Saturday, August 24, 2013

උඹලා කොහේද......

 

 

අන්ඳකාරයේ සෙවනැල්ලට මුලු ලොකෙයටම වැටෙනවා කියලා මං දැනන් හිටියා. ඒත් ඒක මේ තරම් ඉක්මනට අපේ කොලු කල්ලියට එයි කියලා මන් නිකමටවත් හිතුවේ නැහැ.


එක බත් පතකට පොර කාපු.....එක වතුර බොලයෙන් ඔක්කොමලා වතුර බිපු....කෝ අපේ උන්.....මන් ගැස්සිලා ඇහැරුනා. උබලට මතකද මුල්ම කාලෙ රුපියල රුපියල එකතු කරලා බීම පැකට් බිබි පාරේ ගිය හැටි, ඒ කාලෙ තාමා අපිට කල්ලි අමාරුව මුලින්ම හැදුනෙ.....උබලට මතකද ඒවා.


ඊට කාලෙකට පස්සේ A/L. ඒක නම් උපරිම්යි. තැබිලි කඩලා පිනා ගාව අපි සෙට් එකම හිටිය හැටි. කවුද කැඩුවෙ ඇහුවම අපි ඔක්කොමලා නැගිට්ට හැටි. ඇයි බං ඉස්කොලෙන් පැනලා ගිහින් අහු උන හැටි....හොරෙන් කාලා සෙට් එකම එලියට දාපු හැටි.... උබලට මතකද ඒවා......ඒ කාලේ ඉස්ස්කොලේ ගියෙ ඉගෙන ගන්නද නැත්නම් පිස්සු නටන්නද කියලා මන් තාමත් කල්පනා කරනවා.


අන්තිම කාලේ කිය කිය හරි දාලා එක සිගරට් එකක් අරන් හොරෙන් බීපු හැටි. ඒ කාලේ කොල්ලෝ එකතු වේලා කොහේ හරි නයිටක් ගහන්වා කියන්නෙ පට්ටම ආතල් වැඩක්.....කොහොම හරි එක බොතලයක් හතර පස් දෙනෙක් එකතු වෙලා ගහලා අපි ගත්ත ත්‍රිල් එක මට නම් තාමත් හීනයක් වගේ....ඒ හීනෙන් අපිව ඇත් උනේ වලාකුළක් අහස ඇතැරලා යන්වා වගේ. ඉක්ක්මනට.


අන්තිමට අපි A/L ලිවුවා......ඉස්කොලෙට එපා වෙච්ච අන්තිම පොලිම් දෙකෙ හිටිය කොල්ලො ටික A/L පාස්. දේන්නෙක් විතර කැම්පස්. කොහොම හරි අපි පාසැල් කාලේ කියන දාම් ලැල්ලෙ හැම කොටුවක්ම පැන්නා.


ඒත් දැන් ඒක අතිතයෙ දිය වෙච්ච මතයක් විතරයි......


                              පරණ යාලුවෝ......පරණ යාලුවෝ......

                              හැම දාමත් උන් රංචුව.....

                              පිටට පිට තියන්...

                              පොත් රාක්කයක් වගේ....... 


අජිත් කුමාරසිරිගේ ඒ ගොර හැඩි කට හඩ මාව අයෙමත් ඒ නින්දෙන් අහෙරෙවුවා.......


වර්තමනය තුලා මිනිහෙක් කොච්චර යතාර්ත වාදි උනත්....මේ කියන යතාර්තය උනත් හැදිලා තියෙන්නෙ වචන වලින්  කියලා රස්තියාදුකාරයා කොහේන්ද අහලා තිබුනා. නොස්තැල්ජියාව කොච්චර පටු සංකල්පය පටු  වුනත් අපි ඒකට සමහර වේලාවට පට්ට විදිහට ආදරේ කරනවා. ඇත්ත. වර්ණවත් අතිතයක්, යතාර්ථයේ කළු පාටින්වත්..... කළු සුදු අතිතය, වර්ථමානයේ වර්ණ වලින් වත් පාට කරන්න අපිට බැරි උනත්. අපිට ඒ පාටින් මිදෙන්න බැහැ.  


