Monday, August 5, 2013

නිරුවතින් පාර දිගේ.....


මං ඇවිදගෙන ගියා දිගටම......
දිගටම.......
ඈත දුපතක් මැද්දේ කහ පාට
එළි ගොඩක්......මැද party ක්...
ගියා ලගටම.....
එගොඩ වෙන්න බෑ...... 
දියවන්නාව.....ගැබුරුයි......දරුණුයි.......

මම හැරනා වමට....ගියා දිගටම.....
දිගටම......
සපත්තු අඩියකට පෑගුනු රතු පාට
රෝස මලක්...... මලේ රතු පාටින්
පාර තෙමිලා.......  

සර,,,,,සර,,,,,සර,,,,, 

පාර අයිනේ....
සිගිති ලේන්සුවක් හා
කොන්ඩමයක්.....

මම හැරනා දකුණට....ගියා දිගටම.....
දිගටම......
වෛද්‍ය සභාවේ අනුමැතිය ලත් නිල් පාට  
ආරෝග්‍ය ශාලාවක්......දත් ගලවන්න ආපු
කෙල්ලන්ගෙන පිරිලා.......  

ආ..ආහ්....ආ..ආහ්...ආහ්.. 


උල් පිහි කතුරු...
වලට කැපුන මල් 
පොහොට්ටු......


43 comments:

  1. ධර්මද්වීපයේ සමාජ ව්‍යසනය එලෙසින්ම ,හැමදාම, නීතිගත කරමුද නොකරමුද?

    ReplyDelete
    Replies
    1. උබ හොද කතාවක් ඇදලා ගත්තේ.......නීති ගත කරමුද.... නොකරමුද .......මට නම් මෙතන නීති ගත කිරීමකට වඩා විය යුත්තේ අවබෝධයෙන් සමාජය දෙස බැලීමත්......හොද සමාජ විවරනයකයි....

      ලංකාව කියන දුපත් ඇතුලේ ලිංගිකත්වය හා ප්‍රජාතන්ත්‍රවාද ගැන මිට වඩා කතා කල යුතුයි...එකට හොද සමාජ අධ්‍යාපනයකුත් පාසැල් වලින් හා විශ්ව විද්‍යාල තුලින් ලැබිය යුතුයි...

      සමාජය ඇතුලේ හොද සමාජ කතිකාවතක් ඇති විය යුතුයි....

      Delete
    2. රස්තා..ඉවාන්......මමනම් ආසයි අහන්න නයනා ..නෙමේ.මමනම් කැමතියි මෙන්න මෙතැනින් කතාවට ඇතුල්වන්න.
      1)නීතිගත කිරීමට වඩා අවබෝධයෙන් සමාජය දෙස බැලීම
      2)ලිංගිකත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මීට වඩා කථා කිරීම
      නියම පොට් එකකට සෙට් වෙලා තියෙන්නේ.එන්න!වතුර දාන්න!!.පොහොර එකතු කරන්න!!!.මල් නෙලන්න!!!!පසුව ඔතා දෙන්න!!!!!

      Delete
    3. අනිවාර්යෙන් මචං.....මේ දුපත ඇතුලේ ලිංගිකත්ව කියන වචනය නිකන් කුණුහරපයක් තරමට අවුල් වෙලා........කතා කලත් එකට ලිංගිකත්වය කියන නම කියන්න අකැමැති. ලංකාවේ තියෙන පටු සංස්කෘතිය ඇතුලේ කෙල්ලෝ ඕක පොඩ්ඩ හරි දැන ගන්නේ ගේ ඇතුලේ දවස් ගානක් හිර කරලා කියා දෙන ටිකෙන් විතරයි...එකත් නිකන් බය කරලා.....කොල්ලන්ට එහෙමත් නැහැ. උන් ඒවා කතා කරන්නේ යාලුවෝ එක්ක විතරයි......යාලුවෝ අතරෙන් ඒවා කතා කරද්දී සමහ උන් ලජ්ජාවෙන් බිම බලා ගන්නවා.....

      ලිංගිකත්වය කියන්නේ මිනිස්සුගේ මුලික අවශතාවයක් ඒක සපුර ගන්න විදිහ තමා සාකච්චා කරන්න ඕනේ......ලංකාව ඇතුලේ ඒ සදහා තියෙන ප්‍රවේශයයි අවුල....

