Friday, December 28, 2012

යුද්දේ නැතුව පාළුයි................

මේ කොටස මම මුලින් ලියන්න හිතුවේ මේ මුලු Post එකම ලියලා ඉවර වෙලා, මොකද මේ Post  එක මං මෙච්චර කල් ලිව්ව ඒවට වැඩිය ටිකක් දිග වැඩි හින්දා......හැබැයි මට හිතෙනවා මේ Post  එක මං ලිව්ව අනිත් Post වලට වැඩිය වැඩි වැදගත් කමක් තියේයි කියලා.......මොකද මේ Post එක Publish කල වෙලාවේ ඉදල මට දැනෙන්නේ මාර නිදහසක් ............ උඹලත් කියවලා බලපංකො මට දැනුන ඒ හැගීම උඹලටත් දැනේනවද කියලා.

2009 මැයි18 දිනට පස්සේ අපි කව්රුත් හිතුවේ දශක තුනක් තිස්සේ අපිව හිර කරලා තිබුන ඒ අමානුෂික ග්‍රහණයෙන් අපි මිදුනා කියලා නේද.....? මේ  රස්තියාදුකාරයා හිතුවෙත් එහෙමයි. නමුත් දැන් අපි එහෙම වෙලාද....? අනේ මන්දා මටනම් මේ කිසි දෙයක් තේරුම් ගන්න බැරි ගන්ධබ්බ තැනක මගේ හිත හිර වෙලා කියලා මට කොයි වෙලාවෙත් හිතෙනවා.

යුද්දේ පටන් අරන් මාවිල් ආරූ සොරොව්ව ඇරපු වේලවේ ඉදන් අපේ කොල්ලෝ කෙල්ලෝ ගාව තිබුන ඒ පෞර්ෂත්වය, ජවය මිශ්‍ර ඒ හැගීමට යුද්දේ අවසානයත් එක්ක මොකද වුනේ..........මං හිතන්නේ ඒ කාලේ වෙන් නැති අපේ ත්‍රිවිධ හමුදාවට වැඩිපුර බදවා ගැනීම් සිදු කරන ඇත්තේ. මොනවා උනත් ඒ  බදවා ගැනීම් වලට ආපු කොල්ලෝ කෙල්ලෝ දැක්කම මෙච්චර ගැම්මක් මුං කොහේ හංගන් හිටියද කියලා හිතේන තැනකට අපිව අරගෙන අවා. මොකද ඒ තරං පිරිසක් ඒ බදවා ගැනීම් වලට ඇවිත් හිටියා.

හැබැයි ඒ කාලේ, ඒ සදහා ආපු කවුරුත් ආවේ එක දෙයක් වෙනුවෙන් ඒ රට අරාජිත වෙලා තිබුන ඒ නරා වලෙන් ගොඩගන්න, LTTE කියන ත්‍රස්තවාදීන්ට විරුධව සටන් කරන්න මිසක් ද්‍රවිඩ සංහාරයක් වෙනුවෙන් නෙමේ.

එතකොට කෝ දැන් ඒ තරුණ පිරිස, ඔවුනට මොකද උනේ............රස්තියාදුකාරයට කවුද හීනෙන් වගේ කියනවා ඇහෙනවා ඇයි බං studio එකක යුද්ද ටැංකියක් උඩ නැගල සින්දු කියන්නේ.

මං කිව්වා නැ බං එහෙම නෙමේ..........මං ඇහුවේ වර්තමානයේ  රට වෙනුවෙන් ජිවිත පරදුවට තියලා රට වෙනුවෙන් කැප වෙන්න ඉදිරියට එන්න ඉන්න තරුණ කොටස් කෝ කියලා..........

 එතකොට ටිකක් වෙලා කල්පනා කරපු උ කියනවා, ඒ කාලේ රටේ හා මිනිස්සුන්ගේ තිබුන මුලික අරමුණ තමා මචං යුද්දේ ඉවර කරලා රට එක්සත් කරන එක. එතකොට ඒක කව්රුහරි ස්ටේජ් එකක නැගලා කෑ ගහලා  කියන්න දෙයක් තිබුනේ නැහැ. ඒ මොකද, ඒ වෙනකොට ඒක ඒ මිනිස්සුන්ගේ ඇගටම දැනෙන්න වැදිලා තිබුනේ.

නමුත් දැන් රටේ යුද්දේ තියෙන්නේ සංවර්ධනයත් එක්ක නං, ඇයි මැති ඇමති වරු මේ සංවර්ධන යුද්දයක් ගැන වේදිකාවක්, වේදිකාවක් ගානේ ගිහිල්ලා පාරම් බාන්නේ...............ඒක මචං පාරම් බෑමක් නෙමේ ආයාචනයක් මොකද යුද්දේ තිබුන කාලේ වගේ ඒ වෙනුවෙන් කැප වෙන්න ඕනේ කියන හැගීමක් මේ වර්තමාන සංවර්ධන යුද්දේදී අපේ ඇගට දැනෙන්නේ නැහැනේ, ඒ නිසා උන් කෑ ගහලා අඩලා කියන්නේ........වරේල්ල මේකට උදවු කරපල්ලා කියලා....... 

