Monday, January 14, 2013

එබ්බ්‍රහිම් ලින්කන්, ගුරුවරයා හා අධ්‍යාපනය.....Abraham lincon,The teacher and Education......



මේ ලඟදි දවසක් අපේ කස්ටිය ගේකට සෙට් වෙලා එදා දවස ගත කිරීමේ කාල සටහන නිර්මාණය කරමින් ඉන්න වෙලාවක, ගේ ඉස්සරහ පාර පැත්තේ හෙන සද්දේ.........අපිත් ගිහින් බැලුවා මොකද කියලා... සද්දයක් නෙමේ ඒක යුද්දයක්....ඒ ලග තිබුණු පාසලක් ද්විතික පාසලක් ද මොකක්ද කරනවා කියලා එකට විරුද්දව දෙමවිපියෝ පාර හරස් කරලා හේන උද්ඝෝෂණයක්....... ඕක ඉතින් පුදුම වෙන්න ඕනේ කාරණයක් නෙමේනේ ලංකාව වගේ රටක......

හැබැයි මට මෙහෙම හිතුනා ලංකාවේ අධ්‍යපනය කියන්නේ මොකක්ද, එක තුල ශ්‍රී ලංකාව රටක් විදිහට බලාපොරොත්තු වෙන්නේ මොනවද, කියන කාරණාව ගැන අපි අයෙත් රටක් විදිහට කල්පනා කරලා බලන්න කාලේ හරි කියලා මේ රස්තට හිතුනා.

මොකද ලංකාවේ අධ්‍යාපනයට දීලා තියෙන්නේ මහ පටු නිර්වචනයක්. අධ්‍යාපනය කියන්නේ 1 ඉදන් 100 ගණන් කරන එක, සිංහල අක්ෂර, ඉංග්‍රීසි හෝඩිය, ව්‍යාකරන ආදී පොදු පටු කරුණු විතරක් නෙමේ. ඒ කියන කාරණා වලින් ඔබ්බට ගිය විශාල ප්‍රදේශයක් පුරා විකාශනය වෙච්ච පුළුල් සංකල්පයක් බව අපේ රටේ පාලනයේ ඉදන් බහුතරයක් ජනතාවටත් මේක තේරුම් ගැනීමට බැරි හෙන අන්ධකාරයක අතරමං වෙලා කියලා මේ රස්තියාදුකාරයට හිතෙනවා.

පුහු අධිරාජ්‍ය වාදී සංකල්පයක් නියෝජනය කරන ලංකාවේ ඉන්න සමහර කොටස් පහත කාරනා මොන විදිහකට දකීද දන් නැහැ. හැබැයි මේක තමා මං මෙච්චර කාලෙකට අහපු අධ්‍යාපනය සම්බන්ද හොදම නිර්වචනය.

මේකේ අධ්‍යාපනය විකාශනය වෙච්ච පැති දැක්කම අපේ අධ්‍යාපනය කොහෙද කියලා හිතෙනවා. මේක නිර්වචනයක් කිව්වට ඇමරිකා එක්සත් ජනපදයේ 16 වෙනි ජනපති එබ්බ්‍රහිම් ලින්කන් තම පුතාගේ ගුරුවරයා වෙත යවන ලියුම. මටනම් ඒක තාමත් යාවත් කාලීනයි. 1850-60 කාල පරාසය තුල ලිය වෙච්ච මෙම ලිපිය තුල ඔවුන් ඒ කලේ අධ්‍යාපනය සම්බන්දයෙන් දුටු දැක්ම අපිට පහැදිලි කරනවා. 2013 වෙලත් අපි ඒ කිට්ටුවටත් ඇවිල්ලද..............(මේකට උත්තරේ මහ බැංකු වාර්තාව අනුව සාක්ෂරතාවය 92% කියන එකනම් නම්, ඔහුගේ අධ්‍යාපනය ගැන කතා කිරීමට අපි වචන නාස්ති කල යුතු නැත.)

එබ්බ්‍රහිම් ලින්කන්, තම පුතාගේ ගුරුවරයා වෙත යවන ලද ලියුමේ පරිවර්තනයේ සාරාංශය.