      ලංකාව ඇතුලේ ලිංගික පීඩනය කියන එක හෙන වැඩි......ඒකට දේශපාලනිකව හා සංස්කෘතික බලපෑම කරනවා විශාල ලෙස...ලංකාවේ කෙල්ලෝ දුෂණය උනේ අදක ඊයෙක ඉදන් නමේ අතීතයේ රජාගේ ඉදන් වර්තමාන පාලනය දක්වා එක සමානයි, නමුත් උනේ අතීතයේ ඒ සිද්දි ප්‍රචාරය වෙන්න මාධ්‍ය තිබුණ නැති ඒක....ඒත් එකත් උනා ඉස්සර රජාගේ ඉදන් වර්තමන් පාලකයා දක්වා ඔවුන් ඔවුන්ගේ ලිංගික කුහකකම හොදට සන්සිදෝ ගත්තා.......

      ඉස්සර ඔය කොච්චර දහම් පාලකයෙක් උනත් හොද කෙල්ලෙක් දැක්ක ගමන් අන්තප්පුරයට දාගත්තා......දැන් ඇමතියෙක් හරි පාලකයෙක් හරි කරන නෙත් අන්තප්පුරය වෙනුවට කෙල්ලව හොද හෝටලයකට ඇදීම......ඒකට අකැමති උනොත් ඉස්සරත් අදත් එක්කෝ ඒ කෙල්ලට නැත්නම් ඒ පවුලට මරණය හෝ අතුරුදහන් කරවීම විතරයි ඉතුරු වෙන්නේ......

      එත් සාමාන්‍ය ජනතා වෙච්ච අපිට.......හිස් තැනක් විතරයි......කතා කලත් වැරදි.......

      ඉතින් ඉස්සර කෙල්ලෝ ඉස්සර වල් අන්නාසි හෙවුවා දැන් P2 වලින් බැරි උනොත් දත ගලවනවා.....කොහෙන්ද මේ ප්‍රශ්න ගණන් අපි කතා කරන්න පටන් ගන්නේ......

      ප්‍රජාතන්ත්‍රවාදය.....ලංකාව ඇතුලේ වැඩිපුර කතා කරන වචනයක්.......ඒත් මෙලෝ රහක් නැහැ.....උබල ඒක දැක්කනම් මටත් කියපං.

      මේවා මේ දුපතට අරහං දේවල්.......මේවා අරහං වෙන තරමට ලෝකෙට අපිව අරහං......එත් අපේ උන් හිතන් ඉන්නේ අපිට තමා ලෝකේ හොදම සංස්කෘතිය තියෙන්නේ, හොදම පාලනය තියෙන්නේ, හොදම නායකයෝ ඉන්නේ, හොදම ආගම තියෙන්නේ, හොදම ධර්මද්දීපේ තියෙන්නේ කියලා.....

      ඒත් උන් දැන් නැහැ ලෝකෙන් අපිට අයිති වර්ග කිලෝමීටර් 65525 කියලා. ඒකත් දැන් අයිති චීනෙට.....

      Delete
    4. රස්ති.......උඹ ලිංගිකත්වය කියන සබ්ජෙක්ට් එක ගැන දරන ස්ථාවරයට මම එකඟය.ලිංගිකත්වය පිලිබඳ සාකච්ඡාවක් නොකිරීමම ලිංගික අපචාර සඳහා තෝතැන්නක් නිර්මාණය කිරීමකි.ජීවත්වීමට ආහාර සහ ජලය මෙන්ම ප්‍රාණවත් සෑම ජීවියකුටම ලිංගික කටයුත්තත් ඔක්සිජන් මෙන්ම වැදගත්ය.නිවැරදිව සිතීමටත් නිවැරදිව දැකීමටත් මේ නම් අත්‍යාවශ්යම සාධකයකි.ලිංගික උවමනාවන් සපුරා ගැනීමට නොහැකිව ලතවෙන ලාංකීය තරුණයින් සහ තරුණියන් සම්බන්ධව මට ඇත්තේ තදබල අනුකම්පාවක් සහ සමාජ ක්‍රමවේදයන් පිලිබඳ වෛරයකි.කථිකා කල යුතු දෑ බොහෝය.තව දුරටත් සාකච්ඡා කිරීම වැදගත් නම් අපි දිගටම යමු.තවත් අයගේ අදහස් එකතු වේ නම් එළකිරිය.