ඒක තමා ඒ ගොල්ලෝ තේරුම් ගන්න ඕනේ........ මොකකද ස්ටේජ් එකක නැගල කෑගැහුවට, ඒ සද්දේටයි, රූපේටයි, ඇගටයි මෝල් වෙන කොල්ලෝ කේල්ලෝ දැන් නැ බං. උන්ගෙන් වැඩක් ගන්න නම් උන්ගේ ඇගට දැනෙන වැඩ කරන්න ඕනේ. මේගොල්ලෝ කරන වැඩ වලට රටේ තරුණ පිරිසට දැනේයිද බං රට වෙනුවෙන් කැප වෙන්න ඉදිරියට එන්න.

හා නැද්ද කියපන් බලන්න 2011 A/L සෙට් එක කැම්පස් වලට ගන්න කලින් උන්ට දුන්න වදයක්......සමහර උන්ගේ රිසල්ට් තුන් හතර පාර මාරූ උනා. ඒ වෙලත් කැම්පස් යන්න කලින් එක එකාගේ අලුගුත්තේරු කතා අහල මල කේන්තියෙන් තමා උං කැම්පස් ඇතුලට යන්නේ. එහෙම එකේ උං නිදහස් අධ්‍යාපනේ නෙමේ මොකෙන් ඉගෙන ගත්තත් ආපහු රට වෙනුවෙන් සේවයක් කරයිද.......?? උං එහෙම කරන එක අසාධාරණද කියලා මට කියපං........

ඔය එක සිද්දියක් විතරයි ඔය වගේ සිද්දි කි දාහක් රටේ තරුණයන් සම්බන්ධයෙන් උනාද ......?? රටේ තරුණ කොටස කියන්නේ එක ක්‍රීඩාවක් විතරක් කරන එක තරුණ සංවිධානයක් විතරක් තියෙන ඔක්කොම රේසිං කාර් විතරක් පදින වගේ පටු කොටසක් නෙමේ, තරුණයෝ කියන්නේ අසීමාන්තික චින්තන පරාසයක් තුල සැරිසරන අලුත් ලේ වලින් හැදිච්ච හොද ප්‍රාණවත් ජීව කොටසක්..........ඒක දන් නැතුව ඔවුන්ව ලගු කරනවා කියන්නේ රටේ අනාගතයට අලගු තියනවා වගේ වැඩක්.

 එහෙම හැදිච්ච තරුණ කොටස් වර්ගීකරණයට ලක් කිරීම තුලින් සිදු වෙන්නේ තරුණ අසහනයක් නිර්මාණය වීම පමණයි. ඊට පස්සේ උං ඒ පීඩනය පිට කරන්න මාර්ග හොයනවා............අපි නොස්තැල්ජියාවෙන් (අතීත කාමයෙන් ) නොපෙලුනට අතීතය අපිට හොදට සාක්ෂි සපයලා තියනවා. මේ කියන්නේ විප්ලව, අරගල විතරක් නෙමේ. මොකද පීඩනය පිට කරන්න යොදා ගන්නේ විප්ලව, අරගල විතරක් නෙමේ.

කතාව නං දිග වැඩි උනාද මන්දා........ඒත් කියන්න ඕනේ දේ  කියලා ඉවර කරන එක මේ රස්තගේ පුරුද්ද ඒ නිසා මේ ටිකත් කියවලාම ඉවර කරමුකෝ..........

මේ රට කවදා හරි විනාශ උනොත්.( රට ආපස්සට ගියොත් ) ඒක වෙන්නේ වෙන මොකවත් හින්දා නෙමේ තරුණ පීඩනයක් තුල සිදු වන බුද්ධි ගලනය නිසා................


7 comments:

  1. හොද පොස්ට් එකක් දිගටම ලියන්න..

    __ජය___

    ReplyDelete
    Replies
    1. අගය කිරීම ගැන සතුටු වනවා.......

      Delete
  2. ඉතිහාසය රිපීට් වීම ඇරඹී ඇත!

    ReplyDelete
    Replies
    1. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
      ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
      මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
      ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

      Delete
    2. ස්තුතියි කතන්දර........උබටත් මේ අවුරුද්ද ජය වේවා.......

      Delete
  3. සහතික ඇත්ත.වෙදිකාවල නැගලා බෙරිහං දීලා වැඩක් නෑ.නියම ක්‍රමවේදයක් අනුගමනය කල යුතුයි සංවර්ධනය සදහා.මෙලෝරහක් නැති ජීවිත වලින් ප්‍රයෝජන ගන්න ඕනි.ඒක ආණ්ඩුවට විතරක් කරන්න පුළුවන් දෙයකුත් නෙමෙයි.සියළු දෙනාම සහභාගි විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. තරුණ ජිවිත වලට වටිනාකමක් දෙන්න පුළුල් වැඩ පිළිවෙලක් සකස් විය යුතුයි............

      Delete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...