මුලු ලොකේම දේශපාලණිකරනය වෙච්ච නුතන යුගයක, යාලු කම, මිත්ත්‍රත්වය විතරක් ඒකට අහු නොවී තියෙයිද......


නැහැ. ඒක උනා. මුදල් කියන භෞතික අතරමැදි දේ ඉහත කී සියල්ලම් කලා....අපි ඉස්සර දිවුවේ බොලයක් පස්සෙ ඒත් අපි දැන් දුවන්නෙ, කෙලවරක් නොපෙනෙන අනන්ත මිරිගු ලොකාන්තයක් පස්සේ. අපිට අපිව, වට පිට පෙන්නේ නැහැ. හුස්ම ගන්න වෙලාවක් නැහැ. එකට බත් ටිකක් කන්න වෙලාවක් නැහැ.....අපි අතරමං වේලා.....ආපස්සට එන්න බැරි තරම් අපි අතරමං වෙලා....


යතාර්තය ඇතුලෙ අපි අපේ කියලා ඉසවුවක් නැතුව, මගේ කියලා පටු තැනක හිර වෙලා.....හුස්ම ගන්නෙ පරිසරයෙන් නේමේ,සල්ලි වලට ගත්ත ඔක්සිජන් ටැන්කි වලින්. එක වතුර බොතලේ බෙදාගෙන බිපු වුන්ට Coke මෙගා බොතලයක් එකෙක්ටත් බොන්න මදි වේන තරමට අපේ ආමාෂ පෙරේත වෙලා. එක සිගරට් එක වටේ යැවුව අපිට, කතා කර කර සිගරට් එකක් බොන්න දෙන්නෙක් හොයා ගන්න බැරි තරම් අපි දුර ගිහින්.


අපි කියලා කියපු පලළ් ලෝකය මම කියන තැනටම පොඩි වේලා......


                                     අහසට මල් දුම් නැගුනා...

                                     සපත්තු අදුරේ ගිලුනා..

                                     අපේ තොල් වල මඩ වැදුනා...

                                     ලොකාන්තයෙ ගමනේ.......

                                     ඔබට මතක නැතිද 

                                     ඒ කාලයේ.....

                                     බේදා ගත්ත හැටි 

                                     පොඩි බංකු කොටේ 

                                     අපි බයෙන් බයෙන්...

                                     අපි සැකෙන් සැකෙන්..

                                     මේ රටත් අමුත්තො වාගේ...



මේක තමා අනිත්ත්‍ය කියලා හිර වෙන්න ඔනේ නැහැ. ඒත් මේ සිංදුව ඇතුලේ වර්තමාන පවුල මුලික කර ගත් කේදවාචකය හොදටම පැහැදිලි වෙනවා. භාණ්ඩ හුවමාරුව මුලික කර ගේන ආරම්භ උන වෙලදාම වර්තමානය වෙන විට. මිනිස්සුන්ගෙ ආත්ම තෘප්තියක් බිලි අරන් ඉවරයි. අපි අපිව විකුනගෙන. 


මං හිතනේ මේ සිංදුව ලියලා තියෙන්නෙත් අජියමයි....ඒක ඇතුලේ නිර්වේයාජ මිතු දමට දේශපලනය විසින් කරන බලහත් කාරකම අජියා නියේමෙටම ලියලා තියේනවා.....අජියාගේ ගොර හැඩි කට හඬ සිංදුවට දෙන ගැබුර සුපිරියි. අජියාගැන තාම ලංකාවේ ගොඩක් දේනා දන්නේ රොක් අජිත් විදිහට. අජියා තමා වර්තමනය වෙන විට ලංකාවේ දේශපලනය දක්මක් තියෙන විකලප සංගීත කාලාපයේ උඩිනම ඉන්නෙ. 