      Delete
    5. ලින්ගිකත්වය් කියන කරුණ ගත්තොත් මේ උඹලා දෙන්නම කියන දේවල් සමග 100%කම එකඟයි, එත් ගබ්සාව කියන කාරණය ගැනත් අපි කතා කලොත් එක කාන්තාවගේ අයිතියක්, අවබෝධයෙන් බැලීම කියන තැනදී නීත්යෙන් ඊට එල්ල වෙලා තියෙන බාධාවන් ඉවත් විය යුතුයි,

      Delete
    6. ගබ්සාව කියන ඒක මචං වෙනම මත්තෘකාවක්, ඇයි ගබ්සාව වෙන්නේ එක්කො සොබාවිකව, ම්ළ දරු උපතකදි නැති නම් අනාරක්ෂිත ලිංගික එක් විමක් නිසා හට ගත් කලලය කෘතිමව ඉවත් කිරිමට...මෙතන අපි වැඩ්පුර කතා කරන්නෙ අර කියුව තුන් වන කාරනය ගැන. අනාරක්ෂිත ලිංගික එක් විම් ගොඩක් වෙන්නෙ ලිංගික අධ්‍යපනය හරි හැටි නොලබීම හා ලිංගික පිඩනය නිසා....ඒක නිසා අපි ගබ්සාව කියන එකට එන්න කලින් ගොඩක් දේවල් පාලනය කර ගන්න පුලුවන්...

      මෙ කියන කරනාව හරිය වෙන්න නම් පාසලේ 9 වසරේ තියෙන ප්‍රජනය කියන පඩම් උසස් පෙළ,විශ්ව විද්‍යාල දක්වා පුළුල් විය යුතුයි. ඒ වගේම මෙ සදහා අවශ්‍ය කරන දේශපාලන වටපිටාව සකස් විය යුතුයි.

      නිකන් හරි ස්ටීව් ජොබ්ස් ලංකාවේ ඉපදුනානම් ඔහුට Apple තියා මේ ලොකේ එලිය වත් දකින්න හම්බෙන් නැහැ.....මොකද ඔහු ඔහුගේ ජිවිත කතාවෙදි කියනවා. ඔහු හැදුනෙ ඔහුගේ උපන් මවු පියන් ලග නොව හදා ගත් මවු පියන් ලග බව...මොකද ඔහුගෙ නියම දෙමාපියන් ඔහුව ඉවත් කරන නිසා...ඕක ලංකාවේ උනානම් අවජාතක ස්ටීව් ජොබ්ස් නැත්නම් කතුරු වලට කැපුන මල් පොහොට්ටුවක්.....

