Monday, August 19, 2013

අපි යන්නේ හරි පාරේද.....

 

"සිහින දකින්න...සිහින තුලින් අවදි නොවන....."


අපේ මුලු ජිවිතයම සිහිනයක්.....ඇත්ත. ඒත් අපි ඒ සිහිනය කොච්චර සාර්ථකව අත්දකිනවද කියලා අපිට දැනේන්නේ අපි ඒ සිහිනය තුල හුස්ම ගන්න තරම අනුව. 


මට හිතෙන විදිහට අපි දකින ඒ සිහිනය කොච්චර දුරට අධ්‍යත්මික ගනුදෙනුවක් වෙනවද කියන එක අනුව අපිට අපේ ජිවිතය ඒ සිහිනය තුලින් පේන්න ගන්නවා.......ඔව්, අපේ ඇස් දෙකටම අපිව පෙන්න ගන්නවා. කළු සිත්තමක රිදි පාට පින්සල් පාරවල් වගේ, අපේ පාට ලොකේ අපේ මනස තුල කැටයම් වෙන්න ගන්නවා.  

හැබැයි අපිට අපිව පෙන්නෙ කළු පාට  ආගාදයක ඇතුලෙ ඉදන් එලියට එන්න දඟලන පලගැටියො ටිකක් විදිහට......


මානව ජිවියෙකුගෙ අධ්‍යත්මික පැවත්ම උදෙසා ආගමකින් විය යුත්තෙ මොනවද.....???? 

වර්තමානයේ එය වෙනවද....????


මම මේ එක තැන පල් වෙනවද, නැතිනම් මේ දුපත ඇතුලෙ මං අතරමං වෙලාද.  ඒත් අපි ලියන්න ඔනේ අපි දකින දේ මිසක් පාරභෞතික ලෝකයක් නේමේ කියලා මට හිතේනවා. මනෝරාජික ලෝකයක් ඇතුලේ ඉදන් හිර වෙලා දගලන ලිං ගෙම්බො වෙලා වැඩක් නැහැ. 

 

"ආගම යනු, මා දකින්නෙ මිනිසුන් කණ්ඩායමක් වන්දනාමාන කිරිම සදහා සොයා ගන්නා ලද සාමුහික මාර්ගයක් විදිහහට. මා කිවේ වන්දනාමනය යන්නයි. අවනත විම නොවෙ. ඒ දෙක බොහොමයක් වෙනස් කරුනු දෙකක්..."

                                                                                          - පාවුලො කොයියො 

 

වර්තමානයේ අපි සමාජයක් විදියට පට්ට අසරණයි. තමාට, තමාගෙ නිරුවත දකින්න බැරි තරමට අපි අසරණයි. අගාධය ගැබුරුයි. ඉහල එලිය දකින්න බැරි තරමට. කලුවරයි. ඇස් පේන් නැති ගානට. ඇයි අපිට   බැරි එලියට එන්න මෙ අදුරු කළු පාටින්. අන්න ඒක තමා ආගමකින් විය යුත්තෙ. අපිට අපේ ආත්මය එක්ක එකට ඉන්න පුලුවන් පාරාදිසයක්  හදන එක. අපිට අපේ අධ්‍යත්මය එක්ක තනි වෙන්න පාර කියන එක. එත් වර්තමානයේ වෙන්නෙ අපි කාගෙ හරි ලබ්ධියක හෝ දර්ශනයක ලඟු විමක් විතරයි. 

 

අපි කාගෙවත් සිහිනයක් තුල, රාජ්‍යක් තුල අතකොලු කීරීමට වඩා විශාල වගකිමක් ආගමකින්/දර්ශනයකින් විය යුතුයි. කොටින්ම ආගම/දර්ශනය මිනිසුන්ගෙ හදවත හා අධ්‍යත්මය එකතු කරන පාලමක් විය විය යුතුයි. කොන්දෙසි විරහිතව.   


