Monday, February 11, 2013

%~~~මෙන්න හැදෙනවනම් රටවල්~~~%



මෙලෝ දෙයක් ලියන්න හිතෙන් නැති මහා කාලකන්නි කාලයක් මේ.............


තප්පරෙන් තප්පරේ ගෙවිලා යන විනාඩියෙන් විනාඩියෙන් වයසටයන, පරිනාමවාදයෙන් ආපස්සට යන අරුම මිනිසුන් ජිවත් වෙන අපුරු දුපතක් තමයි මේ ලංකාව කියන්නේ..............


ඉස්පිරිතාල වලින් නිකන් බේත් ගන්න ගියහම අතපය කපන, සල්ලි දීල බේත් ගන්න ගියහම මැරෙන්න බලන් යන්න ඕනේ අපුරු දිවයිනකි මේ ලංකාව..............

 

ඉගෙන ගන්න ඕනේ නම් පොල් හොරකම් කරන්න ඕනේ, නිදහස් අධ්‍යාපනයෙන් පරතෙරට පැමිණි සුපිරි මට්ටමේ දුපතකි මේ ලංකාව...............


විභාග හෙම නියමෙට තියන, ප්‍රශ්න සමග උත්තරත් බෙදන, දකුණු අතට වම් අත ඔසවන විරල ගනයේ අධ්‍යාපන ඇමතිලා සහිත ආශ්චර්යමත් ගොඩබිමකි මේ ලංකාව............


නීතියට ගරු කරන, යන්න දීලා කනට ගහන, හොරාගේ අම්මගෙන් පේන අහන අපක්ෂපාති අධිකරණ ඇති සාදාරණ රටකි මේ ලංකාව....................


කැම්පස් යන්න වලි කලා, ටියුෂන් කාරයන්ට පන දීලා, අවුරුදු 2 ගෙදර බලන් ඉන්න ඕනේ, ගින්දර වගේ උසස් අධ්‍යාපනයක් ඇති නියම රටක් මේ ලංකාව.............


අපි වවල අපිම කන, වැඩි එව්වා පිට රට යවන, කුරහන් ටිකත් පිට රටින් ගේන ස්වයංපෝෂිත ආර්ථිකයෙන් කෙල පැමිණි සුපිරි රටක් මේ ලංකාව..............


හලාල් වලින් බන කියන, නිවනට යන මග පාදන, උදේ හවා සිල් ගන්න බුදුන් තෙවරක් වැඩි පින් බිමකි මේ සිරි ලංකාව................


ලෝකයේම ඇති සුපිරි නගර එක රැයෙන් ගොඩ නගන, බලා ඉන්න උන් මවිත වෙන, හාස්කම් කම් වලින් පිරි පරාදීසයකි මේ ලංකාව..............  


අලියාගේ නැට්ටේ එල්ලිලා දිව්‍ය ලෝකේ යන්න කතා කරන, හිටගෙන දවල් හීන දකින, හෙළුවෙන් රෙදි හෝදන ඇමති මණ්ඩලයක් සහිත ආසියාවේ මොකක්ද මේ ලංකාව.........


මොනවා උනත් සාදු කියන, උඩ බලාගෙන් කෙල ගහන ජනතාවක් ඇති නිවහල්, සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී රටක් හොදේ මේ ලංකාව........!!!!!!!!!!! 

12 comments:

  1. අනේද කියන්නෙ..!!

    ReplyDelete
    Replies
    1. කාට කියන්නද බං මේවා................අපිම කියනවා, අපිම ලියනවා.............

      Delete
  2. ඉතින් ඒ ගැන ලියන්නකෝ... උඹලගෙන් වෙන්න ඕනත් ඒකනේ....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් ලියනවා මාතලෙන්..........මට සාපේක්ෂව රට,ජාතිය,ආගම,අධ්‍යාපනය ආදී මට සම්බන්ධ සියලු සංකල්ප ගැන මට තියන දැක්ම වෙනුවෙන් මම ලියනවා. මට ඕනේ මේ හැම දෙයක් ගැනම එලියට ගිහිල්ල අමුවෙන් බලන්න එතකොට පේනවා අවුල මොකක්ද කියලා......මම ලියන එව්වා කව්රු කියෙව්වත් නැතත්, කොමෙන්ට් දැම්මත් නැතත් මම ලියනවා මොකද මට මගේ අත්මෙන් බේරෙන්නඕනේ. මේවා කියවලා විප්ලව කරන්නවත්,බැන බැන ඉන්නවත් නෙමේ, එකෙක් මේක කියවලා අලුතෙන් හිතුවොත් මට ඒ ඇති...........

