Friday, May 3, 2013

සිංහයෝ දඩයම....!!



දීපන් තුවක්කුව මට.......විගහට
අපි යමු සිංහයෝ දඩයමේ.......//

උබ දන්නවාද මට කියපන් - සිංහයෝ ඉන්න රට
අපි අල්ලන් එමු - බෙල්ලෙන් උන්ගේ........
යකෝ.......
සිංහයෝ මුලින්ම මැරුවේ - අපි නෙවෙයි බොල
සිංහලයගේ ආරම්භක - කොල්ලෙක්ලු.......

සිංහලයගේ ආරම්භක - කොල්ලෙක්ලු.......
 

දීපන් තුවක්කුව මට.......විගහට
අපි යමු සිංහයෝ දඩයමේ.......//

සිංහයෝ සොයා අපි - යමු පෙරදිග මුදේ
අතරමං වෙයිද අපි - එහි මැද මුතු ඇටයේ.......
යකෝ.......
එහි සිංහයෝ වදව ගිහින් -
දන්නේ නැද්ද උබ
යෙදුනත් උන් සංවාසයේ - බහුතරයක් උන් GAY......

යෙදුනත් උන් සංවාසයේ - බහුතරයක් උන් GAY......

 

16 comments:

  1. මෙය අපහාසයක් ලක් මවට..:P

    ReplyDelete
    Replies
    1. ඔව්..මේක අපහාසයක් තමා ලක් මවට නේමේ එහි ජීවත්වෙන සිංහයෝ කියල හිතන් ඉන්න සුනඛයන්ට........

      Delete
  2. සිංහයෝ දකුනු ඉන්දියාවෙත් නැහැ..එතකොට ලංකාවෙ කෝමද ඉස්සර සිංහයෝ ඉදලා තියෙන්නෙ..මං හිතන්නෙ රජගොල්ල සුරතෙලේට ඇතිකරන්න අප්‍රිකාවෙන් ගේන්න ඇති...

    ReplyDelete
    Replies
    1. කවුද බං දන්නේ.....ඒත් ලංකාවේ ඉන්න සමහර කැනහිල්ලු අපේ සමහර යක්කුන්ට හෙන සිංහයෝ නේ බං. ඒකනේ කලා ඉන්න බැරි.....

      ඒක දැනුත් වෙනවනේ බං......එකට ඔරිජිනල් සිංහයෝ අප්‍රිකාවෙන් ගේන්න ඕනේ නැහැ.......මෙහෙ ඉන්න සුනඛ සිංහයෝ අපේ වර්තමාන රජවරුත් සුරතලේට ඇති කරන්නේ බං.....ඒ කාලෙත් ඕක වෙන්නැති බං. අපි කොහොම කියුවත් අතීතයේ ඉදන් වර්තමාන රජවරු දක්වා සල්ලි,පොරෝ පාරෝකුයි,පිරුණු ලැමකුයි දැක්කම සිංහයෝ ගොඩක් බලු උනා... ඒක තමා ඇත්ත...........

      Delete
  3. නෑ අතීතයේ ලංකාවේ හිටියා කියනවා බං. දැනට වයඹ දිග ඉන්දියාවේ විතරක් හිටපු උන් අතීතයේ ලංකාවෙත් ජිවත් වීමේ සම්භාවිතාවක් තියනවා.

    ReplyDelete
    Replies
    1. @පුමා

      උබ සිංදුවේ සිංහයව හිතටම අරන් වගේ.....මනුස්ස සිංහයෝ හිටියා ඉස්සර අතරින් පතර ඒත් ඉස්සරහට නම් එන්නෙම නැති වෙයි. දැන් ඉන්නේ සිංහයෝ නෙමේ නේ...... හිටියත් උන් සංවාසයේ යෙදෙන්නේ සම ලිංගික විදිහට...

      Delete
  4. අපරාදේ සිංහයෝ හොයාගෙන එහෙ ගියේ. එහේ ඉන්නේ නරින්ගෙන් පැවතෙන කස්ටියක්...

