Thursday, April 9, 2015

කළපුවක් කියන්නෙම ප්‍රේමයක්..




ගලාගෙන ඇවිත් මිරිදිය 
නවතින කොට 
කඩොලාන පඳුරු පාමුල 
බලාගෙන හිඳ 
වැලද ගනි 
කරදිය.

ඉතින් මිත්‍රවරුනි, 
කළපුවක් කියන්නෙම 
ප්‍රේමයක් නොවේ ද

පියහඹා එන සියතුන්ගෙන්  
අහන්නෙම නැහැනේ 
කොහේ සිටද එන්නේ 
කවදාද යන්නෙ 

ඉතින් 
ඉරිසියා හිතෙන් නැද්ද 
මිනිසුන්ට, 
දකින කොට කළපුවක්.

දඩයක්කාර මා දැල් 
වලින් සැඟව 
පෙම් කරන මස්ටකයින්ට 
ඉඩ දෙන්නෙ කළපුවක් විතරක්ම 
නොවෙද

ඉතින් මිත්‍රවරුනි, 
කළපුවක් කියන්නෙම 
ප්‍රේමයක් නොවේ ද




8 comments:

  1. කොඩොලාන - කඩොලාන

    වැලද - වැළඳ

    සැගව - සැඟව

    මස්තකයින් - මස්ටකයින්

    ReplyDelete
  2. වෙනස්ම අදහසක්.. නියමයි..

    ReplyDelete
  3. හරිම ලස්සනයි,

    ReplyDelete
  4. පට්ට අදහසක්.. ගතියට ලියල තියෙනවා...

    ReplyDelete
  5. වෙඩිවර්ධනගේ බත්තලන්ගුන්දුව පොත කියවද්දී නැගුන හැඟීමකුත් මේ වගේ. හොඳ නිසඳසක්. වගේම හොඳ බ්ලොගක්. මේ පැත්තේ දිගටම එන්නම්.

    ReplyDelete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...