      Delete
    7. ගබ්සාව කියන කාරනය ලිබරල් යැයි කියන යුරෝපයේ පවා මහත් සංවාදයකට තුඩු දුන් කාරනයක්.එය ඉතා සංවේදී මාතෘකාවක් විශේෂයෙන් ආගමික පසුබිම් තුල.....ප්‍රජණනය විෂය පාසල් තුල පුලුල්ව ඉගැන්වීම තුලින් විද්‍යාත්මක දැනුමක් ලබනවා හැර ඉන් බාහිර සංකල්පමය වෙනසක් ඇතිවේ යැයි හිතන්න අමාරුයි.මොකද ඔය සබ්ජෙක්ට් එකේ ඔස්තාර්ලා වන දොස්තරලා පවා කසාදයක් බඳින්න බලාපොරොත්තු වෙන්නේ *යියක් ඇහැටවත් දැකපු නැති කෙල්ලෙක්වය.අවාසනාවකට අපේ කලාපයේ රටවල්වල හැටි එහෙමය.
      ලිංගිකව හැසිරීම කායිකවත් මානසිකවත් අති ප්‍රභල උවමනාවක්ය.ඕනෑම කොල්ලෙක් විවාහයට පෙර පවා *කන්න ආසය,ඕනෑම කෙල්ලෙක් *කාගන්න ආසය. විවාහ වෙන තෙක් මම එසේ නොකරමි යන්න පවා අපි අපිවම රවට්ටා ගැනීමකි.එහෙම ආසාවක් නැති අය සිටීනම් එය කායික හෝ මානසික දුබලතාවයක් විය යුතුය.සංසර්ගය කියන වචනය පාවිච්චි නොකිරීම ගැන සමාවන්න.අන්‍යෝන්‍ය අවබෝධයෙන් සහ අනවශ්‍ය ගැබ්ගැනීම් වලින් තොරව මේ දේවල් සිද්ධ වෙනවානම් අන් ප්‍රශ්න මතු නොවන බව මගේ හැඟීමයි.මා වැරදි විය හැක.
      ප්‍රශ්ණය මතුවන්නේ විවාහයට පෙර මැස්සෙක්වත් වහපු නැති සහ මට හැර අන් කිසිම කෙනෙකුට ආදරය නොකරපු ගැහැනියක් සොයන පිරිමින්ගේ පටු මානසිකත්වය තුලමය.විවාහයට පෙර නිදාගත්තේ කාඑක්කද කවදාද යන්න ගැටලුවක් නොවන්නේ අප විවාහ වන්නේ නැවත එසේ නොවිය යුතු සහ නොකල යුතු යන ශිෂ්ඨ සම්පන්න ආකල්පය සහ අවබෝධයකින් පසුව බැවින්ය.විවාහයෙන් පසුවත් එවැනි අනියම් අවශ්‍යතාවයන් මතුවන්නේ නම් ගහමරා ගන්නේ නැතිව අවබෝධයෙන් වෙන්වී කරගත්තාට කමක් නැත.විවාහයට පෙර ,මුදලට හෝ නො*කපු පිරිමියෙක් සොයාගැනීම අපහසු විය හැක.නමුත් පිරිමියා විසින් බලා පොරොත්තුවන්නේ හීනෙන්වත් පිරිමියෙක් එක්ක නොනිදාගත් ගැහැණියක් නම් තත්වය ශෝචණීයය.අසාධාරණය.
      නොයෙකුත් ප්‍රශ්ණ ඇතිවීමට මූලික හේතුව වී ඇත්තේත් මිනිසා හෝ ගැහැණිය සතු ලිංගිකව හැසිරීමට ඇති මූලික අයිතිය පිලිබඳ දක්වන කුහක ආකල්පයමය.ලිංගික වශයෙන් අසහනකාරි සමාජ වටපිටාවක් ඇතිවීමට මේවාත් එක්තරා සාධකයන්ය.තව කරුනු බොහෝය.වෙනස් විය යුත්තේ සමාජ ආකල්පය.නීති රීති වෙනස් වීම තුලින් සහ විෂයාවබෝධය පුලුල් කිරීම තුලින් පමනක් වැඩක් වේ යැයි සිතිය නොහැක.ඔබ සහ අපි විවෘතව සිතන්නේනම් ගබ්සාව යන විෂය සෞඛ්‍යමය හේතුන් සඳහාම පමනක්(අවම වශයෙන්.) සීමා කර අපේ පාඩුවේ ඉන්න පුලුවන් බව මගේ හැඟීමයි.
      ලිස්ට් හදාගෙන හෝ නැතුව අසරණ දැරියන්ට,ගැහැණුන්ට මදාවිකම් කරන අසහනකාරි චන්ඩි පොන්නයින්ට මෙය අදාල නොවේ.
      ප.ලි:........මචං කියලා උඹලාට කතාකරාට මම වයසින් මුහුකුරා ගිය මිනිහෙකි.මෙහෙම සඳහන් කලේ,නැත්නම් මේ කමෙන්ට් එක තරුණ විසේට ලියපු එකක් කියලා හිතන්න පුලුවන් නිසාය.මම පුහු සදාචාරවාදියෙක් නොවේය,

      Delete
    8. උබ කියන කතාවට මම එකගයි, ලංකාවේ පිරිමි ගැහැණුන්ට වඩා කුහකයි. ගොඩක් පිරිමි හිතන්නෙ පුරුෂ ලිංගයක් පැත්තෙන් විතරයි. අපිත් පුරුෂ ලිංගයක් තියා ගෙන ස්ත්‍රී ලිංගයක් ගැන කතා කිරිම කොච්චර සධාරනද කියන්න මම දන් නැහැ. ඒත් පුරුෂ ලිංගයට වගේම ස්ත්‍රී ලිංගයටත් හැගීම්, දැනිම්, අශාව දැනෙනවා ඇති. නාඩි වැටෙනවනම් ඔනේ එකක් කියන පිරිමි පාරිශුද්ද ස්ත්‍රී ලිංගයක් සෙවිම විහිලුවක් විතරයි. ඒත් මෙ දුපතේ තත්වය ඔකයි.

      කොහොමත් දකුණු ආසියාවෙ පිරිමිට තියන නිදහස ගැහැණුන්ට නැහැ. කොහොම හරි ලිංගික අශාව සන්සිදො ගන්න පිරිමි ආපස්සට හිතලා බලන්න ඔනේ ගැහැනු කියන්නෙත් ඇට, ලේ, මස්, නහර, වලින් හැදුන ජිවින් කොටසක් කියලා.

      අපි අපේ හිතෙන් අහලා බලන්න ඔනේ, පාරේ යනකොට දැකපු කෙල්ලෙක් ගේ කකුලක් දිහා බලල පවා ස්වං වින්දනයක් ලබන පිරිමි, කෙල්ලෙක්ව මෙ කන්‍ය පටලයක් තුල ලගු කල යුතුද කියලා.

