Thursday, January 10, 2013

සරම ඇඳන් ඔලුවෙන් හිට ගමුද......??




2012-12-21 ලෝක විනාස උනේ නැති උනාට 2013-12-21 කලින් ලංකාව නම් විනාස වෙයි වගේ........දැන් ලංකාව ගමන් කරමින් ඉන්න දිශානතිය දැක්කම මේ රස්තට නම් එහෙම හිතෙනවා. දැන් මම ලියන්නේ මොනවද කියල මේ කල්පනා කලේ. මොකද මට ලියන්න කියලා අමුතුවෙන් දෙයක් ඉතුරු කරලා නැහැ නොවැ......

දැන් ලංකාවේ තියන අලුත්ම ප්‍රවනතාව තමා "ජාතිවාදය " හෝ හෝ මට වැරදුනාද මන්දා එකේ හරි නම "ජාත්‍යලයද" අනේ මන්ද, ඒවා ගැන කතා කරන අපිටත් පිස්සුද මන්දා ......... කොහොම උනත් මම මේ post එකෙන් කතා කරන්නේ එකතැන පල්වෙන ඒ කතාව ගැන නෙමේ හැබැයි ලංකාවේ බහුතරයක් ඉන්න බෞද්ධයන් විසින් සලකා බැලිය යුතු කාරනා කහිපයක් ගැන. ඒ ගැන අවබෝධයක් නැතුව බොරුවට කෑගහන එක හරියට සරං  ඇඳන් ඔලුවෙන් හිට ගන්නවා වගේ වැඩක්. මොකද අපි අනිත් උන්ට හිනා උනාට අපි ඉන්නේත් හෙළුවෙන්

මං අහලා තියනවා කව්ද පුද්ගලයෙක් කියලා තියනවා උබලගේ ගෙදර ඉස්සරහා කුණු තියාගෙන අනිත් උන්ගේ ගෙවල් පිටිපස්සේ තියන කුණු හොයන්න යන්න එපා කියලා. හැබැයි ලංකාවේ ඉන්න සමහර බෞද්ධයන් ඒ කතාව අහලා නැද්ද මන්ද..........මොකද කියන කාරණාව පල්ලෙහා තියන කරුණු වලින් පැහැදිලි වෙයි.

දැන් ලංකාවේ ඉන්න බහුතරයක් බෞද්ධයන්ට තියන ලොකුම ප්‍රශ්නය ඇයි මුස්ලිම් ජාතික කාන්තාවන්ට ඔඋන්ගේ අදාල වතාවත් සදහා පල්ලියට එන්න බැරි කියලා. එහෙම අහන එතුමන්ලා දන්නවද දන් නැහැ බෞද්ධයන්ට තියන පුජනීයම වස්තුන් වන ජය ශ්‍රී මහ බෝධියේ උඩ මලුවටයි, දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින කුටියයි, සද්දාවන්ත උපාසිකාවකට තබා මෙහෙණින් වහන්සේ කෙනකුටවත් ඇතුල් වෙන්න බැරි බව.

මට තියන ගැටලුව ඉහත කි පුජනීයම වස්තුන් දෙකම ලංකාවට රැගෙන ආවේ කාන්තාවන් වීමත්, දැන් පමණක් එය කාන්තාවන්ට අකැප වීමත්ය. 

මම ඔය ගැටලුව ගැන බෞද්ධ ධර්ශනය පිළිබද දැනුමැති පුද්ගලයෙකුගෙන් ඇසුවහම ඔහුගේ පිළිතුර වුයේ " කාන්තාවන්ට එවැනි තැන වලට යන්න බැහැ ඔඋන් කිලි කියාය" ඔහුගේ දැනුමේ තරම මට පසක් විය. ඉහත කි පුජනීය වස්තුන් රැගෙන ඒමේදී නැති කිලියක් දැන් පැමිණ තිබේ. ලංකාවේ හැම මගුලටම සම තැන ඉල්ලන  කාන්තාවන්ට මෙවැනි දේ නොපෙනේද.......එවැනි ඉල්ලීම් ප්‍රසිද්ධියේ ඉල්ලා තිබෙන නමුත් ඒ පිළිබද තැකීමක් නැත.