ලංකාව තුල බහුතරයක් ඉන්න බෞද්ධයා දැන් කොච්චර දුරට අසරණයිද කිවුවොත් ඔවුනට තම අධ්‍යත්මය/මනස තියා බුදුන් කියු දේයවත්  කිරිමට නොහැකි වී තිබේ. ලංකාවේ පාලනයද රෙජිමයක් වි ඇති වර්තමානයක ආගමද යම් පාර්ශව වල රෙජිමයක් වී තිබේන බව පැහැදිලී.


බුදු දහමේ තිබු අධ්‍යත්මික ගුණයට මුත්‍ර කලො කවහුද....????? 

 

අපි අපෙන්ම ඇසිය යුතු හිරිකිත පර්ශ්නය එයයි. බුදු දහමේ තියෙන අධ්‍යත්මික ගුණය පසෙකලා අපි වල්මත් වී ඇත්තෙ වෙන මන්ස්ගාත ඉසවුවකය. කර්මය පුනර්භවය, හේතු ඵල දහම, භාවනාව, ආදී ගැබුරු ඉසවු තියෙන බෞද්ධ දර්ශනය කොහෙද, එක මුල්ලක ලගු වෙලා. මලක් පුජා කරලා නිවන් යන තැනට පිරිහිලා.


රස්තියාදුකාරයා දන්න විදිහට බෞද්ධ දර්ශනය ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා.

 

-අභිධර්ම පිටකය

-සුත්‍ර පිටකය 

-විනය පිටකය 

 

මල් පූජ කරලා නිවන් යන්නයි. පහන් පත්තු කරලා ජිවිතේ එලිය වෙන්නයි වගේ පටු තැනක මේ වගේ ගැබුරු දර්ශනයක්  හිර කලේ කවුද....ඇයි ඔය මහ ලොකුවට වැදි බන කියන ජාතිහිතර්ශී, ශාෂනාරක්ශක  චිවරදාරින්ට, උපාසක මහතුන්ට බැරියැ මේ කියන ගැබුරු අධ්‍යත්මිය දහම මිනිස්සුනට සමිප කරන්න. ඒත් වෙන්නෙ මොකක්ද......තනිකර හිස් තැනක් විතරයි.


මල් දාහක් පූජ කරනවට වඩා. එක මලක් දීහා බලන් අනිත්‍ය මෙනෙහි කරන්වා වෙනුවට. මෙහෙ ඉදන් කට්ට කාගේන අනුරාධපුර ගිහින් මැරි මැරි චෛත්‍යයකට හරි බෝ ගහකට හරි ලක්ෂ ගනනින් මල් පහන් පූජ කරන්වා. ආගමත් දර්ශනයයක් මාර්කට් වෙන තැනකට දැන් අපි ඇවිල්ල ඉවරයි. ආගමත් ගෝලියකරනයට අහු වෙලා ඉවරයි.


වල පයයි ගොඩ පයයි තියන් ඉන්න මිනිස්සු කොහේ හරි එක්කන් ගිහින් ගොන් ආතල් දේනවට වැඩිය. ඇස් දෙකෙන් ලොකේ දැකලා ඉස්සරහා හිතන්න පුලුවන්, තර්ක කරන්න පුලුවන් තරුණ කොටස් වලට මේ දෙවල් කියා දෙන තැනට ආගම පරිනාමය වෙන්න ඔනෙ. කොටින්ම බුදුන්ගේ පලමු ධර්ම ප්‍රචාරක කන්ඩායමෙ හිටිය බහුතරයක්  තරුණ කොටස්. ඒත් දැන් ඉන්නේ හෙට අනිද්දා මැරෙන්න බයේ බණ අහන්න ආපූ වයසක මිනිස්සු ටිකක් විතරයි.


ඉස්සර ගමයි පන්සලයි වැවයි දාගැබයි කියලා කිවුව සංකල්පය මේ ශතවර්ශයේ යල් පැන්න සංකල්පක් විදිහට දැක දැකත් අපි තාමත් අතිතකාමීයො වගේ ඉතිහාසයේ මහා ගල් කනු අස්සෙ හිර වෙලා ඉන්නවා. එලියට එන්න බැරුව. එන්න ඔනේ කමකුත් නැහැ.