      දවසක් මගෙ යාලුවෙක් ඇහුව ප්‍රශ්ණ දෙකක් තියෙන්වා...ඒ ප්‍රශ්ණ අපි හැමොම තමා ගෙනන්ම ඇසිය යුතු ප්‍රශ්නය. සමහර ප්‍රශ්න සමහර පිරිමිනට අදාල නොවිය හැක....එහෙත් බහුතරයක් පිරිමිට අදාලයි.

      1) සමාජය තුල හොදට පිස්සු නටන උබට, කන්‍ය බාවය අහිමි කෙල්ලෙක් හම්බුනොත් උබ මොකද කරන්නෙ....????

      2) ගැනු එක්ක හොදට නිදා ගන්න උබ, උබෙ ගැනි එහා ගෙදර මිනිහා එක්ක ඉන්නවා දැක්කොත් උබ මොකද කරන්නෙ....????

      Delete
    9. අරූ, රස්තෝ ලිංගික කුහකත්වය ගැන කතා කරනකොට මම දකින්නේ එක වෙන ම කෝණයකින් උඹලා අහනවා වගේ

      //"1) සමාජය තුල හොදට පිස්සු නටන උබට, කන්‍ය බාවය අහිමි කෙල්ලෙක් හම්බුනොත් උබ මොකද කරන්නෙ....????

      2) ගැනු එක්ක හොදට නිදා ගන්න උබ, උබෙ ගැනි එහා ගෙදර මිනිහා එක්ක ඉන්නවා දැක්කොත් උබ මොකද කරන්නෙ....???? "//

      මෙතන තියෙන්නේ කුහකත්වය පිළිඹඳ [ප්‍රශ්නයක් නෙවෙයි මචංලා.. මේක තනිකරම පුරුෂයාගේ අභිමානය පිළිඹඳ ප්‍රශනයක්. සමාජයේ තමන්ගේ ප්‍රතිරූපය පිළිඹඳ ප්‍රශනයක්.

      " අඩෝ අරකගේ ගෑනිට උන්ගේ අල්ලපු ගෙදර එකානේ නෙලන්නේ ,ඌ පොන්නයෙකද කොහෙද බං"
      "අර පොන්නයා වටේම ගිය කෑල්ලක්නේ කරගැහුවේ"
      "මචං අර පොර බැන්ද කෑල්ලට මම *කුවා බං ඉස්සර දවස ගානේ"
      "අරකි මගේ උරලා ඇති බං ගෙවෙන්න දැන් පත්තිනි අම්ම වගේ හිටියට"
      ....... තව බොහෝ දේ , පුරුෂ මූලික , පුරුෂයා පව්ලේ ආරක්ෂකයා හෝ සර්ව බලධාරියා ලෙස සලකන සමාජය තුල තමන් තව එකෙකු *කපු ගෑනියෙක් ගැනීම හෝ තමන්ගේ ගෑනිට වෙන එකෙක් *කීම කියන දේ මුළු ආත්මයම විනාශ කිරීමට තරම් අභිමානයට කැළලකි.
      කුහකත්වයට වඩා මේ සමාජය තුල තම අභිමානයට කැළලක් සිදු කර ගැනීමට සූදානම් පිරිමියෙකු නැත. මේ ප්‍රශනය මා දකින්නේ මේ කෝනයෙනි.



      Delete
    10. උබ කියන එක්ක ඇත්ත මචන්. මොකද මුළු දකුණු ආසියාවම උබ ඔය කියන මතවාදයෙන් පෙළෙනවා වැඩිපුර ඉන්දියාව. ඒත් උබ ඔය කියන පුරුෂ ප්‍රතිරූපය තුල ගැහැණිය ජීවියෙක් කියන එක අවලංගු වෙනවා නේද බන්. අපි ආතල් ගන්නයි ගැනු ආතල් නොගෙන ඉන්නයි කියන යටි කතාවක් එකේ කියවෙනවා.

      උබ කියනවා වගේම එක ගැනියෙක් දීහා බලලා තව පිරිමියෙක් හිනා උනාට උගේ ගෑනිටත් වෙන කවුරු හරි ගේමක් දෙනවා බැරි නැහැ...