                                        දරමිටි ඇද්දා – රෑ නිදි වැරුවා
                                        ගිණිමැල ගහගෙන රැක සිටියා
                                        එහෙවු අපට අද – එන්න තහංචිද
                                        ජයසිරි මහා හාමුදුරුවනේ
                                                                           ~ දීපිකා පියදර්ශනී ~

මට සිතෙනා ආකාරයට ඔය කිලි සංකල්පය, බුදු දහම දේව සංකල්පය සමග මිශ්‍ර වීමත් සමග ඇති උවක්. මොනවා උනත් බුදු හාමුදුරුවෝ ඉපදුනෙත් මව් කුසෙන්නම් අපි සියලුදෙනාම ඉපදුනේ මව් කුසෙන්නම් එවැනි  මව් කුසකට ඉහත කි පුජනීය වස්තුන් ලඟට ගොස් වැඳ පුදා නොගැනීමට එවැනි පටු සංකල්පයකට ඉඩ දිය හැකිද......

අනෙකුත් ආගම් වල පුරුෂාධිපත්‍ය ගැන ලොකුවට කතා කරන සමහර පුද්ගලයන්ගේ අවධානය මේ පිළිබද යොමු විය යුතු බව රස්තාගේ අදහසයි.

11 comments:

  1. ඒකත් වැරදියි සැකයක් නෑ . හැබැයි කාන්තාවන් මිනිහගෙන් භාගයයි කියල තියනා ආගමක් එක්ක සංසන්දනය කරන්න එපා

    ReplyDelete
    Replies
    1. මට උබේ අදහස පහැදිලි මදි බුවා. මට කියන්න ඕනේ අපි අනිත් ආගම් ගැන කතා කරන්න කලින් අපේ වැරදි හදා ගන්න ඕනේ කියන එකයි.

      Delete
    2. නිරාගමික පදනමකට එමු මුලින්ම . කුරානයේ ඉතා පැහැදිලිව කාන්තාවක් පුරුෂයෙකුගෙන් භාගයකට සමානයි කියල සඳනක් තියනවා එතනින් එහාට කාන්තාවට තියන පහත් සැලකීම් ඕනි තරම් , පිටු ගාණක් ලියන්න දේවල් තියනවා . බෞද්ධ දර්ශනය ඇතුලේ එහෙම බේදයක් නෑ . අපේ රටේ මිනිස්සු හදාගත්ත මෝඩ බමුණු මතවාද තමයි ඔබ සඳහන් කරන කාරණා . නමුත් සමස්ථය විදිහට බැලුවාම ලෝකය පුරාම බෞද්ධ කාන්තාව සමාන අයිතිවාසිකම් ලබන තත්වයක ඉන්නවා . කතෝලික කාන්තාවනුත් ඒ වගේ . උගත් හින්දුන් අතරත් පැරණි බමුණු මත භාවිතා වෙන්නේ නෑ . නමුත් මුස්ලිම් කාන්තාව ඉන්නේ කණගාටුදායක තැනක . ඒක විවේචනය කරන්න පටන් ගන්න කාන්තාවන් ශ්‍රි මහා බෝදියේ උඩමලුවට නගින දවස වෙනකන් ඉන්න අවශ්‍ය නෑ කියලයි මම කියන්නේ

