Sunday, January 6, 2013

ආදරය ඇයි මෙච්චර ගණන්......???

                                        
                                              
                                            
                                 නිශා යාමයට අහසේ කොච්චර තරු කැට තිබුනත්
                                 එක් පුර හඳට ඒ ඔක්කොම තරු පරාදයි කියලා
                                 අපි දන්නවා................

                                ඒ පුන්ච් තරු කැට වල එළිය, හඳ එළිය
                                නිසා  සැඟවුනාට, ඒ තරු කැට වල
                                දුප්පත් ලස්සන ලෝකෙට පෙනෙන්න
                                අමාවක දාට හඳ හැංගෙනවා............

                                විලක මල් කොච්චර පිපුනත්
                                රතු නෙළුම් මලට ඒ ඔක්කොම මල් පරාදයි කියලා
                                අපි දන්නවා...............
                                         
                                 ඒත් ඒ නෙළුම දවාලට පිපුනත්
                                 රෑට සැඟව යන්නේ, රෑට පිපෙන
                                 අහිංසක කුමුදු මල් වලට
                                 සඳ සිසිල විඳගන්නලු...........

                                 ඒ වගේ ආදරයෙන් ගුලිවෙච්ච
                                 කියා ගන්න බැරුව හදවත තුල පුපුරු ගහන.....
                                 ප්‍රේමය......, විඳගන්නවා තබා
                                 මොහොතක් අහන්නවත්....
                                 මගේ දුප්පත් ආදරය,
                                 ඔබට වටින් නැද්ද............

11 comments:

  1. දැන් හැමදේම ගණන් යන එකේ ආදරේ විතරක් ගණන් ගියේ නැත්නම් හරි නෑනේ...

    අදමයි මම මේ පැත්තේ ආවේ..ආයෙම එන්නම්කෝ..

    ආහ්...හරිම ලස්සනයි මේ නිසදැස.හැබැයි දුක හිතෙනවා....

    ReplyDelete
    Replies
    1. මොනවා ගණන් ගියත් ආදරය ගණන් ගියාම තමා ඉවසන්නම බැරි.........ස්තුතියි මේ පැත්තේ ආවට.

      Delete
  2. හරිම ලස්සනයි මචන්..දිගටම ලියන්න..
    ආසාවෙන් බලනවා...

    ReplyDelete
  3. කියාගන්නට බැරිව ළතැවෙන ..........

    දරාගන්නට බැරිව හඬවන.............

    ආදරය නම්.........

    අරුමයක් මැයි සබඳ..........

    ReplyDelete
    Replies
    1. ආදරය කොහොම අකුරු වලට ගලපන්නද කියල හිතා ගන්න බැහැ බං...........

      Delete
  4. ඒ පුන්ච් තරු කැට වලට එළිය දෙන්නේ
    ඒ පුර හඳ උනාට

    මචං මෙතන පොඩි අවුලක් තියෙනවා නේද? පුංචි තරු කැට වල එලිය සඳ එලිය නිසා හැංගුනාට .... කියල අවොත් හොදි නේද?

    ReplyDelete
    Replies
    1. ඒක හොදයි තමා.........ස්තුති යාලු........

      Delete
  5. harima lassanai.digatama liyanna.oyata subapathanawa.adaredi ganan issuwe nathnam kisi gathiyak ne neda?


    ReplyDelete
    Replies
    1. ස්තුති ඇනෝ..........

      ගණන් යන ආදරය පස්සෙන් ගිහින් හති වැටහුනම කොහොමද.............

      Delete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...