ඔහු උගත්තෙක් විය යුතු බව මම දනිමි. සියලු මිනිසුන් සාධාරණ නැත. සත්‍ය වාදිද නැත. නමුත්, සෑම නොමිනිසේකුටම වීරයෙක්ද, ආත්මාර්ථකාමි දේශපාලකයේකුටම කැප උන නායකයෙක්ද, සෑම සතුරෙකුටම සහෘදයෙක්ද, සිටින බවත් ඔහුට උගන්වනු මැනවි.
ඊර්ශියාවන් ඉවතට ඔහු මෙහෙයවා සන්සුන්ව සතුටේ රසය විඳගනිමටත්, ඔහුට උගන්වනු මැනවි.
දුර්වලය තලා පෙලන්නා වැඩිකල් නොගොස් ඒ සදහා පසුතැවෙන බව ඔහුටම තේරුම් ගැනීමට ඉඩ හරිනු මැනවි.
පොත් පත් වල සැගවුන ආශ්චර්යය ඔහුට උගන්වන ගමන්ම, අහසේ පිය සලන කුරුල්ලාගේ සදාතනික මුණු මුණු වේද, හරිත කඳු වැටි අසබඩ විල්ගොමුවේ විහඟ, මි මැසි නාදයේද, අසිරිය විද ගැනීමට නිදහසට ඔහු හට ලබා දුන මැනව.
දයාබර ගුරුතුමනි අසමත්වීම, රැවටීමට වඩා ගෞරවනීය බව ඔහුට උගන්වනු මැනවි.
ලෝකයාගේ ගැරහුමට ලක් වුවද, තම අදහස් මත විශ්වාසය ගොඩ නගා ගැනීමට ඔහුව පුරුදු පුහුණු කල මැනවි.
සුමුදු හදවත් අතර සුමුදු වීමටත්, රළු පරිසරයකදී රළු වීමටත් අවශ්‍ය ශක්තිය ඔහුට ලබා දුන මැනවි.
වැඩි දෙනකු අනුගමනය කල පමණින්, යමක් අනුගමනය නොකිරීමට ශක්තිය ඔහුට ලබාදීමට උත්සහ කල මැනවි.
සියලු දෙනාටම හොදින් සවන් දීමට මෙන්ම, යහපත් දේ පමණක් තෝරා බේරා ගැනීමටත් ඔහුට උගන්වනු මැනවි.
ගෞරවනීය ගුරුතුමනි, කදුළු අතරින් සිනා සිමටත්, කදුළු බිදුවක ලැජ්ජාව නොදැනිමටත්, විවේචනයට බිය නොවීමටත්, පමණට වැඩි ප්‍රශංසාවන්ගෙන් ප්‍රවේසම් වීමට ඔහුට කියා දුන මැනවි.
ශක්තිය සහ මොළය උපරිම මිලකට අගය කිරීමටත්, එහෙත් හදවත මෙන්ම ආත්මයද, මිල නොකරන ලෙසටත්, ඔහුට උගන්වනු මැනවි.
නුවමනා කාලයේදී දෙසවන් වසා ගැනීමටත්, තාමා නිවැරදි යැයි සිතේ නම්, ඒ වෙනුවන් සටන් කිරීමටත් ඔහුට උගන්වනු මැනවි.
දයාබර ගුරුතුමනි, අනවශ්‍ය හුරතලයට ලක් නොකර, ඔහුට මෘදු ලෙස සලකනු මැනවි. මන්ද යත්, හොඳ වානේ පන්නරයක්  ලැබෙන්නේ දැඩි ගින්දරකිනි.
නොඉවසිලිමත් වීමට ශක්තියත්, නිර්භිත වීමට ඉවසීමත්, නිරන්තරයෙන් තමා කෙරෙහි අපරිමිත විශ්වාසයක් තැබීමට ඔහුට උගන්වනු මැනවි.
එවිට පමණක් ඔහු සමස්ත මානව වර්ගයා කෙරෙහි අනන්ත වූ විශ්වාසයක් දක්වන්නේහිය.
ගෞරවනීය ගුරුතුමනි, මෙය විශාල ඇනවුමකි එහෙත්, කල හැකි දේ කුමක් දැයි බලනු මැනවි.

මේ අපුර්වතම කුඩා පැටියා මගේ ආදරණිය පුතුමය.....!



Thursday, January 10, 2013

සරම ඇඳන් ඔලුවෙන් හිට ගමුද......??




2012-12-21 ලෝක විනාස උනේ නැති උනාට 2013-12-21 කලින් ලංකාව නම් විනාස වෙයි වගේ........දැන් ලංකාව ගමන් කරමින් ඉන්න දිශානතිය දැක්කම මේ රස්තට නම් එහෙම හිතෙනවා. දැන් මම ලියන්නේ මොනවද කියල මේ කල්පනා කලේ. මොකද මට ලියන්න කියලා අමුතුවෙන් දෙයක් ඉතුරු කරලා නැහැ නොවැ......

දැන් ලංකාවේ තියන අලුත්ම ප්‍රවනතාව තමා "ජාතිවාදය " හෝ හෝ මට වැරදුනාද මන්දා එකේ හරි නම "ජාත්‍යලයද" අනේ මන්ද, ඒවා ගැන කතා කරන අපිටත් පිස්සුද මන්දා ......... කොහොම උනත් මම මේ post එකෙන් කතා කරන්නේ එකතැන පල්වෙන ඒ කතාව ගැන නෙමේ හැබැයි ලංකාවේ බහුතරයක් ඉන්න බෞද්ධයන් විසින් සලකා බැලිය යුතු කාරනා කහිපයක් ගැන. ඒ ගැන අවබෝධයක් නැතුව බොරුවට කෑගහන එක හරියට සරං  ඇඳන් ඔලුවෙන් හිට ගන්නවා වගේ වැඩක්. මොකද අපි අනිත් උන්ට හිනා උනාට අපි ඉන්නේත් හෙළුවෙන්

මං අහලා තියනවා කව්ද පුද්ගලයෙක් කියලා තියනවා උබලගේ ගෙදර ඉස්සරහා කුණු තියාගෙන අනිත් උන්ගේ ගෙවල් පිටිපස්සේ තියන කුණු හොයන්න යන්න එපා කියලා. හැබැයි ලංකාවේ ඉන්න සමහර බෞද්ධයන් ඒ කතාව අහලා නැද්ද මන්ද..........මොකද කියන කාරණාව පල්ලෙහා තියන කරුණු වලින් පැහැදිලි වෙයි.