    ReplyDelete
    Replies
    1. ඔව් බං සිංහයෝ එහෙ ඉන්න විදිහක් නැහැ......මොකද එහෙ ඉන්න උන් ලෙවකන කටු දැක්කම හිතෙන්නේ කටු කන හිවල්ලුන්ගෙන් පැවත එන ජාතියක් කියලා තමා........

      Delete
  5. සිංහයෝ ඒ කැලේ අතැරලා ගිහිල්ලා,වසන්න බැරි නිසා කැලහිල්ලු සහ සූකරයන් එක්ක.

    ReplyDelete
    Replies
    1. ඔව් බල්ලොත් එක්ක හිටියම නැගිටින්න වෙන්නේ බලු මැක්කොත් එක්කනේ........උන් කලින් ගිය එකත් හොදයි මොකද හිටියනම් ඒ සිංහයෝ දැන් ඉන්න සුකරයොත් එක්ක නිදි වැදලා හැදෙන්නේ මහා අවජාතක ජාතියක්.....

      අනික බං අපි හැදුනායි කියනේ අපේ තාත්තව මරලා නේ බං.....මේක කියන්නේ මම නේමේ,,,,,අතීතය. එහෙවු රටේ තවත් සිංහයෝ ඉදිද බං..........

      "සිංහ බාහු තාත්තව මරලා වීරයා වෙච්ච චන්ඩියා" අපි ඒ චන්ඩියාගේ අනුගාමිකයෝද........?????

      Delete
  6. හා ඔව් සිංහයෝ එහේ නෑ කියල පේපර් ඇඩි එකකුත් දැම්මා උඹ දැක්කේ නැද්ද///

    ReplyDelete
    Replies
    1. ඕක කියලා ප්‍රසිද්ධ කරන්න දෙයක් නේමේනේ බං.......

      Delete
  7. සිංහයො හිටියා කියලා විශ්වාස කරන තවත් දේශයක් ආසියාවෙ තියෙනවා ඒ සිංහපුරය හෙවත් සිංගප්පූරුව..

    ReplyDelete
    Replies
    1. සිංගප්පුරුවේ සිංහයෝ හිටියත් නැතත් ඒ මිනිස්සු සිංහයෝ වගේ හිතලා වැඩ කලා........අපේ සිංහ ගති බලු උනා......

      Delete
  8. අනේ රත්තරන් අය්යේ ඔයාගේ මේ ලිපි කියෙව්වාම මගේ බ්ලොග් එකේ මම ලියන්නේ මොනවද කියලා මට හිතුනා අය්යේ. ඔයාලා හරිම ප්‍රවීණ උගත් අය. මම එහෙම නැහැ. මම තනිකරම බ්ලොක්කරණයට ආධුනිකයි අය්යේ. ඒ නිසා මම හා හා පුරා කියලා පටන් ගත්තු බ්ලොග් එකට දැන් ලිපි දාගෙන යනවා. මම දන්නේ නැහැ ඒවා හොඳයිද නරකයිද කියලා. අනේ අය්යේ මාව වරදවා වටහාගන්නේ නැතුව මට අනුකම්පා කරලා මගේ බ්ලොග් එකට ඇවිල්ලා ඒ ලිපි කියවලා හොඳ නරක ගැන කියලා අදහස් දාලා මාව දැනුවත් කරන්න මගේ සුදු අය්යේ. ඔයා එනකම් මේ නංගි මඟබලා ඉන්නවා මගේ රත්තරන් අය්යේ...

    ReplyDelete
    Replies
    1. ඔය කියපු කතාවේ ව්‍යංගාර්තය මට තේරුණා.......මම උගත් නැහැ....හෙන වයසත් නැහැ. එත් මම මේ බ්ලොග් වලට වඩා මේ රටටයි රටේ සංස්කෘතියටයි ආගන්තුකයි.....මන්දා ඔබ තුමී කොහොමද කියලා.....මන් කැමති ඔයත් එක්ක කෙලින් කතා කරන්න. ඒක ඔයාගෙත් පුරුද්දක් කියලා මම කොහෙද දැක්කා......මේකට ප්‍රතිචාරයක් මම බලාපොරොත්තු වෙනවා....

      හැබැයි කෙලින්....ඒක මේ රස්තියාදුකාරයාගේ හැටි.......

      Delete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...