Thursday, February 26, 2015

විඡ්චේදනය..




ක්ලොරෆොම් පොදක් ගෙන 
මුව තබමි වැස්ම 
ඉව කර සුවඳ, ඇද ගනිමි 
සිහිමඳ වන තුරු සිත..
ගෙන කතුරු පිහි දැතට 
සීරුවට ගමි ඉවතට. සිත 
මතු කොට අතීත නහර වැල්
පිරික්සමි එකි නෙක

එකම නහරක් වෙයි. තවම
සිහිමඳ නොවුනු, පණ ගසන
කුඩා කැපුමක් කල විටක මතුපිට. 
විය 
සිත.ලේ විලක්  

නවතමී,
විඡ්චේදනය 

වසා ලමි සිත. සීරුවට රුවා  
පණ ගසන නහරය 

ගෙන කටු පෑන. ලේ වැකුන දැතට 
ලියමි වාර්තාව, 


කිසි දා සුව කල නොහැකි. ප්‍රේමයකි මෙය.


4 comments:

  1. අහ් මං වැවාගෙ පෝසුටුවකට දැම්ම කමෙන්ටුවක් ඒකම මෙතෙන්ටත් හරියනව වගේ

    ආදරේ කියන්නෙ
    හලාහල විසත්
    අමෘතයත්
    කෙස් ගසෙකින්
    බෙදා වෙන් කල
    බදුනක්

    ReplyDelete
  2. mona kehelmal premayakda me hamadekama uthpaththiya me kehelmal premayamada

    ReplyDelete
  3. Aurudu ganakata liwwa kayiyak thama valangu venne kohomada 😣

    ReplyDelete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...