අජිත් කුමාරසිරි ගිටාර් එකත් එක්ක කරන මේ සංගීත ගනුදෙනුව ගොඩක් දෙනාට පෙන්නෙ පොඩියට.හරහට. 

 

මේකේ වචන ටික අතුලේ අපේ විතැන්විම නියෙමෙට පේනවා. ඒක බංකුවක පොර කලා වාඩි වෙලා. ජිවිතේ සරල සැහැල්ලු ලෙස ගෙවපු අපි අන්තිමට ඉමක් නොපෙනන ලොකන්තයක් හොයන් යන ගමනෙ ණයට හුස්ම ගන්න මගින් වෙනවා. සතුටෙන් විහිලුවෙන් ජිවිතේ මැන්න අපි අද රුපියල් වලින් ඩොලර් වලින් ජිවිතෙ මනිනවා. අපි වෙන්දේසි වෙනවා. දේශපාලනික ප්‍රග්ධන හිමි කරුවෝ අපිට ලන්සු  තියෙනවා.

 

ඇවරයි......... දැවරයි......... තුන්ඇවරයි.........


                                     සාදූ නොකියා අපි 

                                     හාදු දුන් රැයෙ.....

                                     පාලූ යන්න අපි 

                                     මාලු ඇල්ලුවෙ....

                                     හරි උනන්දුවෙන්... හරිම  උනන්දුවෙන් 

                                     හරි ප්‍රොමොදයෙන්.......

                                      ඒ කාලේ......


අතිතය සිහිනයක් පමයි කිවුවට. අපිට ඒ අතිතෙන්න් ඔය කියන්ව වගේ මිදේන්න බැහැ. ඒ අතීතය වර්ණවත්. අපි ඒ පාට මැදින් ආවෙ කලුවර ඉසවුවකට. ආයෙත්  ආපහු එන්න බැරි තරම් ඇතුලට. ප්ලේනටියක් බිලා ඒදා සතුට හේවුව අපි අද ප්‍රාඩො එකක කලු විදුරු ඇතුලේ සතුට හොයන්වා.


සමාජයක් විදිහට අපි පිරිහිලා. පන්ති පිටින් ප්‍රශ්න වෙනුවෙන් එලියට බැස්ස අපිට, අද කොල්ලො හත් දෙනෙක් එකතු කරන් ට්‍රිප් එකක් යන්න බැරි වෙන තැනකට අපි අනාථ වේලා. දැන් අපේ ඇගේ දුවන්නෙ ඒදා ඇගේ දිවුව රතු පාට ලේ නේමෙද. අපිට අයෙත් හිතලා බලන්න වෙනවා. දැන්ම.


මේ වචන වලින් දොංකාරය දෙනනෙ ඒ අපේ අතීතය. පොඩි සතුට වෙනුවෙන් උනත් අපි කරපු ඒ උනන්දුව උත්සහය, අපි එකෙන් ලබපු සතුට. වචන වලින් මායිම් කරන්න බැරි තරම් අපිව ජිවත් කෙරේවුවා. හුස්ම දුන්නා.


මිලක් නියම වෙච්ච සමාජයක, අපි අපේ අතිතයත් උකස් කරලා ඉවරයි. ඒක දැන් සින්න වේලා.

 

අජියා මේ වචන, ස්වර, හඬ හරහා දෙන්න හදන්නෙ නුතන දෙශපාලනික ගොහොරුවේ දිය වෙලා වැගිරෙන අපේ මතයන්ය. මිල ක්‍රමය හරහා ඉල්ලුම සැපයුම(සමතුලිතය) මනින විවෘත ආර්ථිකය තුල ජිවිතයේ තෘප්ත්‍යද මනිනු ලබන්නෙ මිල විසින්මය.


ජිවිතේ අපි මේ ජිවත් වෙන යථාර්තයට එහැයින් අපිට වර්ණවත් මතකයක් තිබුනා කියලා මතක් කර ගන්න කාලේ හරි.



