එක දවසක ඉර ගෙවුන හන්දැවක්
මතකයි මට.........
ඔයා හිටියේ මගේ පපුවට තුරුල්
වෙලා හැංගිලා......
දෙනෙත් දෙකක් අතරේ අතරමං
වෙච්ච මං.......
ඉර කොහොමද ගිලෙන්න නොදී
බේරාගන්නේ.....
ඔයාගේ මුහුණේ තිබුන
රෝස පාට පියරු දැක්කම
මට මතක් උනේ..........
අපේ අම්මගේ, දහදිය බේරෙන
ඒ අඳුරු මුහුණ......
ඔයා අවුවට මුහුණ හංගද්දි....???
ඒත්.......
අපේ අම්මා......අපේ අම්මා......
දහඩියට මුහුණ දිය කළා............
නිල් පාටින් පාට කරලා දිලිසෙන
ඔයාගේ ඇගිලි දැක්කම
මට මතක් උනේ.......
අපේ අම්මගේ, ගින්දරට පිච්චුන
දැලි පිරුණු ඒ අත් දෙක.....
රස්නේ නිසා දුක් වෙන ඔයා....???
ඒත්.........
අපේ අම්මා......අපේ අම්මා......
ජිවිතයම රස්නයට බිලි දුන්නා.......
ඔයා මට කොච්චර ආදරේද.......
අන්න එච්චරක් මං ඔයාට ආදරෙයි.....
කියූ ඔයා......
පුතේ අර අහසේ කෙලවර කොහේද...........
අන්න ඒ කෙලවර තමා මගේ ආදරේ.......
කියූ අපේ අම්මා........
අපූරු අදහසක්.. අම්මාගේ ගුණයට සමකරන්න පුළුවන් ඒ වියපත් අත්දැකිම්වලට සමකරන්න හැකි දෙයක් තවත් නෑ
ReplyDeleteඅනිවාර්යෙන්.........හැබැයි මට මෙහෙම හිතෙනවා අපි කවදාවත් ඒ සැසදීම කරන්න නරකයි කියලා......
Deleteමොකද අම්මා කියන්නයි කෙල්ල කියන්නෙයි එක ජිවිතයක බුමිකා දෙකක් හින්දා........