      මේ ඔක්කොම බැදිලා තියෙන්නේ තෘප්තිය මත කියලයි මට හිතෙන්නේ. මට රස දේ වෙන කාට හරි රස නැහැ වගේ, වෙන කාට හරි රස දේ මට රහ නෑ. ඒ වගේ ලිංගිකත්ව කියන එකත්. අනික ලිංගිකත්ව කියන්නේ සංසර්ගය එහා ගිය දෙයක්. ඒක ඇතුලේ ආදරය කියන දේත් කොයි ප්‍රමානෙන් හෝ අන්තර් ගත විය යුතුයි. අපි ගෑනියෙක්ව සල්ලි වලට පැය ගානට ගන්න හදන්නෙත්, ගෙදර ගැනිත් එක්ක පුළුවන් තරම් ඉන්න බලනෙත් ඒ නිසා වෙන් නැති. ඔය කියන කතාව ඇතුලේ ගණිකාවගෙන් රාගයත් ගෙදරින් ආදරයත් හොයන තැනට අතරමන් වෙලා. ඔය දෙක වෙලාවකට පටලගන්නවා.

      Delete
    11. //"ලිංගිකත්ව කියන්නේ සංසර්ගයට එහා ගිය දෙයක්"// අනිවා, එකෙන්ම එකඟයි, ගොඩදෙනෙකුට නොතේරෙන දේත් ඒකයි.කාන්තාව අසාධාරණයට ලක්වීම ලාංකීය සමාජය තුල සාමාන්‍යකරණය වෙලා.

      Delete
    12. ඇත්ත තමයි ඉවාන්..අපි මේ කියන්න උත්සාහ කරනදේ ගොඩාක් අයට තේරෙනවා.නමුත් ඒකට එකඟව වැඩ කරන්න සුදානම් නැහැ අන්න අර පොන්න ටෝක් එකට මුහුන දෙන්න තියෙන අකමැත්ත නිසා.එකේ අනිත් පැත්ත ..ගැහැණියෙක් කවදාවත් කියන්නේ නැහැනේ උඹේ මිනිහා මාව තියාගෙන *කුවා.මෙන්න සයිස් උගේ අරක.එහෙම කියන්නේ නැහැ ඒක ඒ කියන ගෑනිටම අවනම්බුවක් නිසා.ආපහු කරකැවිලා එන්නේ පරන තැනටම තමයි.*කීම සහ *කාගැනීම සම්බන්ධව දකුනු ආසියානු ආකල්පය.මේවා කවදා වෙනස් වෙයිද දන්නේ නැහැ.වෙනස් වෙයි ගෑණු හෙලිවැල්ලෙන් ජීවත් වෙන්න පටන් ගත්තොත්.අපි මෙහෙම බලමු.ජීවිතේ ගැට ගහගන්න ගණිකා වැඩේ කරන කෙනෙක් උනත් තමන්ගේ පුතාට හොයන්නේ මැස්සෙක් වහපු නැති කෙල්ලෙක්වනේ.

      Delete
  2. හ්ම්... හ්ම්.. කොළ පාටට මුකුත් නෑ...

    ReplyDelete
    Replies
    1. උබට හෙන අවුල නේ කොළ පාට නැති උනාම......කොළ පාට ගැන එළියේ කතා කරන ටිකම මදැ බං....ලංකවේ දේශපාලන පාට කියන්නේ මට නම් වතුර වැටිලා කලවම් උන දියසායම් දීසියක් වගේ.....චිත්‍ර පාට කරනවට වඩා වෙන්නේ සායම් කලවම් කිරීම විතරයි.....අවසානේ අපිට ඉතුරු වෙන්නේ කළු සුදු සිතුවමක් විතරයි(කළු සුදු රටක්).......

      Delete
  3. මේ තමයි මම ආදරය කරන රස්තියාදුකාරයා.... ඌ නැවත ඉපදිලා... දෙවියන්ට ස්තූතී වේවා

    ReplyDelete
    Replies
    1. මාතලන් මන් මරුනේ නැහැ බං.......මාව එහෙම මරණ්නත් ලේසි නැහැ. මන් පොඩ්ඩක් උබේ ට්‍රැක් එකෙන් පිට ගිහින් ලියුව නිසා නේ උබ එහෙම කියන්නේ.....මොනා ලියන්නත් අපිට රටත් ඉතුරු වෙන්න ඕනේ නේ බං. අනික දේශපාලන දේශපාලනයෙන් තොර කවියක් තියා, හුස්මවත් ගන්න අපිට බැහැ.

      දැන් ලංකාව දේශපාලනය අජියා කියනව වගේ....