27 comments:

  1. මම හිතන්නෙත් අපිට ගොඩක් දෙවල් මඟඇරෙනවා මේ තින සමාජ ක්‍රමේ නිසා. නමුත් අපිට පුළුවන්කමක් තියෙන්න ඔනේ අපේ කරමතට බලෙන් පටවන්න හදන දෙවල් පටවගන්නේ නැතිව ඉන්න. හරියට මම වගේ. බැනුම්, ඇනුම්, අපහාස, නින්දා කීදහක් දෙවල් අහනවාද? නමුත් මම අකමැති මේ ජිවත් වෙන ටික කාලේ කිසිම දෙයක් මට අතඇරෙනවට. හැමදෙම නොලැබුනත් මම කැමති ලැබෙන පොඩි දෙයිනුත් සතුටු වෙන්න. ජිවිතේ විදින්න මට ඔනේ විදියට. :) උත්සහා කලොත් බැරිකමකෑ නැ.

    "වෙනසකට සියදෙනෙක් නෙමෙයි අවශ්‍ය. වෙනසකට අවශ්‍ය ඔබ හා ඔබේ පැහැදිලි සිතුවිලි පමණයි."

    ReplyDelete
    Replies
    1. ඔය කියන විකල්පෙට මම කොහොමත් කැමති. ඒත් අපි මේ මිල යන්ත්‍රර්නය තුල පොඩි දේවල් වලට පයින් ගහලා හොයන්නෙ ලොකු දෙවල් හොයන්න යන එකෙන් අපි තවත් අතරමං වෙනවා. ලොකු සතුටක් රැදිලා තියෙන්නෙ ලොකු මිලක් ඇතුලේ නෙමෙ කියලා අපි තෙරුම් ගන්න ඔනෙ.

      මදාරා කියනවා වගේ වෙනසකට අවශය වෙන්නෙ ඉන්න පිරිසට වඩා ඉන්න එක් කේනා හරි ඒ වෙනස තුලා ජිවත් විම.

      Delete
  2. එදා ජීවිතේ තිබුණ සරල බව අද සල්ලි, තාක්ෂණය, බලය, රාගය වගේ නොයෙකුත් දේවල්වලට යට වෙලා හුඟක් අමාරු වෙන තරමට ම ගොඩ ගන්න. එහෙව් සංකීර්ණ ජීවිතයක සතුටක්, සැනසීමක් හොයන්න පුළුවන් ද?

    ReplyDelete
    Replies
    1. අපි මේ ලොකුවට පරිනාමය කියලා කතා කරන්නෙ මේ සංකිර්නත්වයද. අපි පටලගෙන ඉන්නෙ අගක් මුලක් නැතුව. සතුට සැනසිම තියෙන්න ඔනේ අපෙ ඇතුලේ. ඒත් ඒක මිල කියන සංකලපයක් තුලින් ලගු වෙලා තියෙන්නේ.

      Delete
  3. සින්දුව රස වින්දා, අදමයි ඇහුවේ ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. අජියාගේ සිංදු පොඩ්ඩා අහලා බලන්න. අමුතුම කතාවක් කියන්නෙ. ඒත් ඒක මල් පිපුනා පර උනා වගේ ලාමක නම් නැහැ.

      Delete
  4. මට හිතෙන්නෙ වටිනාකමට වටිනාකමක් දෙනකම් ඒක නොවටිනා දෙයක්.. සෑම දේකටම වටිනාකමක් තියෙන්නෙ ඕන.. ඒත් ඒක මිලක් විය යුතු නෑ

    ReplyDelete
    Replies
    1. අනිවා. වටිනා කමක් දෙන්න තියෙන එක ක්‍රමය මිල කිරිම නෙමෙ. අනික මිලක් තියෙන ඔනෙම දෙයක් වටින දෙකුත් නෙමෙ. අපි තේරුම් ගන්න ඔනේ අන්න ඒක.