 

ඒදා සිදුහත් ගවේශන ශිලි නොවී. නිඝන්ටලගෙ වෘතම අනුගමනය කලානම් හරි අලාර කාලමලගෙ දර්ශනය  ඇතුලෙ හිර උනා නම් අපි වර්තමානයෙ මේ දකින බුදු දහම දකින්න ලැබේයිද. එහෙම නිදහස් චින්තනයක් තිබුන ශර්තෘවරයෙක් ඉන්න මේ බෞද්ධ දර්ශනය දැන් කාගෙවත් අතකොලු වෙලා.


එහෙම ඉතිහාසයක් තිබුන බෞද්ධ දර්ශනය වර්තමානයේ සිතිමේ කලාපයෙන් ඇතට අරන් ගිහින් විනාස කරලා....අපිට අපේ දර්ශනක්, දැක්මක් තියා ගන්න බැරි තැනට අපිව කොටු කරලා....ශුද්ධ බෞද්ධ දර්ශනයට අනුව අපිට අපේ සිහිනයක් දර්ශනයක් තිබීම අකැපද.....????


වර්තමානයේ අපිට කොහොමත් මේ නියම බෞද්ධ දර්ශනය සොයා ගැනිමට නොහැකි. ඒක වඳ කලේ උවමන්වෙන්. මන්ද වැදි බණ කියන මහා චිවරදාරිනට එම සංකල්ප නොතෙරෙන නිසා. ඔවුන් දන්නේ පවුල් සැලසුම් ක්‍රම ටික හා ගැහැනුන්ගෙ පවුල් ප්‍රශ්න ටික විසදිම පමනක්ය.


එසේ නම් අප තවත් මේ අන්ධකරය තුල සක්මන් කල යුතුද.....අපි අපේ දර්ශනයක් සොයා යාමට කාලය එලෙබ ඇත. නොපමාව.


6 comments:

  1. අද ලංකාවේ ඉන්න බුදු දහමේ අයිතිකාරයින් මිත්‍යාව වපුරන මැෂින් බවට පත්වෙලා,ආගම වෙනුවෙන් මැරෙන්න වුනත් ලෑස්තියි ,එත් ආගමේ උගන්නන විදිහට ජීවත් වෙන්නේ නෑ. චීවරය ආදායම් මාර්ගයක්, රුපියල් අසූදාහට නිවන් යවනවා, පන්සලේ ඉඳන් බ්ලූ ෆිල්ම් හදනවා, අනුන්ට බැන දෙසනවා........!
    මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා ..බුදු හාමුදුරුවනේ..!

    ReplyDelete
    Replies
    1. ආගමත් දර්ශනයත් මාර්කට් වෙලා ඉවරයි බං. ඒකන් උනේ වර්තමාන තෘප්තිය වුදේසා අනාගත දැක්ම විනාස කිරිම.

      Delete
  2. මචන්ලා මේ දවස් වල මැලේසියාවේ පන්සලේ ඉන්නවා හාමුදුරු කෙනෙක් ඇවිල්ල ඇමරිකාවේ ඉදන් .... කරලා තියෙන වැඩ ටික ඇහැව්වම ඇමරිකාවේ, දවසක්ම බිම වැටීගෙන ඉදන් වදින්න හිතෙනවා ....
    අවුරුදු 20කට කලින් ඇමරිකාවට ගිහින් එහෙන්ම ඉංග්‍රීසි ඉගෙන ගෙන ඒහේ පල්ලියකට ගිහින් පල්ලියේ අයට භාවනා කරන හැටි උගන්වලා අන්තිමට ඒ මිනිස්සුන්ගෙන්ම සල්ලිවලින් ඒ පල්ලිය සල්ලි වලට අරන් දැන් පල්ලිය, පන්සලක් කරලා........ හෙට අනිද්දා කොම හරි ගිහින් හඳුරුවන්ගේ ෆොටෝ කැල්ලක් 2කක අරන් මම පුළුවන් උනොත් විස්තරේ ගැන පොට්ටුවක්ම දාන්නම්කො ..... දන්නැති අයට බාලා ගන්න

    ReplyDelete
    Replies
    1. මිනිස්සු තමා/ආගම/දර්ශනය පිලිබඳ වෙනම ස්ව අධ්‍යනයක් කල යුතුයි. එහෙම උනොත් මිසක අපිට මෙ කපෙට ජිවිත්‍ය දකින්න හම්බෙන් නැහැ.

