Sunday, May 8, 2016

කදෝපැණියෝ





හරිත නිම්නය පෙනි පෙනි 
අතරමං විම සුලභ ලකුණක් 
කදෝපැණියෙකුට 

සිතියමක් නොමැති චාරිකාවකට 
රිසිම නම් ඔබ,

අඩි පාර කෙළවර
උයනක බංකුවක ඉඩ ඇත 
මග සලකුණු වෙනුවට
පෙම් සලකුණු තියෙන  



Wednesday, November 18, 2015

සිතුනොත් ඔබට



සිතුනොත් ඔබට 
ආපසු එන්න 

කියවන්න කවි පොත 
අග සිට මුලට 

වෙහෙස විය යුතු නැත 
සොයාගන්න,
කඳොකිමියෙකු 
අන්ධකාරයේ 
සැරිසරන...! 

Friday, September 25, 2015

අකලට අතැර දැමු හේන



මල් පිපුන කුරහන්
පණ පිටින් ගිනි දැල්
වැලඳ  ගත් පසුව උව

වනට අකලට
අතැර දැමු හේනක
තාම දලු ලයි
පොළව යට සැගව ඉඳ
කලින් සිට වු බතල දඩු

ඉදින්
ඒ ලගම ඇති ගසක පාමුල
තිබේ තවමත්
හේවිල්ලිය හැකි පැලක්
සුරකිව..