Wednesday, January 2, 2013

විඳවමින් වීදීම හා ජීවිතය............!!!

රස්තියාදුකාරයට දැනිච්ච හොදම වින්දනීය හැගීම් අධ්‍යත්මිය ලෙස විදගන්න උදව් වෙච්ච ප්‍රධාන උපකරණ දෙකක් තියනවා. ඒ තමා  කවි සින්දු හා පොත් පත්.

ඔය දෙකේ භාවිතාව අඩු වෙනවා කියන්නේ ජිවිතේ තියන වින්දනීය බව විදින්න තියන ඉඩ ප්‍රස්ථාව අඩු වෙනවා කියන එකයි.මේ වෙනකොට මහා ප්‍රාඥයකු තරම් පොත් කියවල නැති උනාට මහා සංගීතක්ඥයකු තරම් සින්දු අහලා නැති උනාට, ජිවිතේ සමහර රුප රාමුත් එක්ක බද්ද වෙච්ච සමහර කවි සින්දු එක්ක ජිවිතේ විදින්න මේ රස්තට සිදු වෙනවා. ඒ වින්ද වින්දනීය එක් ගීතයක් තමා මේ.

මේ අමරණිය ගීතයේ ගායකයා තමා ලංකාවේ දේශීය තරුණ හඩ නියෝජනය කරපු විශාරද ගුණදාස කපුගේ මහතා. පාවෙලා යන හැගීම් වචන වලට ගලපලා තිබුනේ මහාචාර්ය සුනිල්  ආරියරත්නයන්. මෙම ගීතයේ ස්වර වලට පන දීලා තිබුනේ සරත් දසනායකයන්. අවසානයේ මෙම වින්දනීය ගීතයට රුප රාමු එක උනේ "එක්‌ටැම්ගේ" චිත්‍රපටිය තුලින්.

                                                   
ජිවිත සිනමාවේ අපිට හම්බවෙන සමහර සිද්දි හරියට සැලොලයිට් චිත්‍රපටියක රුප රාමු වගේ............ඒ රුප රාමු තුල ගෙවෙන ජීවිතය තුල අපිට සමහර වෙලාවට එක් රුප රාමුවකින් තව රුප රාමුවකට මාරු වෙන්න බැරි වෙනවා. ඒ වගේ වෙලාවට අපිට අපේ මුළු ජීවිතේම පෙන්නේ ඒ රුප රාමුව හරහා.

වර්තමානය තුල ජිවත් වෙන අපි අතීතයේ සැමරුම් ස්ථම්භ තුලින් නැවතත් අතීතයේ ජිවත් වෙන්න හදනවා...........එක පාරට පෙනිලා නොපේනිලා යන අකුණු සැරයක් වගේ ජිවිතයේ වර්ණවත් අවධ් තුල සැරිසරන්න, මතකය උඩු ගං බලා පීනනවා. ඈත හිරු එලිය වැටිලා දිලිසෙන කදු පන්ති එක පාරට මීදුමෙන් වැසිලා බොද වෙලා යනවා වගේ, අපේ  අතීත මතකයනුත්  කදුළු වලින් බොද වෙලා යනවා............

අත් පටලාගෙන ඇවිද ගෙන ගිය විදි, සුසුමින් සුසුමට පෙම් කල රගහලවල්, කොපුල් තල සැනසුව සැදැ වැහි අදුර........ගෙවුනු අතීතයක මතකයන්, වර්තමාන හුදකලා තනිකඩ ජිවිතයක් සුවදවත් කරනවා........

                                    උන්මාද සිතුවම් මැවේ බිඳේ
                                    මීදුම් වලා මැද අතීතයේ
                                    බිදුණු පෙමින් ගිනි ගත් හදවත්
                                    තනි වේවි එක්ටැම්ගේ..........

ලෝකේ තියන හොදම කලාව හුදකලාව කිව්වට, ඒකෙ තියන ගැබුරු බරපතල කම දන්නේ එක තුල ජිවත් වෙන පුද්ගලයෝ පමණයි.  මුහුදු සුලගයි, ලුණු රසයි විතරක් දැනෙන පාලු එක්ටැම් ගෙයක ගෙවන ජීවිතය...... ආදරය විසින් ගෙනල්ල දුන්න සොදුරු තිළිණයක් විදිහට බාර ගත්ත තරුණ හදවතක්...........මෙවැනි අත්දැකීමක් ප්‍රයෝගිකව අත් දකින නිසාදෝ ආරියරත්නයන් මෙය ඉතා ලගන්නාසුළු විදිහට ඉදිරිපත් කරනවා.

