Friday, October 4, 2013

පාර්ලිමේන්තු මහත්තයෝ...!



පාර්ලිමේන්තු මහත්තයෝ........

දැන් නම් උඹ හැඩයි...

ඒත් උඹ දැන් හරි සැරයි...

දැන් උඹ ලග ඉන්නත් මට බයයි....

මොනා උනත් උඹ තාමත් වඳයි...  

 

කන්න නැති අපිට  දිරවන්න බැරි තරම් 

ඇගවල් නැහැ...

තුරුල් කරන් තොල් ඉබින්න අපිට

කෙල්ලො නැහැ...

එහෙවු එකේ අපිට මොකට 

ඔරු පදින්න දියවන්නාවක්....

 

මහත්තයෝ අපිට හරි දුකයි...

අපිට අපි ගැනම හරි දුකයි....

 

තරු පහේ හොටල් වල මධුසමය ගන්න 

හීන මැවුවේ නැහැ....

උකුලේ තියන් සන්සවන්න වෙලා 

තිබ්බේ නැහැ....

එහෙවු එකේ අපිට මොකට 

එල්ලෙන්නට නේලුම් කුලුනු...

 

මහත්තයෝ අපිට හරි දුකයි...

අපිට අපි ගැනම හරි දුකයි..

 

ණය පොතේ පිටු පෙරලෙනවා..

එයා අරාබියේ ඔටුවෝ බලන්වා...

මාස තුනක් ගියා ලියුමක් වත් නැහැ..

මට කිරි එරෙන්නෙ නැහැ..

පොඩි උන් නිදා ගන්නේ නැහැ...

 

මහත්තයෝයෝ.......... අපිට හරි දුකයි...

අපිට අපි ගැනම හරි දුකයි..

 

18 comments:

  1. කොහොම වුනාත් හැමදාමත් අපිට අපිගැන දුකයි,
    අපි ගැන දුක් වෙන්නෙත් අපි විතරයි.
    අපේ දුක දන්නෙත් අපි විතරයි.

    ReplyDelete
    Replies
    1. මුලින්ම ප්‍රතිචාර ප්‍රමාද විම පිලිබද කනගාටුව...

      අපේ දුක දන්නෙ අපි වුනාට ඒ දුක තෙරුම් ගන්නනෙ බං අපි පත් කරපු ඇමති වරු ඉන්නෙ...අපිම වැරදි කරලා අපි අපිටම හිනා වෙන්න වෙලා තියෙන්නෙ..

      Delete
  2. ඔක්කොම හරි රස්තා කෝ බන් හයි වේ ගැන.......
    අපි වගේ උන් ගැන හිතලා වැඩ කරන පර්ලිමන්ට් 1ක් නේ බන් මේක....

    ReplyDelete
    Replies
    1. මට මෙතන්ට මතක් වේන්නෙ අජියගේ සිංදුවක්....."පර්ලිමන්ට් එකත් ඉස්සර වාගේ නැහැ...මිනි මරන උන් ජිවිතේ අදුරන් නැහැ ජිව්ත වල රස කොහොමත් උන් දන් නැහැ..."

      Delete
  3. කන්න නැතුවුනත්
    බොන්න නැතුවුනුත්..
    කාර් බාර් ඉඩං නැතුව සතුටින් ඉන්න
    අපිට හීනෙන්වත් හිතෙන්නෙ නැහැ..

    කාර් බලං ගෙවල් බලං
    අරාබියේ අපුල්ලලා
    මෙහෙ ආවම සල්ලි වලින්
    කොරන්න දෙයක් නෑ...

    ReplyDelete
    Replies
    1. සිරාවට ඕක තමා ඇත්ත...අපි දන් නැහැ සරල විදිහට සතුටු වෙන්න...අපි සතුට හොයන්නෙ හෙන සංකිර්ණ දේවල් ඇතුලේ...අපිට වරදින තැන අන්න එතන....අපි හිතන්න ඔනෙ අන්න එතන් ඉදන්,,,

      Delete
  4. ඔටුවෝ බලාගන්න යන්න ඕන එවුන්ව දියවන්නා කොටුවට ගාල් කරපු අයගේ බොටුව හිරවෙලා. පාර්ලිමේන්තු මහත්තයාගේ නැට්ටට කිරි එරෙන්නත් ,වේලිච්ච් තන් වලට බ්‍රෙසියර් අන්දන්නත් තවත් වටයකින් තවත් ඡන්දයක්....ගහන්න අත්පුඩියක් එක්ක තවත් එක් කතිරයක්.