      Delete
  3. රස්ති.......ඔය තරම් වටින දර්ශනයක් මුල්ලක තියලනේ අපේ අය ආගමික චූන් එකක් ගන්නේ වෙනත් ක්‍රියාමාර්ගවලින්.තේරුම් ගනින් ආගමක් කියන්නේ ආයතනයක්.දැන්නම් ව්‍යාපාරයක්.ඕකේ ඉන්නවුන්ට ඕන බුද්ධාගම කරේ තියන් යන එවුන් පිරිසක්.එහෙම නැතුව බුදුන් කිව්ව පරිදි" එව-බලව",මේක ඇරලා බලලා, මොනවද ඇතුලෙ තියෙන්නේ,මොන පාටද,මොන හැඩයද ආදී වශයෙන් ප්‍රශ්ණ කරන අය නෙමෙයි.එහෙම කරන අය වැඩිඋනොත් මුදලාලිට කඩේ වහන්න වෙනවා.මිනිස්සු ප්‍රශ්ණ කරන්න ගන්නවා අල්පේච්ඡත්වය,චතුරාර්‍යසත්‍යය ආදී වශයෙන්.එතකොට සේව නූලට ගිනිතිබ්බා වගේ තමයි.ඒක වහගෙන ඉන්න තමයි මලුයි,පහනුයි.හඳුන්කූරුයි වලින් අච්චර උතුම් දර්ශණයක් මුවා කරලා තියෙන්නේ.ඒකට තමයි ධර්මචක්‍ර ෂර්ට් වල ගහගත්ත,බබා හුකුන් ටෝක් දෙන,අරුන් කියන ඕන මඟුලක් විචාරයකින් තොරව තව තැනක දෙසාබාන, පොන්නයොත් වනනොවන සුදු වතින් සැරසුනු තරුන කොටස් මේ දවස්වල ගොඩාක් තැන් වල දකින්න ඉන්නේ.
    අනිත් සැට් එක තමයි සිංහල බෞද්ධ කඩු,කිනිසි,බෝම්බ වලින් අර උතුම් බෞද්ධ දර්ශණය මුවා කරගෙන ඉන්න,කරටි කැඩෙන්න ගහලා,වාහනත් එලවලා,අනතුරුත් කරලා,උසාවිත් ගිහිල්ලා,ඒ මදිවට බෝර බයිලා කෙලින නූතන ධර්මපාලලගේ කස්ටිය.මේවා ඔක්කොම දේශපාලන කරුනු වටා ගෙතුනු ආගමික මුලාකිරීම්ය.පාලකයාද,ආගමික නායකයාද වඩාත්ම කැමතිවන්නේ ඔබ ඔවුන් ප්‍රශ්ණ නොකරන තාක් කල්ය.
    මෙය වර්තමානයේ සියලුම ආගම්වලට පොදු ධර්මතාවයකි.එය එසේ නොවේනම් ආශ්චර්‍ය්යකි.

    ReplyDelete
    Replies
    1. ආගම්ත් දෙශපලනීකරනය වෙලා ඉවරයි. වර්තමන පාලනය වුනත් කරන්නෙ ඒක. රටෙ ප්‍රශ්න වෙනුවෙන් ආගම ඉස්සරහට දැමිම. ඒකෙන් වෙන්නෙ ඒ වගේ දර්ශනයකින් වෙන්න ඔනෙ දෙවල් වෙන් නැතුව වෙන වෙන මනස්ගාත සිදු වීම. සම්මා දිටිටිය කියන සංකලපය අපි හරියට දන්න වනම් අපිට මේක වෙන්න විදිහක් නැහැ. ඒත් වෙන්නෙ මේකෙ අනික් පැත්ත.

      වල පයයි ගොඩ පයයි තියන් ඉන්න මිනිස්සු මරනයට බයේ ලොකෙ විදිහට වඩා පුලුල් ලෙස ලොකේ දකින් විදිහක් ගැන අපි හිතන්න ඔනේ.

      Delete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...