ආදරයක් තුල හුදකලා වෙනවා කියන්නේ හරියට නොදන්න පාරක ගිහින් අතරමං වෙනවා වගේ වැඩක්, ආපහු හැරෙන්නත් බැහැ ඉදිරියට යන්නත් බැහැ. ජිවිතේ හරි අඩකට වඩා ලැබිච්ච ආදරය එක පාරට නැති වුණාම එතනින් එහාට මුකුත් හිතා ගන්න බැරි තැනක හිත අසරණ වෙනවා.

ආදරය කියන අකුරු හතර මෙච්චර බර වුනේ කොහොමද කියලා කල්පනා කරන්න අපි පටන් ගන්නවා............එතකොට ඒ කල්පනාවේ කෙලවර හුදකලාවද.........????

                                       අනන්ත සයුරේ බියකරු දිවි දියබේ
                                       පාලු හුදකලා සුළග පමණි උරුමේ
                                       හඩා වැටෙන් සිත සදා සරණ මට
                                       තනි වේවි එක්ටැම්ගේ.........

මේ ලෝකේ කොතරම් විවිදාකාර වුනත් සමහර වෙලාවට අපේ හිත, හිතා ගන්න බැරි තරම් ඒකාකාරී වෙනවා. මේ වෙනකොට අපි පරිණාම වාදයෙන් කොච්චර දියුණු වෙලා තිබුනත් ආදරය කියන වචනයට නිර්වචනයක් ඉදිරිපත් කරන්න බැහැ. මොකද ඒ වගේ හැගීමක්  නිර්වචනය කරන්න තරම් අපේ භෂා මාධ්‍යන් පරිනත වෙලා නැහැ.

ප්‍රේම පරාදිසයට යන්න අපි කාගෙන් හරි පාර අහලා ඒක වැරදුනහම, අපි තව කාගෙන් හරි පාර අහන්න කලින් දෙපාරක් හිතනවා.........ඒ අතරෙන් සමහර පිරිස ඒ වැරදිමම ජිවිතේ කරගෙන ඒක තුල ජිවිතේ විදින්න උත්සහ කරනවා......එවැනි තරුණ හුදකලා ජිවිතයක පාපොච්චාරණය මේ ගීතය තුලින් සමාජ ගත කරනවා.

ආදර මල් වල පාට අහන සමාජයක, අපි එක මලක පාට වෙනුවෙන් මුළු ජිවිතම දිය කරලා හරිනවා.............ඒත් ඒ හැගීම කොච්චර බොලද වුනත් ජීවිතය තුල ආදරය කියන හැගීමට නියම වටිනා කමක් ගෙනල්ල දෙනවා.
                                                                      
                                         දහසක් මල් මැද එකම මලයි පැතුවේ
                                         එමල කිමද සරදම් කර සැගව ගියේ
                                         දැනේ තවම මට මලේ සුවද පොද
                                         තනි වේවි එක්ටැම්ගේ..........

මෙම ගීතයේ නියම තේරුම එන්න එහි ගායන ස්වරුපය කරන බලපෑම ගැන කතා කරන්න වචන නැහැ......කොහොමත් කපුගේ කියන්නේ හැගීම් බර ගායනයෙන් තව කෙනකුව ජිවත් කරන්න පුළුවන් ගායකයෙක්. මේහි  තනුව ගීතය ජීවමාන කරනවා. මෙහි වචන වල හිමිකරුවා තවමත් අප අතර සිටියත් ඔහුගෙන් මෙවැනි අමරණිය ගීත බිහි නොවීම පිළිබද මට තියෙන්නේ ගැටළුවක්.........

                                        

8 comments:

  1. මම හිතන්නේ මේක එක්තරා යුගයක් නියෝජනය කරන විරහ ගීතයක්. මේ ගීතය පුරාවටම වගේ පසුබිමෙන් ඇහෙන මුහුදු සුලඟ සහ රළ බිඳීම ගීතයෙන් දනවන භාවයන් තවත් තීව්‍ර කරනවා. ඒ වගේම මවුත් ඕගනයෙන්(?) වාදනය වන සංගීත කණ්ඩය අහෙනකොට හිත කීරිගැහිලා යන හැඟීමක් ඇතිවෙන්නේ. ඒ වගේම මේක නිතර නිතර අහලා මට දැනිලා තියන දෙයක් තමයි... "උන්මාද සිතුවම් මැවේ බිඳේ" කියන කොටසෙදි කපුගේ 'බිඳේ' කියන වචනය ගායනා කරනකොට ඔහුගේ යම් බිඳුණු ස්වරයක් ගැනීම. මගේ හිතළුවක්ද දන්නේ නෑ.

