Wednesday, February 13, 2013

වැලන්ටයින් සිහිනය


                                            සුදු පාට මීදුම අස්සෙන් ආපු
                                     
                                 රතු පාට හිරු එළිය, මැවුව රටාව..........
                        
                                             හරියට......ඔයා ඇදල හිටිය සායේ
                                   
                                කහ පාට පසුබිමේ තිබුණ දම් පාට මල් වගේ.............
                       
                                            පොත් මිටිය තුල වහං වෙච්ච්
                                     
                                පපු දෑල හුස්ම ගත්තේ හරි සීරුවට............
                       
                                            හීනියට වැටෙන පොද වැස්සත් එක්ක
                       
                                ඔයා හිටියේ වෙනදා වගේම..............
                       
                                            කහ පාට මල් පිපුන ඇසළ ගහ යට
                                 
                               නිල් පාටින් නෙක රටා මැවුව................
                                             
                                            කුඩ පොඩ්ඩ ඉහළගෙන

                               ඉරුණු ඩෙනිමයි, පට්ට ගහපු ෂර්ට් එකයි...........
    
                                            බාටා කැල්ලයි දා ගත්ත මම

                              වෙනදා වගේම පරක්කුයි..............
                                          
                                            ඈත....ඉදන් පියවර මනින
 
                              ඔය නිල් පාට ඇස් දෙක ලඟ...........
                                      
                                           හැමදාම වගේ, අදත් මම ගොළුයි 

                              ඔයාගේ දෑගිලි අතර හිරවෙච්ච..............
 
                                           පිච්ච මල් සුවඳ දෝරේ....ගලන
 
                              ඒ සුභ පැතුම් පත.............



ඒ නැගිටපන්... නැගිටපන්....යකෝ.............දැන් එලි වෙලා........

අඩෝ....මං ඒ දැක්කේ හීනයක්ද............??????


18 comments:

  1. Replies
    1. අපිට වෙන්නේ ඕව මිසක් වෙන මොනවද බං...............

      Delete
  2. සෙහ්.. වැඩේ කෑවා.. හරි මට තේරෙනවා. ඉරුනු ඩෙනිමට හැමදාම ගරු සරු ආදරේ ලැබෙන්නේ නෑනේ..

    ReplyDelete
    Replies
    1. ඩෙනිම ඉරිලා තිබුනට හදවත ඉරිලා තිබුනේ නැහැනේ බං එහෙම එකේ තව ටිකක් ඉවසන්න තිබුනනේ.............

      Delete
  3. Replies
    1. ඔව් බං අපි ආදරය කොලොත් එකත් කරුමෙට හීනයක් බං....කෙල්ලෝ මේවා ගැන මිට වඩා හිතන්න ඕනේ.........

      Delete
  4. මාර හීනයක්නේ පෙනිලා තියෙන්නේ... කවිය නං නියමයි...
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. අපිට පේන හීන විතරයි බං මාර.........මේ පැත්තේ ආවට ස්තුති වේවා..........

      Delete
  5. හීනයක් වුනත්...ලස්සන හීනයක්...

    ReplyDelete
    Replies
    1. හීනේ වගේම ජිවිතේ ලස්සන වෙන්නත් ආදරේ ඕනේ බං.........මේහේ ඇවිත් වචන ගැලපුවට ස්තුති.........

      Delete
  6. මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න
    ඒ සිහිනෙන් මා මුදන්න ලංනොවන්න....

    මම නොවේ කියන්නේ නන්දා මාලනී.
    අපි පතමු,
    යතාර්ථය සිහිනයක් නොවේවා....! කියා.

    ReplyDelete
    Replies
    1. සිහිනයයි යථාර්තයයි අතර වෙනස හදුනා ගන්න බැරුව තමා ලතැවෙන්නේ..........මට හිතෙන්නේ........සිහිනය යාවත්කලිනයි.......යථාර්තය ප්‍රායෝගිකයි......

      Delete
    2. යාළුවා නැගිට්ටපු එක හොඳයි.

      Delete
    3. තව වෙලා ගියානම් මොනවා පෙනෙයිද කියලා බය වෙලාද......????

      Delete
  7. සිහිනෙන් ඔබ මට පෙනෙනවානම් අවදි නොවී ඉන්නම් :)
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. කිසිදා ඔබේ අත නොලැබේ නම් සැමදා තනි වෙන්නම්.........

      බලපං කෝරලේ මහත්තයෝ අපේ උං හිනේන් වත් අපිට කෙල්ලෙක් දකින්න දෙන් නැහැ නොවැ..........

      Delete
  8. ඔන්න ධාරත් ආව යාලූ............^_^


    ඔව්වගේ එව්ව හීනෙන් බලන්න යන්න එපා අප්ප.... ඩුක ඉටලයි.....:/

    ReplyDelete
    Replies
    1. ස්තුති අග්නි මෙහෙ රස්තේ ගැහුවට

      මෙහෙම දේවල් අපිට හීනෙන් විතරයි බං පෙන්නේ.........එහෙම එකේ නොබලා ඉන්නේ කොහොමද..............

      Delete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...