රස්තියාදුකාරයා | Rasthiyadukaraya
අතරමන් උන තරුණයකුගේ .....අකීකරු අකුරු කරනය..........
Sunday, May 8, 2016
කදෝපැණියෝ
හරිත නිම්නය පෙනි පෙනි
අතරමං විම සුලභ ලකුණක්
කදෝපැණියෙකුට
සිතියමක් නොමැති චාරිකාවකට
රිසිම නම් ඔබ,
අඩි පාර කෙළවර
උයනක බංකුවක ඉඩ ඇත
මග සලකුණු වෙනුවට
පෙම් සලකුණු තියෙන
Wednesday, November 18, 2015
සිතුනොත් ඔබට
සිතුනොත් ඔබට
ආපසු එන්න
කියවන්න කවි පොත
අග සිට මුලට
වෙහෙස විය යුතු නැත
සොයාගන්න,
කඳොකිමියෙකු
අන්ධකාරයේ
සැරිසරන...!
Friday, September 25, 2015
අකලට අතැර දැමු හේන
මල් පිපුන කුරහන්
පණ පිටින් ගිනි දැල්
වැලඳ ගත් පසුව උව
වනට අකලට
අතැර දැමු හේනක
තාම දලු ලයි
පොළව යට සැගව ඉඳ
කලින් සිට වු බතල දඩු
ඉදින්
ඒ ලගම ඇති ගසක පාමුල
තිබේ තවමත්
හේවිල්ලිය හැකි පැලක්
සුරකිව..
Older Posts
Home
Subscribe to:
Posts (Atom)