Monday, May 20, 2013

අකුරු නැති ප්‍රේමය......


රස්තියාදුකාරයා මේ ලගදි ජපුරේ තිබුන ජපුර පහන් තරු තරගය සදහා පොඩි සින්දු කැලි ටිකක් ලියාගේන හිටියා......එත් පස්සේ ඒවා මං ඒ තරගය සදහා දැම්මේ නැහැ. මේ තියෙන්නේ ඒවායින් එකක්.


ඔබ ලගින් හිදී දා පැබැඳු කවියට
අකුරු ගැලපුවේ ඔබේ නෙතගයි
වන්දනාවක යන්න ගිය ඔබේ
කඳුලු කැට දැන්.......
මවයි කවි කම්......

ගලන වැහි කොඬ යට - ඔබේ සුවඳ මුසු කොට 
ගෙතුව කවි මඬල - ඔබේ සුරතේ රදවන්න පෙර
රැගෙන ගියේ ඇයි......
රුදුරු සැඬ සුළඟ.....//

ඔබ ලගින් හිදී දා පැබැඳු කවියට
අකුරු ගැලපුවේ ඔබේ නෙතගයි.....

සඳ පහන් අඳුරු රැයක - සීතල තරු එලිය යට හිද
හුදකලා මගේ සිත් මඬල - පතන්නේ දුක් නොම වෙන්න
මගේ සොදුරු......
සුහදිනිය.....//

9 comments:

  1. අපරාදේ යකෝ දැම්මේ නැත්තේ මේවා

    ReplyDelete
    Replies
    1. හොද හොද සෙල්ලන් එලි වෙන ජාමෙටලුනේ බං........ඉස්සරහට දාමු බං.....

      Delete
  2. ඒක හොදා දැම්මේ නැති එක. අහන උන්ට කං වහගන්නත් බෑනේ.. හැක්.. හැක්...

    ReplyDelete
  3. අපරාදෙන බං මේව දාන්න තිබ්බේ..

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට මිට වඩා හොද ටිකක් ලියලා දානවා බං........මේ වගේ බ්ලොග් එකේ දාලා ගුණ අගුණ දැනගෙන හොද නිර්මාණයක් කරන්න ඕනේ බං.....

      ඒකට කලබල වෙන්න ඕනේ නැහැ බං.....

      Delete
    2. බං බං කියන්න එපා බං...මේ ලංකාවෙ ප්‍රධාන ජාතික පත්‍රයක ප්‍රධාන කර්තෘ තුමා...නලින් අයියා

      Delete
    3. මාත් ඕක කොහෙද දැක්කා.........එත් මං රස්තියාදුකාරයෙක්නේ බං.........බං කියන්නේ අගෞරවයට නෙමේ බං....

      Delete
  4. aparade rasthiyadukaraya owa daannai thibbe... lassanai ewa :)

    ReplyDelete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...