      හැබැයි මට පේන දේ මට කෙලින්ම කියන්න ඕනේ. එතකොට මාත් එක්ක කි දෙනෙක් යාලු වෙයිද තරහා වෙයිද කියන එක මට අදාල නැහැ..........

      මට මේවා කියවන අයගෙන් ඉල්ලනේ එකම දෙයයි ඒ මම jvp කාරයෙක්,දේශද්‍රෝහියෙක් කියලා හංවඩු ගහන්න එපා කියල විතරයි.

      මොකද මට ආදරය දැනේන, හුස්ම ගන්න, රට ගැන හැගීමක් තියන දේශපාලනය දැනෙන, සජීවී මිනිහෙක් විතරයි මං............

      Delete
  3. කට කට ඕවා කියවලා ඉන්න හිටින්න තැනකුත් නැති කරගන්නද යන්නේ?

    ReplyDelete
    Replies
    1. බෙල්ල ගහල ගියත් කියන්න ඕනේ ටික කියන එක මේ රස්තියාදුකාරයාගේ හැටි...........වැරදි දැක දැක අහක බලන් ඉන්නේ මොකටද බං අපි..........

      Delete
  4. ඇත්තනේ ඒකනේ ලංකාවේ ආහ්චර්යය කියල කියන්නේ ඒම මදිද

    ReplyDelete
    Replies
    1. මදිද කියලත් අහනවා. දෙන ටික දීල තියෙන්නේ නහයෙන් කටින් සේම දාන්න..........මේකත් ආශ්චර්යක් තමා එක අතකට.......

      Delete
  5. මෙහෙමයි රස්තියාදුකාරයා, අපේ රටේ තියන සමාජයේ මේ වගේ විෂමතා ගැන අපි කතා කරන්න ඕනෙ තමයි. ඒත් එක මේ වගේ දුක්ගැනවිල්ලක් වෙන එක ගැන නම් මම එකඟ නැහැ. ඊට වඩා හොඳයි මේ එක ප්‍රශ්නයක් අරගෙන ටිකක් විස්තරාත්මකව සාකච්ඡා කරන එක. එහෙමත් නැත්නම් තමන්ට හැකි දෙයක් (මේ ප්‍රශ්න සම්බන්ධවම නොවේ ) කිරීමත් හොඳයි. දැන් මම දේශපාලන බ්ලොග් වල කොමෙන්ට් කරනවා. නමුත් මම ඒ ගැන ලිපි ලියන්න පෙළඹෙන්නෙ නෑ. එහෙම කරන අයගේ බ්ලොග් වල මගේ අදහස් සටහන් කරනවා.

    සමහර විට මේ ප්‍රශ්න වලට හොඳම උත්තරය වෙන්නේ අපි දන්නා දේ හරියට කිරීම වෙන්න පුළුවන්. මට මෙහෙම කියන්න හිතුනේ උන්මාද සිතුවම් ගීතය සම්බන්ධව ඔබ ලියා තිබූ පෝස්ට් එක ගැන මතක් වෙලා. ඒ ගීත විචාරයේදී දක්වපු හැකියාව මේ වගේ පෝස්ට් එකකින් දකින්න බැහැ. මේක වැඩිය සිරා ගන්න එපා. තමන්ගේ බ්ලොගයේ තමන්ට කැමති දේවල් ලිවීමේ නිදහස තිබිය යුතුයි කියලා මාත් පිළිගන්නවා. නිකං අදහසක් විතරයි.

    ReplyDelete
    Replies
    1. උබේ කතාවට මං එකයි තිසර. මට සින්දු විචාරය කරනවා වගේ දේශපාලනය විචාරය කරන්න බැරුව ඇති. එත් බං මේවා බලාගෙන උඩ බලන් ඉන්න මට බැහැ. එකයි මං මේ වගේ පොඩියට හරි උත්සහයක් ගත්තේ.

      අනික උබේ අනික් කතාවත් හරි මේ කියන දේ අපිට කොමෙන්ට් එකකින් උනත් කියන්න පුළුවන්. හැබැයි එක විහිදෙන පරාසය වෙනස්. මොනවා උනත් උබේ අදහස් දැක්වීම ගැන මට සතුටුයි...........

      Delete
  6. අපි පව් කියලා හිතෙනවා. වෙන මොනවා කියන්නද..

    ReplyDelete
    Replies
    1. අපිට උනේ හැමදාමත් "අනේ පවු" කියලා ලෝකයා ඉදිරියේ හැල්ලුවට ලක් වීම පමණයි..........ඒ නොන්ජල් කම අපේ උන්ට හෙන ආතල් ඒකයි අවුල.......

      Delete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...