      "සුරනංගනාවියේ මෙහේ ඉන්න දැන් බැහැ පර්ලිමෙන්ට් එකත් ඉස්සර වාගේ නැහැ
      ම්නිමර උන් ජිවිතේ හදුනන් නැහැ......ජිවිත වල රස කොහොමත් උන් දැන් නැහැ"

      Delete
  4. ලාංකීය සමස්ථ සමාජයම දෙස බලන ලද අපුරුම විමැසුමක්.. නියමයි රස්තියාදුකාරයා.. මේ නිර්මාණ හැකියාවන්ම තමා දවසක සමාජයක් ඔසවා තබන්නට මුල් පොත් වෙන්නෙත්

    ReplyDelete
    Replies
    1. ස්තුති නාලියා....
      අපි එකී නෙකාට ලෝකේ පේන විදිහ වෙනස් ඒ පේන විදිහ එලියට දලා සමාජ ඇතුලේ සංවාදයක් ඇතිකරලා හොද නරක කතා කරලා ඒ අදහස් වලට තැනක් දෙනවද නැතනම් ඒ අදහස් වල තියෙන ගැටළු මොනවද කියන කතා කරන එකයි වෙන්න ඕනේ...

      ඒත් මේ දුපත ඇතුලේ ඒක හෙන අමාරු වැඩක්.....පුළුවන් තරම් අපි කරමු.......

      Delete
  5. සන්තෑසිය තේරෙනවා එකෙන්ම...

    ReplyDelete
    Replies
    1. ඕක තේරුම් අරං ඕකට ඕනේ කරන පිළියම් හොයන එකයි වඩාත් වැදගත්.........ඒ වෙනුවෙන් කතාවක් ඇතිවෙන්නයි ඕනේ.

      Delete
  6. මාතලන් කියු පාරේ අවේමි.දුර්ලබ නිර්මානයක්.සුභ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. ස්තුති වේවා......මන් හිතන්නේ මීට කලින් මේ පැත්තේ රස්තියාදු වෙලා තියෙනවා වගේ මට මතකයි....කමක් නැහැ අයෙත් මෙහෙ රස්තියාදුවීම ගැන සතුටු වෙනවා....

      Delete
  7. මුලින්ම ඇහැ අරින්න දුන්නු නිර්මාණයට සුබ පැතුම්. දිගු ගමනක මල් මාවතක් ඔබේ..


    මල් තැලිලා.. පොඩි වෙලා කිලිටි වෙලා... කපලා කොටලා...
    සිඟිති ලේන්සු එක්ක කොන්ඩම්.. ඒ විතරක් ද ? පැන්සල් පෙට්ටි අස්සේ පොස්ටිනෝ දෙක.

    නීතිගත කරමුද නැත්නම් නොකරමුකෝ... ?

    රස්තා,

    සම්ප්‍රදාය අස්සේ හැදුන මිනිස්සු සංස්කෘතිය කියන බැම්මෙන් ඇතුලට වෙලා ශිෂ්ටසම්පන්න කියන මිනිස්සුන්ට මේ මොකද බං වෙන්නේ.. ?
    හැමදාම වගේ... බලා ඉන්නවා මම.. වෙනස් කරන්න හදන්න බැහැ. සමාජ නිරුවත පෙන්වමු. බුද්ධිය ඇත්තා හැදෙයි. ඒ ඇසුරින් වැඩෙයි..

    බොර දියක ඉඳුවර එන්න ගොඩවන්න බොර දියට.

    ReplyDelete
    Replies
    1. මිනිහෙක් ශිශ්ට සම්පන්නයි කියන්නෙ. ඒ මිනිහ ලිංගික ජිවිතයක් නැති මිනිහෙක් නෙමේ. ඒ අවශ්‍යතාව නිවැරැදි විදියට කර ගන්න පිරිසක්. නමුත් මේ ලංකාවේ වෙලා තියෙන්නෙ පටු සංස්කෘතිය හා දේශපාලනය ඇතුලෙ අපි හිර වෙලා............

      Delete
  8. පද පේලි කීපෙකින් ලොකු කතාවක් ඔයා කිවුවා

    ReplyDelete
    Replies
    1. කතාව ඇතුලෙ ලොකු නිරුවතක් පේනවා ලාංකාවෙ.........

      Delete
  9. මාතලන් ගෙ පාර දිගේ ආවේ.

    ReplyDelete
    Replies
    1. මාතලන් මේක සීන්ඩියේ එල්ලලා නේ.....රස්තියාදුවට කැමති නම් දිගටම මෙ පැත්තෙ එන්න........