    සුනිල් ආරියරත්නයන් ගැන මගේ හැඟීම මෙහෙමයි. ඕනෙම නිර්මාණකරුවෙකුට හැමදාම උසස් නිර්මාණ කරන්න බැහැ. 70-80 දශකවල සංගීතය, චිත්‍රපට වැනි කලා මාධ්‍යයන් වල තිබූ පිබිදීම එක්ක ඉතා උසස් නිර්මාණ බිහිවුනා. නිර්මාණකරුවාත් නිර්මාණකරණයට අවශ්‍ය ජවය සොයාගන්නේ සමාජයෙන්මනේ. ඒ කාලයට සාපේක්ෂව සලකලා බැලුවහම අද මේ වගේ ගීතයක් බිහිවෙන්න තියන හැකියාව අඩුයි. ඒ වගේම උසස් නිර්මාණ බිහිවුනත් ඒවා සමාජගත වෙන්නෙත් නැහැ අද තියන මාධ්‍ය වලින්. සුනිල් එදිරිසිංහගේ, සනත් නන්දසිරිගේ අලුත් CD තැටිවල ඉතා හොඳ නිර්මාණ තියනවා, ඒවා මතුවෙන්නෙ නෑ 'සුපිරි තරු' මාධ්‍ය භාවිතයෙදි.

    රස්තියාදුකාරයාට පොඩි යෝජනාවක් කරන්නට කැමතියි... සඤ්ඤක අකුරු පිළිබඳ මීට වඩා උනන්දුවෙන්න කියලා.
    උදා: 'බිදේ' නොව 'බිඳේ' (binndhea) වියයුතුයි. අවශ්‍ය අකුරට පෙර nn යෙදීමෙන් සඤ්ඤක කරගත හැක.

    ReplyDelete
    Replies
    1. තිසර උබේ කතාවේ ලොකු තේරුමක් තියනවා. 70-80 කියන්නේ කලාව තුල රසවින්දන පරාසය උපරිමයට ගෙනාපු යුගයක්. නමුත් එම යුගය නියෝජනය කරපු වර්තමානය තුල සිටින කලාකරුවන්ට ලොකු වගකීමක් තියනවා නැවතත් එවැනි යුගයකට පාර කියන්න. මොකද එවැනි මග පෙන්වීමක් ලැබෙන තුරු රටේ තරුණ කොටස් බලා ඉන්නවා.

      අර යෝජනාවට ස්තුතියි.

      Delete
  2. මචං උබේ post වලින් මේක සුපිරි. වැඩියෙන් මම මෙ කොටසට කැමති

    '' ආදරයක් තුල හුදකලා වෙනවා කියන්නේ හරියට නොදන්න පාරක ගිහින් අතරමං වෙනවා වගේ වැඩක්, ආපහු හැරෙන්නත් බැහැ ඉදිරියට යන්නත් බැහැ. ජිවිතේ හරි අඩකට වඩා ලැබිච්ච ආදරය එක පාරට නැති වුණාම එතනින් එහාට මුකුත් හිතා ගන්න බැරි තැනක හිත අසරණ වෙනවා. ''

    දිගටම ලියපන් උබට ජය

    ReplyDelete
    Replies
    1. උබටත් මේක ප්‍රායෝගිකව දැනිලා තියනවා වගේ.....කව්රු මොනවා කිව්වත් ආදරය කියන හැගීම එහෙම තමා බං.

      Delete

  3. මම මේ ලාංකීය එකේ අප්රු කරන්න කියලා තියෙන එකෙන් දැකල ආවේ ,
    නියම අදහස් සහිත පට්ට බ්ලොග් එකක් ,
    සුබ පතනවා රස්තියාදු කාරයට :)

    ReplyDelete
  4. උබේ පැමිණීම අගය කරනවා යාලුවා.......දිගටම වරෙන් අපිත් එක්ක රස්තා ගහන්න.

    ReplyDelete
  5. මමත් කැමතිම සිංදුවක්.අහද්දි අපිටත් ඇඩෙනවා.

    ReplyDelete
  6. සත්තකින්ම මෙම ගීතය අසනවිට ඕරසෙල් මහත්තයා (චිත්‍රපටයේ) මතකේ නැගෙනවා.

    ReplyDelete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...