      Delete
  5. නෑසු ගීතයක් අමුතු ගතියක් තියනවා ඒකේ.

    ReplyDelete
    Replies
    1. උබලා අහපු නැති සිංදුවක් පොස්ට් එකක් විදිහට දෙන්න පුලුවන් විම ගැන මට සතුටුයි. අජියා පොඩ්ඩා අහලා බලපන්. ලංකාවෙ සංගීතය ඇතුලේ දේශපලනය නියොජනක් තියෙන විකලප කාලාකරයෙක්.

      Delete
  6. ඇත්ත අපි මේ සමාජ යාන්ත්‍රණයේ තරඟයක වැටිලා . මුදල ඉදිරියට ඇවිත් හැමදෙයක්ම කාලයත් එක්කම වෙනස්වෙලා. දැන් මිල මුදල් එක්ක හැම දේම ගලපන්න පුරුදු වුණා..

    ReplyDelete
    Replies
    1. මේ සාමාජය ඇතුලෙ අපිට මිලක් තිරනය කර ගන්නේ නැතුව......වටිනාකමක් එකතු කර ගැනිමයි වැදගත්...

      Delete
  7. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..හ්ම්ම්ම්ම්ම්ම්ම්

    බොර දියක ඉඳුවර

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්..හ්ම්ම්ම්ම් වලින් එහාට ගිය කතාවක් ඔනේ මෙකෙන් මිදෙන්න නම්.

      Delete
  8. අම්මපා ඇත්ත....

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමා අපි වෙලදපොලේ හුවමාරු භාණ්ඩයක් වීම.......

      Delete
  9. අපිට ගොඩක් දේවල් අතහැරිලා, ජීවිතේ විඳින්නේ නෑ, විඳවනවා. ඉඳලා ඉටලා ඒ රාමුවෙන් පිට පැනලා හිතට එකඟව ජීවිතේ විඳින එවුන් ඉන්නවා ,උන්ට සමාජයේ අනිත් එවුන් කියන්නේ "ඌට පිස්සු බං" කියලා.

    ReplyDelete
    Replies
    1. ඕකට හොදම උත්තරේ පිස්සෝ එලියට දාලා, හොද යැයි කියන මිනිස්සු කොටු කිරිම. ලංකාව පිහිටිමෙන් මදිවට සිතිම අතිනුත් දුපතක්.

      Delete
  10. ගිනියම් ඉර..
    සද සිසිලස..
    අතරේ හොයනව හොයනව මේ..
    අපි කවුරුද??

    ReplyDelete
    Replies
    1. ඒක තමා වෙන්න ඔනේ බං......අපි අපිව හොයා ගන්න කන් අපි අනුන්ගේ ආත්මයක් ඇතුලේ කුනු වෙනවා.

      Delete
  11. රස්ති...මේකත් ඉතින් මට කැමති විදිහට මම ජීවත්වෙන්න ඕන කියන එකට ඉඩක් නැතිවීම.මම කියන්න හදන්නේ ඇඳුම් රහිතව ජීවත්වීම හෝ එවැනි ගොන්පාට් වැඩ නෙමේ.හැමෝම හිතන විදිහට හිතන්න,කරන්න කියලා බල කරනවා.එහෙම නොකරන එවුන්ට පිස්සු කියන ලේබල් එක වදිනවා.මට ඒ ලේබල් එක තාම වදිනවා.මම ඒකට බය නැහැ.හැබැයි මට ඒක වදයක්.ඒ නිසා මම දැන් දැන් මම,බිරිඳ,දියණිය කියන රාමුවට කොටු වෙන්න බලනවා.ඒක ඇතුලේ අපි තුන්දෙනාට කැමති විදිහිට හිතන්න,ක්‍රියාකරන්න හොඳ ඉඩ කඩක් තියෙනවා.
    මම අජිත්ව රසවිඳිනවා අවුරුදු ගානක් තිස්සේ ඉඳලා.මම ඌට කැමතියි.මගේ වටපිටාව ඌට අකැමතියි කියන එක මගේ වින්දනයට බාධාවක් කරගන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. අපි අනුන්ගේ කැමත්ත අකමැත්ත මත යැපෙන්න ඔනෙ නැහැ කියටවත්.....අපිට අපේ කියලා අතිතයක් වර්තමනයක් අනාගතයක් තියෙන්න ඔනෙ...එතකොට අපිට අපිව පෙන්න ගන්න්වා. නැත්නම් අපි කාගේ හරි රුකඩයක් විතරයි. ඔබගේ උත්සහය අගය කරන්වා...