      Delete
  10. අපි කුමක් කීවත් කාලය හැමදේම වෙනස් කරනව.මොනව කරන්නද අදත් උදේ පාන්දරම මගේ කනට ඇහුණා ඔය වගේම දෙයක් බර ගානක් වියදං කරල හොරෙන් කරපු දේකට නෙමේ නීත්‍යානුකුලවම කරපු දේකට

    ReplyDelete
    Replies
    1. අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි කියුවට.......මේවා මෙහෙම ගිහින් නවතින්නෙ කොතනින්ද කියලා හිතා ගන්න බැහැ,,,,,,,ඒ නිසා ඊට කලින් මෙවා ගැන කතාවක් ඇති විය යුතුයි.

      Delete
  11. ඉතා හොද නිර්මාණයක්, ඒ වගේම වැදගත් සංවාදයකට මුලපිරීමක්

    ReplyDelete
    Replies
    1. කොහොමත් මට මෙ නිර්මාණය හරහා කරන්න ඕන කරලා තිබුනේ ඒක තමා.....මම ඒ සදහා ආරම්භය ලබා ගත්තා. ඒක කොච්චර දුරට සංවාදයට බදුන් විය යුතුද කියන එක තිරණය වෙන්නෙ.....උබලා දාන කමෙන්ට් හරහා. මෙ නිර්මාණය ලස්සනයි හොදයි කියන තැනට වඩා මම කැමති එහෙම සංවාදයක් කමෙන්ට් හරහා ඇති වෙන වේනවනම්....මොනා උනත් උඹේ අදහස් දැක්විමට ස්තුතියි.

      Delete
  12. නියමයි. ඔලුවට පොලු පාරක් ගැහුවා වගේ.
    "පාර අයිනේ....
    සිගිති ලේන්සුවක් හා
    කොන්ඩමයක්....."
    මේ ටික නොකිව්වා නම් හොඳයි කියලත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. නෑ මචං අපි අපේ රටේ නිරුවත දකින්න ලැජ්ජ වෙන්න ඔනේ නෑහැ. තාත්තා තාමාගේ දුවව දුෂණය කරන්න තරම් ලිංගික පිඩනයක් තියෙන රටක තාමා අපි මේ ජිවත් වෙන්නේ. අපි දකින්න ඔනේ මෙකෙන් මිදෙන්න මාර්ගයක්. ඒ සදහා තමා මේ සංවාදය.

      Delete
  13. අධම රාගයටයි විෂම ලෝබයටයි තරම් මේ සමාජය වෙන කිසිම දේකට බය වෙන්න ඕන නෑ. එකේ ප්‍රතිපල තමයි මේ.

    ReplyDelete
    Replies
    1. ඒත් අද සමාජය උබ කියන දෙකටම බය නැහැ බං. සමාජය තුල මෙකෙන් මිදෙන්න, ආකලප වෙනස් කර ගන්න විදිහක් ගැන තමා අපි කතා කරන්න ඔනේ.

      Delete
  14. ධර්මද්වීපයේ ඇත්ත පැතිකඩ..
    හොඳ නිර්මාණයක්...

    ReplyDelete
    Replies
    1. ධර්මද්දීපය ඒ කාලේ ඉදන් තිබුණ නැහැ බන්.....ඒත් දැන් ඒ තිබ්බ තරමත් නැති වෙලා..

      Delete
  15. කියන දේ තේරුණා.. ඒ දේ තේරුම් අරන් කරන දෙයක් අපි ඉක්මනට නොකලොත් මේ රටත් හත් ඉලවුවට ගහපු කලාබරයක් වගේ වෙනවා..

    ReplyDelete
    Replies
    1. මේ දේ ගොඩක් උන්ට තෙරිල්ලා උනාට ඒක හදා ගන්න උවමනාවක් නැහැ බන්....උනගේම ළමයෙක්ට කෙළ උනාම තමා චුන් වෙන්නේ.....අපි හෙන ආත්මාර්ථ කාමි ජාතියක් බන්...අපේ නේමේ නම් අපිට කමක් නැහැ කියන...

      Delete
  16. ලංකවේ උන් හිතාගෙන ඉන්නේ දත් ගලවන්නම ඔනේ කියලා උන් ජිවුතේට මූන දෙන්නෙ දන්නෑ හෝ ඔනේ කමක් නෑ

    ReplyDelete
    Replies
    1. ඕක මචං දතේ අයිතිකාරයට වඩා අමාරුව තියෙන්නෙ වටෙ පිටෙ සමාජයෙ ඉන්න අයට. අරුන් දත ගලවන්නෙ පවා ඒ සමාජයට තියෙන බයට. අපි සමාජයක් විදිහට හෙන අපරිනතයි.

      Delete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...