Sunday, February 3, 2013

නිදහස යනු කිම..........




   65 වන නිදහස් දින සමරනවා              හෙට
   ඒ වෙනුවෙන් සැමරුන්නම් ඒමට          ඇත
   හදේ නැති නිදහසින් මට මොටද            පල
   තාම අපිට කැම්පස් වත් දීලා                නැත 


                       
                        අධිකරණයත් සෙල්ලම් ගෙයක් විය        අවසානේ
                        දියවන්නාව පොර විය පෙර                        වාගේ
                        මෙවැනි රැගුම් දැක දැක අපි තුන්                වේලේ
                        සමරමු නිදහස අඳ බළලුන්                         වාගේ


   
    නීති විදුහලේ ගැටලුව ඉවර                     නැත
    මොරටුව සරසවියේ ගැටලුව උඩු දුවා        ඇත
    විභාගයේ වටිනාකම අඩුව                       ඇත
    අධ්‍යාපනේ මළගම නම් ෂුවර්                    මට 


                      
                       හලාල් වලට ඒරෙහිව දැන් යුද්ද            වදී
                       රටේ තියන නියම ප්‍රශ්න යටට              යති
                       මෙවැනි බොළද ආතල් වල විහිළු      නොවී
                       රටක් විලස නැගිටින්නට කාලේ            හරි

  

  බන්දුල, s.b රෙදි ගලවාගෙන               අවසානයි
  ජෝනියගේ නිරුවත දැන්නම්  හුරු             පාටයි
  මර්වින් සිල්වා රගපාන්න හරි                      සුරයි
  මේවා බලා ඉන්න අපි හෙන පව්                කාරයි   


                   
                     කඩේ යන්න මාධ්‍ය මට ඕනේ                 නැහැ
                     හිනා වෙන්න ජෝකර්ලව මට ඕනේ        නැහැ
                     පිස්සු කෙලින ඇමතිලා මට පේන්න         බැහැ
                     නමුත්, හුස්ම ගන්න රටක් මට ඕනෑ            වේ


14 comments:

  1. Replies
    1. ඕක තමා බං තේරුම් ගන්න ඕනේ.........

      Delete
  2. සේරම අවුල්.. ඔක්කොම පීඩනය එන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට.

    ReplyDelete
    Replies
    1. ඒක තාම බං අවුල......උන් සැප ගන්නවා අපි කෙල ගන්නවා.........

      Delete
  3. //පිස්සු කෙලින ඇමතිලා මට පේන්න බැහැ// මොනා කරන්නද අයියේ, මොකා ආවත් එකයි. පු‍ටු රත් කරනව විතරයි.....

    ReplyDelete
    Replies
    1. උන් ආතල් ගන්නේ, උන්ව පත් කල අපේ උන් නිසා..... ඒක නිසා අපි කරන්නේ උඩ බලාගෙන කෙල ගහගන්න වැඩ..........

      Delete
  4. ඹන්න අපිත් ගොඩවුණා.....
    හ්මි අද ගෙවන නිදහස අපිට මදි වගේ තමයි..
    ඒත් 48 දි නිදහස දිනාගන්න කරපු සටන් විප්ලව ආදී දේවල් බලද්දි අපි ඉන්නෙ හොද තැනක...
    නමුත් පාලකයන් විදියට අපි බුද්ධිමත් මිනිස්සුන්ව යවනවනමි ඔය ගැටලු සේරම ඉවර වෙනවා
    ජය
    අපේ පැත්තටත් ගොඩවෙන්න................

    ReplyDelete
    Replies
    1. මටනම් 48 නිදහසට වඩා අපි ඉන්නේ පහලින්. අපි දන්නේ අපේ රට වෙනුවෙන් දිවි පිදුව ජාතික වීරයන්ගේ පිළිම වලට වදින්න විතරයි. එතනින් එහාට හිතන්න තරම් අපි පරිනත වෙලා නැහැ. නැත්නම් කැප්පටිපොල වීරයාගේ හිස අවුරුදු ගානක් සුද්දා පරිස්සම් කලා. අපිට ඒක ලැබිච්ච ගමන් එක තැම්පත් කරලා සොහොනක් හැදුවා ඔන්න අපේ හැටි.

      Delete
  5. කවි වල එලි සමයක් නැති උනත් අදහස් ටිකනම් පංකදුයි....

    ReplyDelete
    Replies
    1. මේ කවි වල එළිසමය නැතුව ටිකක් අවුල් වගේ. මට නිදහස කියන හැගීමත් හෙන අවුල්............ඒ අවුල ලිහේනකන් අපි නිරුවත් දෑසින් බලා ඉන්නවා.

      Delete
  6. රට අවුලෙන් අවුලට ලමයි අමාරුවේ..ලංකාවේ මේවා කාට කියන්නද?

    අස්වැන්නට ඇවිත් ගිය මං සළකුනු ඔස්සේ තමයි මේ මුල්වතාවට අද ආවේ..

    ReplyDelete
    Replies
    1. අස්වැන්න ගැන මට සතුටුයි............ඒ වගේම අස්වැන්න මම දිගටම නෙලනවා.

      ඉදිරියටත් මේ පැත්තේ එන්න...........

      Delete
  7. පට්ටයි අයියේ......නියමයි...කාලෙකින් ආවේ නෑ ජංජාලේ පැත්තේ ඒකයි එන්න බැරි උනේ අයියේ....

    ReplyDelete
    Replies
    1. ස්තුති වේවා......ඔව් බං අපි ඔක්කොම ජංජාල වල පැටලිලා ඉවරයි .........තවත් පැටලෙන් නැතුව ඉදිරියට යන එකයි වටින්නේ......පැටලුනත් අවබෝධයෙන්..............

      Delete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...