      Delete
    3. ආගමික දර්ශනයක් පුරුෂ මූලික සමාජයක් තුල ආයතනගත වීම සහ බලය ඇත්තා තම බලය රැක ගැනීමට හැකි පරිදි ආගමකට මුවාවී අනෙකුන් කොටුකර තැබීමට රාමුවක් නිර්මාණය කිරීමක් මෙවැනි අභූත සංකල්ප තුලින් පෙනේ. සමහරවිට ගැහැණිය තමාට අභියෝගක් වෙනවාට පිරිමියාතුල ඇති යමි කිසි බියක් නිසා මෙවැනි ආගමික නීතීන් පැනෙව්වා වෙන්නටත් පුලුවන. බලය ඇත්තා බොහෝවිට එය අහිමිවීම පිලිබඳ බියකින් හා එය රැකගැනීම අධික ආශාවකින් පසුවෙයි

      Delete
  2. අන්න හරි බුවා උබ තැනට අවා ආගමික දර්ශනක් වෙච්ච බෞද්ධ ධර්මය තුලට කාලයත් එක්ක විවිධ සංශෝදනයන්ට ලක් වුණා. ඒ ආපු එකක් තමා ඔය කියන බමුණු මතවාද, අපි උත්සහ කරන්න ඕනේ අන්න ඒ සංශෝදනයන්ගෙන් තොර ශුද්ධ බෞද්ධ ධර්ම සොයා ගන්න. නැත්නම් අපි තව ටික කාලයක් ගියහම ඔය කියන බමුණු මතවාද තුලම එරෙනවා. අනෙකුත් ආගම් වලට වඩා අපි කාන්තාවන්ට අදාල තැන දීලා තියන්නේ. නමුත් එය තව දුරටත් ප්‍රසාරණය විය යුතුයි කියන එකයි මගේ අදහස.

    ReplyDelete
  3. ඔහොම නීතියක් තියෙනවද කියලානම් මම හරියට දන්නෙ නෑ.... මේ සින්දුවෙ තියෙන කතාවනම් මීට වඩා වෙනස්... දරමිටි කුලය නම් කුලයක්/ ජන කොටසක් මෙම ජයසිරි මහා බෝධිය වටා ගොඩ නැගිලා තිබුනා... ඔවුන් තමයි ඉස්සර දරමිටි බැද ඒවාට ගිනි දල්වා රාත්‍රිය පුරා ශ්‍රි මහ බෝධිය අලින්ගෙන් රැකගත්තේ... ඔවුන්ට උඩමලුවට යන්න ඉස්සර අවසර ඕන උනේ නෑ....
    පසු කාලීනව ඔවුන්ගේ සේවය අවශ්‍ය නැති උනාම අවසරය අහෝසි උනා... මේ සින්දුව ඒ ගැනයි...

    ReplyDelete
    Replies
    1. උබේ කතාව හරි ඇනො. ඔඋන් තාමා ඉස්සර ශ්‍රී මහා බෝදිය රාත්‍රී කාලයේ රැක ගත්තු පිරිස නැත්නම් කුලය එත් මට නම් දිපිකාගේ සින්දුවේ ඊට වඩා ලොකු ගැබුරක් තියනවා.

      Delete
  4. බුදු දහමෙත් පුරුෂාධිපත්‍යය තියෙනවා..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් තියනවා ඒක අපේ ඉන්න අය පිළිගන්න අකමැති...........

      Delete
  5. ඔය හුඟක් දේවල් පස්සේ එකතු වුනු ඒවා. ජීවමාන බුදුන් හමුවට යන්න හැමෝටම පුළුවන් කම තිබුනනේ.

    ReplyDelete
    Replies
    1. අපේ ඉන්න පණ්ඩිත උන්හෙලා බුදු දහම එක ඒක්කෙනගේ වාසියට හරවගත්තා.......නැත්නම් මිනි මරපු උන් ගිහින් ශ්‍රී මහා බෝදියට නලළ තියල වදින්නයි, අවංක අය පල්ලෙහා මළුවට වෙලා උඩ බලාගෙන් වදීන්නයි ඇති වෙනස මොකක්ද......

      Delete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...