දැන් ලංකාවේ ඉන්න බහුතරයක් බෞද්ධයන්ට තියන ලොකුම ප්‍රශ්නය ඇයි මුස්ලිම් ජාතික කාන්තාවන්ට ඔඋන්ගේ අදාල වතාවත් සදහා පල්ලියට එන්න බැරි කියලා. එහෙම අහන එතුමන්ලා දන්නවද දන් නැහැ බෞද්ධයන්ට තියන පුජනීයම වස්තුන් වන ජය ශ්‍රී මහ බෝධියේ උඩ මලුවටයි, දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින කුටියයි, සද්දාවන්ත උපාසිකාවකට තබා මෙහෙණින් වහන්සේ කෙනකුටවත් ඇතුල් වෙන්න බැරි බව.

මට තියන ගැටලුව ඉහත කි පුජනීයම වස්තුන් දෙකම ලංකාවට රැගෙන ආවේ කාන්තාවන් වීමත්, දැන් පමණක් එය කාන්තාවන්ට අකැප වීමත්ය. 

මම ඔය ගැටලුව ගැන බෞද්ධ ධර්ශනය පිළිබද දැනුමැති පුද්ගලයෙකුගෙන් ඇසුවහම ඔහුගේ පිළිතුර වුයේ " කාන්තාවන්ට එවැනි තැන වලට යන්න බැහැ ඔඋන් කිලි කියාය" ඔහුගේ දැනුමේ තරම මට පසක් විය. ඉහත කි පුජනීය වස්තුන් රැගෙන ඒමේදී නැති කිලියක් දැන් පැමිණ තිබේ. ලංකාවේ හැම මගුලටම සම තැන ඉල්ලන  කාන්තාවන්ට මෙවැනි දේ නොපෙනේද.......එවැනි ඉල්ලීම් ප්‍රසිද්ධියේ ඉල්ලා තිබෙන නමුත් ඒ පිළිබද තැකීමක් නැත.

                                        දරමිටි ඇද්දා – රෑ නිදි වැරුවා
                                        ගිණිමැල ගහගෙන රැක සිටියා
                                        එහෙවු අපට අද – එන්න තහංචිද
                                        ජයසිරි මහා හාමුදුරුවනේ
                                                                           ~ දීපිකා පියදර්ශනී ~

මට සිතෙනා ආකාරයට ඔය කිලි සංකල්පය, බුදු දහම දේව සංකල්පය සමග මිශ්‍ර වීමත් සමග ඇති උවක්. මොනවා උනත් බුදු හාමුදුරුවෝ ඉපදුනෙත් මව් කුසෙන්නම් අපි සියලුදෙනාම ඉපදුනේ මව් කුසෙන්නම් එවැනි  මව් කුසකට ඉහත කි පුජනීය වස්තුන් ලඟට ගොස් වැඳ පුදා නොගැනීමට එවැනි පටු සංකල්පයකට ඉඩ දිය හැකිද......

අනෙකුත් ආගම් වල පුරුෂාධිපත්‍ය ගැන ලොකුවට කතා කරන සමහර පුද්ගලයන්ගේ අවධානය මේ පිළිබද යොමු විය යුතු බව රස්තාගේ අදහසයි.

Sunday, January 6, 2013

ආදරය ඇයි මෙච්චර ගණන්......???

                                        
                                              
                                            
                                 නිශා යාමයට අහසේ කොච්චර තරු කැට තිබුනත්
                                 එක් පුර හඳට ඒ ඔක්කොම තරු පරාදයි කියලා
                                 අපි දන්නවා................

                                ඒ පුන්ච් තරු කැට වල එළිය, හඳ එළිය
                                නිසා  සැඟවුනාට, ඒ තරු කැට වල
                                දුප්පත් ලස්සන ලෝකෙට පෙනෙන්න
                                අමාවක දාට හඳ හැංගෙනවා............

                                විලක මල් කොච්චර පිපුනත්
                                රතු නෙළුම් මලට ඒ ඔක්කොම මල් පරාදයි කියලා
                                අපි දන්නවා...............
                                         
                                 ඒත් ඒ නෙළුම දවාලට පිපුනත්
                                 රෑට සැඟව යන්නේ, රෑට පිපෙන
                                 අහිංසක කුමුදු මල් වලට
                                 සඳ සිසිල විඳගන්නලු...........

                                 ඒ වගේ ආදරයෙන් ගුලිවෙච්ච
                                 කියා ගන්න බැරුව හදවත තුල පුපුරු ගහන.....
                                 ප්‍රේමය......, විඳගන්නවා තබා
                                 මොහොතක් අහන්නවත්....
                                 මගේ දුප්පත් ආදරය,
                                 ඔබට වටින් නැද්ද............