      අපිට කාව හරි රස විදින්න වට පිටාව වැදගත් නැහැ. අජියාටත් ඒක පොදුයි. අජියා ට ගොඩක් ඇකමති අජියා සින්දුවෙන් අපිව නිර්වස්ත්‍ර කරන හින්දා..ඒත් ඒක තාමා ඇත්ත.

      "HEY GENEVA අපි දැන් මරන්නෙ නැහැ. අපි දැන් කනවා විතරමයි..."

      Delete
  12. මචං අපි මේ කතාව තේරුම් ගනිද්දි පහු උන්නා එහේම නැත් නම් අපිට පනින්න උනා අපි ඉගෙන ගන්නේ පවා ඉගෙන ගත්ත දේ සල්ලි කරන් කන්නනේ පොඩි කාලේ ඉදන් ඒක එන්නෙත් උනා අපි ආත්ල් ගත්තා ඒත්, බලද්දී ඒ ටිවී ඇඩ් එකක් විතරයි

    ReplyDelete
    Replies
    1. ඔව්. මුලු ජිවිතේම රුප රාමුවක් ඇතුලෙ හිර වෙලා. අපේ මතක හිනයක් වේලා. අපිව මම ඇතුලේ හිර වෙලා. අපි ඒක දැන දැනම ඒකම කරන්වා.

      Delete
    2. අනිවරයන්ම අපි අන්තිමට කොහේ හරි හිරවෙනවා කොතනක හරි, ඒත් මේ යන විදිහට අපිට ඒකත් තේරෙන් නැතිවෙයි නැත් නම් අපි අමතක කරල දායි අපි හිර වෙලා කියලා

      Delete
    3. දැනට මත් අපිට ඒක වේලා තියෙන්නෙ....අපි එකි නෙකා කුනු වෙනවා අපිටම පේන් නැහැ...ලංකාව ඇතුලේ අපි අපේ තැන දන් නැහැ. කියවිමක් නැහැ. විදවිමක් නැහැ. ඉතින් අපිට වෙන්නෙ මොනවද කියලා අපි කොහොම දැන ගන්නද....අපි පරිනාමය වේන්නෙ විකූර්ති විදිහට ඒත් යුරොපය ඊට වඩා ගොඩක් වෙනස්.

      Delete
  13. atta kota api koheda me yanne......uba meka liyanne 2013 Aug. wala namuthman meka kiyawanne ada eth ahamben mage yahaluwek mage FB profile eke RASTHIYADUKARAYA mane eka dakala mokakda kiyala ahuwama tama math podda awith beluwe..........poddak hitapan hamadama pissu natapu api ada koheda koheda api me duwanne mokak passeda ????????? katada meka terenne katawath terenne neha....aduma gane gagaka muhudaka kese wethath pool ekak hari kattiya ekka nala athal ekak ganna apita welawak kohenda.......aduma gane eha gedara inna yaluwa ekka man ada katha karanne FB eken e tharamatama uth ekka wachanayak hamabawela katha karanna welawak neha...duwanwa halme eth.....api inne koheda kiyala hoyala balanna welawak neha...apima danne neha api koheda kiyala.....antimata api hitiyatat wada passata gihin....beluwama dukai adenawa ambanekata.............eth api tama duwanawa.........kawadada api nawatine ??????????

    ReplyDelete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...