් ඇති. ඒත් ඒ නමට ආදරේ හින්දා කියවනවා. අලුතෙන් පොතක් ආපු ගමන් ඒ සේරම අමතක කරලාම කියනවා. ඒ හින්දම තමයි ආමරුවෙන් මාස ගානක් "මැමත් බුක් ඔෆ් ෂර්ලොක් හෝම්ස්" කියලා වෙන අය ලියපු පොතකුත් කියෙව්වේ. පස්සේ ආපු ටි.වී. සීරිස් සේරම බැලුවා. දැන් "Elementory" කියලා එකක් යනවා. ඒකත් එකක් නෑර බාගෙන බලනවා. ලංකාවේ බෙහෙතකට හරි පොතක් කියවපු හැම එකෙක්ම ෂර්ලොක් හෝම්ස් රසිකයෙක් කියලයි මම හිතන්නේ
ReplyDeleteඒකනම් කියලා වැඩක් නැහැ බං......හෝම්ස් කියන චරිතය මටනම් ජීවමානයි....එක ඩොයිලිට විතරක් හම්බුන, වොට්සන් එක්ක විතරක් පරිෂණ කරපු චරිතයක් විතරක් නේමේ අපිත් එක්කත් හෝම්ස් වැඩ කලා වගේ මට දැනෙන්නේ....හෝම්ස් අත් කාචය අරන් ඇවිදිද්දී අපිත් පසෙන් ගිය වගේ මට දැනෙන්නේ.......
Deleteඋබ වගේම මාත් රෑ කියක් නම් නිදිමරාගෙන හෝම්ස් එක්ක පරිෂණ කරලා ඇත්ද...........
අඩෙ මේක ඊයෙ කියෙව්වට කමෙන්ට් කරන්න බැරි උනානෙ. මමත් ශර්ලොක් හොම්ස් රසිකයෙක්. පොත් පෙල සිංහලට පරිවර්තනය කරලා චන්දන මෙන්ඩිස් මහත්තයා සිංහල පාඨකයන්ගේ අවශ්‍යතාවය ඉටු කලා වගේම දැන් දැන් ඉල්ලුමට සැපයුම දෙන්න ගිහින් ශර්ලොක් හෝම්ස් කියන චරිතය ඈත් කරන්න හදනවා කියලා මට හිතෙන්නෙ. එයා අලුත ලියන ඒවායෙ කිසිම කුතුහලයක් පේන්න නෑ කතාව පටන් අරගෙන පිටුවක් කියවනකොට අන්තිම හිතාගන්න පුලුවන්. ඒත් ශ්‍රීමත් කොනන් ඩොයිලිගේ කතාවල අන්තිම වෙනතුරු කුතුහලය අරගෙන යනවා
ReplyDeleteචන්දන මෙන්ඩිස් හොද පරිවර්තකයෙක්........එත් මේ වැඩෙන් ඒයා ගැන පාඨකයා මවා ගෙන තියෙන ප්‍රතිරූපයට හානි වෙනවා.....
DeleteMachanla meke rahasa mama dannawaaaa...
ReplyDeleteMata e mail ekak dana...
dileepa_max@yahoo.com
උබ කියන්න යන්නේ මොන රහස ගැනද කියල නම් මං දන් නැහැ.......
Deleteශර්ලොක් හෝම්ස් ගෙ මුල් කෘති සේරම එකට තියෙන පොත් දෙකම මම බලල තියෙනවා. ඒට අමතරව චන්දන මෙන්ඩිස් ගෙ සමහර පොතුත් මම බලල තියෙනව. කොච්චර බැලුවත් ඒ කතාවල නැවුම් ගතිය නැතිව යන්නෙ නැ.ඔහු මිනිසුන් නිරීක්ශනය කරල ඔවුන්ගෙ හැසිරීමෙන් ගැටලුව විසඳන හැටි හරිම මනස්කාන්තයි. තමන්ගෙ සහායකයට ඒ ශිල්පය උගන්නන හැටිත් ලස්සනයි. ලොකූවට පේන ගැටලුවක්, සතෙක්ගෙ කනින් අල්ලල මෙල්ල කරන වගේ, ලස්සනට , ක්ර්මානුකූලව ලිහන හැටි කියවන්න හරි ආසයි. මුලින් ගොඩක් ඉස්සර ඒ පරිවර්තන කියවද්දි මාත් හිතුවෙ බේකර් වීදිය ඇත්ත එකක් කියල. අන්තිම පොතේ මොරියාටි එක්ක ප්‍රස්නෙන් පස්සෙ එයා මැරෙන එක නම් මටත් උහුලන්න බැරුව ගියා.
ReplyDeleteෂර්ලොක් හෝම්ස්ගේ නම පාවිච්චි කරලා ඔනෙම කෙනෙකුට පොත් ලියන්න පුලුවන්......
ReplyDeleteඅවසර අරගෙන ලියන්නත් පුලුවන් ....... නැතුවත් පුලුවන්.............සින්හලෙන් ලිව්වොත් නම් උන්ට නඩු දාන්න බෑ....මොකද උන් සින්හල දන්නේ නැති නිසා......හැබැයි චන්දන මෙන්ඩිස් කරන්නේ එක එක පිටරට ලේකකයෝ ලියපු එව්වා පරිවර්තනය කරන එක................