    ReplyDelete
    Replies
    1. මට මෙහෙම දෙයක් හිතෙනව බං. අපි මචං දැන් මේ දුපත ඇතුලේ වෙන දෙවල් ගැන වෙන කොණයකින් බලලා එකේ අඩු පාඩු දකිනවනේ...එක අනිවා වෙන්න ඔනෙ දෙයක්..මට හිතෙනවා ඒත් එක්කම අපි ඒ අවුල හදා ගන්න ඔනේ මොන විදිහටද කියන වෙනම විචාරයකුත් එන්න ඔනෙ කියලා...

      දැන් මට විපක්ශයක් ගැන කතා කරන්න හිතෙන් නැහැ. ඒක එ තරම් අප්ප්‍රියයි. අපේ විපක්ශයකට තියන ප්‍රදාන අඩු පාඩුව මේ මං කිඋව පොඉන්ට් එක වැරදි දකිනවා, ඒක හදා ගන්න ඔනෙ විදිහ කියන් නැහැ. එහෙම වුනම හෙන අවුල්.

      අපි හිතන්න ඔනෙ කොහොමද මෙක වෙන්න ඔනෙ කියලා...ගොඩක් පොලිටිකල් බ්ලොග් වලත් මන් දැක්ක අවුලක් ඕක. මිනිස්සුන්ගේ අදහස් යොජනා ඇතුලට එන විදිහක් හිතන්න ඔනේ එතකොට තමා, පහල මිනිසුන්ගේ දුක උඩට එන්නෙ...අපේ අය අදහස ගන්නෙ විදග්ග මහාචාර්‍ය පොත් ගුල්ලන්ගෙන් නේ...ඒක වෙනස වෙන්න ඔනෙ රටක් උඩට එන්න නම්..

      Delete
  5. මොන විදිහට කිවත් දියවන්නවේ ඇත්තන්ට පොඩි මිනිහගෙ දුක තේරෙන් නැ සහෝ. අද ඊයෙ පත්වෙලා එන මහ ඇමති ගොල්ලත් තම්නට ඡන්ද වියාපාරෙදි ගිය වියදම හොයා ගන්ඩ මිසක් තුන් වෙනි පාර්ශ්වයක් ගැන හිතන් නැත...

    ReplyDelete
    Replies
    1. ඇයි අපි එහෙනම් දැන දැන වැරදි කරන්නේ....අපි රටේ මොන විභාග ලියන්නත් කලින් රටක් පාලනය වෙන්නෙ කොහොමද කියන එක ගැන හිතන්න් ඔනේ. දෙශපාලන විචරයක් තියෙන්නෙන ඔනේ..මොකද මේ ඔක්කොම වෙන්නෙ මේ රටෙ දෙශපලන වපසරිය ඇතුලේ හින්දා...අපි නොදන් නෙත් මේ ටික.

      Delete
  6. තාම වයඹට උණුසුම තියනවා. තව ටික දවසක් යද්දී පාර්ලිමේන්තු මහත්තයාලා වගේම පළාත් සභාවේ අය ගැනත් අපි කියන්නේ ඔය ටිකම තමයි

    ReplyDelete
    Replies
    1. අතිතයේ උන දෙම තමා වර්ත්මානයේ වෙන්නෙත් වෙන්නෙත්, දැන් වෙන දේ තමා හෙට වෙන්නෙත්....වැඩි වෙනසක් නැහැ...අපි මේ දුවන්නේ රවුමක් ඇතුලේ..,,මෙකෙනෙ පිට ගිය රටවල් ඉස්සරහට ගියා...අපිට යන්න ඔනේ කමක් නැහැ වගේ.

      Delete
  7. අන්තිමේ අපිට ඉතුරු දුක තමයි.. අපූරු කවි පෙලක්.. ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. මේ කවි ටික අදෝනාවක් වෙන කලින් මේක හදා ගන්න ඔනේ...නැත් නම් අඩන්න කඳුලු උනන එකක් වත් නැහැ මේ යන විදිහට.

      Delete
  8. ප්‍රතිපලය එකමයි. හැමදාමත් මේක මෙහෙම වන බව දැන් දැන ඇයි මිනිස්සුත් මේකම ආයේ ආයේ කරන්නේ?
    Most people think,
    Great god will come from the skies,
    Take away everything
    And make everybody feel high.
    But if you know what life is worth,
    You will look for yours on earth:

    ReplyDelete
    Replies
    1. අපි කේරොලක ඉදන් හිතන්න පටන් ගන්න කාලේ හරි...

      Delete
  9. ප්‍රිය ඇඩ්මින් වෙත,
    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/
    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...